Friday, June 17, 2016

ඇස්ටෙක්වරු ගැන මේ දේවල් ඔබ දැන සිටියා ද?


*ඇස්ටෙක් යන නම ලබා දී තිබෙන්නේ යුරෝපීය ජාතිකයන්‍ ය. මෙම ජාතිකයන් ඔවුන්ව හදුන්වාගෙන ඇත්තේ මෙක්සිකා ලෙසය.

*ඔවුන් මියගිය අයගේ සිරුරු නිවෙස් යට වලලා දමා ඇත.


*කෙනෙකු මියගිය පසු ඔවුන් මියගිය පුද්ගලයාගේ බල්ලාවත් මරණයට පත් කරයි. මරණයෙන් පසු එම බල්ලා මියගිය පුද්ගලයාට උදව් කරයි යැයි ඔවුන් විශ්වාස කලේය.

*ණය පියවීම සඳහා ඔවුන් ඔවුන්වම හෝ ඔවුන්ගේ ලමයින්ව වහල් කමට විකුණන ලදි.

*මෙම සමාජයේ වහලුන්ට ඔවුන්ගේ නිදහස සල්ලි දී ලබාගත හැක.

*ඇස්ටෙක් හි අගනගරය වන Tenochtitlan පිහිටා ඇත්තේ විලක් මැදය. වර්තමානයේ මෙක්සිකෝ නගරය පිහිටා තිබෙන්නේ මෙතැනයි. විල මේ වන විට සිඳී ගිස් ඇත.

*Tenochtitlan හි පිරිසිදුකම ඉතා ඉහල මට්ටමක තිබුනි. මෙම නගරය පිරිසිදු කිරීමට වෙනම මිනිසුන් කොටසක් සිටියේය.

*යුරෝපීයන් මෙම ශිෂ්ඨාචාරය අනාවරණය කර ගත් කාලය වන විට යුරෝපයේ කිසිදු නගරයක් Tenochtitlan නගරය තරම් විශාල වූයේ නැත.

*ඇස්ටෙක්වරු රෝදය සොයා ගත්තා යැයි පැවසුවද ඔවුන් එය සොයා ගත්තේ නැත.

*ඔවුන්ට යකඩ හෝ වානේ තිබුනෙත් නැත.

*තරඟයකින් පසු බිලි පූජාව ඉතා ගෞරවනීය එකක් ලෙස මොවුන් පිලිගත්තේය. නමුත් ඉතිහාසඥයන් පවසන්නේ ක්‍රීඩාවකින් අනතුරුව බිලි පූජාවට ගෙන ගියේ ජයග්‍රාහකයාද නැතිනම් පරාජිතයාද යන්න සැක සහිත බවයි.

*යුරෝපීයන්ට චොක්ලට් හදුන්වා දුන්නේ ඇස්ටෙක් වරුන්‍ වේ.

*චොක්ලට් යන වදනත් ඇස්ටෙක්වරුන්ගෙන් පැමිණි වදනකි.

* cacao චොක්ලට් නිපදවීමට පමණක් නොව මිල මුදල් වශයෙන්ද එකල මෙහි භාවිතා විය. මේවා දෙවියන්ගෙන් ලද තෑග්ගක් ලෙස මොවුන් විශ්වාස කලේය.

*tenochtitlan හි අවසාන සටනේදී මිලියනයෙන් හතරෙන් පංගුවක් ජනතාව මියයන ලදි. මෙම ශිෂ්ඨාචාරයේ අවසානය ස්වදේශික ඇමරිකානු ශිෂ්ඨාචාරවල අවසානය විය.

බල ලෝභී මිනිසුන් නිසා වර්තමානයේ පවතින දෑත් විනාශවනු නොඅනුමානයි.

-මිතිල ප්‍රනාන්දු

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...