Sunday, June 5, 2016

කිතුනු සභාව හා දේව රාජ්‍යය



 කිතුනු සභාව කියන්නෙ මොකක් ද? ඇන්ග්ලිකානු සභාව ද? රෝමානු කතෝලික සභාව ද? මෙතෝදිස්ත සභාව ද? පෙන්තකොස්ත සභාව ද? AOG සභාව ද?... ආදී වශයෙන්... පිලිතුර.. නැත! නැත! නැත....! ක්‍රිස්තියානි යන්නෙහි තේරුම ක්‍රිස්තුස් අනුව යන්නෝ යනුයි. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් සියලු දෙනා අයිති වෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවටයි.

 ක්‍රිස්තුස්ගේ සභාවවෙන් වෙන්නේ මොනා ද? උදාහරණයක් ලෙස මෙය ගන්න. විශාල ගොඩනැගිල්ලක් සෑදීමේ දී කුඩා මඩුවක් ගසයි. ගොඩනැගිල්ල සෑදීමට අවශ්‍ය බඩුබාහිරාදිය ආදිය තබන්නේ එම මඩුවේය. ගොඩනැගිල්ල නම් දේව රාජ්‍යයයි. මඩුව නම් මම පෙර සදහන් කල ක්‍රිස්තුස්ගේ සභාවයි. ගොඩනැගිල්ලේ වැඩකටයුතු අවසන් වූ විට මඩුවෙන් වැඩක් නැත. දේව රාජ්‍යය ගොඩනැගුනු විට ක්‍රිස්තුස්ගේ සභාවෙන් වැඩක් නැත.

දේව රාජ්‍යය යනු කුමක් ද? ජේසුස්වහන්සේ පැවසුවේ දේව රාජ්‍යය අප අතරයි කියාය. දේව රාජ්‍යය යනු අහසේ ඇති දෙයක් නොවේ. දේව රාජ්‍යයය ගොඩනැගීමට නම් දේව රාජ්‍යයේ ගුණාංග වලින් අප පෝෂණය විය යුතුය. දේව රාජ්‍යයේ ගුණාංග යනු මොනවා ද? සමානාත්මතාව, සාදාරණය, යුක්තිය, සමාව, ප්‍රේමය... ආදී වශයෙන්. ජේසුස්වහන්සේ වරෙක මෙසේ පවසයි : ඔබ ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මීට ඉහළින් අන් කිසි අණක් නැත!  දේව රාජ්‍යයේ ගුණාංග ඇති තැන දේව රාජ්‍යය ඇත. එනම් දේව රාජ්‍යයේ සාමාජිකයන් වන්නේ බෞද්ධයන් ඉස්ලාම් භක්තිකයන් හින්දු භක්තිකයන් වුවද විය හැක.

 කිසිදු පදනමකින් තොරව වර්තමානය වන විට නානාප්‍රකාර සභා ඇත. එයින් කිසිදු පලක් නැත! ශුද්ධවූ ත්‍රිත්වය යන සංකල්පයක් ඇත. එනම් පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයානන් ලෙසයි. මෙහිදී මෙම සංකල්පය ගැන විග්‍රහ කිරීමට අනවශ්‍ය යැයි සිතමි. ( පසුව එය විග්‍රහ කොට ලියමි) කතෝලික සභාව පියාණන් වහන්සේවත් ඇන්ග්ලිකානු සභාව පුත්‍රයාණන් නොහොත් ජේසුස්වත් පෙන්තකොස්ත සභාව ශුද්ධාත්මයාණන්වත් තබාගෙන සිටියි. මෙය විය යුතුද? මෙය සම්පූර්ණයෙන්ම ජේසුස්ගේ වදනට පටහැනියි.

 එකා මෙන් ජීවත් විය යුතු කාලයක මෙසේ කිසිදු පදනමකින් තොරව වෙන් වන්නේ ඇයි? කිතුනු සභාව සහ දේව රාජ්‍යය ගැන ඉතාම කෙටියෙන් හැදින්වීමක් මෙම ලිපියේ ඇත. ඉදිරියේදී ( වෙලාවක් තිබුනහොත්) වර්තමාන කිතුනුවන් සිදු කරන පිලිම වන්දනාවේ ආදීනව ගැන ලිවීමට අදහසක් තිබේ. ඉතාමත් කෙටියෙන් ලියන ලද ලිපියක් බැවින් ඕනෑම පැනයක් අසන්න. ඔබගේ අදහස් පවසන්න.

1 comment:

  1. // කතෝලික සභාව පියාණන් වහන්සේවත් ඇන්ග්ලිකානු සභාව පුත්‍රයාණන් නොහොත් ජේසුස්වත් පෙන්තකොස්ත සභාව ශුද්ධාත්මයාණන්වත් තබාගෙන සිටියි. මෙය විය යුතුද?//

    මට මේ කතාව පැහැදිලි නෑ. මම දන්නා තරමින් කතෝලිකයින් ශුද්ධවූ ත්‍රීත්වය පිළිගන්නවා, පියාණන් වහන්සේව විතරක් නෙමෙයි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...