Tuesday, June 14, 2016

මායාවරුන් ගැන නොදත් කතා


*මෙක්සිකෝවේ හා ගෝතමාලාවේ දුෂ්කර ප්‍රදේශ වල මායාවරුන්ගේ භාෂාව හා සංස්කෘතිය දැනටත් සුරැකිව පවතියි.

*Yucatan peninsula අවට මිලියන 7කට ආසන්න මායාවරුන් දැනට සිටියි.


*"Shark" යන වදන මායාවරුන්ගෙන් පැමිණි වදනකි.

*මොවුන් දරුවන්ට නම් තබන ලද්දේ දරුවන් උපදින දිනය අනුවයි.

*මායාවරුන්ගේ බිලි පූජා අදටත් පවතියි. නමුත් අද වන විට එයට මිනිසුන් යොදා නොගන්නා අතර ඒ සදහා යොදාගන්නේ කුකුළන්‍ ය.

*මායාවරු අද ජීව්ත් වුවද ඔවුන් පාලනය කල අවසන් පෙදෙස ස්පාඤ්ඤ ජාතිකයින් විසින් 1697 දී අල්ලා ගන්නා ලදි.

*මෙක්සිකෝවේ මායාවරුන්ගේ විශාල නගරයක පිහිටි චිචන් ඉට්සා පිරමීඩය ඔබ දැක ඇතුවාට සැක නැත. මෑතක් වන තුරුම එය අයිතිව තිබුනේ පෞද්ගලික හිමිකරුවෙක් සතුවයි. ඉන්පසුයි එය රජයට පවරා ගන්නා ලද්දේ.

*මායාවරුන්ට දින දර්ශන එකකට වඩා ඇත.

*මායාවරුන්ගේ දින දර්ශනයක වසරකට දින 365ක් ඇති අතර එය වර්තමාන ග්‍රෙගෝරියන් දින දර්ශනයට සමානයි.

*රටාවක් ලෙස යන දින දර්ශනයක්ද මොවුන් සතුව ඇත. එයට දින 2880000 ඇති අතර 2012 දී නැවත අලුත් වේ.

*මායාවරුන්ගේ අක්ෂර කලාව ඉතා ඉහළ මට්ටමක එකල තිබුනි. ඔවුන් ලිවිය හැකි සෑම දෙයකම ලියා ඇති බවට සාධක හමු වී ඇත. ගොඩනැගිලි , පර්වත වල පවා ලියා ඇත.


*ස්පාඤ්ඤ ආක්‍රමණ වලදී මොවුන්ගේ ලියවිලි අතිවිශාල ප්‍රමාණයක් විනාශ වූ අතර 20 සහ 21 වන සියවස් වලදී ඉතිරි වූ ලියවිලි ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලදි.

*ඇස්ටෙක්වරුන් මෙන් මායාවරුන්ද යකඩ භාවිතා කලේ නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කලේ ගිනි කදු වලින් ලද ශක්තිමත් පාෂාණය.

*ධනවත් කාන්තාවන් පහත ආකාරයට දත් සකසා ගන්නා ලදි.


No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...