Sunday, January 29, 2017

සංචාරක සටහන් - 2 ( ලොකු ලොකු හිස් නැමූණු බාබර් සාප්පුවේ මමත් හිස නැමූ වගයි)


 2017 ජනවාරි 28 දින කොළඹ කොටුව වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල වෙත ගියේ යම් ව්‍යාපෘතියක් සදහාය. 1882 වසරේ සිට පවතින මෙම ගොඩනැගිල්ලෙහි යුග ගණනාවක මතක සටහන් ඒ අයුරින්ම අදත් පැවතීම පුදුමයට කරුණකි. ඒ අතර විශේෂ වන්නේ 1933 ඇරඹි දැනට ඇති ලංකාවේ පැරණිතම බාබර් සාප්පුවයි.



 මා එහි ගිය විට මාව සිනහවකින් පිලිගත්තේ ජාතික ඇඳුමෙන් සැරසී සිටි රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු මහතාය. ඔහු මෙම ස්ථානයට සේවය කිරීමට පැමිණ ඇත්තේ 1954 වසරේදී ය. මෙම ස්ථානයේ වර්තමාන අයිතිකරු වනනේ ජානක ප්‍රනාන්දු මහතාය. මෙම ස්ථානය පිලිඹද සොයාගත් තොරතුරු හා ඔවුන් හා මා අතර ඇතිවූ සංවාද ඇසුරෙන් පහත දෑ මවිසින් සොයා ගන්නා ලදි.
රෙජිනෝල්ඩ් මහතා


 ඈත අතීතයේ මිනිසුන් කොණ්ඩය කැපීමට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත. ඔවුන් කාන්තාවන් මෙන් කොණ්ඩය දිගටම නොකපා වැවූහ. එනමුත් සමාජය වෙනස් වීමත් සමඟම මෙය වෙනස් වූහ. මුල් කාලයේ ගෙයින් ගෙට ගොස් කොණ්ඩය කැපීම සිරිත විය. කොණ්ඩය කැපීම එකල එක් කුලයකට පමණක් සීමා වී තිබිණි. කොණ්ඩය කපන ස්ථාන ඇරඹීමත් සමඟ සාමාන්‍ය ජනතාවත් කොණ්ඩය කැපීමට යොමු වූහ.


 මෙම බාබර් සාප්පුව ඇරඹියේ 1933 දීය. එකල මෙම ස්ථානය එනම් වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නවාතැන් ස්ථානයක් විය. මෙම බාබර් සාප්පුවෙන් කොණ්ඩය කැපීමට මුල්ම කාලයේ පැමිණියේ බ්‍රිතාන්‍ය හමුදා නිළදාරීන් ය. මොවුන් සමඟ මෙම ස්ථානයේ සේවය කරන උදවිය ඉංග්‍රීසියෙන් කතා බහ කල බැවින් ඉංග්‍රීසි ජාතිකයන් මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට වැඩි කැමැත්තක් දැක්වූහ. උසස් නිල තල තිබූ සිංහල ජනතාවත් මුල්ම කාලයේ මෙම ස්ථානයෙන් කොණ්ඩය කපා ගැනීමට පැමිණියේ ය. ඔවුන් සිංහලෙන් වචනයක්වත් කතා කලේ නැත. සිංහලෙන් කතා කිරීම ඔවුන්ට මදි පුංචි කමක් ලෙස ඔවුන් එකල සලකන ලදි.


 මෙම බාබර් සාප්පුව ඇරඹීමත් සමඟ කොළඹ බොහෝ ස්ථානවල බාබර් සාප්පු ඇරඹිනි. එනමුත් ඒවා පැවතියේ දින කිහිපයකි. සේවාදායකයන්ට සරිලන සේවාවක් ලබා දීමට එම සාප්පු වලට නොහැකි වීම එයට හේතුවයි.


 මෙම බාබර් සාප්පුව පරම්පරා තුනක් තිස්සේ නොකඩවා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. එකල කොණ්ඩය කැපීම සදහා අයකරන ලද්දේ සත තිස්පහක් බව රෙජිනෝල්ඩ් මහතා පැවසීය. මෙය එකල විශාල මුදලකි. ඔහුට එකල වැටුප ලෙස ලැබී ඇත්තේ මසකට රුපියක් හැත්තෑ පහකි.


 1947 වන විට මෙම බාබර් සාප්පුවේ සිටි සේවක සංඛ්‍යාව දොළහකි. අද වන විට සිටින්නේ රෙජිනෝල්ඩ් මහතා සහ වර්තමාන අයිතිකරු වන ජානක ප්‍රනාන්දු මහතා පමණි. එකල මෙම බාබර් සාප්පුවෙන් කොණ්ඩය කැපීමට මිනිසුන් පෝලිමේ පොරකමින් සිටි බව රෙජිනෝල්ඩ් මහතා පැවසීය. රාත්‍රී වන විටත් එම සෙනඟ නොඅඩුව පැවති බවද ඔහු පැවසීය. අද වන විට එතරම් සෙනඟ නොපැමිණියත් පාඩු නොලබා සේවයක් තවමත් ලබා දිය හැකි බවද පැවසීය. අතීතයේ සිටම මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට පුරුදු වූ උදවිය මෙම ස්ථානයට කොණ්ඩය කැපීමට අනිවාර්යයෙන්ම පැමිණේ.


සේවක සංඛ්‍යාව අඩු වුවත් මොවුන් අලුතෙන් සේවකයන් පත්කර ගැනීමට පෙළඹුනේ නැත. මන්ද ඔවුන්ට සේවාදායකයන්ට සරිලන සේවාවක් ලබා දීමට අපොහොසත් වූ බැවිනි.

ආරම්භක අයිතිකරු ඇන්ඩෘ ප්‍රනාන්දු මහතා
ආරම්භක සේවක ඇලෙක්සි ප්‍රනාන්දු මහතා


 1956 පමණ වන විට මෙරට දේශපාලන නායකයන් බොහෝ දෙනෙකුගේ කොණ්ඩය කපන ස්ථානය වූයේ මෙම ස්ථානයයි. එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන්, ටී.බී. ඉලංගරත්න, කොල්වින් ආර් ද සිල්වා, ආර්. ද සිල්වා එල්ලාවල වැනි පුද්ගලයින් මාස්පතා කොණ්ඩය කපා ගැනීමට මෙම ස්ථානයට පැමිණ ඇත. පසු කලෙක මුත්තෙටුවේගම වැනි නීතඥ්‍යන් ද ගනනාවක්ද මෙම ස්ථානයටබ්පැමිණ ඇත. මෙම නායකයන් බොහෝ දෙනෙක් අවශ්‍ය දේ පමණක් කතා කල අය වූය. එනමුත් මුත්තෙට්ටුවේගම වැනි අය සේවකයන් සමඟ ඉතාමත් සුහඳශීලීව දේශපාලනය ගැන කතා නොකල දවසක් නැති තරම් බවද පැවසීය.


 දේශපාලන නායකයන්ට අමතරව සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද මෙම ස්ථානය තම කොණ්ඩය කපා ගන්නා ස්ථානය බවට පත් කර ගන්නා ලදි.ඒ අය අතර ඩොමී ජයවර්ධන, ආනන්ද ජයරත්න, ශාන්ති කුමාර්, ප්‍රේම් ජයන්ත වූහ. මොවුන් කොණ්ඩය කපා පිටවූ යන විට ඔවුන්ව දැක බලා ගැනීමට ජනතාව වයි.එම්.සී.ඒ. ගොඩනැගිල්ල අවට පොරකකා සිටි බව දැනගන්නට ලැබුණි.


  මෙම ස්ථානයට ගිය පසු එදින උදෑසන මගේ මව පැවසූ දෙයක් මට සිහිවිය එනම් " දැන්වත් ඔය කොණ්ඩය කපලා මනුස්සයෙක් වගේ ඉන්නකෝ.." ඒ අනුවව්මෙම ස්ථානයෙන් කොණ්ඩය කැපීමට මම ඉටා ගත්තේය.


 මගේ කොණ්ඩය කැපුවේ මෙම ස්ථානයේ වර්තමාන අයිතිකරු වූ ජානක ප්‍රනාන්දු මහතා විසිනි. කොණ්ඩය කපා අවසන් වූ පසු මා මෙතෙක් අත්විදි හොදම හිස් සම්බාහනයද ජානක ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි. ඔහු පැවසූ අන්දමට එය ඔහුගේ පියා විස්න් ඔහුට උගන්වන ලද්දකි.


16 comments:

  1. ඒ කියන්නේ අපේ මිතිල සහෝදරයත් දැන් ලොක්කෙක්. ඇපූරු සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද අප්පා... කොහේ ලොක්කුද...

      ජයවේවා සහෝ...

      Delete
  2. උඹටත් හම්බෙන ජාති

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... කොහෙ ගියත් අමුතු දෙයක් සෙට් වෙනවා...

      Delete
  3. අමුතු කතාවක්... අද තමයි මේ පැත්තට ආවේ... ජයවේවා!!

    ReplyDelete
  4. ඔයවාගේ පරණ කොන්ඩේ කපන තැනක් තිබුනා ගාල්ලේ කොටුව ඇතුලේ ඔරියන්ටල් හොටලේ යට හැබැයි ඒක මුහුන දාලා තිබුනේ එහා පැත්තේ පාරට තමයි. ඒ පාරේ නම නම් මතකයේ නෑ. දැන් ඒ සැලුන් එක එතැන නෑ. හොදටම වයසක කොන්ඩේ පුලුන් වාගේ සුදුම සුදු අංකල් කෙනෙක් සුදු සරමයි සුදු ෂර්ට් එකක් ඇදලා හිටියා. දැන් නම් එයා මිය ගිහිල්ලා ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ තැන ගැනනන් අහලා තිබ්බේ නෑ... අපේ ගෙවල් කිට්ටුව තැනක් තිබ්බා සීයලා තරුණ කාලෙ ඉදන් කපලා තියෙන්නේ එතනින්... පවුලේ තාත්තයි ලමයි තුන්දෙනාම කොණ්ඩෙ කපනවා... සැලූන් එක අවුරුදු 50 ක් 60ක් විතර පරණයි...එතනිනුත් මම කපලා තියෙනවා... දැන් එයාලගේ තාත්තානන් මැරිලා... සැලූන් එක අවුරුදු දෙකකට විතර උඩදී බිමටම සමතලා කරා...

      Delete
  5. කාලයක් එකම සැලුන් එකෙන් කොණ්ඩෙ කැපුවත් දැන් නම් අහුවෙන තැනින් කපනවා.ඔය කිව්වා වගේම කොණ්ඩෙ කැපුවට පස්සෙ හොඳටම ගෙඩ් මසාජ් එකක් දෙන්නෙ පරණ බාබර් අංකල් ලම තමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මමනන් ගෙවල් කිට්ටුව තැනකින් තමා මාස්පතා කපන්නේ... නිකන් හරි කපන අතරේ මට නින්ද ගියොත් ඒ මනුස්සයා කොණ්ඩෙ තට්ටෙ ගාලා තමා නතර කරන්නේ... කියන එක නෙමේ වෙලාවකට කපන්නේ...

      ඔබටත් ජය...

      Delete
  6. මම ඔතනට ගිහින් තියෙනවා අස්සුව යුගයේ. ඔය තරම්ම පරන නොවුනත් , ගෝල්ෆෙස් හෝටලයේ කොටසක තිබුනා "සේන ඔෆ් ලන්ඩන්" කියලා සැලොන් එකක්. ඒක අයිතිව තිබුනේ සේනක මොල්ලිගොඩ කියලා කෙනෙකුට. මම හිතන්නේ එයා එහේ ඉඳන් ඇවිත් ඕක පටන්ගත්තේ . සුද්දො සහ කළු සුද්දෝ තමයිලු වැඩිපුර ආවේ. මමත් ඔතනට නිතර යනවා ඉස්සර යාලුවෙක් හම්බවෙන්න. අසු ගනන්වල් කතාවක්. තාම තියෙනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඒ කාලෙ සුද්දොයි කළු සුද්දොයි තමා වැඩිමනක් මේවට ගිහින් තියෙන්නේ....

      Delete
  7. මරු ප්ලේස් නේ මිතිල සෙට් වෙන්නෙ....නියමයි හොදේ...

    ReplyDelete
    Replies
    1. මේකනේ රෝමා කොළඹ අවටනන් බලන්න අනන්තවත් තැන් තියෙනවා... ඒත් ගොඩක් අය ඒවා ගැන දන්නෑ...කොටින්ම කියනවනන් Y.M.C.A බිල්ඩිම කිට්ටුව වැඩ කරන අය පවා මේ බාබර් සාප්පුවේ ඉතිහාසෙ දන්නෑ...

      Delete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...