නොසැලිව හිඳගෙන එක්තැන්ව
දඟකාර පොඩිත්තන් දෙස
හොරැහින් බලයි සිනාසී
මට අහිමි උරුමය දෙස
දඟකාර පොඩිත්තන් දෙස
හොරැහින් බලයි සිනාසී
මට අහිමි උරුමය දෙස
කවදා කෙදිනක ලැබේවිදැයි කියා
බලා සිටිමි මම ඇඟිලි ගැනගෙන
අහෝ එයත් උරුම නැති මම
කෙසේ විඳින්න ද මේ විරාමය
බලා සිටිමි මම ඇඟිලි ගැනගෙන
අහෝ එයත් උරුම නැති මම
කෙසේ විඳින්න ද මේ විරාමය
පෙර කරුමය ද මේ පල දෙන්නේ
එනමුත් නෑ මම ඔහු හඳුනන්නේ
නොදුටු කෙනෙකුගෙ වරදට
කිම් ද මට දඬුවම් දෙන්නේ
එනමුත් නෑ මම ඔහු හඳුනන්නේ
නොදුටු කෙනෙකුගෙ වරදට
කිම් ද මට දඬුවම් දෙන්නේ
සැවොම එකසේ කීවත්
වෙනසක් දැනුනි ද ඔබට දැන්වත්
ඉල්ලමි මම යටහත්
කරනු මැන මා සුවපත්
වෙනසක් දැනුනි ද ඔබට දැන්වත්
ඉල්ලමි මම යටහත්
කරනු මැන මා සුවපත්
කුමට ද ඔබේ බල
ඇයි ද තබාගෙන රහසව
නොඇසේ ද මගේ හඬ
සිටී ද ඔබ බිහිරිව
ඇයි ද තබාගෙන රහසව
නොඇසේ ද මගේ හඬ
සිටී ද ඔබ බිහිරිව
හිමි වූවොත් මගේ උරුමය
සළකමි ඔබට ඔබේ වදන් ලෙසට
නැතහොත් ඔබ වෙතට
එමි මම නොපැකිල
සළකමි ඔබට ඔබේ වදන් ලෙසට
නැතහොත් ඔබ වෙතට
එමි මම නොපැකිල
කියවූ නමුදු මුල සිට අග තෙක්ම කවී
ReplyDeleteනොමැතිය සිතුවමක් මගෙ හදවතෙහි මැවී
'කම්පන මාපකය' ගිහිල්ලවත්ද ගෙවී
යළි පිළිසකර කරවාගෙන ලියමි කවී!
නිමිත්ත මගෙ පන්තියට එන අති දක්ෂ ළමයෙක් ගැන... හැබැයි මේ ළමයා ආබාධිතයි... දෙවියන් සමග සංවාදයක් අග කොටසෙ තියෙන්නෙ...
Deleteමේ කවිය තේරෙන්න නම් කවිය කියවනගමන් තේකොල කෑ යුතුයි. පහුවදාට තේරෙයි.
Deleteආචාර්‍ය නලීන් ද සිල්වා තුමා කියලා තියෙන හැටියට සිංහලයන් තරම් කවියට ඇළුම්කල ජාතීන් තව ඉඳලා තියෙන්නේ බොහොම සුළු පිරිසක්. එහෙව් ජාතියකට කවිය එපා කරවීමේ වගකීම යථෝක්ත කවිපෙල වගේ නිසැඳැස් ලියන අය බාරගත යුතුයි.
ReplyDeleteමේකනෙ අන්තෝනියෝ... අද පුරුදුවෙලා තියෙන්නෙ අමුවෙන් කියන කවි වලට..කවියක් යටි අරුතක් එක්ක ලීවම හිතාගන්න අමාරු වෙලා තියෙනවා... ඉතින් ඒකට මං මක්කරන්නද...
Deleteඅපි ඒකාලේ ඇහුවේ මේ වගේ අර්ථවත් කවි
ReplyDeleteඅහසේ ඇවිද කවදා හෝ විලුඹ ගෙවී
හැරමිටියකින් හිරැ යනතුරැ දෙකට නැවී
කවියනි ඉතින් සුරතින් ගෙන ලියන අවී
නැවතත් ලියමු දැය පිබිදෙන මිහිරි කවී
පිනි බිඳු බිබී සමනළ තටුවල බොලඳ
අදහස් පවසමින් දැන් අලසව නොයිඳ
නගුලෙන් උදැල්ලෙන් අපි මව්බිම වැළඳ
රස කවි කියමු නව සිතුවිලි ඇඳ පැලඳ
පරගැති දීනකම් මින්පසු ඉවත ලමූ
නිවහල් සිතුම් අපගේ දරැවනට දෙමු
සිය රට දේම සියතින් ගෙන වැලඳ ගමූ
රන්වන් කරල් මැද්දෙන් පෙර ගමන යමූ
෴ රණසිංහ ප්‍රේමදාස
මම නම් හිතන්නේ කවිය කියන එක ප්රේමදාස යුගයෙම නැවතිලා තියෙන්න ඕන නැහැ කියලයි. කාලයත් සමග වෙනස් වෙවී ඉදිරියට යා යුතුයි. උදාහරණයක් විදියට ඔය සුපර් ස්ටාර්,ඩ්රිම් ස්ටාර් වගේ සංගීත වැඩ සටහන් පටන් අරගෙන අවුරුදු කිහිපයක් යනකං නවක ගායක ගායිකාවෝ ගැයුවේ ජෝතිපාල,මිල්ටන්,සුජාතා,ලතා වගේ අයගේ සිංදු. එත් ලගකදී ඉදන් ඔවුන් අලුත් පරපුරේ ගායක ගායිකාවන්ගේ(ආත්මා, කසුන් කල්හාර,අමල්,සනුක,රිද්ම,ඉන්දිකා,ශෂිකා,වගේ) හොද පදමාලා සහිත ලස්සන සිංදු කියන්න පටන් අරන්.එය හොද ප්‍රවනතාවක් සහ දියුණුවක්. නැත්නම් ලංකාවේ ගීත කලාව ජෝතිපාලකරනයේ හෝ ලතාකරණයේ දිගටම නැවතිලා තියේවී.
ReplyDeleteඔබගේ කවි වලට සහ ලිවීමේ ශයිලියට මම නම් කැමතියි.