Thursday, May 20, 2021

වැලිගෙපොල විහාරයේ ලෝක සිතියමක්

 

තමන් ජීවත් වෙන්නේ මොනවගේ ලෝකයක ද කියලා දැනගන්න මිනිස්සු හැමවිටම උත්සහා කරා. පහල පින්තූරයේ තියෙන්නේ වැලිගෙපොල කිට්ටුව තියෙන විහාරයක සිවිලිමේ ඇඳපු චිත්‍රයක්. මේක සිතියමක්. මේ සිතුවම් අයිති වෙන්නේ 19 වෙනි සියවසට.



මේ චිත්‍රයේ මහද්වීප ඇඳලා තිබුනා. එක් මහද්වීපයක හිටියේ යක්කු. ඒ තිබුනේ අප්‍රිකා මහද්වීපය. ලංකාවේ සිත්තරුන් දැනගෙන හිටියා අප්‍රිකාවේ ඉන්නේ කළු ජාතිකයින් කාපිරි ජාතිකයින් කියලා. මේ අයව තමා යක්කු විදිහට නිරූපණය කළේ.

ඒත් එක්කම ඉන්දියානු සාගරයේ මේ සිත්තරා අදිනවා නැවක්. ඒ නැවේ සළකුණු කරලා තියෙනවා VOC කියලා. ඉන්දියානු සාගරයේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ක්‍රියාත්මක වුනා කියන අදහස දෙන්නයි එහෙම සිතුවම ඇන්දේ.

මීට වඩා පැරණි සිතුවම් ද අපිට ලංකා ඉතිහාසය පුරාවට දකින්න ලැබෙනවා. ඒ අතර වඩාත් ප්‍රකට මෙන්ම අවභාවිතයට ලක්වූ සිතුවම තියෙන්නේ රන්මසු උයනේ. බොහෝ දෙනෙක් මේ කැටයම සක්වල චක්‍රයක් කියලා හැදින්වුවත් එය සත්‍යයක් නෙමේ. රන්මසු උයන පිළිබදව ඉදිරිපත් වූ මත අතුරින් වඩාත් පිළිගැනීමකට ලක්වෙන මතය තමා ඒ තියෙන්නේ ලෝක සිතියමක් බවට දැක්වෙන මතය.

මේ සිතියමේ මැද තියෙන කොටු වලින් උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය හා අපරගෝයානය වගේ ස්ථාන නිරූපණය වුනා. ලෝක සිතියමක් අඳිනකොට සාගරය අමතක කරන්න බැහැ. සාගරය නිරූපණය කරන්න මේ සිතුවමේ පිටත කවයේ ජලජ ජීවීන් කැටයම් කරා. මාළුවා, කැස්බෑවා යනාදීන්.

මෑතක දී මේ රන්මසු උයනේ සිතියමේ උඩින් බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් නිරාවරණය කරගන්න හැකියාව ලැබුනා. එතැන ලියැවිලා තිබුනේ ‘පන ති පනස’ කියලා. පන කියන්නේ ප්‍රාණ. ‘ති පනස’ කියන්නේ පනස් තුන. මේ රන්මසු උයනේ තියෙන සිතියමේ තියෙනවා රූප පහස් තුනක්. මේ එක් එක් රූපයෙන් මොනවගේ දෙයක් අදහස් වෙනවද කියලා නිශ්චිත එකඟතාවක් මේ වෙනකොටත් නැහැ. නමුත් ඒක සාධාරණයි. මේ තරම් පැරණි කැටයමක රූපාක්ෂර කියවීම ඉතා අපහසුයි. නිශ්චිත සාධක නැති නිසා. ඒ නිසා යම්කිසි මතයන් වලට එළබෙන්න විතරයි හැකියාව තියෙන්නේ.

මේ කැටයම පිළිබඳ තවත් මතයක් තියෙනවා. භාවනාවේ යෙදෙන යතිවරු මේ සිතියම කසිනාරම්මනයක් ලෙස භාවිතා කරා කියලත් මත පලවෙනවා. කැටයම යට පොළොව හොදින් මැදිලා තියෙන නිසයි ඒ නිගමනයට එළබිලා තියෙන්නේ.

කෙසේ නමුත් මම උක්ත සදහන් කරලා තියෙන්නේ වර්තමානය වනකොට පුරාවිද්‍යාඥයින් විසින් රන්මසු උයනේ කැටයම පිලිබඳ පිළිගත් මත කිහිපය යි. රාවණා හෝ සක්වල චක්‍රයක් ගැන පිළිගන්නේ මුහුණු පොතේ හා රාවණා ගුහා විශාරදයින් පමණි. ඔවුන් සමග මේ ලියන්නාට ආරෝවක් නැත. යුටෝපියාවක ජීවත් වීමේ අයිතිය ඔවුන් සතුයි.   

9 comments:

  1. වැලිගෙපොල කොටිඹුල්වල විහාරයේ ඔය චිත්‍රවල තව විශේෂතා තියනවා. එකක් ඉංග්‍රීසි කාලෙ නැවක තියන දෙයක්, තව එකක් යම රජුගෙ රූපය.
    මිතිල දන්නව ඇති මං කියන දේ

    ReplyDelete
    Replies
    1. //මිතිල දන්නව ඇති මං කියන දේ//

      තාම නං පරචිත්තාඥාණය පහල වුනේ නෑ. අපි වගේ හුදී-ජනයාටත් දැණගන්න, පැහැදිලි කලා නං තමා වටින්නෙ.

      //යුටෝපියාවක ජීවත් වීමේ අයිතිය ඔවුන් සතුයි//

      ++++++++++++😂

      Delete
    2. ඔය රජමහා විහාරයේ චිත්‍ර ගැන වෙනමම කතාකරන්න වටින මාතෘකාවක්. ඔතන සිතුවමක අපායේ යම රජතුමා වෙනුවට නඩුව අහන්නේ සුදු ජාතිකයෙක්. ඒ කාලයේ මුහුදුබඩ ප්‍රදේශ විවිධ ජාතීන් අල්ලාගෙන හිටපු නිසා ඒ බව නිරූපනයට හෝ යුරෝපීය ජාතිකයන් යම රජ්ජුරුවෝ වගේ කුරිරුයි කියලා පෙන්නන්න ඇන්දා වෙන්නත් පුලුවන්. පෘතුගීසී රුවල් නැවකුයි, ගල් අගුරු වලින් දුවන ඉංග්‍රීසි නැවකුයි (මෙක වෙන්න ඕනේ ප්‍රා.ජේ. කියන්නේ) VOC ලන්දේසි නැවකුයි මේ විහාරයේ සිතුවම්වල තියෙනවා. ලංකාවේ කොටත් යටත් විජිත කරගත්තු ජාතීන් තුන්ගොල්ලම නිරූපණය වන චිත්‍ර එකම විහාරයක හමුවන අවස්ථාවක් මේක.

      Delete
    3. ඔව්. යම රජු යුරෝපීයයෙකු ලෙස දැක්වීම.
      අනික සුලං බලයෙන් වාෂ්ප බලයට පරිවර්තන කාලය. Transition period
      ඒ කාලයේ නැවක රුවල් හා වාෂ්ප එන්ජින් යන දෙකම තිබුන . ටික කාලයයි එහෙම තිබුනෙ. චිත්‍ර ශිල්පියා ඒ නැවක් දැකල.
      හුගාක් ඉස්සර කාලෙක මං විහාර චිත්‍රවල යුරෝපීය බලපෑම ගැන වැඩක් කලා. අපි හිතනවට වඩා තියනව. ඇදුම්, ආයුද, ගෘහ භාණ්ඩ , කෑම, වාහන ආදිය.
      කොටිඹුල්වල තමයි මගෙ ෆේවරිට්

      Delete

    4. https://uh.edu/engines/epi1338.htm

      https://www.degruyter.com/docum
      ent/doi/10.1515/9781400870165-010/pdf

      Delete
    5. බ්ලොග් කමෙන්ට් හි සුප්‍රීම් තත්ව පාලක අතිගරු බැස්ටියංතුමාගේ සමාවබජනෙට ඇති තරං ලිව්වයි කියල හිතනව

      Delete
    6. සුපතල පුරාවිජ්ජා ගවේශක, තැන්පත් Pra Jay උතුමාණන්ගේ පමාවී ලැබුණ සවිස්තර වාර්තාව ගැන අපේ ස්තූතිය.

      නවසිය බර ගණන්වල, ලබුගම-කලටුවාව ජලසම්පාදන බලන්න අවස්තාවක් ලැබුනා. ඒ අතරින් වඩාම ලස්සන සහ පුදුම සහගත, ශතවර්ෂයකට වඩා පැරණි කලටුවාව. තනිකරම ගුරුත්වාකර්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන මේ ජලයෝජනා ක්‍රමයෙ උයන්වතු නිර්මාණය, එංගලන්තයේ උයනක් ලෙස කලා කියල කියැවෙනවා. කලටුවාව සිට කොළඹට ජලය ගෙනාපු විසාල පයිප්ප, අදින්න අලි කරත්ත භාවිතා වුනා කියලත් පැරණි අය කියනවා.

      අලි කරත්ත

      Delete
  2. ใบไม้ที่ปลิดปลิว ටෙලි නාට්‍යයෙන් කියැවෙන අධ්‍යතන සමාජයේ පවුල් සංස්ථාව බිඳ වැටීමේ ඛේදවාචකය ගැන ඔ‌බේ දැක්ම කුමක්ද?

    ReplyDelete
  3. වැස්ස නිසා ඊයෙ එන්න බැරි වීලා
    පරක්කු වී එනකොට හරි වැඩ වීලා
    ලිපිය වගෙම සරු කමෙන්ටු ඈත වැටිලා
    මීට පස්සෙ එන්න ඕනි පමා වෙලා

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...