Wednesday, May 19, 2021

දළදාව පැහැර ගනියි

 

1818 කැරැල්ලේ දී වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ට චෝදනා ගොනුකරලා උන්වහන්සේව යාපනයේ සිරගත කරනවා. චෝදනාව තමා ‘දළදා වහන්සේ පැහැරගෙන යෑම’. සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේ පැහැරගෙන ගියේ කොහොමද? ඊට පස්සේ මොකද වුනේ? කියලා අපි මේ සටහනින් බලමු.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ දළදා වහන්සේ භාරව හිටියේ අස්ගිරි පාර්ෂවය. අස්ගිරි විහාරයේ අනුනායක විදිහටයි වාරියපොළ ශ්‍රී සුමංගල හිමි කටයුතු කළේ. 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට ලංකාව අයත් වුනාට පස්සේ තමා දළදාව පැහැර ගැනීමට කටයුතු සූදානම් වෙන්නේ.

මේ කටයුත්තට යොදාගන්නේ කළුගංඔයේ කාරියකරවන රාළ. දළදා මාලිගාව වහන්න කිට්ටු වෙලාවක දී සබරගමුවේ ඉදන් වන්දනා නඩයක් එනවා. දළදා මාලිගාව වහන්න කිට්ටු නිසා හරි කලබලයකින් මේ අය එන්නේ. කලබලය නිසා කවුරුත් මල් අරගෙන එන්නේ නැහැ. මේ නිසා දළදා වහන්සේ භාරව හිටපු වාරියපොළ ශ්‍රී සුමංගල හිමි එතැන හිටපු ලස්කරිඤ්ඤා සෙබළුන්ට කියනවා මල් ටිකක් අරගෙන එන්න කියලා. ලස්කරිඤ්ඤා හමුදාව කියන්නේ ඉංග්‍රීසි යටතේ සේවය කරපු සිංහල කුලී හමුදාවට.

මේ අතරතුරේ තමා දළදාව පැහැරගන්නේ. දළදාව තියෙන්නේ කරඬු හතක් ඇතුලේ. දකින කෙනෙක්ට වෙනසක් නොදැනෙන්න පිට කරඬුව තියලා දළදාව අරගෙන යනවා. පසුව ඉංග්‍රීසීන් දැනගන්නවා පිට කරඬුව විතරයි තියෙන්නේ දළදාව නැහැ කියලා. අස්ගිරි විහාරයට ගියාම සුමංගල හාමුදුරුත් හිටපු නැති නිසා සුමංගල හාමුදුරුවෝ මේ කාර්යයට සම්බන්ධයි කියලා හොයාගන්නවා.

ටික කාලෙකට පස්සේ ඉංග්‍රීසීන්ට දැනගන්න ලැබෙනවා මාතලේ පුබ්බුලිය කියන ගමේ ගල් ගුහාවක ස්වාමින්වහන්සේලා කිහිප නමක් ඉන්නවා කියලා. ඔය ගමේදීම තමා මඩුගල්ලේ නිලමේවරයාව අත්අඩංගුවට පත් වෙන්නේ. ඔය නිසාම ස්වාමින්වහන්සේලා හිටපු ගල් ගුහාව වටකරනවා.

මේ වෙනකොට මාස හයක් විතර ගතවෙලා. සුමංගල හාමුදුරුවෝ තමන්ගේ සිවුරේ වම් පැත්තේ උරහිසේ කුහරයක් හදාගෙන එතැන දළදාව හංගගෙන හිටියේ. මේ නිසා උන්වහන්සේ තමන්ගේ හිස වම් පැත්තේ උරහිස දෙසට නමාගෙන හිටියේ. ඒ විතරක් නෙමේ රැවුල හා කොණ්ඩය වැවිලා තිබුන නිසා අඳුනගන්නත් අපහසුයි. මාස ගණනාවක් තිස්සේ වම් උරහිස දෙසට හිස නමාගෙන හිටපු නිසා උන්වහන්සේ අපවත් වෙනකොටත් ඒ ඉරියව්ව වෙනස් වෙලා නැහැ.    

දළදා වහන්සේ පැහැරගැනීම යටතේ ඉංග්‍රීසීන්ගෙන් චෝදනා ලබපු සුමංගල හාමුදුරුවෝ ඇතුලු තවත් ස්වාමින්වහන්සේලා හතලිස් නමක් යාපනයේ සිරගත කරනු ලබනවා. හතරවන ජෝර්ජ් රජතුමාගේ උපන්දිනය නිමිත්තෙන් උන්වහන්සේ ඇතුලු තවත් ස්වාමින්වහන්සේලා කිහිප නමක් 1821 දී සිරගත කිරීමෙන් නිදහස ලබනවා. උන්වහන්සේ අපවත් වන්නේ ඊටත් වසර දහයකට පසුවයි.



9 comments:

  1. +++++++++++++++++++
    ප්‍රා වැටාධිපතිට හොරෙන් ගැහුවා වැටක්

    ReplyDelete
  2. +++++++++++++++++++
    මාත් ගැහුවා වැටක්.

    ReplyDelete
  3. මිතිල, ඔයා අහල තියෙනවාද දළදා සමිඳුන් සැඟවීමකටම සම්බන්ධ කෙටි කවියක්. මටත් මතක යාන්තමින්,
    කෝට්ටේ කළාලේ - දත මැද ගන්න රාලේ
    ඒක කිව්වේ හීනෙන් පෙනිලාලු. දළදාව කොට්ටෙ තිබියදී.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. කොට්ටේ යට තිබියදී නෙවි, කෝට්ටේ දළදා මාලිගාවේ තිබියදී. දළදාව භාර නිලධාරියෙකුට හීනෙන් පෙනිල තමයි ඔය කවිය කියන්නෙ. කෝට්ටේ රාජධානිය අනතුරේ නිසා දළදාව මැද රටට ගෙනියන්න කියන තේරුමින්.

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි Desha. අකුරු කොටද්දී කෝට්ටේ කොට්ටෙ වෙලා. වැරැද්ද පෙන්නුවාට ගොඩක් ස්තුතියි!

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...