Monday, March 2, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [10] ගංගානම් ගඟේ මිනී අළු පා කරන්නේ ඇයි?



ප්‍රසන්න - සර්, සාමානයෙන් ගම්වල කෙනෙක් මැරුණම අඟහරුවාදා සිකුරාදා වගේ දවස්වල ආදාහනය කරන්නෙ නෑ නේද?

ඉස්කෝලෙ මහත්තයා - ගම්වල ඈයොන්ගෙ එහෙම සිරිතක් නම් තියෙනවා තමා.

ප්‍රසන්න - ඒත් ඇයි එහෙම කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

අදටත් ඉන්දියාවේ සිරිතක් තියෙනවා මනුස්සයෙක් මැරුණහම එයාගෙ මිනී අළු ගංගානම් ගඟේ පා කරනවා. ඉස්සර ඉන්දියාවේ හිටපු නිගන්ටයින් නාන්නේ සතියට දවස් දෙකයි. ඒ අඟහරුවාදටයි සිකුරාදටයි විතරයි. ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ කාටවත් ගංඟානම් ගඟේ මිනී අළු පා කරන්න තහනම්. ඔන්න ඕක නිසා තමා අඟහරුවාදටයි සිකුරාදටයි මිනී වළදාන්න එපා කියල කියන්නේ.

සහන් - ඉතින් ඒක ලංකාවට අදාල වෙන්නෙ නෑනේ. ඇයි අපිත් ඒක කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

මේකනෙ දරුවෝ, අම්මා තාත්තා ආච්චී සීයා පරම්පරාවෙන් එකදිගට පවත්වගෙන ආපු චාරිත්‍ර අපිත් හොයල බලන්නෙ නැතුව කරන්න පුරුදුවෙලා ඉන්නවා. පරම්පරාවෙන් ආපු චාරිත්‍රයක් වුනත් පළක් නැත්නම් අත අරින්න ඕන. 

නිමාලි - එතකොට ඇයි තවමත් ඉන්දියාවෙ මිනිස්සු ගංඟානම් ගඟේ මිනී අළු පා කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - 

හින්දූන් විශ්වාස කරන විදිහට ගංගානම් ගඟ ඉස්සර අහසේ ගමන් කරපු ගංගාවක්. මේ නිසාම මේකට ආකාශ ගංගා කියලත් කියනවා. මේකයි කතාව. ඔන්න හිටියා සාගර කියල රජ කෙනෙක්. මෙයාට ඕන වුනා අශ්වමේධ යාගයක් කරන්න. මොකද කිව්වොතින් හරියට අශ්වමේධ යාගයක් කරන රජතුමාට දිව්‍යලෝකෙ අධිපතිකම ලැබෙනවා කියල කියනවා.

නිසල් - සර්, අශ්වමේධ යාගයක් තියන්නෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා - 

ගොඩක් වෙලාවට අශ්වමේධ යාග තියෙන්නේ රජකෙනෙක් විශාල සටනක් දිනුවට පස්සෙ. සුදු අශ්වයෙක්ට නිදහසේ රට වටේ යන්න ඉඩ අරිනවා. අශ්වයා පිටිපස්සෙන් රජතුමාගෙ හමුදාවත් යනවා. නිකන් හරි මනුස්සයෙක් මේ අශ්වයාගේ ගමනට බාධා කරනවා කියන්නේ එයා වක්‍රාකාරව රජතුමාට විරුධයි කියන එක. ඉතින් එහෙම උනොත් අර පිටිපස්සෙන් ආපු හමුදාව ඒ මනුස්සයව මරල දානවා. අශ්වයා ඔහොම ඔහොම ගිහිල්ලා යාගය පටන් ගත්තු තැනට ආවට පස්සේ අශ්වයාව මරලා අග්නි දෙවියන්ට බිලි දෙනවා. මේකයි සරලවම අග්වමේධ යාගයක් කියන්නේ.

නිසල් - අශ්වයා කවදා ආපහු පටන් ගත්තු තැනට එන්න ගොඩක් කල් ගියොත්?

ඉස්කෝලෙ මහත්තයා - 

අශ්වයා එනකන් ම යාගය කරන්න සිද්ද වෙනවා. අවුරුදු දොලහක් තිස්සේ මේ යාගය කරපු අවස්ථාත් තියෙනවා. දැන් කතාවට එමුකෝ. සාගර රජතුමාත් මෙහෙම අශ්වමේධ යාගයක් තියනවා. හැබැයි අතරමගදී ඉන්ද්‍ර දෙවියා සාගර රජතුමාගේ සුදු අශ්වයාව හොරකම් කරලා පාතාලේ හංගපු නිසා මේ යාගය සාගර රජතුමාට සම්පූර්ණ කරන්න වුනේ නෑ.

ඉතින් සාගර රජතුමා තමන්ගේ පුත්තු 60,000 යවනවා මේ සුදු අශ්වයාව හොයන්න. අශ්වයාව හොයන්න පාතාලයට යන මේ පුත්තු දකිනවා අශ්වයා ඉන්නවා. ඒ කිට්ටුවෙන්ම කපිල සෘෂිවරයා ඉන්නවා දැකපු මේ පුත්තු හිතනවා අශ්වයාව හොරකම් කළේ එයා කියල. ඉතින් මේ පුත්තු ටික කපිල සෘෂිවරයා හිරිහැර කරන්න ගන්නවා. මේකට කේන්ති ගිය කපිල සෘෂිවරයා තමන්ගෙ ඇස්වලින් ගිනි පිට කරලා සාගර රජතුමාගෙ පුත්තු 60,000 විනාශ කරල දානවා.

ඒ විතරක් නෙමේ ආකාශ ගංගාවේ ජලයෙන් මේ පුත්තුන්ගේ අළු තෙමෙනකන් ස්වර්ගයේ නූපදීවා කියලත් සාපයක් කරනවා. ඉදා ඉදන් මේ පරම්පරාවේ රජවරු තවුස් දම් පුරන්න ගත්තා මහා බ්‍රහ්මයාගෙන් වරමක් ඉල්ලගන්න. ඒ ආකාශ ගංගාව පොළොවට ලබා දෙන්න කියලා. කොහොමහරි භගීරථ කියන රජතුමාගේ තවුස් දම් වලට මහා බ්‍රහ්මයා වරම ලබා දෙනවා. ආකාශ ගංගාව පොළොවට වැටෙනකොට මහා විනාශයක් කරගෙනයි පහළට වැටුනේ. මේ විනාශය නවත්තන්න කියල භගීරථ රජතුමා ඊශ්වර දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.

ඉතින් ඊශ්වර දෙවියන් අහසින් වැටෙන ගංගාව තමන්ගෙ ජටාව මැද්දෙන් යන්න සලස්වනවා. මේ නිසා ගංගාවේ වේගය අඩුවෙලා මහා විනාශය නැති වෙනවා. මේ ගංගානම් ගගේ වතුර සාගර රජතුමාගෙ පුත්තු 60,000 අළු ත් එක්ක ස්පර්ෂ වුන නිසා ඒ අයට ස්වර්ගයට යන්න පුළුවන් උනාලු. මේ නිසයි අදටත් ඉන්දියාවේ මිනිස්සු තමන්ගෙ ඥාතීන්ව ස්වර්ගයට යවන්න එයාලගේ මිනී අළු ගංගානම් ගගේ පා කරල යවන්නේ. 


4 comments:

  1. https://www.ponnivala.com/interesting-similarities-in-persian-and-hindu-mythology/

    ඩිලන්ත ලියනගේ දේවගැති තුමාගේ දේශණයකින් තමයි මම මේ කතාව ඇහුවේ.
    මර්ඩුක්/බාල් කියන දෙවියා තමයි ග්‍රීසියේදී සියුස්/ ඉන්දියාවේදී ශිව බවට පත්වුනේ.

    උඹලා ඔය බොරු නමස්කාරවලින් වැලකී (යෙහෝවා) දෙවි ඉදිරියේ පවිත්‍රව ඉඳපල්ලා.

    ReplyDelete
    Replies
    1. ඇන්තනිට අයෙමත් ලෙඩේ වැඩිවෙලා වගේ.
      ඇයි බෙහෙත් ඉවරවෙලාද?

      Delete
  2. If you're looking to lose pounds then you certainly have to get on this totally brand new personalized keto plan.

    To design this keto diet service, licensed nutritionists, fitness couches, and cooks joined together to provide keto meal plans that are powerful, decent, cost-efficient, and delightful.

    From their first launch in 2019, 1000's of clients have already completely transformed their body and well-being with the benefits a good keto plan can give.

    Speaking of benefits: in this link, you'll discover 8 scientifically-confirmed ones offered by the keto plan.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...