Wednesday, March 11, 2020

බිරිඳකගෙන් ඉල්ලීමක්



පරසතු මල් එකිනෙක අමුණා
මල් දාමයක් පැළදුවත් ඔබ
රාමා කෙනෙකි
දර සෑයට මත ගිය සීතාට

නිවසින් සුර විමනට යාමට සැරසුනු මට
ලැබුනේ සිපිරිගෙයකි ඉන්නට
ඇත්තේ එක ඉල්ලීමකි මගෙන් ඔබට
යන්න අවසර නැවතත් මගේ නිවසට

පුංචි සන්දියේ වැටී
ඇඬූ සැටි මට සිහිවෙයි
සිනහවෙන් මා සනසා
පසුව හැඬූ පියා පතා
ආ හැටි මට දැන් සිහිවෙයි

රෝස මලේ කටු ඇත්තේ
වන බඹරුන් එලවන්නට නම්
ඇයි ඔබ එහි කටු සිඳිමින්
මල් පෙති වලට ඇලුම් කලේ


පරසතු මල් - දිව්‍යලෝකයේ ඇතැයි සැළකෙන මල් විශේෂයක්

ආදරයේ සළකුණක් ලෙස භාවිතා වන රාමා සීතා ආදර කතාවේ අවසානයට රාමා තම බිරිඳ වන සීතාව සැක කරයි. එසේ කරන්නේ තරමක කාලයක් ඇය රාවණාට යටත් ව සිටි නිසයි.

අවසානයේ සීතාට තම පති භක්තිය පෙන්වීමට ගින්දර දල්වන ලද දර සෑයක් මතින් යන ලෙස රාම කුමාරයා අණ කරයි.

පිංතූරය - මාග්‍රට් ලින්ඩ්සි [1726 - 1782 ]


3 comments:

  1. මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් රටට අපලයි. වැස්ස නැහැ. වතුර නැහැ. මිනිස්සුන්ට කන්න හාල් එළවලු නැහැ. ඒ මදිවට රෝග බිය. විශාලා මහනුවර වගේ අපේ රට.

    ReplyDelete
  2. මට මතක් වුණේ පෙම්වතියකගේ ඉල්ලීම.

    පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්
    ඔබ හැමදාමත් ඉල්ලන තරු මල් එයට නෙළා පිළිගන්වන්නම්

    ReplyDelete
  3. නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා
    කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...