Thursday, November 3, 2016

වයිකිංවරු ගැන නොදත් කතා


 මෙම ලිපිය ලියනා අතරේ බ්ලොග් අඩවියට මෙතෙක් පැමිණි පාධකයන් සංඛ්‍යාව 50000 ඉක්මවීම ගැන ඇත්තේ සතුටකි. අද මේ කියන්න යන්නේ වයිකිංවරු ගැන බොහෝ දෙනා අසා නැති කරුණු කිහිපයක්.

*අං ඇති හිස්වැසුම් පැලඳ සිටින වයිකිංවරු ඔබ චිත්‍රපටයක හෝ දැක ඇති බවට මම විශ්වාස කරමි. එනමුත් සැබවින්ම වයිකිංවරු එසේ අං ඇති හිස්වැසුම් පැලදියේ නැත.



*වයිකිංවරු පිරිසිදුව ජීවත් වූ පුද්ගලයන් බව සැලකේ. මන්ද පුරාවස්තු කැනීම් වලදී ඔවුන්ට අයත් ට්වීසර්, රැවුල බෑමේ උපකරණ සහ පනා ආදිය සොයාගෙන ඇත.


*මොවුන් නාගෙන ඇත්තේ සතියකට වරක් පමණි. පෙර කී කරුණ සමඟ මෙහි නොගැලපීමක් ඇත්දැයි ඔබට සැක සිතෙනු ඇත. එනමුත් එකල අනෙකුත් යුරෝපීය ජාතීන්ට සාපේක්ෂව මෙය ඉතා හොද අගයකි.

*වයිකිංවරයෙක්ට ලැබිය හැකි විශාලතම ගෞරවය ලෙස සැලකුනේ බෝට්ටුවක් මත තම මියගිය සිරුර වැලලීමයි. බෝට්ටුවට සිරුර දමා ගඟේ පා කර ඉන්පසු එයට ගිනි පුලිගු සහිත ඊතල වලින් විදින දර්ශන ඔබ දැක ඇතුවාට සැක නැත.

 මෙසේ බෝට්ටුවට සිරුර දමන විට ඔවුන් භාවිතා කල බඩු බාහිරාදියද දමයි. ඊජිප්තු ඇදහිලි වල මෙන් මරණෙන් පසු නැවත උප්පත්තියක් ඔවුන් විශ්වාස කලේ ය.



*වහලුන් අල්ලා ගැනීම ඔවුන් වැදගත් කාර්යභාරයක් කොට සැලකුවේ ය. ඔවුන් යන යන තැන ඇන්ග්ලෝ සැක්සන්, සෙල්ටික් ආදී ජනතාව වහලුන් ලෙස අල්ලා ගත්තේ ය.

*මොවුන් අල්ලා ගන්නා ලද වහලුන් යුරෝපයේ හා ආසියාවේ වෙළඳසැල් වල විකුණන ලදි.


*වයිකිං ගැහැනු දරුවන් වයස අවුරුදු 12 දී පමණ විවාහ විය. ඔවුන්ට බොහෝ විට සිදුකරේ නිවෙස රැකබලා ගැනීමය.

*වහල්ලු නොවන සියලුම දෙනාට එකල බොහෝ දේ කිරීමට නිදහස තිබුනි. දික්කසාදය , පෞද්ගලික ධනයක් අත්පත් කර ගැනීම ආදී ඕනෑම දෙයක් එකල වයිකිංවරයෙක්ට සිදු කල හැකි විය.

*බොහෝ ප්‍රදේශ අත්පත් කරගන්නා නිසා වයිකිංවරු බොහොමයක් රණශූරයන් යැයි සිතුවද එය එසේ නොවේ. වයිකිංවරු බොහොමයක් ගොවීන් ය.

*අද මෙන් එකලද හිම මත ලිස්සා යෑමේ තාක්ෂණය තිබුනි. වයිකිංවරු එය භාවිතා කලේ ඉතාමත් වේගවත් ගමනාගමන ක්‍රමයක් ලෙස ය.


*වයිකිංවරු යන වදන භාවිතා කලේ මුහුදෙන් එතෙර ප්‍රදේශ අල්ලා ගැනීමට ගිය ස්කැන්ඩිනේවියානු ජනතාවට ය.

*වයිකිං අවධියේදී වර්තමාන ඩෙන්මාර්ක්, ස්වීඩ්න් සහ නෝර්වේ යන ප්‍රදේශ වල සිටි විවිධ ගෝත්‍ර වලට අයත් වයිකිංවරු ප්‍රදේශ අල්ලා ගැනීමේ කටයුතු නොකරන විට සිදු කලේ ගෝත්‍ර අතර සටන් කිරීමයි.


*වයිකිංවරයෙක්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 40ක් පමණ විය.

*වයිකිංවරුන්ගේ වැදගත්ම වස්තුව වූයේ ඔවුන්ගේ අසිපතයි. ඔවුන් එය පරම්පරාවෙන් පරම්පරාවට රැකගත්තේ ය.

පින්තූර එකතුව :



වෙළදාම සදහා භාවිතා කල උපකරණ

ඇදුම් ආයිත්තම්

ඩෙන්මාර්ක් හි පිහිටි ප්‍රතිසංස්කරණය කල වයිකිං නිවසක්.

වයිකිංවරයෙක්ගේ ආයුධ

ජර්මනියේ පිහිටි වයිකිං ගම්මානයක්.



අයිස්ලන්තයේ පිහිටි වයිකිං නිවසක්.







ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි....

22 comments:

  1. මගේ කමෙන්ට් එක මැකුණා.:(

    වයිකිංවරුන් ගැන නොදන්න කරුණු සමහරක් ඔයාගේ ලිපියේ තියෙනවා. බිරින්දෑවරුන් ගැන. ආයු කාලය ගැන වගේ. අඩු වයසෙන් තාම දකුණු ආසියාතික රටවල ගෑනු ලමයි විවාහ වෙනවා. මේක නොදියුණු කමත්, කාලයේ හැටි හන්දත් වෙන්න පුලුවනි. නොනාන එකත් තද සීතල හන්දා වෙන්න ඇති. කට්ටිය මාසෙකට සැරයක් විතර වතුර උණු කරලා, ගිණි මැලයක් ලඟ උඩ පැන, පැන නාන්න ඇති කියලා හිතෙනවා.:)

    මිතිල කරුණු හොයන්න ගොඩක් මහන්සි වෙන එකට ස්තුතියි.

    මේ ගොල්ලන ප්‍රධාන වශයෙන් මුහුදු කොල්ලකරුවන් විදියට හැඳින්නුවොත් හරිනේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඉතින් ඔක්කොම මුහුදු කොල්ලකරුවො ගානට දාන්නත් බෑ... මොකද වැඩිමනක් වයිකිංවරු ගොවීන්...

      සතියකට සැරයක් නාද්දි සැපට නාන්න ඇති... :--)

      Delete
    2. 50000 ට සුබ පැතුම්. ඒක අමතක වුනානේ!

      අනෙක කවදාහරි අර ජර්මන් වයිකිං ගමට යනවා.:)

      Delete
  2. ලිපිය අපූරුයි මිතිල. ඒ වගේම 50000 තව තවත් වැඩිකර ගැනීමට හැකිවේවා.!

    ජයවේවා!!!

    ReplyDelete
  3. දුක් මුසු පුවතක් දැන් අසන්නට ලැබුනා... ඒ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන අමරදේව ශූරින් මියගිහින් ඇති බව... එතුමාට නිවන් සුව පතමි...

    ReplyDelete
  4. හොද ලිපියක්.

    ReplyDelete
  5. https://www.goodreads.com/author/list/220244.Henry_Treece

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Pra Jay... කියවන්න ඕනේ ඒ පොත් අරගෙන...

      Delete
  6. වයිකිංවරුන් කියන්නේ රටවල් ගොඩාක් අතරේ පැතිරිගිය ජාතින්ගේ එකතුවක්ද?

    ReplyDelete
    Replies
    1. වයිකිංවරු යුරෝපයේ උතුර, නැගෙනහිර සහ මධ්‍යම කලාප වල පැතිරිලා හිටපු ජාතියක්...

      Delete
  7. දැන් උන් වද වෙලාද?

    ReplyDelete
    Replies
    1. දැන්නන් වයිකිංවරු නෑ... හැබැයි එයාලා හිටපු තැන් ගම්බිම් එහෙම එදා තිබුනු විදිහටම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා...

      Delete
  8. Valuable facts...thanx bud.

    ReplyDelete
  9. සුභ පැතුම් මල්ලි.

    ReplyDelete
  10. සින්ඩි ගත කරගත්තා මචං.......... ගිහින් බලාපං...........

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...