Saturday, November 26, 2016

පැන්ඩෝරා


පුරාණ ග්‍රීක මතය අනුව පලමුව මෙලොවට පිරිමින් පැමිණෙන විට කාන්තාවන් සිටියේ නැත. එකල යෝධ මිනිස් කොට්ඨාසයක් වන ටයිටන්වරු සිටියේ ය. මොවුන් නිරන්තරයෙන් දෙවියන් හා යුධ වැදුණේ ය. මෙම ටයිටන්වරු අතරේ ප්‍රොමෙතියස් නම් පුද්ගලයෙක් සිටියේ ය.

දිනක් ප්‍රොමෙතියස් දෙවියන්ගෙන් ගින්දර සොරාගෙන මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙලිවට ගෙනාවේ ය. දෙවියන්ගේ රජ වූ සියුස් මේ නිසා ඉතා කෝපයට පත්වූ අතර ගිනි දෙවියන් වූ Hephaestus හට කාන්තාවක් නිර්මාණය කරන ලෙස අණ දුන්නේ ය. මෙම කාන්තාව පැන්ඩෝරා නම් විය. සියුස් ඇයට යම් පෙට්ටියක් දී පොලොවට යැව්වේ ය. එම පෙට්ටිය අඟුලු දමා තිබූ අතර සියුස් එහි යතුර පැන්ඩෝරාට දුන්නේ ය. 

මෙම පෙට්ටිය රැගෙන යා යුතු බවත් එය කවදාවත් විවෘත නොකළ යුතු බවත් විවාහ වූ පසු පෙට්ටියේ යතුර ස්වාමිපුර්ෂයාට ලබාදිය යුතු බවත් සියුස් පැන්ඩෝරාට පැවසී ය.


පැන්ඩෝරා මෙම පෙට්ටිය පොලොවට රැගෙන ගියේ ය. ඇයට එහිදී එපිමෙතියස් නම් තරුණ පුද්ගලයෙකු හමුවූ අතර ඔවුන් ඉක්මනින් විවාහ විය. සියුස්ගේ අණ පරිදි ඇය පෙට්ටිය හා යතුර එපිමෙතියස්ට දුන් අතර ඔහු එය නිවසේ කොනක තැබුවේ ය.

මාස ගණනක් යනතුරු පැන්ඩෝරා මෙම පෙට්ටිය ගැන සිතුවේ නැත. ඇය එපිමෙතියස් සමඟ ඉතා සතුටින් කාලය ගත කලේ ය. විටෙක පැන්ඩෝරා නිවසේ තනියම සිටින විට දුකින් හා තනිකමකින් කාලය ගත කලේ ය. දිනක් ඇයට සියුස්ගේ පෙට්ටිය ගැන මතක් වී එය තිබෙන ස්ථානයට ගියේ ය. ඇය එය දෙස ඉතා ඕනෑකමකින් බලමින් එය තුල කුමක් ඇත්දැයි සිතුවාය. ඇය එය දෙස බලාගෙන සිටින විට එය තුලින් යම් යම් ශබ්ද ඇයට ඇසිණි.
පැන්ඩෝරාට තවත් සිටිය නොහැකි විය. ඇය ඉක්මනින් යතුර ගෙන පෙට්ටිය ඇරියේ ය. එසැනින්ම කුඩා කුඩා කෘමි සතුන් එයින් එළියට ගියේ ය. ඔවුන් පැන්ඩෝරාගේ මුහුණ හා අත් සපා විශාල ශබ්දයක් නගමින් එළියට ගියේ ය. ඔවුන් පියඹා ගිය විට දිනය අඳුරු විය.


ඇයට කෘමීන් විසින් සිදු කරන ලද තුවාල රිදුම් දුන් අතර සිතට විවිධාකාර වූ හැගීම් ඒමට පටන් ගත්තේ ය  ඇය කෝප වූ අතර එපිමෙතියස් පිළිබද ඊර්ෂ්‍යාවක් හට ගත්තේ ය. ඇය ඉක්මනින් පියන වසා ඇයට කුමක් සිදුවූයේ දැයි සිතුවා ය.
ඉන්පසු ඇයට නැවත පෙට්ටිය තුළින් ශබ්දයක් ඇසුණාය. මුලින් පැන්ඩෝරා එයට අකමැති විය. නමුත් දිගින් දිගටම එම ශබ්දය ඇසෙන්නට වූයෙන් ඇය පෙට්ටිය නැවත විවෘත කලාය. එවිය එයින් කුඩා සුරංගනාවියක් එළියට ආවාය. ඇය අඳුරු කාමරයක තිබෙන දීප්තිමත් ලාම්පුවක් වැනිය.
තමා බලාපිරොත්තුව බව සුරංගනාවිය පැවසූවාය. පැන්ඩෝරා පෙට්ටිය විවෘත කිරීමෙන් ලෝකයේ ඇති සියලු කරදර මුදාහැර ඇත. සියුස් සියලු කරදර එම පෙට්ටියේ දමා අඟුලු දා තිබුණේ ය. පැන්ඩෝරා විසින් රෝග, වෛරය, යුද්ධ, නියඟ, ඊර්ෂ්‍යාව වැනි සියලුම ආකාරයේ කරදර මුදා හැරියා ය.


මෙම විසිරීගිය කරදර නැවත රැස්කර පෙට්ටියේ දමන්නේ කෙසේදැ යි පැන්ඩෝරා සුරංගනාවියගෙන් ඇසුවා ය. ඒවා නැවත අල්ලාගත නොහැකි බවත්, මේ වන විට ඒවා ලෝකය පුරා ව්‍යාප්තව ඇති බවත් පැවසුවා ය. සියුස් විසින් බලාපොරොත්තුව නම් සුරංගනාවියව මෙම පෙට්ටියට දමා ඇත්තේ කරදර තිබෙන තැන බලාපොරොත්තුවක් ඇති කිරීමටය.

24 comments:

  1. පරණ කතාවක් ගැන අායෙත් කාලෙකට පස්සේ කියවන්න ලැබුණා. ස්තුතියි සහෝ

    ReplyDelete
    Replies
    1. සිත්ගන්නාසුළු කතා ගොඩක් තියෙනවා ග්‍රීක මිත්‍යා කතා වල බර්ටි සහෝ...

      Delete
  2. මීට කලින් අහලා නැති කතාවක්.
    ජයවේවා!!!

    ReplyDelete
  3. Polawata ena magadima pettiya ariya, tibba dewal okkoma eliyata waruna, hadisiyata pettiya wahuwama ithiri une balaporoththuwa witharai kiyalai mama ahala tibbe.

    ReplyDelete
  4. "open Pandora's box to start something that causes many new and unexpected problems" කියන කතාව මතක් වුනා. ඔයාගේ ලියවිල්ල කියවනකල් ඒක මතක් වුනේ නෑ.

    මිතිල යටගිය දවසක ග්‍රීක රෝම ශිෂ්ටාචාරෙක ජීවත් වුනු කෙනෙක්. :D

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කියන්නේ මගෙ කැමතිම විශය හන්දා වෙන්න ඇති... :D

      Delete
    2. Robert Graves කියවන්න. වෙනස් විදිහට ග්‍රීක් මිත්‍යා කතා ලියල තියනවා.

      Delete
    3. මට ෂුවර් නෑ. ලයිබ්‍රරි වල තියෙන්න ඕනෙ ග්‍රීක් මිත්ස් පොත.

      https://www.amazon.com/Greek-Myths-Penguin-Classics-Deluxe/dp/0143106716/ref=la_B000AQ4HVM_1_3?s=books&ie=UTF8&qid=1480322299&sr=1-3

      https://www.amazon.com/Golden-Fleece-Robert-Graves/dp/B000NO7GAA/ref=la_B000AQ4HVM_1_20?s=books&ie=UTF8&qid=1480322366&sr=1-20&refinements=p_82%3AB000AQ4HVM

      Delete
  5. පළමු වර ව්‍යුර්ථ කිරීම ගැන විතරයි අහලා තිබුනේ. සුරංගනාවි ගැන අහලා තිබුනෙ නෑ.. ග්‍රීක කතා වලට ගොඩක් කැමති...
    අපූරුයි පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. ග්‍රීක මිත්‍යා කතා කියන්නේ සාහිත්‍ය අතින් අගතැන් දෙයක්... බොහොම ස්තූතියි නිර්මාණි...

      Delete
  6. එල කතාව , හරියට ආදම් සහ ඊවගෙ තහනම් ගහේ ගෙඩි කෑම වගේ

    ReplyDelete
  7. මිනිසුන්ට, හොඳ නරක කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න, මෙවැනි පුරාවෘත්ත වලින් ලොකු සේවයක් ඉටුවෙනවා.

    මම කලිනුත් අහන්නයි හිටියේ. 'වාසිතය' කියන නමේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචා... වාසිතය කියන නමේ තේරුම තමා දැනුම...

      Delete
  8. වාසිතය ගොඩ දවසකට පස්සේ අප්ඩේට් වෙලා. විභාගේ සාර්ථකව ඉවර කරගත්තාද?
    ගෑනියෙක් කසාද බැදගන්නවා කියන්නේ පැන්ඩෝරාගේ පෙට්ටිය ඇරගෙන කරදර ගොඩක් දාගත්තා වාගේ කියලා වෙන්නැති ග‍්‍රීක කතාවලින් කිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විභාගෙ නන් ඉවරයි...

      අයියලාට අත්දැකීමෙන්ම ඒ දේවල් දන්නවනේ... :D

      Delete
  9. වටිනා කතාවක්.නැවතතනැ

    ReplyDelete
  10. Pandora Box එක ඇරියා වාගේ ඔක්කෝම හෙලි උනා කියන කියමන සහ Pandora කියන ඩෙන්මාර්ක company එකේ (jewelry හදන) business අඩු වෙමින් තියෙන බව කියවන විට තමයී මෙතන ඒ pandora නමට සම්බන්ධ කතාවට යොමු උනේ. නමුත් මේ ලස්සන කතාවේ සුල මුල දැන සිටියේ නැහැ. දැනුම බෙදා ගන්න පුලුවන් වීම ගැන හරිම සතුටුයි. ඉස්තූතියි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...