Friday, July 22, 2016

අනේ පනේ තනේ පෙනේ

මේකනන් ටිකක් වෙනස් පොඩි කතාවක්.

 කාලෙකට කලින් කුමාරතුංග මුනුදාස ශූරීන් එක්තරා සම්මේලනයකට සහභාගි උනා. සාමාන්‍යයෙන් කවියක් ලියනකොට ගොඩක් දේවල් හිතන්න ඕනෙනේ. එලිසමය ( කවියක අවසන් අකුරු එක සමාන වීම ) , යතිය ( වචන අතර විරාමය ) , අර්ථාන්විත බව, කාව්‍යෝක්ති ආදී දෑ...

 මේ සම්මේලනයේදී කුමාරතුංගයන්ට එක් කාන්තාවක් අභියෝගයක් කරා. ඒ තමා අකුරු දෙකේ වචන හතරකින් කවියක් කියන්න කියලා. හැබැයි මේ කවියේ එලිසමය, අර්ථාන්විත බව, අනුප්‍රාසය ආදී දෑ සියල්ල අඩංගු විය යුතු බවද ඇය කීවා.

 කුමාරතුංගයන් වේදිකාවට නැග්ගා. දැන් වේදිකාව මීයට පිම්බා වගේ.  නැගලා පහල බැලුවම දැක්කා ඒ කාන්තාවගේ සාරි පොට මදක් පහලට වෙලා තියෙනවා. මේක දැකපු කුමාරතුංගයන් මේ කවිය කිව්වා.

අනේ
පනේ
තනේ
වැනේ


මේකෙ තේරුම මේකයි හැබැයි. පේන එකම නෙමේ. මෙක දහම් ගැටයක්. තේරුම තමයි..

 අනේක
ප්‍රාණීහු
තෘෂ්ණාවේ
වැනසෙත්


  මේක කිව්වට පස්සෙ ශාලාවේ හිටපු හැමෝම හිනා වෙවී අත්පොලසන් දීමට පටන් ගත්තා.  කුමාරතුංග මුනිදාසයන්ගේ හැකියාව මොනවට පැහැදිලි වූ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. මේ කතාව මට දැනගන්නට ලැබුනේ සාමාන්‍ය පෙළ අවධියේදී මගේ සිංහල ගුරුතුමා වූ රංජිත් වීරසේකර ගුරු පියාණන්ගෙන්‍ ය.




- මිතිල ප්‍රනාන්දු

3 comments:

  1. කෙටි, රසවත්, හරවත්, පොස්ටුවක් !

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ....

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ....

    ReplyDelete

මා කියවූ පොත් - බෞද්ධ මනෝචිකිත්සාව [එච්.එස්.එස්. නිශශංක]

"මිනිසාට විවිධ වූ මානසික රෝග වැලැදෙන්නේ කෙලෙස් නිසාය. කවර ආගමකට ජාතියකට අයත් වුවත් කෙලෙස්වල ස්වභාවය පොදුය. ඒ නිසා කවර යම් ජන කොටසකට අයත...