Saturday, July 9, 2016

කතරගම දෙවියෝ


 ලංකාරක්ෂිත දේවතා සමූහයේ ප්‍රධාන ස්ථානයේ සිටිනා දෙවිවරු අතරට කතරගම දෙවියන් ද වේ. ලංකාවට විශේෂ වන ප්‍රධාන දෙවිවරු සතර අතරට උපුල්වන් දෙවි මුල් කොට සමන් ,බොක්සල් , සවත් ( කාර්තිකේය ) , විභිෂණ යන දෙවිවරුද අයත් වන බව කෝට්ටේ යුගයේ ලුයැවුනු හංස සංදේශයේ දැක්වේ. ලංකාවේ සතරවරම් දෙවිවරු අතරට ද කතරගම දෙවියන්ද අයත් වන බව නොයෙක් අවස්ථාවල සදහන් වේ.

 කතරගම දෙවියන් හදුන්වන විවිධ නාමයන් වේ. කාචරග්‍රාම දේව, ස්කන්ධ ස්වාමි, අග්නි, අග්නි පුත්‍ර, අග්නිභ සරවන, සරවන මුත්තු, සරවන භාව, මිහිපති හෙවත් ජානකසේන, විනයකසේන, ලෝහිත ගාත්‍ර, ස්වච්චානන්ද, නිර්මලා භාක්ස්ත්‍රිකාව, කාර්තිකේය හෙවත් කාර්තිකා පුත්‍ර , සුබ්‍රමන්‍ය, බාල සුබ්‍රමණ්‍ය, ගංගජ, ස්වාමු, ෂන්මාතෘ, ෂ්ට්මාතෘ, ෂ්ෂ්ටිමාතෘ, ෂාංමාතුර, ශරජන්ම, මුරුගා, මුරුගන්, මහාඝෝෂ, නම්කන්, තේසන්, කන්දලි, දෙව් සෙනවි, සේනාධිපති, කඳ සුරිදු, කඳ දෙව් කඳ, ඩයනීසස්, ඉයොන්, සිංහ, ඇක්ස්ලීපියස්, තාරකජිත්, තාරාරි, සනත් කුමාර, ග්‍රහ ස්වාමි, නෛගමේය, ගංගියා, ගිරක්ෂනාථ, ඊතලේ යකා, කන්දස්වාමි, කන්දෙ යකා, මහා කාල සේන, සවදක් යන නාමයන් ඒ අතර වේ.




 අවුරුදු පහලොස් දහස් ගණනකට පෙර ලංකාවේ දකුණු දෙස යටත් කරගෙන සිටි තාරක නම් අසුරේන්ද්‍රයාව දඹදිව විසූ කඳ කුමරුන් ලක්දිවට පැමිණ ඔහුගේ ප්‍රබල බාහු බලයෙන් සහ විචක්ෂණ බුද්ධියෙන් පරදවා කතරගම පුරවරයෙහි පාලක විය.

කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරා ණන්
සකල සිරිලක දෙ නරන්නට පවත එන සොමි සදාණන්

 කතරගම දෙවිදුගේ රාජධානිය හා ගුණ කඳ පිළිබදව ඉහත කවියෙන් කියැවේ. රුහුණු ප්‍රදේශයේ කතරගම නුවර රාජධානිය කර ගනිමින් එහි වසමින් පාලනය ගෙනගිය කඳ කුමරු තාරක අසුරයා පරාජය කළ බැවින් වීර වරයෙකු ලෙසත් යහ පාලනයක් ගෙනගිය ඇත්තෙකු වශයෙන් ජාප්‍රිය විය. ඉන්පසු කතාගම දෙවිදුගේ බල මහිමය ලංකාව පුරා පැතිරිණි.

 ස්කන්ධ පිළිබඳව ලංකාවේ පැරණි මූලාශ්‍රවල පළමු වාට සදහන් වන්නේ අනුරාධපුර අවධියේ චූල වංශයේය.

 කතාගම දෙවියන්ගේ උපත් කතා විශාල ගණනකි. ඒවායින් කිහිපයක් ගෙන බලමු.

කතාගම දෙවියන්ගේ පියා ඊශ්වර දෙවියන් ය. මව උමා දේවියයි. ශාස්ත්‍රවන්තයින් පැවසූ පරිදි උපාවට පුත්‍රයෙකු ලැබුනහිත් ඔහු ඉතා බලසම්පන්නයෙකු වන බැවින් අග්නි හෙවත් ගිනි දෙවියා දෙව්ලොවදී උමාවට දරුවා ලැබීමට උඩ දුන්නේ නැත. හිමාලයේ කදු පාමුල බර පඳුරක් තුළ කඳ කුමරු උපන්නේය.

 මහා භාරත නම් සංස්කෘත ග්‍රන්ථයේ සදාන් වන අන්දමට කතරගම දෙවියන්ගේ පිටා ශිව දෙවියන් ය. මව උමාවයි. රාමායනයේ සදහන් වන ලෙස මොහුගේ පියා අග්නි දේවතාවාය. මව ගංගා වේ.

 කතරගම දෙවියන් ඊශ්වර දෙදියන්ගේ දෙවෙනි පුතා වන අතර වැඩිමලා අයියානායක දෙවියන්ද බාලයා ගණ දෙවියන්ද වශයෙන් හැදින්වේ.

කතරගම දෙවියන්ට සහෝදරියක් ඇති බවත් ඇය සරස්වතිඋ බවත් ජනප්‍රවාදයේ එන මතයකි.

 මහාසේන මරණයෙන් පසු දේවත්වයට පත් වන්නට ඇති බවත් මහාඝෝෂ යන්න මහාසේන නමින් ව්‍යවහාර වන බවහ් දැක්වෙන අවස්ථා ඇත.

 කතරගම දෙවියන් ඉන්දියාවෙන් පැමිණ ස්කන්ධ කුමාර යන නාමයෙන් හැදින්වුව ද ඔහු කතරගම දෙවියන් නිවන බවත් ප්‍රාග් බෞද්ධ යුගයෙහි කතරගමට අරක්ගත් බෞද්ධ දෙවියෙකු වූ බවත් කියවෙන අතර එම නිසා කතරගම දෙවියන් හින්දු දෙවියෙකු නොව බෞද්ධ දෙවියෙකු වව සදහන් වේ. මේ නිසා කතරගම දෙවිදු ඉන්දියාවෙන් පැමිණ දෙවියකු හෝ ලාංකික දෙදියකු ද යන කරුණ නිශ්චිත ලෙස සදහන් කල නොහැක. කතරගම දෙවියන්ව හදුන්වන නාමාන් දෙස වැලූ කල එය මනාව පැහැදිලි වේ.

 කතරගම දෙවියන්ට භායාවන් දෙදෙනෙකි. ඉන්දියාවේදී විවාහ වූ දේවසේන හෙවත් තේවානි අම්මා සහ ලක්දිවට පැමිණො පසු විවාහ වූ වල්ලි අම්මා එම භායාවන් දෙදෙනායි. කද සුරිදු තම භාර්‍යාවන් දෙදෙනා සමඟ සාමයෙන් විසූ අතර ඔහුගේ දකුණු පස තේවානි අම්මාත් වම් පස වල්ලි අම්මාත් වේ.



 කතරගම දෙවියන්ට මුනුණු සයකි. අත් දොලහකි. මුහුණු සයෙන් විදුලිට, දයාව, සාමය , සෞම්‍ය, ආශිර්වාදය හා කාරුණික බව සංකේතවත් වන බවත් කියැවේ. තවත් විටෙක ඔහුගේ මුගුණු සයෙන් තේජස, බලය, භාග්‍ය, වික්‍රමය, කාර්‍ය ශූරත්වය, තත්වංඤානය, යන ක්‍රියා පිලිබිබු වන බවත් දැක්වේ. අත් දොලහේ දහයක ඇත්තේ දුනු හා හීය.  ත්‍රිශූලය, කඩුව, හිස, නාගාඅ, සැවුලු දජය, හළඹ හක්ගෙඩිය හා කෙටේරිය වේ. ඉතිරි දෑත් දෙක හිස්ව ඇත.

මුහුණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රුහුණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ

 කතාගම දෙදියන්ගේ රජ්‍යය පිහිටියේ රුහුණු රටේ බව මින් පැහැදිලි වේ.

 කතරගම දෙවියන් ඇද සිටින වස්ත්‍ර රක්ත වර්ණයෙන් යුක්තය. ණරෙකු වාහනය කාගත් මොහු සමහර අවස්ථාවල මුහුණු තුනකින්ද තවහ් විටෙක එක් මුහුණකින්ද යුතුව සිටියි.

 ඉන්දියාවෙන් ගෙනා සොලී සිරකරුවන් ගජබා රජු දවසේදූ ලංකාවේ පදිංචි වීම නිසා කාර්තිකේය දේව ඇදහීම ඇති වූ බව කියැවේ. කතරගම දෙවියන් ප්‍රතිපත්ති ගරුක ශක්ත්මත් දෙවියෙකුට වඩා තමන් වෙතට එන බැතිමතුන්ට ඕනෑම ආකාඅයක ඉල්ලීමක් ලබා දෙන දෙවියෙකු ලෙස ප්‍රසිධය. එසේ හෙයින් යහපත් දේට පමණක් නිව අයහපත් කාර්‍යාන් කරවා ගැඊමට කතාගම දෙවියන් සොයා එන බැතිමතුන් බොහොමයකි.

 ලිපිය පිලිබද අදහස් දක්වනවානම් එය ඉතා අගේ කොට සලකමි.

-මිතිල ප්‍රනාන්දු



2 comments:

  1. මිථිලගේ ලිපිය ගොඩක් මහන්සි වී පිළියෙල කළ එකක් බව පෙනෙනවා. මා ලියමින් සිටින sugv.wordpress.com හි ඇත්තේද මේ දෙවියන් ආශ්‍රිතව ඇති පුරාවෘත යාදිනි වල බලපෑමෙන් සකස් වූ ජන සම්ප්‍රදායයන් පිලිබඳ විමර්ශනයකි. මේ හැදෑරීම්වලදී කැපි පෙනුන ක්ෂණයක් වූයේ රුහුණු කතරගම දේවාලයේ පවතින හින්දු ආභාසය තවතවත් බැහැර කරමින් ලංකාවට ආවේනික බෞද්ධ කතරගම දෙවියකු නිර්මාණය කරන්නට ගත් උත්සාහයකි. මෙහිදී ද තේවානි හා වල්ලි යනුවෙන් භාර්යාවන් දෙදෙනකුගේ පුරාවෘත හමු වන අතරම ඒ දෙනො අතරින් වඩා ඇදහීමට ලක්ව ඇත්තේ වල්ලි දේවිය බවක්ද පෙනීයයි. මෙි දී ගණදෙවියන් බාල සහෝදරයා නොව වැඩිමහල් සහෝදරයා වශයෙන් සලකන බවක්ද පෙනී යනවා. අනෙක් අතඑ කතරගම දෙවි යනු අසුරයන් පරදවා සුරයන්ගේ රාජධානියක් ස්ථාපිත කළ යුද්ධයට අධිපති දෙවියකු ලෙසද මෙහි දී විශේෂ සැලකිලි ලබනවා. ඒ සමගමකතරගම දෙවියන්ගේ සේවක දේවගණයාද මෙහිදී විශේෂ සැලකුම් ලබන බව පෙනී යන්නක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... ගණ දෙවියන්ගෙ නුවණ ගැන කතාබහේදී, ලුණු පොල්කට්ටෙ කතාවත් මතක් වෙනවා.. මේ වගේ දෙවිවරුන්ගෙ කතාවල ඇත්ත නැත්ත කෙසේවෙතත්, මේවා සාහිත්‍ය අතින් ඉහල තැනක තියෙනවා.. මම නැවත වාරයක් ඔබට ස්තූති කරනවා...

      Delete

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්...