Monday, March 5, 2018

ඔරලෝසුව

"සුබ උදෑසනක් මහත්මයා, මගෙන් කෙරෙන්න ඕනෙ මොනවද?"

"මම මේ එලාම් ඔරලෝසුව ආයෙ බාරදෙන්න ආවෙ."

"ඇයි මේකට මොනවද වෙලා තියෙන්නේ?"

"මේකෙ එලාම් එක වැඩ කරන්නෙ නෑ."

"ඒ කිව්වේ?"

"මේකෙන් කිසි සද්දයක් පිට වෙන්නෙ නෑ."

"ඔයා ඔරලෝසුව පිටින් ගලවලා හදන්න බැලුවද?"

"ඔව්."

"ඒත් වැඩ කලේ නැද්ද?"

"නෑ."

"හරි. ඔයා ගාව බිල තියෙනවද?"

"නෑ. මම ඒක හෙව්වට හොයාගන්න බැරිවුනා."

"එහෙනන් මට මේකෙ මුදල් ආපහු දෙන්න බෑ."

"නෑ නෑ ඔයා වැරදියට තේරුම් අරගෙන. මට මේකෙ සල්ලි ආපහු ඕනෙ නෑ, මට මේක වෙනුවට වැඩකරන එලාම් ඔරලෝසුවක් දෙන්න."

"හරි. ඔයා ගාව ඔරලෝසුවේ ඇසුරුම තියෙනවද?"

"ඒක ප්ලාස්ටික් කවරයක්. මට ඒක ඇරගන්න බැරිවෙලා පිහියෙන් කැපුවා. ඊට පස්සේ විසි කරා."

"එහෙනන් අපිට ඔරලෝසුව මාරු කරන්න බෑ. අපේ වෙළදසැලේ නීතියේ හැටියට භාණ්ඩ මාරු කරන්නේ ඒ භාණ්ඩයේ ඇසුරුමත් තියෙනකොට විතරයි."

"ඒක නිකන් ප්ලාස්ටික් ඇසුරුමක් විතරයි. ඇයි මම ඒක තියාගෙන ඉන්නේ?"

"හදිස්සියක් වුනොත් ඔරලෝසුව මාරු කරගන්න."

"මම කොහොමද දන්නේ සති කිහිපයකට පස්සේ ඔරලෝසුව කැඩෙනවා කියලා. ඒ කියන්නේ ඔයාට මට මොන විදිහකින්වත් උදව්වක් කරන්න බැරිද?"

"මේ ඔරලෝසුව මේ කඩෙන් මිලදී ගත්තා කියන්න තියෙන සාක්ෂියක් ඔයා ගාව තියෙනවද?"

"මමයි සාක්ෂිය! මම දැන් කියනවා, මම මේ ඔරලෝසුව මේ කඩෙනුයි අරගත්තේ. සමහරවිට ඔයාම මට මේ ඔරලෝසුව දෙන්නත් ඇති."

"ඔයා මුදල් ගෙව්වේ කාඩ් පතෙන්ද නැත්තම් මුදල් වලින්ද?"

"මුදල් වලින්."

"ඔයා කාඩ් එකෙන් මුදල් ගෙව්වනම් බැංකුවේ මේ ගණුදෙනුව ගැන සදහන් වෙනවා."

"ඔව් ඒත් මම ගෙව්වේ මුදල් වලින්."

"මේ වර්ගයෙන්ම ඔරලෝසු මේ අවට කඩවල් වලත් විකුණනවා. ඔයාට මේක ඒ ඕනම තැනකින් අරගන්න පුලුවන්."

"ඔව් එහෙම අරගන්න පුලුවන් කම තිබ්බා. ඒත් මම එහෙම ගත්තෙ නෑ. මම ඔරලෝසුව ගත්තේ මෙතනින්. අරගෙන වැඩි කල් යන්න කලින් ඔරලෝසුව ඇඩුනා. දැන් ඔයා මට ඔරලෝසුවක් දෙන්න බැදිලා ඉන්නවා."

"මේක මිලදී ගත්තේ කවදද?"

"සති කිහිපයකට උඩදී."

"අපේ භාණ්ඩ හුවමාරු කිරීමේ නීතියේ හැටියට භාණ්ඩය මිලදී අරගෙන දවස් විසි එකක් ඇතුලත හුවමාරු කරගන්න ඕනෙ. මේ වෙනකොට සමහරවිට ඔයාගෙ වොරන්ටිය කල් ඉකුත් වෙලත් ඇති."

"මම ඔරලෝසුව ගිය මාසෙ අරගත්තේ. මට හරියටම දිනයක් මතක නෑ."

"අපි මේ වර්ගයේ ඔරලෝසු විකුණන්න අරගෙන දැන් අවුරුදු දෙකක් වෙනවා."

"ඔයා හිතන්නේ මම බොරු කියනවා කියලද?"
"නෑ මම එහෙම කියන්නෙ නෑ. ඔයා ඔරලෝසුව අරන් තියෙනවා ඇත්තේ දවස් විසි එකකට කලින්. ඉතින් මේකෙ බිලයි ඇසුරුමයි තිබුනත් මට ඔරලෝසුව මාරු කරන්න විදිහක් නැහැ."

"ඒ කියන්නේ මොනවත් කරන්න බැරිද?"

"සමාවෙන්න මහත්තයා ඒක තමයි නීතිය."

"ඒ කියන්නේ ජීවිත කාලයටම මං ගාව වැඩ කරන්නෙ නැති ඔරලෝසුවක් තියෙනවා?"

"ඔයාට පුලුවන් ඔරලෝසුවේ නිශ්පාදකාට මේ ප්‍රශ්නය ගැන කියලා යවන්න."

"මේක හදලා තියෙන්නේ චීනයේ. එහාට මේ ප්‍රශ්නය ගැන කියලා යවන්න ඔරලෝසුවට වැඩිය මුදලක් වියදම් වෙයි."

"එහෙනන් මම යෝජනා කරනවා ඔරලෝසුව කැඩුන භාණ්ඩ හදන තැනකට භාර දෙන්න කියලා."

"එයාලත් ඒවට ලොකු අයකිරීමක් කරනවා."

"ඔව්."

"මට මේකෙ කළමනාකාරු එක්ක කතා කරන්න පුලුවන්ද?"

"එයා මේ වෙලාවෙ නම් නැහැ."

"එහෙනන් එයා වෙනුවට මේවා බලාගන්න කෙනාත් එක්ක කතා කරන්න පුලුවන්ද?"

"ඔයා දැන් එයත් එක්ක තමා කතා කරන්නේ."

"කළමනාකරු හෙට ඉන්නවද?"

"නෑ"

"එහෙනන් ලබන සඳුදා ඉන්නවද?"

"ඔව්."

"එහෙනන් මම ලබන සදුදා ඇවිල්ලා කලමනාකරු මුණගැහෙන්නම්."

"බොහොම හොදයි. සර්ට මගෙන් වෙන මොනවාහරි කෙරෙන්න තියෙනවද?"

"මම හිතන්නෑ මුකුත් තියෙයි කියලා."

"අපේ වෙළඳසැලේ කාඩ්පතක් අරගත්තොතින් භාණ්ඩ මිලදී ගන්න හැම වාරෙකදීම සියයට පහක වට්ටමක් ලැබෙනවා. අද ඒ කාඩ්පත නොමිලේ අපි ලබාදෙන්නේ."

"නෑ. මට අවශ්‍ය නෑ."

"අද කාඩ්පත ගන්න හැමෝටම නොමිලේ තෑග්ගක් ලැබෙනවා."

"තෑග්ග මොකක්ද?"

"එලාම් ඔරලෝසුවක්."



14 comments:

  1. ඉන්‍ද්‍රජාල යථාර්ථවාදී රීතියෙන් කතාවක් ලියන්න උත්සාහ කරන්න.

    ReplyDelete
  2. මෙවැනි සිද්ධියක් ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ දියුණු සංවර්ධිත රටක සිදුවිය හැකි නමුත් තුන්වැනි ලෝකයේ කාලකණ්ණි හිඟන රටක් වන ලංකාව වැනි රටක සිටින අපතයින්ට හීනයක්ම පමණි. සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. අවාසනාවට මා සිංහලයකු ලෙස උපන් බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ය. ඔස්ට්‍රේලියාවට ඒමට පෙර මා වරක් ලංකාවේදී අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. තුන්වන ලෝකයේ අතිශය දිළිඳු හිඟන රටක් වූ ලංකාවේ දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි.

    පළමුවැන්න, නම් ලාංකිකයින්ගේ දැඩි අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට ඉතා ඉහල මට්ටමට සංවර්ධිත නමුත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී මිනිසුන් ඇතැයි ලංකාවේ ළිං මැඩියන් ගරහන ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතරම ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. ඒ සැම විටකදී ම, වයසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා වහා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා විශිෂ්ට 2500 ලබ්බේ සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ගොබ්බ ලාංකික අපතයින්ට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත.

    දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඕයි, ඇයි මොක ද?” යනුවෙන් ය. අපගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය ‍තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානවදයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි.

    කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈඟේ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.

    ඉතින් මෙවැනි තුන්වැනි ලෝකයේ කාලකණ්ණි හිඟන රටක් අතහැර ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් මා හට දැන් දෙව්ලොව ආවාක් මෙන් දැනෙයි. ඔබත් ඔස්ට්‍රේලියාව බැරිම නම් අඩුගානේ එංගලන්තය වගේ රටකටවත් සංක්‍රමණය වන්නට කටයුතු කරන්න.

    ReplyDelete
  3. කදිමයි - සමනල්ලු යන තේමාවෙන් ලියා තිබූ සටහන තවත් කදිමයි..!

    ReplyDelete
  4. මදෑ කොළා. දැං ඉතිං අර මනුස්සයට වැඩ කරන්නැති ඔරලෝසු දෙකක්ම ළඟ තියාගන්න වෙනව. හැක්..

    ReplyDelete
  5. ++++++++++++++++++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
  6. අපුරුවට කතාව නිර්මාණය කරලා මල්ලි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...