Monday, April 25, 2016

කාඩ් කුට්ටමේ ඉතිහාසය - 3 කොටස


පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්

කාඩ් කුට්ටම යුරෝපාකරයට සංක්‍රමණය වන්නට ඇත්තේ මීට වසර 650කට පෙරාතුව බව පිලිගැනේ. ඇතැම් ඉතිහාසඥයින් කියන්නේ 12 වන සියවසේදී ඇතිවූ කුරුස යුද්දයෙන් පෙරදිගට පැමිණි යුරෝපීය ජාතිකයින් යුද්දය නිමවා නිවෙස් බලා යද්දි කාඩ් කුට්ටමක්ද රැගෙන ගිය බවයි. ප්‍රංශය , යුරෝපය, ජර්මනිය වැනි රටවල අදත් සංක්‍රමණික දිවි පෙවෙත් ගත කරන ජිප්සි (Gypcy) නම් ගෝත්‍රික ජන සමූහයා පෙරදිග රටවල සංචාරිකව දිවි ගෙවා ආපසු යන අතරතුර මෙය රැගෙන යන්නට ඇතැයි විශ්වාසයකි. අදටත් මෙම ජිප්සි ගෝත්‍රිකයින් කාඩ් කුට්ටම් උපයෝගී කර ගනිමින් නිමිති කියයි.

  14 වන සියවස වන විට මුලු යුරෝපය පුරාම කාඩ් කුට්ටම ව්‍යාප්තව ගිය බව එකල ලියැවුනු පොත පතෙහිද සදහන්. කාඩ් කුට්ටම එකල භාවිතා කලේ ඉතා ධනවත් පුද්ගලයෝය. මන්ද කාඩ් කුට්ටමක් සෑදීමට ඉතා වියදමක් දරන්න වූයෙන් කාඩ් කුට්ටම මිල අධික වූ නිසාය. පසු කලෙක දැවමය අච්චුවක් මගින් රෑ සටහන් මුද්‍රණය කර ඒවා පින්සල් මගින් වර්ණ ගන්වන ලද බවට සාක්ෂි තිබේ.

  මුල් කාලයේදී මෙම කාඩ්පත් සමචතුරස්‍රාකාර මෙන්ම රවුම් කාඩ්පත්ද තිබීය. රවුම් කාඩ්පත් 18 වන සියවසේදී ඉන්දියාවෙන් දොරට වඩින ලදි.  මෙම රවුම් කාඩ්පත්වල ඇද ඇත්තේ විශ්නු දශ අවතාරයන්ය.

  පැරණි යුරෝපීය කාඩ් කුට්ටමක් තරමක් විශාල විය. ඒවා දිගින් අඟල් 6ක්ද පලලින් අඟල් 4ක් ද වූයෙන් ක්‍රීඩා කිරීමේදී කාඩ් පත් ඇඟිලි අතර තබා ගැනීමට අපහසු වීමෙන් අද පවතින ආකාරයට කාඩ් පත් බිහි විය. දිගින් අඟල් තුනහමාරක් හා පලල අඟල් දෙකහමාරක් වනසේ සම්මතයට අනුව කාඩ් කුට්ටම් නිර්මාණය විය. මීට පරිබාහිරව සිහිවටන කාඩ්පත් ( කුඩා) නිර්මාණය විය. ආරම්භයේදී විවිධ කඩදාසි වර්ගවලින් සැකසුණු කාඩ් කුට්ටම් ප්ලාස්ටික් මිශ්‍රව සෑදීම ආරම්භ වූයේ 1934 සිටය.

 කාඩ් කුට්ටම් නිර්මාණයේදී ඇමරිකාව ප්‍රථම ස්තානයත්, එංගලන්තය දෙවන ස්තානයත් ලබා ගනී. එම රටවල්වල නිශ්පාදකයින්ගෙන් වැඩි බද්දක් අය කර ගැනීම සිදුකරන අතර ප්‍රංශයේ කාඩ්පත් නිර්මාණය සිදු කරන්නේ හුදෙක්ම ප්‍රංශ රජයේ තනි අයිතිය යටතේය. නිශ්පාදනයේදී සම්පූර්ණ ආදායම ප්‍රංශ රජයට හිමිවේ.



-මිතිල ප්‍රනාන්දු

No comments:

Post a Comment

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...