#අපේ_කෙම්_පහන් 1 කොටස
#බිම්හීයට_පෙර_වල්_මර්දනය
මඩ ගොවිතැනට කෙත සකස් කිරීම සදහා පලමුව බිම්හී හෑව යුතුය. ඒ සදහා අපේ මුතුන්මිත්තන් බහුල ලෙස භාවිතා කලේ මීගොන් බැදගෙන හී හෑමයි. නැතිනම් උදැල්ලෙන් කෙටීමයි. මේ සාමාන්‍ය පිලිවෙතට වෙනස් ආකාරයකට බිම් හීයක් සකසා ගන්නා අවස්ථා ඇත. ඒ කෙත්යායේ ඝන සැරේට වල්බූටෑව වැවී තිබෙන විටය. එනම් කෙත්බිමේ අසාමාන්‍ය ලෙස ඇටෝරා, වල්තෝර, හීන්පලා, තුනැස්ස, බිම්තඹරු, ගිරාපලා සහ කීකිරිඳිය වැනි වල්පැළ යහමින් වැඩී තිබේ නම්, එවිට එම පැළවල ඇට මඩහීයත් සමඟ මුහුවීම නිසා දලුගොයම් අවදියේ දී මේවා පළවීමට බලනු ලැබේ. මේ වල්පැළවලට අමතරව තව රාශියක් වල්පැල වර්ග හෝ මුල් නිසි ලෙස කුණු නොවී තිබීම හේතුවෙනි. අපේ මිතුන් මිත්තෝ ඊට අනුරූප පිලියම් යෙදූහ. එනම් කෙත් යායේ පහසුවෙන් මර්දනය කල නොහැකි වල් පැල කර ඔසවා තිබෙන විට මහගමරාල උන්දෑ මෙන්ම විදානේ උන්දෑ ද බිම් හීයට සූදානම් කරනු ලබයි.
එය " වල්මැඩුම්හීය" නැතිනම් "කුරහීය" ලෙසින් හැදින්වේ. මෙය නිතර සිදු නොවන අතර කෙත් යායේ අසාමාන්‍ය ලෙස වල් පැල වැවී තිබෙන ලියදිවල පමණක් සිදු කරනු ලබන හීයකි. ඊට සුබ දිනයක්ද තීරණය කර ගන්නේ සිරිත් සම්මත පිලිවෙත් අනුවයි.
පසුව යායේ ගොවීන් ලඟ සිටින නාම්බන්, මීගොන් කැරලි ඈදා ගනියි. මේ සදහා ගැබ්බර දෙනුන් හා වයස්ගත උන් ඈදාගැනීම තහංචිය. තවද නඟුල් හෝ විය ගස් බැදීමද තහංචි වේ. එක කැරැල්ලට මීගොන් හතර පස් දෙනෙකු ඈදා ගැනීම සිරිත විය. එම සතුන් වයිතාලෙන් ලියදිවලට දක්කා වල් පැල සහිත ලියදි පුරා දක්නට ලැබේ. එහෙත් ඊට පෙර යහමින් දිය බැද ගනියි. එලෙස දිය බදින ලද ලියද්ද මඩකර ගන්නා අතර ඉතා හොදින් වල්පැල සියල්ල ගොන්කූරුවලට බිදී කැබලිවනතුරු මේලෙස මැඩවීම සිදු කරයි. පසුව දින හත අරක් නොකඩවා ලියද්දේ වතුර බැද මේ වල්පැල කුණුවීමට හරියි. හොදින් වල්පැල කුණුවූ විට බිම් නැගුම් හීය හා කෙත් වපුරාගනු ලැබේ.
මෙහිදී සිදුවන්නේ වල්පැල සහමුලින්ම කැඩී බිදීයාම හා ගොන්කූරුවලට පෑගීම නිසා ඒවා ඉදිරීම හෝ පසට යටවීමය. තවද වතුර යහමින් බදින හෙයින් කුණු වේ. එවිට සහමුලින්ම වල් මර්දනය වේ. අනෙක් අතට බිම්හීය - දෙහීය හා පෝරු ගෑම වශයෙන් තවත් කටයුතු රැසක් ඉදිරියට සිදුවන නිසා කෙතේ වැවෙන වල් පැළ සියල්ල වැපිරීමටකලින් පහසුවෙන්ම මර්දනය කර ගැනෙයි. එසේම මේ වල්ගොල්ලවල් කුණු කරගැනීමෙන් සරු පොහොර පසුබිමක්ද කෙතට එකතුකරගැනීමට හැකි වී ඇත.
මේ පිලිබදව යම් කෙනෙක් සතුව පින්තූර ඇත්නම් එය පහතින් කමෙන්ට් කරන්වානම් මම ඉතාමත් කෘතඥ වෙමි.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර ...
No comments:
Post a Comment