වසර දහස් ගණනක් ඈතට දිව යන අතීතයක් හතු හෙවත් බිම්මල්වලට හිමි වී තිබේ. බෞද්ධ ඉතිහාසයේ භූමි පප්ඵටක ලෙස හතු හඳුන්වා දී තිබේ. මානවයාගේ පරිනාමය සිදු වූ අයුරු .සාකච්ඡා කරන අග්ගඤ්ඤ සූත්‍රයේ දී ආබස්වර බඹ ලොවින් චුතව ආ ජීවීන්ගේ පරිනාමයට හතු අනුභව කිරීම හේතු වූ බව විස්තර කර දේ. එමෙන්ම අතීතයේ දී රජුන්ගේ හා සේනාධිපතිවරුන්ගේ ශක්තිය වඩන ආහාරයක් ලෙස පිළිගැනුණු බිම්මල් අප රටේ ජනතාව අතරත් ජනප්‍රිය ආහාරයකි.
රෝම රාජ්‍යයේ විසූ නිරෝගී නෑයෙකු ලෙස සැලකෙන පළමුවන ක්ලෝඩියස් රජුගේ බිසව හතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වූ බවට සාධක ලැබී තිබේ. හොරෙන් හතු කෑ පිරිස්වලට විවිධ දඬුවම් ලබා දුන් බව ජනප්රවාදයේ සඳහන් වේ. කෙසේ නමුත් හොඳ හතු හා නරක හතු එනම් විෂ සහිත පිළිබඳ නියම අවබෝධයක් නැතිකම නිසා අතීතයේ හතු කෑ බොහො අය මිය ගොස් ඇති බව පැහැදිලි වේ. මේ හේතුව නිසාම ක්ලෝඩියස් රජුගේ කාලයේ දී හතු හඳුන්වා දී ඇත්තේ විනාශකාරී දේවදූතයා යන නමිනි. 16 වන ශත වර්ෂයේ අග භාගයේ දී හා 17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී විදේශිකයන් විසින් ආරම්භ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙසින් මේ වන විට අපේ රටේ බිම්මල් වර්ග 1120 ක් පමණ හඳුනා ගැනීමට හැකි වී තිබේ. ලෝකයේ බිම් මල් වගාව මෙන්ම ඒවා ආහාරයක් ලෙස ජනප්‍රිය වී ඇත්තේ මීට වසර 200 කට පමණ පෙර දී වුවත් අපේ රටේ බිම්මල් පිළිබඳ වැඩි උනන්දුවක් ඇති වූයේ මීට දශක 1, 1/2 - 2 කට පෙරය. පසුගිය පස් වසර තුළ බිම්මල් වගාව ශීඝ්‍රයෙන් දියුණු විය.
No comments:
Post a Comment