දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව සාක්ෂි බු.ව 5500 යේ සිට 7000 දක්වා ඈත ඉතිහාසය තුළද දක්නට ඇත. දන්ත උපකරණ මගින් සිදු කරන ලද සිදුරු කිරීම් හා සමාන සිදුරු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි මිනිසුන්ගේ දත්වල අන්තර්ගතව තිබුණි. බු.ව 5000 දී රචිත ලේඛණයක් මගින් දත් නරක්වීම සදහා හේතු සාධකවන පණුවකු පිළිබදව විග්රහ කර ඇත. මෙම විශ්වාසය සදහා තවදුරටත් සාක්ෂි ඉන්දියාව, ඊජිප්තුව, ජපානය හා චීනයෙහි සොයා ගෙන ඇත.
බු.ව. 17 වන ශතවර්ෂයේදී එඩ්වින් ස්මිත් පැපිරස් විසින් විවිධ දන්ත රෝග සදහා ප්‍රතිකාර ක්රමයන් සදහන් කර ඇත. නමුත් බු.ව. 3000 පමණ ඉහත කාලවලදී වුවද ඒ පිළිබදව සදහන්ව තිබිණි. බු.ව 18 වන ශත වර්ෂයේදී හමුරාබි සංග්රහයෙහි සදහන් වන අන්දමට දත් ඉගිලීම දඩුවම් ක්‍රමයක් ලෙසට සැලකිණි. අතීත ඊජිප්තු ජාතිකයින් සහ රෝම ජාතිකයින්ගේ සිරුරුවල කොටස් අධ්‍යයනය කිරීමෙන් එකල දන්ත ශල්‍ය විද්‍යාව සහ දන්ත උපකරණ භාවිතය පිළිබදව දරණ ලද උත්සාහයන් පැහැදිලි වේ.
අතීතයේදී නොයෙකුත් ආකාරයේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරනු වස් දත් ඉගිල්ලීම යොදා ගන්නා ලදී. මධ්‍යයතන යුගයේදී සහ 19 වන ශත වර්ෂය පුරාවටම දන්ත වෛද්‍ය විද්‍යාව වෘත්තියක් ලෙසට නොපැවතුණු අතර දත් ඉගිල්ලීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලද්දේ කරණවෑමියන් හෝ සාමාන්‍ය වෛද්‍යවරුන් විසිනි. කරණවෑමිවරුන් විසින් සාමාන්‍යයෙන් දත් ඉගිල්ලීම පමණක් සිදු කළ අතර එමගින් දත්වල වේදනාව සහ දිගුකාලීනව පවතින දන්ත ආසාදනවලට ප්‍රතිකාරයක් ලැබුණි. දත් ඉගිල්ලීම සදහා භාවිතා කරන ලද උපකරණවල භාවිතය ශත වර්ෂ ගණනාවක් තරම් ඈත අතීතයට දිවෙයි. 14 වන ශතවර්ෂයේදී ගයිඩි චෝලියැක් විසින් කරවැල්කොකෙකු හෙවත් පෙලිකන් පක්ෂියෙකුගේ හොටට සමාන හැඩයක් ඇති දන්ත උපකරණයක් නිෂ්පාදනය කළ අතර එය 18 වන ශත වර්ෂයෙහි අගභාගය වන තෙක්ම භාවිතා කරන ලදී. මෙසේ පසුකාලීනව දන්ත සූචී භාවිතා කළ අතර ඉන්පසු 20 වන ශතවර්ෂයේදී නූතන යේදී භාවිතා වන අඩු පරිහරණයට ගැනුණි.
දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව රචිත මුල්ම ග්‍රන්ථය වූයේ 1530 දී රචනාකරන ලද Artzney Buchlein නම් කෘතිය වන අතර ඉංග්‍රීසි බසින් මුල් වරට දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදව ග්‍රන්ථය වන්නේ 1685 දී චාල්ස් ඇලන් විසින් රචිත Operator For the Teeth නම් කෘතියයි. 17 වන ශතවර්ෂයේ දී ප්‍රංශ වෛද්‍යවරයෙකු වන පියරේ ෆෝචාඩ් නූතනයේදී අප දන්නා දන්ත වෛද්‍ය විද්‍යාව ආරම්භ කළ අතර ඔහු නූතන දන්ත වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස හැදින්වේ. ඔහු විසින් නොයෙකුත් ෙසායා ගැනීම් සිදු කරන ලද අතර කෘත්‍රීම දන්ත උපකරණ භාවිතය, දන්ත ව්‍යසනයන් සදහා පිරවුම් කාරක ද්‍රව්‍යය සොයා ගැනීම හා ටාටරික් අම්ලය වැනි සීනිවල ව්‍යුත්පන්නයන් මගින් දන්ත විකාදනය සිදු වන බවත් ඔහු සොයා ගන්නා ලදී.
ප්‍රථම දන්ත වෛද්‍ය විද්‍යාලය 1840 දී මේරිලන්තයෙහි බෝල්ටිමොර්හි ආරම්භ කරන ලද දන්ත ශල්‍ය විද්‍යාව සදහා වූ බෝල්ටිමෝර් විද්‍යාලයයි. විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ කරන ලද ප්‍රථම දන්ත වෛද්‍ය විද්‍යාලය වනුයේ 1867 දී ආරම්භ කළ හාවඩ් දන්ත විද්‍යාලයයි. එංගලන්තයේ 1878 දී ඇති කළ බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය පනත හා 1879 දී ඇති කළ දන්ත වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි ලේඛනය අනුව සීමිත ප්‍රමාණයක් වූ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් පිරිසකට දන්ත වෛද්‍ය හෝ දන්ත ශල්‍ය ෛවද්‍ය යන පත්වීම් ලබාදෙන ලදී. එක්සත් රාජධානිය තුළ දන්ත වෛද්‍ය විද්‍යාව පුහුණු කිරීම 1921 දී ආරම්භ කරන ලද එම ක්ෂේත්රයෙහි නියලීම සදහා ලියාපදිංචිවීම සදහා අවශ්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ පනත ආරම්භ වීමත් සමගම සම්පූර්ණ වශයෙන් පාලනයක් ඇතිව ක්‍රියාවට නැංවුණි. 1818 දී සර් ජෝන් ටොම්ස්ගේ සභාපතිත්වයෙන් යුක්තව ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමය මගින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් දන්ත වෛද්‍ය ක්‍රම සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කැපීපෙනෙන මෙහෙයක් ඉටු කරන ලදී.
No comments:
Post a Comment