ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේ පලමු අධ්යක්ෂණ කටයුත්ත වූයේ සොලිලොකියු නම් කෙටි චිත්‍රපටයයි. ඒ 1949 වසරේදී යි. ලෙස්ටර් පවසන්නේ තමන්ගේ මෙම පලමු නිර්මාණය පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසයි. තම සොහොයුරු අයිවන්ගේ තනියට එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගැනීමට මූලික වූයේ මෙම චිත්‍රපටයයි.
ආදර කතාවක් මත දිවෙන මෙම කෙටි චිත්‍රපටය සදහා තම මාසික වැටුප වියදම් කලේ සිනමාව කෙරෙහි තමන්ට ඇති දැඩි ඇල්ම නිසාවෙනි. ලෙස්ටර් විසින් තැනූ මෙම චිත්‍රපටය එකල බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. එසේ ඇගයීමක් ලද චිත්‍රපටය මෙතෙක් විධිමත් ලෙස ලංකාවේ ප්‍රදර්ශනය වී නැත. එයට හේතු වන්නේ ඔහු චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට පැමිණෙන විට රේගුව විසින් ඒවා රාජ සන්තක කර ගැනීමයි. සම්මානයේ වටිනාකමට සරිලන මුදලක් තැන්පත් කල පසු ලෙස්ටර් එම සම්මානය නැවත ලබාගත් බව පැවසේ. තම පලමු නිර්මාණයෙන්ම සම්මාන ලද මෙම සිනමාවේදියාව ලංකාවෙන් පිලිගත්තේ එලෙසයි.
එංගලන්තයේ 1950 පැවති Amateur Cine Word ආයතනය විසින් පවත්වනු ලැබූ මෙම සම්මාන උළෙලේ ජූරියේ සිනමා දැවැන්තයෙකු වූ රැල්ෆ් කීන් ද සිටියේය. මුලදී ලංකාවට ඒමට අකමැති වූ ලෙස්ටර්ව ලංකාවට ඒමට කැමති කරගන්නේ රැල්ෆ් කීන් ය. ඒ එවකට අගමැති ඩී.එස්. සේනානායක විසින් රැල්ෆ් කීන් ව රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා බවට පත්කර ගැනීමෙන් අනතුරුවයි. මෙහිදී අප අමතක නොකල යුතු කාරණයක් වන්නේ 1947 දී සෑදුනු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තැනීමට ප්‍රථමයෙන් ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් තැනීමට මෙරටට සපැමිණි විශිෂ්ටයන් දෙදෙනෙකු වූ ජූලියෝ පෙට්‍රෝනි සහ ෆ්රෙඩ්රිකෝ සෙරා කොමියුනිස්ට් කාරයන් යැයි සැක කර ඩී.එස්. මොවුන්ව රටින් නෙරපා රැල්ෆ් කීන්ව ගෙන්වා ගත් බවයි.
රැල්ෆ් කීන් ලෙස්ටර්ගේ හැකියා හදුනාගන්නේ සොලිලොකියු චිත්‍රපටය හරහාය. රැල්ෆ් කීන් ලංකාවට පැමිණි පසු ලෙස්ටර්ට තමන් සමග චිත්‍රපට සෑදීමට ආරාධනා කලද ලෙස්ටර් එය සුහදව ප්‍රතික්ෂේප කලේ එංගලන්තයේ ඔහුට තිබූ නිදහස නිසාවෙනි. එහෙත් රැල්ෆ් කීන්ගේ දැඩි ඉල්ලීමට ලෙස්ටර් ලංකාවට පැමිණේ.
සොලිලොකියු චිත්‍රපටය නොතිබුනා නම් විටෙක ලෙස්ටර් ලංකාවට නොපැමිණීමට ද ඉඩකඩ තිබුණි. එලබෙන අප්‍රේල් 28 වන දිනට සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික සිනමා විචාරකයෙකු වන රොජර් මැන්වෙල් අතින් සොලිලොකියු චිත්‍රපටයට වසරේ ඉහලම ශිල්පීය ප්‍රවීණතාවය පල කරන චිත්‍රපටයට හිමි සම්මානය ලබා වසර 68ක් සපිරේ.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...
-
අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට...
ඔහු වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් අපසතුවීම අප ලද භාග්‍යයක්
ReplyDeleteවිචාරක දියණිය