Sunday, April 8, 2018

ෂෙල්ටන් නම් මහා ගාන්ධර්වයා

 කලක් ලංකාවේ දක්ෂතම ශාස්ත්‍රීය ගායකයා හා වාදකයා බවට පත්ව සිටියේ සාදිරිස් මාස්ටර් ය. ඔහු කෙතරම් දක්ෂ සංගීතඥයෙකු වුවත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පුත්‍රයාව වෛද්‍යවරයෙක් කරවන්නටයි. එහෙත් දෙවන ලෝක යුද්ධය නිසාවෙන් වෛද්‍ය අධ්‍යාපනයට බාදා වූ අතර සාදිරිස් මාස්ටර් තම පුත්‍රයාට සංගීතය ඉගැන්වීමට පටන් ගත්තේ ය. ඒ අනුව සංගීතයෙන් ඉදිරියට ගිය පුත්‍රයා ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම සංගීතඥයන් අතරට ගිය අතර හේ නමින් ෂෙල්ටන් ප්‍රේමරත්න විය.

'දස්කොන්' චිත්‍රපටය තුලින් ඔහු තම හැකියාව මනාව පෙන්නුම් කලේය. සිසිර සේනාරත්න සමහ රුක්මණී ගායනා කල 'සොම්නස පෙම්රස එකතු වුණා' ගීතය හා ෂෙල්ටන් සිසිර සේනාරත්න සමග ගායනා කල 'ධර්ම රජයෙනි සැප' ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත් ගීත දෙකකි. මෙහි 'ධර්ම රජයෙනි සැප' ගීතය සිංහල චිත්‍රපටයක ආ පලමු ශාස්ත්‍රීය ගීතයයි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි. 'හුනුවටයේ කතාව', 'කෝන්තරේ', 'මන්ත්‍රී හාමුදුරුවෝ', 'හොටබරි යුද්දේ', 'තහංචි' හා 'කුවේණි' ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයකි.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ "My dreams are roses for my love" ගීතයයි. මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. මෙම ගීතයේ තවත් විශේෂත්වයක් තිබේ. එනම් මෙම ගීතය ගායනා කල සුනිල් ශාන්තයන් වෙනස් කෙනෙකු සංගීතවත් කල ගීයක් ගායනා කල ප්‍රථම හා එකම අවස්ථාව වන්නේද මෙයයි. මෙම ගීතය ගායනා කිරීමට සුනිල් ශාන්ත ප්‍රථික්ෂේප කලහොත් ඒ සදහා අයිවර් ඩෙනිස් යොදා ගැනීමට ෂෙල්ටන් සිතා සිටියේය.

ඔහු තම නිර්මාණ සදහා නොයෙකුත් වාද්‍ය භාණ්ඩ යොදා ගත්තේය. හුණුවටයේ කතාව හැදින්වීමේ සංගීතය සදහා ඉපැරණි බෑග් පයිප් සංගීත භාණ්ඩය යොදා ගත් අතර එම නාට්‍ය සදහා ජපන් සංගීත භාණ්ඩයක් වන ඕ ඩයි කෝ සංගීත භාණ්ඩය යොදා ගත්තේය. එමෙන්ම මුල්ම වරට ෆ්‍රෙන්ච් හෝන්, චෙලෝ සහ ඕබෝ සංගීත භාණ්ඩ තම නිර්මාණ වලට යොදා ගත්තේය.

මාලිනී බුලත්සිංහල ගායනා කල "සඳ මඩලේ සිට" , සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කල "සුපුන් සදක් නැගීලා" , හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කල "හංසරානී" , රංජනී පෙරේරා ගායනා කල "සීතල පාළුව" හා සුජාතා ගායනා කල "රන්තරු පුන්සද" ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සකි.

කලකට පෙර ඉහතදී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදන මඩුල්ල මෙහෙයවා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි. හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මගින් ලංකාවේදී මෙහෙයවූ ප්‍රථමයා මොහුයි.

ෂෙල්ටන් හොටබරි යුද්ධය හි සතුන් රැසකගේ හඬ සංගීතයෙන් මතු කලේය. විදේශීය තනු වලට සිංහල වචන ඔබ්බවා ඒවායේ සංගීත අධ්‍යක්ෂක තමා යැයි කියා ගන්නා මිනිසුන් සිටි අවධියේ ෂෙල්ටන් සෑම විටම උත්සහ කලේ ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කිරීමටයි.

ෂෙල්ටන් හට කලාශූරී සම්මාන ඇතුලු විවිධාකාර වූ සම්මාන රැසක් හිමි විය. එමෙන්ම සෞන්දර් කලා විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක්ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හට ප්‍රධානය කලේය.

එක්තරා අවස්ථාවක "ඔබට වාද්‍ය භාණ්ඩ කීයක් විතර වාදනය කල හැකි ද?" යැයි විමසූ අවස්ථාවක ෂෙල්ටන් ප්‍රේමරත්නයන් "අතට අහුවෙන ඕනම දෙයක්" යැයි පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි.

කෙතරම් සංගීතඥයන් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගෙන් ගුරුහරුකම් ලැබුවද ඉන් බොහෝ දෙනා ඔහුව මතක් නොකිරීම කණගාටුවට කාරණයකි. වරක් මෙම කෙලෙහි ගුණ පිලිබඳව ෂෙල්ටන් කියා සිටියේ "කෙලෙහිගුණ තියෙන්නේ බල්ලගේ වලිගෙයි පඩික්කමේ අඩියෙයි විතරයි" යනුයි.

වර්තමානය වන විට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර එහි සංගීත අධ්‍යාපනය ලබා දෙමින් තම සංගීත කටයුතු වල නියැලෙමින් පවතියි.

ෂෙල්ටන් ප්‍රේමරත්න නම් මහා සංගීතවේදියාගේ නිර්මාණ ගායනා කල ගායක ගායිකාවන් අති විශාලයි. එකී මෙකී සුවිශේෂී දස්කම් මගින් මොහු පෙළහර පෑ නමුත් සාපේක්ෂව වගකිව යුත්තන්ගේ අඩු ම සැලකිල්ලට බඳුන් වූ සංගීතවේදියා මොහුයි.

7 comments:

  1. ෂෙල්ටන් මාස්ටර් ජීවත් වෙන්නේ නිව් සවුත්වේල්ස ප්‍රාන්තයේ පෙන්රිත් නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශයකයි. මගේ නිවසේ සිට වැඩි දුරක් නෑ.

    ReplyDelete
  2. mata mathakayi methuma mahara bandanagaraya awidin .. ek sirakaruweku samaga thablawa wadanaya kara.. anek gayakayo ekata wirudda unath metuma bohoma sinhawen wadanaya kara

    1991 wasare..ho 92 wasare

    ReplyDelete
  3. ඔය සඳ මඩලේ ගීතයේ ඉන්ට්‍රො සංගීත කණ්ඩය මගේ මතකයේ හැටියට "සමුද්‍රදේවි" නාටකයට හදාපු කොටසක් .
    මාලනිය තම ගීතය පටිගත කිරීමට ගිය මොහොතේ ෂෙල්ටන් මාසටර්ගේ අනු දැනුමකින් තොරව ඔය කොටස තම ගීතයට අනුගත කොට පසුව එතුමාට දන්වා ඇත්තේ! මාලණී බුලත්සිංහල පලමු පටිගත කිරීමෙන් පසුව එය දැන්වූ බවකුයි මාහට මතක!
    සමාවෙන්න; මෙහි දොසක් ඇත්නම්! මෙය සදොස් නම් නිදොස් කරණු මැන!
    එතුමා ඉරිදා හවස එල්පින්ස්ටන් රඟහලේ ඉහල මාලයේ සංගීත පංතිය කරද්දී මමත් එහි ශිෂ්යයෙක්!

    අනේ මා උගත් යමක් නෑ.

    හිඳ හිඳ එක වෙහෙර කවියේ වාගේ උගත් යමක් නම් නෑ!

    එය එතුමාගේ ගැටළුවක් නොව මාගේ නොහැකියාවයි!

    ඔහු අති දක්ෂයෙක්! ඉතාමත් ප්‍රේමනීය චරිතයක්!!

    ReplyDelete
  4. කතෝලික ජනතාව අතර පරසිද්ධ කැරොල් ගීයක් වුණ බාලොලි බාලොලියේ තනු නිර්මාණය මෙතුමාගෙ පද රචනය සුනිල් සරත් පෙරේරා මහත්මයාගෙ....බෞද්ධයකු අතින් රචනාවී තනු නිර්මාණය වුණ එකම කැරොල් ගීතිකාව එක මම දන්න තරමින්....

    ReplyDelete
  5. මෙයා 12 string guitar එකක කම්බි 06 ක් ගැලෙවුවා කියහංකෝ කම්බි වැඩියිකියලා ..... ටියුන් කරන්ඩත් හරි අමාරුයි නොවෑ......

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...