කි‍්‍ර.ව 800 – 1066 කාලය තුළ දී උතුරුකරයේ දැන් නෝර්වේ, ස්වීඩන්, සහ ඩෙන්මාර්ක්, යන ප්‍රදේශ වල නොස්වරු ජීවත් වූහ. මෙහි වාසය කළ මිනිසුන් ශක්තිමත්, උස, ලා පැහැකෙස් ඇති, සැඩ සුළඟින් පදම් වූ අය වූහ. රළු මුහුදේ යාත්‍රා කිරීමටත් ප්‍රීති ගී ගයන්නටත් වෙහෙසන කී‍්‍රඩා කිරීමටත් දැඩි සටන්වලට පි‍්‍රය කළ පුද්ගලයන් පිරිසකි. නෝස්වරුන්ගේ රටවල් මුහුදු තීරයෙහි පිහිටිය. ඔවුන්ගේ ගම්මාන රළ හඬ ඇසෙන තෙක් මානයේ දුරින් පිහිටා තිබුණි. ඉන් බොහෝමයක් (පියොඩ්) හෙවත් උස් බිත්ති ඇති මුහුදු තුඩුවලින් ආරක්ෂා වී තිබුණි. මේ ගම් ප්‍රදේශයන් නිසා පියොඩ් හෙවත් වයිකිං වාසීන් යන නම ලැබිණ.
වයිකිංවරු ස්කැනේඩියානු ආක්‍රමණිකයන් ලෙස යුරෝපයටත් උතුරු අත්ලාන්තික් ප්‍රදේශත් මුහුදු මඟින් ආක්‍රමණය කළ බලවත් රණ සූරයන් පිරිසක් හැටියට හැඳීන්විය හැකිය. මුලින්ම වෙළෙන්ඳන් හා ආක්‍රමණිකයන් ලෙස පින්ලන්තය, රුසියාව, බයිසෙන්ටියම්, ප්‍රංශය, එංගලන්තය, අයිස්ලන්තය, ග්රින්ලන්තය, හා නෙදර්ලන්තය යන රටවලට පැමිණි ඔහුවු කලක් යන විට එම රටවල පදිංචි වූහ. වසර 800 ත් ශත වර්ෂ ගණනාවක පෙර සිට ස්කැන්ඩිනේවියාවේ විසූ හිමි බ්‍රෙන්ස්, ගොත්ස්, වැන්ඩල්ස්, බර්ගර්සියන්ස් සහ ඒන්ජල්ස් වැනි ගෝති‍්‍රකයන් එම රටින් පිට යාමට ඒමට පටන් ගෙන තිබුණි. නමුත් වයිකිංවරුන් මීට වෙනස් අය වූහ. ඔවුහු උත්පත්තියෙන් මුහුදු සූරයෝ වූහ. ඔවුන්ට හොඳ ශිෂ්ටාචාරයක් තිබුණි. ඔවුන් ආක්‍රමණය කළ රටවල පැවති ශිෂ්ටාචාරයන්ට වඩා ඉහළ ශිෂ්ටාචාරයක් ඔවුන් සතු විය. ස්කැන්ඩිනේවියාවේ ඕනෑතරම් යකඩ තිබුණි. ඒ නිසාම ඔවුහු අන් අයට වඩා ඉහළ ශිෂ්ටාචාරයකට හිමි කම් කීහ. ඒ මෙසේය. ඔවුන්ට තිබූ යකඩ සම්පත නිසාම ඔවුහු විවිධ ආයුධ තැනූහ. ඒවායෙන් කැලෑ එළි පෙහෙළි කළහ. පොළොව හාරා විවිධ ගොවිතැන් කළහ. මේ නිසාම විශාල ජනගහනයක් ඒකරාශි වූහ. “බි්රකා” “හෙඩබ්” වැනි වෙළෙඳ නගර බිහි විය. දේශීය අධිරාජ්‍යයන් ප්‍රධාන මධ්‍යස්ථාන බවට ඒවා පත් විය.
වෙනත් රටවල මිනිසුන් විසින් අතින් පැද යනු ලබන බොට්ටු මෙන් ;නාව, වයිකිංවරුන් ගේ යාත්‍රා නැතිනම් නැව් බොහෝ ශක්තිමත් ඒවාය. එහි බඳ පතුල සහ රුවල පහසුවෙන් එහා මෙහා කළ හැකි ඒවා විය. ඔවුන්ට හොඳ ආර්ථික සම්පතක් තිබූ බව ද හොඳ සාහිත්‍යයක් හා කාව්‍ය කරණයක් තිබූූ බව ද කියැවේ. වයිකිං වරුන්ගේ නගර සහ වෙළෙඳ මධ්‍යස්ථාන වලින් ඔවුන් සතුව පැවති නීතිමය පද්ධතිය ද එහි ජනයා එක අරමුණක් කරා මෙහෙයවීමේ ශක්තිය ද මැනවින් පැහැදිලි වේ. වයිකිං වරුන්ට ඉතා නිර්භීත ඒ වගේම බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පැවති බව කියති. 8 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා ඔවුන්ගේ ඉතිහාස කතාව විහිදී පැතිරී පවතී. ඔවුන් මුලදී ස්කැන්ඩිනේවියාවේ ජීවත් වුවත් ඔවුන් පසුව රුසියාවේ සිට ඇමරිකාව දක්වා පදිංචි වූ බව ඉතිහාසය කියති. වසර 1030 දී පමණ ඔවුන් ක්‍රිස්තු භක්තිකයන් වූහ. ඔවුන්ට රජවරුන් බොහෝමයකි. ඔවුන්ගේ අන්තිම රජු වාසය කළේ එංගලන්තයේයි. ඔවු “බ්ලබ් ඇක්ස්ය” ඔවුගේ නීතිය ඉතා තදබලය. ඔවුන් එංගලන්තය වසර දහතුනක් තිස්සේ ආක්‍රමණය කළ බව ඉතිහාසය කියයි.
වයිකිංවරුන්ට නියම අධිරාජ්‍යයක් තිබුණේ නැත. ඔවුන් මුහුදු යාත්‍රා කරුවන් පිරිසක් පමණි. ඔවුන් මේ ප්‍රධාන කාරණා නිසා රටවල් සොයා ගිය බව පත පොතෙහි සඳහන් වෙයි.පළමුවන කාරණාව නම් 8 වැනි සියවසේ දී දේපළ අයිතිය පිළිබඳ නීතිය ඒ රටේ වෙනසකට ලක් විය. කලින් තිබුණු නීතිය අනුව යම් ගොවි බිමක හිමි කරුවෙකු මියගිය විට එම දේපළ පුතුන් අතර සම සමව බෙදිය යා යුතුව තිබුණි. නමුත් අලුත් නීතිය අනුව මේ මුළු දේපළ හිමි වූයේ පවුලේ වැඩිමහල් පුතාටයි. මේ නව නීතිය නිසා තම ඉඩකඩම් අහිමි වූ පුතුන් සංඛ්‍යාව අති විශාලය. මේ හේතුව නිසා මෙම පුතුන්ට සිදුවූයේ අලුත් ඉඩකඩම් සොයාගෙන යාමයි. ඔවුන් විවිධ රාජ්‍යයන් කරා යෑමට හේතුව වූයේ ද මෙයයි. දෙවැනි හේතුව වූයේ 8 වැනි සියවසට කලින් ස්කැන්ඩිනේවියා වේ කුඩා රාජ්‍යයන් බොහෝමයක් විය. එම කුඩා රාජ්‍ය සමූහයකින් සෑදුණු එකකි. මේ කුඩා රාජ්‍යවල රජවරු එකිනෙක රාජ්‍ය ආක්‍රමණය කරන්නට වූහ. මේ නිසා සිදු වූයේ රජවරුන් නැති කුඩා රාජ්‍ය බොහෝමයක් බිහිවීමයි. මේ කාරණය නිසාත් අලුත් රාජ්‍යයත් සොයා යෑමට මේ කුඩා රාජ්‍යයන් අහිමි වූ පිරිසට සිදු විය.මේ අතර තුර ගොඩබිම් කැලෑවල ජීවත් වූ වයිකිංවරු තැන්පත් ජීවිතයකට පුහුණු වෙමින් සිටියහ. ගිය ගිය තැන එහි සිටි මිනිසුන්ගේ සිරිත් විරිත් ඔවුහු ඉක්මණින් ඉගෙන ගත්හ. තමන් අවට සිටි මිනිසුන්ගේ අලුත් භාෂා ඔවුහු ඉගෙන ගත්හ. වයිකිංවරු කි්රස්තියානි ආගම වැළඳගන්නට පෙර ඔවුන් ඇදහූ දෙවිවරුන් වූයේ සටන්කාමී ඕඩීන්, අකුණු පාලක තෝර්, රූමත් පර්යා කුමන්ත්රණකාරී ලෝකි වැනි වීරවරයින්ය.මොවුන් පැරණි ටියුටන්වරුන්ගේ ද දෙවි වරු වූහ. ආදි කාලයේ කඳවුරු වල ගිනිමැලයක් අවට ඔවුන් ගැන කියැවුණු රසවත් පැරණි කතන්දර බොහෝය. අයිස්ලන්තයට පැමිණි නෝස්වරුගේ දෙවිවරු මීට වඩා දීර්ඝ කාලයක් ජීවත් වූහ. නමුත් යුරෝපයේ පැරණි දෙවිවරුන්ගේ කාලය ද අවසාන වී ගියේය. මුහුදු රජවරු ප්රචණ්ඩව නිදැල්ලේ ගත කළ කාලය අවසන් විය. වයිකිංවරු තැන්පත් ජීවිතයකට පුරුදු වූහ.
No comments:
Post a Comment