Wednesday, June 14, 2017

තල් කොළ අතල ජලයෙන් පිරවූ දඬුහපී


 උඩරට රාජධානිය පාලනය කල රාජාධිරාජසිංහ රජු බහුශ්‍රැත සාහිත්‍යධරයෙකු මෙන්ම අවි හරඹයේද දක්ෂයෙක් විය. දැහැමි පාලකයෙකු වූ මොහු අස්ගිරි මල්වතු මහා විහාරයන්හි වැඩ විසූ යටවත්තේ හා කොබ්බෑකඩුවේ යන නා හිමිවරුන් යටතේ අක්ෂර කලාව උගෙන ඇත.

  මෙකල තම හැකියා වලින් දක්ෂකම් පෑ යටත්වැසියන්ට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණි. බක් මස උදාවත් සමඟ උඩරට රාජධානියේ වාර්ෂික මහා සැණකෙලි දර්ෂණය නැරඹීමට මිනිසුන් සිටියේ මහත් උද්‍යෝගයකිනි. රට වටා සිටින මිනිසුන් මෙහිදී එකට එක්වන අතර  නැටුම් ගැයුම් හා ජනක්‍රීඩා වලට සහභාගි වෙමින් සතුට සමරති. සරඹ සන්දර්ෂන හා නව නිපැයුම් වලට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වැඩියෙන් ලැබුණි.

  රාජාධි රාජසිංහ රජු ඉදිරියේ තම දක්ෂතාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම කෙරෙහි මෙම දක්ෂයන් බොහෝ සතුටට පත්ව සිටින්නට ඇත. මෙම උත්සවයේ අවසාන අංගය වූයේ නව නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා වෙන්වූ අංගයයි. මේ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නව නිර්මාණකරුවන් රැසක් පැමිණ සිටියහ. 

 මේ අතරතුර ඉතාමත් දැකුම්කළු රූපකායක් තිබූ සාමාන්‍ය කාන්තාවකට වඩා උස් මහත් සිරුරකින් හෙබි පිරිපුන් කාන්තාවක් තම හිස මත පෙට්ටියක් තබා ගෙන ඒම කාගේත් අවධානයට ලක්විය. රටේ රජ්ජුරුවන් වූ රාජාධි රාජසිංහ රජු කිසි දිනක රට වැසියන්ගෙන් ත්‍යාග ලබා ගත්තේ නැත. උක්ත කාන්තාව හිස මත තබාගෙන එන්නේ තමන්ට ත්‍යාගයක් යැයි සිතූ නිසා රජු කෝපාවිශ්ඨ විය. මෙය තමන්ට කල අවනම්බුවක් යැයි සිතූ රජු ඇයව රාජ සභාව ඉදිරියට රැගෙන එන ලෙස රාජ පුර්ෂයන්ට අණ කලේය.

  මේ අසලට එක්වී සිටි සියලු දෙනා දැන් සිදුවීමට යන්නේ කුමක්දැයි කියා නොඉවසිල්ලෙන් බලා සිටියේය. රජතුමා අසල දණින් වැටුණු කාන්තාව බියෙන් රජුගෙන් කරුණාව උදක්ම ඉල්ලීය.

  සුදු රෙදි කඩකින් වසා තිබූ භාජනයේ රෙදි කඩ ඉවත් කල පසු එහි දක්නට ලැබුනේ පලාපෙති ලියවැල් අනුසාරයෙන් විචිත්‍රවත් රටා ඇතුලත් අතලයකි. අතල යනු කළයයි. මෙම අතල නිර්මාණය කර තිබුනේ පන් කොළ පමණක් භාවිතා කරමින් ය. හොදින් වසා තිබුනු අතලයේ මුහුණත මත තිබූ පියන විවෘත කර පසු දුටු දෙයින් සැවොම විස්මයට පත් විය. එනම් එහි කට මට්ටම දක්වා ජලයෙන් පිරී තිබුණි.

  මෙය දුටු රජතුමා ඇගේ හැකියාව පිලිබඳ පුදුමයට පත් විය. මෙම අතලේ පිටත ජලය කාන්දුවනවාදැයි සොයා බැලීමට රජතුමා තම ඇමතුවරයෙකුට නියෝග කලේය. අතල පරීක්ෂා කල ඇමතුවරයා පැවසුවේ මැටි කලයක පිටතට වඩා මෙහි පිටත වියළි බවයි.

  ඉන්පසු රජු මෙම කාන්තාවගේ තොරතුරු විමසුවේය. ඇගේ නම හපී වූ අතර ඇය සිටියේ උල්ලදුපිටිය ග්‍රාමයේය. ඓතිහාසික හාරිස්පත්තුවේ උල්ලදුපිටිය ග්‍රාමය රන්, රිදී, ලෝහ හා ලී කැටයම් ආදී කලාවන්ට ඉතා දක්ෂ පරපුරු සිටි ග්‍රාමයක් වීය. උපතින්ම ලද උස දේහය නිසාවෙන් හපී 'දඬුහපී' ලෙස ග්‍රාමයේ ප්‍රකට විය.

  වැටකෙයියා, තුන්හිරියා වැනි ශාකවල කොළ ආධාරයෙන් කරන ලද විශිෂ්ට ගනයේ රටා පැදුරු වට්ටි පෙට්ටි ආදිය එදා රජුට දැක බලා ගැනීමට හැකිවූ බව උඩරට ජන කතාවල කියැවේ.

 මහින්දාගමනයත් සමඟ මෙරටට පැමිණි අටලොස් කුල ශිල්ප වල ප්‍රවීණයන් නිසාවෙන් හා ඊට පෙර පැවති විවිධාකාර වූ කර්මාන්තයන් නිසාවෙන් ලංකාවේ සෞන්දර්යාත්මක කලාව කාලයත් සමඟ ඔපමට්ටම් විය. මෙම කලාව අද දක්වා තිබුනත් ක්‍රමක්‍රමයෙන් කලාවේ නියුතුවන්ගේ දක්ෂකම එකලට සාපේක්ෂව බහින කලාවෙන් යාම ඛේදනීය තත්වයකි.

මූලාශ්‍ර: උඩරට රාජධානියේ සැඟවුනු විරු චරිත - තිස්ස මාලගමුව

මේවටත් උත්තර දුන්නනන්...

1)මැග්සේසේ සම්මානය ලැබුනු ලාංකිකයන් කව්ද?

2)එම සම්මානය ප්‍රථික්ෂේප කල ලාංකිකයා කව්ද?

3)ඒ ඇයි?

22 comments:

  1. ගූගල් කරන්න කැමති නෑ. ඒ හංද දන්නෙ නෑ කියල කියනව. ඒත් උත්තර නං හොයාගන්න වා මයි

    ReplyDelete
    Replies
    1. ප්‍රතික්ෂේප කරපු කෙනා ගැන පොඩි උදව්වක් කරන්නන්... මෙයා තාම ඉන්නවා... රාවණා ගැන පොත් ලියලා තියෙනවා... රාවණා ගැන එක එක ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙයා කරලා තියෙනවා... [එයා භාවනා කරද්දි ඒ වගේ කෙනෙක්ව දැක්කා වගේ ප්‍රකාශ]

      Delete
  2. කදිම ජනකතාවක් මිථිල

    ReplyDelete
  3. ස්තුතියි .....

    ReplyDelete
  4. https://wasithaya.blogspot.com/2016/07/blog-post_52.html?m=1

    ReplyDelete
    Replies
    1. ඇනෝ මමම ලියපු ලිපියක් අමුණලා වගේ... :D හොඳා හොඳා...

      Delete
  5. හොඳ ලිපියක් මිතිල.
    උත්තර හරිද මන්දා
    1. අමරදේවයන්
    2. මිරැන්ඩා ඔබේසේකරයන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පලවෙනි එකට අමරදේවයන් විතරක්ම නෙමේ තව අය හිටියා...දෙවෙනි පිලිතුර හරි...

      Delete
  6. ඉතාම හොද ලිපියක් අමිල මල්ලි (මල්ලියෙක් වෙන්න ඇති කියලා හිතනවා, මට වයස 26... හී හී). මගේ අධ්‍යාපනය කටයුතු සදහා ඉතාම වැදගත් කරුණු රාශියක් මෙම බ්ලොග් අඩවිය ඔස්සේ දැනගැනීමට ලැබුනා. මල්ලියෝ මං කොළඹ විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නේ. ඊමේල් එකක් දාන්නකෝ මල්ලියෝ.

    දිලිනි සුමනසේකර
    dilini.smk@gmail.com

    ReplyDelete
    Replies
    1. අමිල නෙමේ අක්කෙ මම මිතිල... මම මල්ලි කෙනෙක් තමා... වයස 19යි... :D මම මේල් එකක් දාන්නන්...

      Delete
  7. වෙනද වගේමයි... සටහන අපූරුයි... ඒ වගේම වැදගත්...

    ReplyDelete
  8. නියමයි මිතිල , මම මිරැන්ඩෝ ඔබේසේකර ගැන විතරයි දැන්නෙ,, මම එතුම ලියන පොත්පත් හොය හොය කියවනව

    ReplyDelete
    Replies
    1. එයා ලියලා තියෙන පොත් කිහිපයක් මමත් කියවලා තියෙනවා...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...