Saturday, December 2, 2017

සංගීත රසයෙන් ශ්‍රාවක සිත් සුවපත් කල මර්වින් පෙරේරා

සුප්‍රකට නැටුම් හා සංගීත ගුරුවරයෙක් වූ ටී. හර්මන් පෙරේරා තම වැඩිමහල් පුත්‍රයාට සංගීතය ඉගැන්වූයේ නැත. ඒ සදහා ඔහුව වෙනත් ගුරුවරයෙකු වෙත යොමු කළේය. වසර හතලිහකට අධික කාලයක් ලාංකීය හදවත් සංගීතයෙන් පිනවූ මොහු නමින් තුසේපෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා නම් වේ.

පියා පල්ලියේ සංගීත කටයුතු වල යෙදී සිටි බැවින් ඔහු සිය පුතු මර්වින්ව පල්ලියේ ගීතිකා කණ්ඩායමට බැන්දුවේය. හේ වාදනයට හුරුවූ පලමු සංගීත භාණ්ඩය වූයේ වයලීනයයි. ඒ පියාගෙ වයලීනය අත පත ගෑමෙනි.

මූලික අධ්‍යාපනය පාසල් දෙකකින් ලත් මොහු ඉන්පසු රජයේ ලලිත කලා ආයතනයට බැදුනේය. මොහු එයට බැදුනු වසරේදීම එයට වික්ටර් රත්නායක, සරත් දසනායක සහ විජේරත්න රණතුංග යන අයද එක්විය. වින්සන්ට් ප්‍රේමසිරි එයට බැදුනේ වසරකට පෙරයි. මොවුන් ඉතා හොද මිතුරන් වූ අතර මෙකලම වලානේ තිබූ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත පන්තියටත් මොවුන් සහභාගි විය.

පසු කලෙක මෙම මිතුරන්ට අමරසිරි පීරිස්, සෝමපාල රත්නායක, ගුණදාස කපුගේ සහ සේන වීරසේකර යන අයද එක්විය.

මර්වින් පෙරේරාගේ පලමු ගුරු පත්වීම ලැබුනේ අම්පාරේ දුෂ්කර පාසලක් වූ රජ්ගම විද්‍යාලයටයි. අම්පාරට යාමට ප්‍රථම තිලකසිරි ප්‍රනාන්දු ලබාදුන් ගිටාරය රැගෙන පාසල නිමවී හවස් යාමයේ මර්වින් තනු මවන්නට විය. වික්ටර් රත්නායකගේ මුල්ම සරල ගී වැඩසටහන පැමිණියේ මෙකලයි. මර්වින් අම්පාරෙදී මැවූ තනුවක් ලබාගෙන වික්ටර් රත්නායක 'සෝක සැනසුම් වේදනාවන්' ගීතය එයට ගායනා කලේය. දෙවෙනි වැඩසටහනද තනුවක් මර්වින් ලබා දුන්නේය. එය 'පාවේ වලා ඈත කදු බලා' ගීතයයි. මෙසේ මිල්ටන් මල්ලවාරච්චිත් මර්වින්ගෙන් තනු ඉල්ලා ගත්තේය. 'මා නෙත් කැදැල්ලේ' හා 'ලොව සැතපෙන යාමේ' එයින් දෙකකි.

මර්වින් පෙරේරා ගායකයෙකු ලෙස පෙනී සිටියේ 'සඳ මිදුලට එනවා' ගීතය සමගිනි. එහෙත් සතියක්වත් යාමට පෙර කවුරුන් හෝ විසින් එම ගී තැටිය වාදනයට ගත නොහැකි වන සේ සූරා තබන ලදි. වාසනාවකට මෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතයේ අමතර පිටපතක් නිකුත් කරවාගෙන තිබූ බැවින් ගීතය යටපත් නොවීය. දෙවෙනි ගීතය ලෙස එලිදැක්වුනු 'ඔබ දේදුන්න ආකාසයේ' ගීතයටත් වූයේ මෙවැනිම දෙයකි. එනමුත් එහිද අමතර පිටපතක් තිබූ බැවින් ගීතය යටපත් කිරීමට නොහැකි විය.

අම්පාරේ විද්‍යාලයේ සිට කැලණියේ ධර්මාලෝක විද්‍යාලයටත් ඉන්පසු වෙදමුල්ලේ විද්‍යාලයටත් පසුව කැලණිය ගුරුකුල විද්‍යාලයටත් මාරුවීම් ලැබුණි. ලයිලි ගොඩ්රිජ් නම් ප්‍රවීණ ඉංග්‍රීසි සංගීතවේදියා මර්වින් සිල්වාගේ කටහඬ පාලනයට විශේෂ අභ්‍යාස ලබාදී මොහුව තවත් මුවහත් කලේය.

මර්වින් පෙරේරා ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරුවේ නැති අතර එමනිසා ඔහු ඒ පිලිබඳව බොහෝ සතුටු වෙයි. ඔහු පවසන්නේ එසේ ඉගෙනගත්තානම් ඔහුගේ නිර්මාණ කුසලතාව මොට වීමට ඉඩ තිබූ බවයි. මර්වින් පෙරේරා තම එකදු තනුවක්වත් ඉන්දියානු රාගධාරී සංගීතය මත පිහිටා නිර්මාණය කර නැත.

නන්දා මාලිනීගේ ගීත විසි පහකට අධික සංඛ්‍යාවක් සංගීතවත් කල මොහු ලංකාවේ මුල්  ටෙලි නාට්‍යයන්ගෙන් එකක්  වූ 'ළා හිරු දහසක්' සංගීතවත් කළේය. 1971 වසරේදී ඔහු ගුවන් විදුලියට නිර්මාණය කල නිර්මාණ රැසක් විනාශ වූයේ ඛේදනීය ලෙසයි. මන්ද 71 කැරැල්ලේ අතඩංගුවට පත් සැකකරුවන්ගේ සක්ෂි සටහන් කිරීමට එම ගී පටි යොදාගත් බැවිනි.

ආදරේ රන් බිඟුන්, පබසර රන් පබළු, ආදරේ රන් බිඟුන්, සුවදැති කුසුමක, රන් මීවිත පුරවා ආදී ගීත ප්‍රේක්ෂක සිත් සැනසූ ගීත කිහිපයකි.  ඔහුගේ ගී අතරින් මා වඩාත් ප්‍රිය කරන ගීයක් වන 'මේ නගරය' ගීතයේ පදවැල් සමගින් මෙතැනින් නවතිමි.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

[දෙසැම්බර් 7 වනදාට මර්වින් පෙරේරා නම් මහා සංගීතවේදියා අප අතරින් සමුගෙන වසර 9ක් පිරීම නිමිත්තෙන් මෙම සටහන තබන ලදි]

7 comments:

  1. ඉතාම හොඳ ලිපියක් . අද ඔහුගේ මුණුබුරත් ගීගයනවා . සැබෑ දක්ෂයන් කිසිලෙසටවත් යටපත් කරන්න බෑ. මේ නගරය ගීතය මගේ ගීත ගොන්නේ මා කැමතිම ගීතයක්. ඒ ගී සදාකාලිකයි. මේ ගීත තිබෙනතුරු මොවුන් අප අතර ජීවත් වෙනවා .
    විචාරක දියණිය

    ReplyDelete
  2. අද ඔහුගේ මුණුබුරත් ගීගයනව ඔහු ගයන්නේ සීයාගේ දක්ෂ කම් තුලින් මතුවූ ජනප්‍රිය තත්වයෙන් ඔහුත් ජනප්‍රිය කියලා පෙන්වීමටයි ඔබ කරන්නෙත් එවැනි දෙයක්ම තමයි විචාරකගේ නමින් ඔබ ජනප්‍රිය වෙන්න හදනවා... ඔබ නමින් ලිව්වොත් ඔබත් ගන් කෙබරලියක් තමයි කියලා දැන් කවුරුත් දන්නවා

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් මේක මගේ බ්ලොග් එකේ කීවෙ... අදාල තැන කීවානම් අගෙයි නේද ඇනෝ මහත්තයෝ...

      Delete
  3. ඩියෝන්, මර්වින් පෙරේරා යන නිර්මාණකරුවා දෙස අවධානය යොමු කරනවා නම් ඔහු ඇගයිය යුතු හේතු කාරණා බොහොමයක් තියෙනවා. මර්වින් පර ගී නොගය තමන්ට අවේනික ගයන ශෛලියක්, ගැයුම් ආරක් හා අනන්න්‍යතාවක් තුලින් සංගීත ක්ෂේත්‍රයට නැවුම් ආලෝකයක් ලබාදුන් දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම ඔහු දක්ෂ ගී තනු නිර්මාපකයෙකු බව අවිවාදයට කරුණක්. සන්ගීත විෂය පිලිබඳ විෂයානු බද්ධ දැනුම පුළුල්ව දැන උගත් සංගීතවෙදියෙකුවූ නිසාම සිසුන් දස දහස් ගණනකගේ නන පෑදු ශ්‍රේෂ්ට මග පෙන්වන්නෙකු වන්නට ඔහුට හැකි විය. ඒ ඔස්සේ ඔහුගෙන් සමාජයට වූ මෙහෙවර විශිෂ්ටයි.

    ඔහුගේ නිර්මාණ දෙස විමසිලිමත්ව බලද්දී ඕනෑම විදේශීය තනුවක් හා තරග කල හැකි මට්ටමක ඒවා පවතින බව ශ්‍රාවකයා පිලිගන්නවා. ඔහුගේ ගීත වල තත්ත්වය වෙනසකට ලක් කරන්නවත්, පහත හෙලන්න්වත් අහකියාවක් ලැබී නැත. සුනිල් ශාන්තයන්ගේ ගී තුල පවා ඒ ගුණය පවතින බව පැහැදිලි කරුණක්.

    ReplyDelete
  4. I have heard the story of Soka Sanasum differently. Apparently it was Mervyn who was to sing it but Victor fell so much in love with the song, Mervyn not only let him sing it but also travelled all the way from Ampara to play the violin in the orchestra. Mervyn was a creative genius who was able to bring together several genres and build bridges across the Buddhist and Catholic religious divide. What a pity we lost him so soon

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...