Tuesday, December 26, 2017

අහිමි පෙම

අඩි පහට වඩා ඩිංගක් උස            ඇතී
කතාවට වඩා සිනහව නිතර මුවග ඇතී
උදේ හවා අප හමුවෙලා               ඇතී
මට ඔබ ලැබගන්නට වරම්           නැතී

සැමියන් ඔබ හා කතා කරන                  විට
මම ඔබ හා හොදින් මිතුරු බව නොදැන  විට
ඔවුන් මා හා ඒවා රසකර කියන             විට
උගෙ ඉහ මොළ කුඩු කරන්නට සිතේ    මට

ඔබ මා හා දොඩමළු වන                        විට
පැය කටු මිනිත්තු වෙයි නොදැනීම          මට
එහෙත් කතාව අවසන මල්ලී යැයි කියන විට
වලක් කපන් වැලලෙන්නට සිතේ           මට

[මම කවි ලිවීමට ආධුනිකයෙක් වන බැවින් සදොස් තැන් නිදොස් කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මෙය පෞද්ගලික අත්දැකීමක් නොවන බවද තරයේ කියා සිටිමි. :D ]

පින්තූරය - 17 වන ශතවර්ෂයේදී Johannes Vermeer විසින් අදින ලද චිත්‍රයකි.




14 comments:

  1. එහෙත් කතාව අවසන මල්ලී යැයි කියන විට
    වලක් කපන් වැලලෙන්නට සිතේ මට
    +++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. වැඩිමල් ඔබේ හිතට


    මිතිල ඔයානම් ඊයා හලෝ

    - ජෑ මා -

    ReplyDelete
  3. හම්මේ.. ඒක ඔයා ලියපු සැමියන් ඔබ හා කතා කරනා විට කොටසේ එයාට සැමියන් ගොඩක් ඉන්නවා වගේ අනේ.. එතන තමා පොඩි වැරැද්දක් තියෙන්නේ.. ඒත් අන්තිම කවිය නම් නියමයි.
    //එහෙත් කතාව අවසන මල්ලී යැයි කියන විට
    වලක් කපන් වැලලෙන්නට සිතේ මට//

    ReplyDelete
  4. මමත් මුලින්ම ආදරේ කලේ අක්කි කෙනෙක්ට

    ReplyDelete
  5. ඉස්කෝලේ යන ළමයිට මෙව්වා ගැලපෙන්නේ නෑ. තාම පාසැල් අස්වීමේ සහතිකේ වත් ගත්තේ නෑ නේද?

    ReplyDelete
  6. ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කදුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
    විචාරක දියණිය

    ReplyDelete
  7. මේ පිංතූරය පාදක කරගෙන ලියපු පොතක් තියනවා Girl with a Perl ear ring කියලා. සිංහල පරිවර්තනය "මුතු කරාබුව පැලඳි යුවතිය"

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...