Saturday, December 23, 2017

අල ගෙඩිය, බිත්තරය සහ කෝපි ඇට

කුඩා දියණියක් තම ජීවිතය ගැන බොහෝ කලකිරීමකින් සිටියාය. ඇයට පැමිණෙන ප්‍රශ්න වලට කෙසේ මුහුණ දිය යුතුදැයි ඇයට වැටහුණේ නැත. ප්‍රශ්නයක් කෙසේ හෝ අවසන් වනවාත් සමගම තවත් ප්‍රශ්නයක් පැමිණේ. ඇයට මෙය මහත් ගැටලුවක් වූ නිසාවෙන් ඇය තම පියාගෙන් මේ පිලිබදව විමසීමට තීරණය කලහ.

පියාගෙන් මේ පිලිබඳව විමසූ පසු අරක්කැමියෙක් වූ පියා ඇයව කුස්සිය වෙත රැගෙන ගියේය. ඇයට කිසිවක් නොපවසා භාජන තුනකට ජලය දමා රත් වීමට ඉඩ හැරියේය. ඉන්පසු ඒ එකින් එකට අල ගෙඩියක්, බිත්තරයක් සහ කෝපි ඇට දැමීය.

මේ සියල්ල දෙස නෙත් යොමා සිටි දැරිය බලා සිටියේ තම පියා මේ සිදු කරන්නේ කුමක්දැයි කියාය.

මිනිත්තු කිහිපයකට පමණ පසු උදුන නිවා දැමූ පියා වෙනත් භාජන දෙකකට අල ගෙඩිය හා බිත්තරය දමා කෝප්පයකට කෝපි පානයද දැම්මේය. එසේ දැමූ පසු "දැන් ඔයාට පේන්නේ මොනව ද?" යැයි පියා දියණියගෙන් ඇසීය.

"අල ගෙඩියක් බිත්තරක් කෝපි එකක්" යන්න දියණියගේ ක්ෂණික පිලිතුර විය.

"හොදට ලං වෙලා බලන්න" පියා පැවසුවේය. "අල ගෙඩිය අල්ලලා බලන්න". දියණිය අල ගෙඩිය අල්ලා බැලූ පසු එය හොදින් මෘදුව ඇති බව දැනිණි. බිත්තරය රැගෙන කැඩීමටද පියා ඉන්පසු පැවසුවේය. ඇය එසේ කල විට බිත්තරයේ මධ්‍යය ඝනව ඇති බව දක්නට ලැබුණි. ඉන්පසු කෝපි පානයද තොල ගෑ විට එහි රසය නිසාවෙන් දියණියගේ මුවගට සිනහවක් ද නැගුණි.

"තාත්තේ මොකක් ද මේකෙ තේරුම" දියණිය ඉතා ඕනෑකමින් පියාගෙන් ඇසුවාය.

ඉන්පසු ඔහු මේ සියල්ල පැහැදිලි කලේය. අල ගෙඩිය, බිත්තරය සහ කොපි ඇට එකම තත්ත්ව වලදී විවිධ වූ අයුරින් ප්‍රථිචාර දක්වන ලදි.

අල ගෙඩිය පෙරදී ඉතා ඝනව හා ශක්තිමත්ව තිබූ අතර නටන ජලය හමුවේ එය මෘදු හා දුර්වල විය.

බිත්තරය පහසුවෙන් කැඩෙන බිදෙන සුළු වූ අතර එහි තුනී ඝන තට්ටුව මධ්‍යයේ තිබෙන දියරය ආරක්ෂා කරමින් සිටියේය. නටන ජලය හමුවේ එහි මධ්‍යය ඉතා ඝන විය.

එහෙත් කෝපි ඇට අනෙක් ඒවාට වඩා තරමක් වෙනස් ය. නටන ජලය හමුවේ එය ජලයේ පාට වෙනස් කරමින් අලුතින් දෙයක් නිර්මාණය කලේය.

"මේ අයගෙන් ඔයා කව් ද?" පියා දියණියගෙන් ඇසුවේය. "ප්‍රශ්න කරදර එනකොට ඔයාගෙ ප්‍රතිචාරය කොයි වගේ ද? ඔයා අලගෙඩියක් ද බිත්තරයක් ද එහෙම නැත්තන් කෝපි ඇටයක් ද?"

9 comments:

  1. මං හිතන්නේ අපි ඔය තුන් ජාතියම වගේ වෙන්න ඕන. නැත්තම් අපිට අපිව පාලනය කරගන්න බැරි වෙනවා. නිර්මාණශීලි කථාවක් .
    විචාරක දියණිය

    ReplyDelete
  2. විචාරක දියනියගේ මතයෙන් තුනෙන් දෙකකට එකඟවෙමි , බිත්තරයයි කෝපියි වගෙ වෙන්න ඕන

    ReplyDelete
  3. ඒ ඒ ප්‍රශ්නය ඒ ඒ අවස්ථාව අනුව මේ තුන් ආකාරයම විය යුතුයි....

    ReplyDelete
  4. අද ලිපියේ අන්‍තර්‍ගතයේ නිකං ලේඩීෂ් ගතියක් තියෙනවා නේද?

    ReplyDelete
  5. අපි උනු වතුර උනොත්

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...