Sunday, December 3, 2017

රුක්මණී දේවියගේ මරණය හා ඊට පසු



හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලත් රුක්මනී දේවි, රුක්මනී වසුන්දරා නොහොත් ඩේසි රාසම්මා ඩැනියල් පිලිබඳව පවසනවානම් බොහෝ දේ ඇත. මාගේ ප්‍රියතම ගායිකාව ඈ වන නිසා ඇය පිලිබදව මා තොරතුරු සොයන්නේ වෙහෙසකින් තොරවයි.  එහෙත් මෙම කුඩා සටහන ඒ සදහා නොවේ.

රුක්මනී දේවිය මියයන්නේ මාතර උයන්වත්තේ පැවති සංගීත උත්සවයකට සහභාගි වී  තම නිවස කරා එන විට ජා ඇල තුඩැල්ල ප්‍රදේශයේදී බවුසරයකට හැප්පීමෙනි. ඒ 1978 වසරේදී. අනතුර සිදුවූ අවස්ථාවේ ඇයව වාහනයෙන් ඉවතට ගැනීමට දොර කැඩීමට සිදුවූ බවත් එසේ කැඩීමේදී අත ලිස්සා අලවංගුව රුක්මනීගේ පපුව පෙදෙසට වැදුනු බවත් ඒ හේතුවෙන් රුක්මනී මියගිය බවට ගමේ එකල රාවයක් පැතිර තිබුණි. එම අනතුර සිදුවූ අවස්ථාවේදී මාගේ සීයා එම ස්ථානයේ සිටි බැවින් ඔහු පවසන්නේද එය එසේ වූ බවයි. එමනිසා මට මෙය රාවයකට එහා ගිය දෙයකි.

ඇය මියගිය පසු ඇයව සිහිවීම නිමිත්තෙන් අනතුර සිදුවූ ස්ථානයේ සුදු වර්ණයෙන් ඇගේ පිලිරුවක් ස්ථාපනය කරන ලදි. පිලිරුව ස්ථාපනය කරන ලද්දේ වර්තමානයේ එය තිබෙන ස්ථානයේ නොවේ. අනතුර සිදු වූයේ තුඩැල්ල පල්ලියට අසල ගම මැද පාර ඉදිරිපිටයි.

පිලිමය ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ අනතුරු බොහොමයක් සිදු විය. අවම වශයෙන් වසරකට මිනිසුන් හතර පස් දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේදී මරු වැළද ගත්තෝය. ගමේ රාවයක් පැතිර ගියේ මෙම අනතුරු සිදු වන්නේ රුක්මනී දේවියගේ අවතාරයක් නිසා බවයි. මේ හේතුවෙන් අනතුරක් සිදුවන සෑම අවස්ථාවකටම පසු ගමේ උදවිය සුදු පැහැති රුක්මනී දේවියගේ පිලිමය කළු තෙල් වලින් නාවන්නට විය. ඉන්පසු අදාල බලදරීන් පැමිණ ඒවා සුද්ද පවිත්‍ර කලේ ගමේ උදවියගේ හා රුක්මනී දේවියගේ මව්පියන් ශ්‍රද්ධා සිතින් මතක් කරමිනි.

පසුව රුක්මනී දේවියගේ පිලිරුව තිබෙන ස්ථානය වෙනස් කිරීමට ඔවුනට සිදු විය. ඒ අනුව වර්තමානයේ පිලිරුව තිබෙන කනුවන හන්දියට පිලිරුව රැගෙන යන ලදි.

එසේ රැගෙන ගිය පසු අනතුරු අඩු වීමට පටන්ගත්තේය. වර්තමානයේ නම් අනතුරු අසන්නටවත් නැති තරම්. අනතුරු අඩු වූයේ පෙර පිලිමය තිබූ ස්ථානයේ වංගුවක් කෙලින් කල බැවිනි. එසේ වංගුව කෙලින් කිරීමට පාර පළල් කල බැවින් අනතුරු බොහොමයක් අඩු විය. රුක්මනී දේවියගේ අවතාර කතා බොහොමයකට මුල පිරූ මෙය අවසන් කලේ වංගුව කෙලින් කිරීමෙනි.

මෙම 'ආදරය නිසා' ගීතය අසන්නට ඉල්ලීමක්ද කරමින් මෙම කෙටි සටහනට තිත තබමි. - https://youtu.be/aj3kxCwVNdY

24 comments:

  1. පිළිමෙ දිහා බලන්න ගිහිල්ල කට්ටිය ඇනගන්නවද දන්නෑ.

    ReplyDelete
  2. ඔය පිළිමෙ ළඟ නිතර අනතුරු වෙන බව අහලා තිබුනා.. මිනිස්සුන්ගෙ මිත්‍යා මත... අනතුරු වෙන්න ඇත්තේ එක්කො පිළිමෙ දිහා බලන්න ගිහින්... එහෙම නැත්නම් පාර පටු නිසා වෙන්න පුලුවන්...
    අපුඍු සටහන... නියමයි....

    ReplyDelete
  3. උතුරු අත්ලාන්තික් ප්‍රත්‍යාගමනය නිසා ඉංග්‍රීසි ඔඩයේ යාත්‍රා කෙරු නාවිකයන්ට සිදුවූ අපහසුතා ගැන පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමු. එසේම අන්තර් මහද්වීක බැලස්ටික් මිසයිල යනු මොනවාද, ඒවායේ කාර්ය ගැනත් පැහැදිලි කරන්න. නාවිකයා කවදාවත් මිය යන්නේ නැහැ, ඔහු කාලය සමග වියැකී යනවා පමණයි කියා කියමනක් සෑදී ඇත්තේ ඇයි? එයත් පැහැදිලි කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. ඒ වනවිට රුක්මණී දේවිගේ කඤ්ඤා භාවය නැතිවෙලා බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වුනාලු.

      Delete
    2. ජංගි ජගත්ගේ මෑණියන්ගේ කන්‍යා භාවය නැති කරේ නං මම.

      Delete
    3. නිවසේ සිට යුරේනියම් ලෝපස් වලින් සංශුද්ධ යුරේනියම් 235 සමස්ථානිකය ආරක්ෂිතව ‍නිස්සාරනය කරන ආකාරය පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
      ස්තුතියි!

      Delete
    4. ජංගි ජගත්ගේ ජයාරූප සහිත පොස්ටුවක් එළකිරියේ දාලා රෙදි ගලවලා අන්න. මට හිතුනා මූ අනුන්ගේ කොමෙන්ට් අස්සේ රෙන්න එනකොට ලගදීම ඉල්ලං කයි කියලා. දැන් ඉතිං පට්ට නෝන්ඩිය. ඌව පර්සනලි දන්නා කියන එවුන් මොනාද දාන්නේ කියලා බලමු. හිකිස්‌..

      Delete
  4. රුක්මනී දේවී එකල ගායිකාවක් නිලියක් වනවාට වඩා උන්මාදයක් වූ බවයි මම හිතන්නේ.
    ඇය මිය යන විට ඉතා කුඩා දරුවන් වූ අපගේ මතකයේ පවා ඇය හා ඇගේ ගීත රැඳි තියෙන්නේ ඒ නිසයි. ඇය මිය ගිය දිනවල, එවකට තරුණ තරුණියන් වූ අපගේ ඇතැම් වැඩිහිටි ඤාතීන් දින ගානක් අහර පවා වර්ජනය කර දුක් වූ ආකාරය මතක් වෙනවා.
    එකල ගුවන් විදුලියේ ගිය ඇය පිළිබඳ ව වූ මතක වැඩසටහන් c90 කැසට් පටි හතරක් පමන පිරෙන්නට පටිගත කරගෙන අපගේ මාමලා, පුංචි අම්මලා (එවකට කෙල්ලන් කොල්ලන් ) බොහෝ කලක් යන තුරු ආරක්ශා කලා ද මතකයි.

    ReplyDelete
  5. රුක්මණී දේවිගේ හොල්මන නිසා එතන අනතුරු වෙනවා කියන මිනිස්සුන්ට අමතක වෙන එක දෙයක් තමා රුක්මණි දේවිත් එතන අනතුරට පත් වුන බව. වංගුව කෙලින් කළාට පස්සු අනතුරු නැති වුන එක තමා ඇත්ත...

    රුක්මණි දේවි ගැන තිබුනු ඒ කතාව, මගේ කතාවකට උපයෝගි කරගත්තු අවස්තාවක් මේක....

    http://kurundha.blogspot.com/2012/03/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. අක්කත් මේ ගැන දන්නවනෙ ඉතින්... අපේ ගමේනේ..

      Delete
  6. මට මතක විදියට ඩේසි රාසම්මා වසුන්දරා ඩැනියල්ස් එයාගෙ සම්පූර්ණ නම.එයාව බලෙන් කසාඳ බැඳගත්ත කියලත් කතාවක් තියෙනව

    ReplyDelete
    Replies
    1. වසුන්දරා පස්සේ ආවෙ... එයාගෙ විවාහය ගැනත් වෙනම කතාවක් තියෙනවා...

      Delete
  7. රුක්මණි දේවිය ඉපදී මියයන තුරුත් මා මේ ලෝකයට බිහිවී නැත. එය මා අවාසනාවක් කොට පළමුව දකිමි. එහෙත් මම ඇගේ ගීතවලට ප්‍රිය කරමි. ආදරයයි කරුණාවයි, දුෂ්මන්ත අහෝ කිමදෝ වැනි ගීත මන බදින රූපකයක් හිමි ඇය ගීත ගායනය කළේ ඉංග්‍රීසි වචන වලින් ලියාගෙන බව මගේ පියා මා හා පවසා තිබේ. එමෙන්ම රුක්මණී දේවිය මියගිය පසු එම කාර් වර්ගය රුක්මණි මොඩල් කියා ප්‍රසිද්ධ වුන බවත්, ඇයගේ ගීතයේ ඇති ශෝකී රාවය නිසා ඇටම් ගීත ප්‍රචාරය වෙද්දී මිනිසුන් රේඩියෝ වසා දංමූ බවත් ඔහු මා අසමග පවසා තිබේ. ඉතා නිහතමානි චරිතයක් බව ඇයගේ ගුණ සමරුවලදී සැබෑ කලාකරුවන් විසින් පවසනු අසා තිබේ. එමෙන්ම ඇය මිය යන්නේ ඇගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගයට දින දෙකකට පෙරය. අධික ලෙස මහන්සි වී සිටි රියදුරුට නින්ද යාම මරණයට හේතු වී ඇතිබව මා අසා ඇත. වසිතය ඉහත ලිපියේ පවසා ඇති අලවංගු කතාව මා දැන ගත්තේ මේ ලිපියෙනි. රුක්මණී තවත් සියක් කාලයක් අපේ හදවත්වල ජීවමන වනු ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
  8. Godaak kaalekata passé blog pettata aawa.

    jayaweawaa!!!

    ReplyDelete
  9. දැන් මේ ගැන මුකුත් නොදන්න එකා මම විතරද?

    - ජෑ මා කාලී -

    ReplyDelete
  10. අලවන්ගුවේ කතාව අලුත් දෙයක් මට. ඇසින් දුටු සාක්කියකුත් තියන එකේ වෙන්න බැරිත් නැහැ.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...