Monday, May 11, 2020

මළ සිරුරක් ලෙස නඩුවකට සහභාගි වූ පාප්වරයා

රෝමානු ධීවරයන් කිහිප දෙනෙක් ටයිබර් ගංගාවෙන් ගොඩගත් සිරුර පාප්වහන්සේ කෙනෙකුගේ සිරුරක් බව දැනගත් විට පුදුම වන්නට ඇති. ඒ ෆෝමෝසස් පාප්වහන්සේගේ සිරුර. නමුත් පාප්වහන්සේ කෙනෙක්ගේ සිරුරක් ගඟක තිබෙන්නේ කෙසේ ද? මෙම සටහන එය සොයා බැලීමට.

ෆෝමෝසස් පාප්තුමා සිටියේ නමවන ශතවර්ෂයේ. එකල යුරෝපයේ වියවුල්ව තිබූ කාලයක්. ක්‍රි.ව. 872 සිට 965 දක්වා කාලයේ දී පාප්වරු 24 දෙනෙක් රෝමයේ දී පාප් ධූරය සදහා පත්ව තිබුනි. 896 සිට 904 කාලයේ දී වසරකට එක් පාප්වරයෙක් පත් වුනි. එසේ වීමට පාප්වරු සිරගත කිරීම් හා ඝාතන හේතු විය. යුරෝපයේ රාජ්‍යත්වය සඳහා පල්ලියේ සහභාගීත්වය තදින්ම තිබුනු නිසාත් පාප්වරු වාර්ෂිකව වෙනස් වූ නිසාත් යුරෝපයේ දේශපාලන අස්ථාවරභාවයකට මුල පිරීය.

එකල රජපවුල් වල ප්‍රශ්න සදහා පාප්වරු කාදිනල්වරු බිෂොප්වරු සහභාගි වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. මෙම ආගමික නායකයන්ගේ සහය හිමිවූයේ එක් රජකෙනෙක්ට නොවේ. ෆෝමෝසස් බිෂොප්වරයෙක්ව සිටි කාලයේ දී කැරොලින්ජියන් රජ කෙනෙක් වූ ආර්නල්ෆ් හට සහයෝගය දක්වයි. ඔහු ඉතාලියේ රජකම ගැනීමට මාන බලමින් සිටි රජ කෙනෙකි. මෙවන් රජෙක් ඉතාලියේ රජ වුවහොත් රෝමයේ ස්වාධීනත්වය නැති බව කියූ එකල අට වන ජෝන් පාප්වහන්සේ ෆෝමෝසස් ඇතුලු ඔහුගේ සහයකයන්ව රෝමයෙන් නෙරපයි. මෙහි දී ෆෝමෝසස් හට උදව් කිරීමට පෙළබෙන්නේ ස්පොලෙටෝ හි තුන්වන ගයි නම් පාලකයෙක්.

ටික කලක් ගත වූ පසු පලමු මැරිනස් පාප්තුමා ෆෝමෝසස් හට තිබූ දඬුවම ඉවත් කරන අතර 891 දී ස්ටෙෆන් පාප්තුමාගේ මරණින් පසු ෆෝමෝසස් පාප් ධූරයට පත්වේ. ඔහු පාප්ධූරයට පත් වූ විගසම ඔහු රෝමයෙන් නෙරපා සිටි අවධියේ දී ඔහුට උදව් කළ තුන්වන ගයි ඉතාලියේ රජකමට පත්වෙයි. මෙම රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍රයා වන ලැම්බර්ට් රජකමට පත්කිරීමට ෆෝමෝසස් පාප්වරයාගේ අනුමැතියත් මේ අතර ලැබෙයි. ඉන් වසර තුනකට පසු තුන්වන ගයි රජු මියයන අතර ඔහුගේ පුත්‍රයා ලැම්බර්ට් රජකමට පත්වෙයි. ඒ රෝමානු අධිරාජ්‍යයා වශයෙන්.

ලැම්බර්ට් රජකමට පත් වීමට පෙර සිටම ෆෝමෝසස් ඔහුගේ රජකමට අනුමැතිය දුන්නත් ඔහු පිළිබඳ කැමැත්තකින් සිටියේ නැහැ. ඒ නිසා ෆෝමෝසස් නැවතත් තමා පිටුවහල් වීමට ප්‍රථම සහය දැක්වූ කැරොලින්ජියන් රජකෙනෙක් වූ ආර්නොල්ෆ් සමග සම්බන්ධතාව ගොඩනංවා ගැනීමට සැරසෙයි. ලැම්බර්ට් රජකමට පත්වූ විට ආර්නොල්ෆ් තම හමුදාව රැගන විත් මාළිගාව වටලයි. මේ ක්‍රියාවට ෆෝමෝසස් පාප් තුමා සම්බන්ධ බව දැනගත් විට ලැම්බර්ට් රජුගේ හිතවතුන් ෆෝමෝසස් පාප්තුමාව අල්ලා සිරගත කරයි. නමුත් ආක්‍රමණිකයන්ගේ මෙම සටනින් ජයගත් නිසා ෆෝමෝසස් හට නිදහස ලැබේ. ආර්නෝල්ෆ් රජකමට පත්වෙයි. ඔහුට ශාන්ත පීතර බැසිලිකාවේ දී ඔටුනු පළන්දන්නේ ෆෝමෝසස් පාප්තුමා අතින්.

මින් මාස කිහිපයකට පසු ෆෝමෝසස් පාප්තුමා මරණයට පත්වෙයි. ඒ වන විට ඔහුගේ වයස 80ක් වූ අතර මරණයට හේතුව ස්වාභාවික හේතුවක් ද නැතිනම් වස දී මරා දැමීමක් ද යන්න සැක සහිතයි. සමහරු ඔහුට ගෞරව කල අතර තවත් සමහරු ඉතාලියානු රජෙක් වෙනුවට ආර්නොල්ෆ් නම් ජර්මානු රජෙක්ට රාජ්‍යත්වයට ඒමට උදව් දීම ගැන සිටියේ වෛරයෙන්.

ෆෝමෝසස් පාප්තුමා දැන් මියගොසින්. එනමුත් කතාව එතැනින් අහවර වන්නේ නැත. ෆෝමෝසස් ට පසු හයවන බොනිෆස් පාප්ධූරයට පත්වුනත් ඔහුට එහි සිටිය හැකිවූයේ දින 15ක් පමණයි. ඉන්පසු හයවන ස්ටීවන් පාප්ධූරයට පත්වේ. ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමා සිටි කාලයේ දී ජර්මානු ආර්නොල්ෆ් හට පක්ෂපාතීව සිටි අයෙක්. නමුත් මෙම රජතුමා නගරයෙන් පිටව සිටි අවස්ථාවක දී ඉතාලියානු පවුලකින් පැවත එන ලැම්බර්ට් රෝමය අල්ලා ගනියි. නමුත් තවමත් ෆෝමෝසස් පාප්තුමාගේ අනුගාමිකයන් නගරය තුල සිටින නිසා ෆෝමෝසස්ගේ ගෞරවය නැති කරන ලෙස ලැම්බර්ට් විසින් ස්ටීවන් පාප්තුමා හට පවසයි.

ඔවුන් ෆෝමෝසස් පාප්තුමාගේ ගෞරවය නැති කිරීමට යොදාගත්තේ නඩු විභාගයක්. එකලතිබූ නීති වලට අනුව චෝදනා එල්ල වන පුද්ගලයා නඩුවට සහභාගි වීම අනිවාර්ය යි. නමුත් මේ වන විට ෆෝමෝසස් පාප්තුමා මියගොස් මාස හතකටත් අධිකයි. නමුත් නීතියේ ලෙසට ඉටු කිරීමට ෆෝමෝසස් පාප්තුමාගේ මියගිය සිරුර නඩු විභාගයට ගෙන එන ලෙස ලැම්බර්ට් සහ ස්ටීවන් පාප්තුමා අණ කරයි.

නඩු විභාගය සදහා බිෂොප්වරු කාදිනල්වරු ඇතුලු බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර පාප්වරයෙක්ගේ ඇදුම් කට්ටලයෙන් සැරසී සිටි මියගිය ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර පුටුවක් මත හිඳවා තිබුනා. ඔහුට විරුද්ධව නැගුනු ප්‍රධාන චෝදනාව වූයේ පාප්ධූරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීමයි. ස්ටීවන් පාප්තුමාගේ කවුන්සිලය ෆෝමෝසස් පාප්තුමා දෙස බලා ජීවත්ව සිටින්නෙකුගෙන් අසන ආකාරයට ප්‍රශ්න නැගූ අතර එයට පිළිතුරු දුන්නේ ෆෝමෝසස් පාප්තුමා වෙනුවෙන් පෙනී සිටි ඩීකන් කෙනෙකි. වාර්තා වල සදහන් වන ආකාරයට එම පිලිතුරු මුල සිටම පිටපතකට අනුව සිදුවූ බව පවසයි. නඩු විභාගයෙන් අනතරුව ෆෝමෝසස් පාප්තුමා වරදකරු බවට පත්වූ අතර ෆෝමෝසස් පාප්තුමා ඇඳ සිටි පාප්ධූරයට හිමි ඇඳුම් නඩු ශාලාවේ දීම ඉරා දැමුවා. එතැනින් නොනැවතුනු ඔවුන්, මිනිසුන්ට ආශිර්වාද කිරීමට යොදාගන්නා ෆෝමෝසස් පාප්තුමාගේ ඇඟිලි තුනක් කපා දැමුවා. ඉන්පසු මළ සිරුරට සාමාන්‍ය ඇඳුම් අන්දවා නගරයෙන් පිට විදේශිකයන් මිහිදන් කරන ස්ථානයක ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර මිහිදන් කිරීමට ස්ටීවන් පාප්තුමා විසින් අණ කරයි. මෙම දඬුවමින් සෑහීමකට පත් නොවූ ස්ටීවන් පාප්තුමා ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර නැවත ගොඩගෙන ටයිබර් ගඟට දමන්නැයි අණ කරයි.

ෆෝමෝසස් පාප්තුමාට කළ දේවල් නිසාත් මෙම පිළිගත නොහැකි නීතිය නිසාත් පසුකාලීනව ස්ටීවන් පාප්තුමාව සිරගත කර එල්ලා මරා දමයි. ඉන් වසර දෙකකට පසු නමවන ජෝන් පාප්ධූරය සඳහා පත්වූ අතර ඔහු මියගිය පුද්ගලයින් සදහා නඩු විභාග කිරීම තහනම් කරයි. කෙසේ හෝ කතෝලික සභා ඉතිහාසයේ කළු පැල්ලම් වලින් එකක් සනිටුහන් කල මෙම සිදුවීම 897 දී අවසන් වන්නේ ෆෝමෝසස් පාප්තුමාගේ සිරුර ගෞරව සහිතව නැවත මිහිදන් කිරීමෙන්.



14 comments:

  1. මේක මෙහෙම නොවුනොත් මං පුදුම වෙන්නෑ මල්ලී ඔබ ඉහත සඳහන් කළ කාලය තමයි යුරෝපයේ අඳුරු යුගුය ලෙස හැඳින්වෙන්නේ. දේවධර්මය විතරයි දේවත්වය යන සංකල්පය මුල් බැහැපු අවධියක්. මිනිස්සු පල්ලියෙන් එහාට ලෝකයක් දැක්කේ නෑ.පාලනය ගෙනිච්චෙත් දේවගැතිවරු. ඒ නිසා මේවා කල්පියන් පමණක්ම නොවේ.
    විචාරක දියණය

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දේශපාලන බලයන් පාප්ධූරයත් එක්ක බැඳුනු නිසා බොහෝ පාප්වරු දූෂිත උනා...

      Delete
  2. අපිත් තවම ඒ යුගයට ආසන්න යුගයක කියා හිතෙනවා දෙවන මහින්ද රජතුමා ඒ කාලේ අග්‍රවිනිශ්චයකාරිනියට සහ හිටපු හමුදාපතිට විරුද්ෂව අහපු නඩු වගේ මළකොලම් මතක් වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කොහොමත් නැවත නැවත සිද්ධ වෙනවනෙ...

      Delete
  3. අදත් ලෝකය පැතලි පිට්ටනියක් කියල හිතන අය ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. ආලෝකයේ වෙගයෙන් ය කෙනෙක්ට පොලප පේන්නේ තැටියක් විදියටයි.

      Delete
    2. @Malini Ganewatta

      ඒකනෙ...මිත්‍යාව පසුපස යන අය තාමත් ඉන්නවා මොන ක්ෂේත්‍රයක ගත්තත්...

      Delete
    3. @අන්තෝනියෝ...

      මොකක්ද අප්පේ ඒ කතාව...

      Delete
    4. සාපේක්ෂතාවාදයට අනුව යම් වස්තුවක් චලනයවනවිට චලනයවන දිශාව ඔස්සේ නිරීක්ෂණයවන ඝනකම අඩුවෙනවා. ඒ අනුව ආලෝකයේ වේගයෙන් යනවිට පොලව නිරීක්ෂණ්‍ය වන්නේ තැටියක් විදියට.

      Delete
  4. ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ විහිළුවක් විදියටද, ඛේදවාචකයක් විදිහටද ....

    ReplyDelete
    Replies
    1. බොහෝ තැන්වලදි හම්බවෙන්නෙව් ඛේදවාචක...

      Delete
  5. පුදුමේ කියන්නේ දෙවියන්ගේ මිහිමත නියෝජිතයා කියන පාප් වහන්සේලා පිස්සු නටපු හැටි දැක දැක මිනිස්සු තාමත් මේවා පස්සේ යෑම. ඕක ඉතින් හැම ආගමකටම පොදුයි.

    ReplyDelete
  6. මම මේ දවස්වල ඩිලන්ත ලියනගේ දෙවගැතිතුමාගේ ධර්ම දේශනාවලට සවන් දෙනවා. එතුමාට අනුව හෙලිදරව්පොතේ කියන, බබිලෝනියානු වෛශ්‍යාව තමයි මේ කතෝලික සභාව. බැටළුවෙක්ගේ බඳු අං දෙකක්ද, සර්පයෙක්ගේ වැනි කටක්ද තියෙන මෘගයාගෙන් සංකේතවක් වන්නේත් කතෝලික පල්ලිය.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බයිබලයට අනුව පොලව පාලනය කරන්නේ සාතන්. එමනිසා දෙවියන් අදහනකෙනා පොලවේ ක්‍රමයෙන් ඈත්විය යුතුයි. පැරණි කතෝලික සභාව විතරක් නෙමෙයි. අද ලංකාවේ ඉන්න කතෝලිකයෝ පවා පොලවේ ප්‍රශ්ණ බදාගෙන.
    උදාහරණයක් විදියට සිංහල කතෝලිකයෙක්ගෙන් අහලා බලන්න ලොකුම ප්‍රශ්ණ මොනවද කියලා ඔවුන් කියයි,
    බඩුමිල වැඩිවීම,
    ප්‍රජාතන්ත්‍රවාදය විනාශවීම,
    ඉතා අහිංසක දෙමලාට සිංහලයගෙන් වෙලා තියෙන අහස පොලව නුහුල්ලන අපරාධ.
    විධායක ජනාධිපති ධූරය තිබීම වගේ දෙවල්.

    නමුත් මේවා පොලවේ ප්‍රශ්ණ මෙව්ව බදා ගත්තොත් දෙවියන් වහන්සේගෙන් ඔබ ඈත්වෙයි.

    මුහම්මද් සල්මල් තුමාටත් උනේ ඒක ඔහු ලෝකේ හදන්න හැදුවා. එයා හිතන්න ඇති හොඳක් කරනවා කියලා. එත් ඔහු අන්තිමට නැවතුනේ සාතන්ගේ සෙවකයෙක් වෙලා. කතෝලික පල්ලියත් ඔ්කමයි කරගත්තේ.

    ආමෙන්!

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...