Sunday, May 16, 2021

පුකට දුම් ගැසීම

 

කා ගැන හරි පම්පෝරි කියලා එයාව මුරුංගා අත්තේ තියන්න හදනවට විහිලුවට කියනවා ‘පුකට දුම් ගහනවා’ කියලා. සමහරු අකුරු එහෙ මෙහෙ කරලා දුකට පුං ගහනවා කියලත් කියනවා.  ඔය පුකට දුම් ගහනවා කිව්වේ ඉස්සර තිබුනු වෛද්‍ය ක්‍රමයකට. මේ වෛද්‍ය ක්‍රමයෙන් මිනිස්සුන්ගේ ජීවිත බේරිලා වගේම නැති වෙලත් තියෙනවා.

18 වෙනි ශතවර්ෂය වෙද්දිත් බටහිර රටවල්වල වතුරේ ගිලුනු පුද්ගලයෙක්ව බේරගන්නේ කොහොමද කියලා හරිහැටි දැනගෙන උන්නේ නැහැ. ඔය තේම්ස් නදියට වැටිලා සිහි නැති වෙන මිනිස්සුන්ගේ සිහිය ගන්න ක්‍රමයක් වෛද්‍යවරු දැනගෙන හිටියේ නැහැ. මේ නිසා ඒ කාලේ හිටපු වෛද්‍ය විලියම් හාවේ සහ තොමාස් කෝගන් කියන දෙන්නා මේ දේට පිළියමක් හෙව්වා. Royal Humane Society එක පටන්ගත්තේ මේ දෙන්නා. මේකෙන් ජීවිතාරක්ෂක ක්‍රම ගැන හෙව්වා.

ඔය කාලයේදී එංගලන්තය තුල දුම්කොළ භාවිතය ප්‍රසිද්ධ වුනා. රතු ඉන්දියානුවොත් මේ දුම් තමන්ගේ ප්‍රථිකාර ක්‍රම වලට භාවිතා කරපු නිසා මේ වෛද්‍යවරු දෙන්නා ඒ ක්‍රම දියේ ගිලුනු කෙනෙක්ටත් භාවිතා කරන්න පුලුවන්දැයි හොයලා බැලුවා.

මේ නිසා දවසක් තේම්ස් නදියේ ගිලුනු පුද්ගලයෙක් ට මේ වෛද්‍යවරු දෙන්නා මේ දුම් භාවිතා කරන ප්‍රථිකාරය කරා. සිහිය නැතිවුනු පුද්ගලයාගේ සිහිය අරගන්න ඒ පුද්ගලයාගේ ගුද මාර්ගයට දුම් ඇතුලු කරා. හැමෝම පුදුම කරවමින් ඒ පුද්ගලයාට එකපාරට සිහිය ආවා. එදා ඉදන් වෛද්‍යවරු දියේ ගිලුනු කෙනෙක්ගේ සිහිය අරගන්න භාවිතා කළේ ගුද මාර්ගයට දුම් පිඹිම. තේම්ස් නදිය දිගේ දුම් පිඹින මධ්‍යස්ථානත් ඇති කරා.

නමුත් මේ දුම් පිඹීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා ඒ වෛද්‍යවරුන්ට හරි ආකාරව දැනුමක් තිබුනේ නැහැ. මේ නිසා උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඒ කාලේ ගුද මාර්ගයට දුම් පිඹින්න ගත්තා. කොලරාව පාචනය වගේ ලෙඩ වලටත් ඕක කරන්න ගිහින් මිනිස්සු මැරුණ අවස්ථාත් තියෙනවා.

ඔය ගුද මාර්ගයට දුම් පිඹින එකෙන් වෙන්නේ මේකයි. ගුද මාර්ගය තුලින් අවශෝෂණය වෙන දේවල් කෙලින්ම හෘදයට යන්න තියෙන හැකියාව වැඩියි. දුම් වල තියෙනවා නිකොටින්. මේ නිකොටින් වලින් හෘදයේ පේෂි සංකෝචනය කරනවා. ඒ කිව්වේ හකුලනවා. මේකෙන් හදවත ක්‍රියාකාරී වෙලා ශරීරය පුරාවට ලේ ගමනාගමනය නැවතත් පටන් ගන්නවා. ඒ කාලේ වෛද්‍යවරුන් මේ වෛද්‍යක්‍රමයෙන් මොකක්ද වෙන්නේ කියලා අදහසක් තිබ්බේ නැහැ වගේම අද ගොඩ දෙනෙක්ට පුකට දුම් ගහන්නේ ඇයි කියලා අදහසකුත් නැහැ.  



15 comments:

  1. මෙවැනි අශ්ලීල, පුජුක්සාජනක දේවල් ගැන ලිවිම සුදුසු නැහැ නේද සර්?

    ReplyDelete
    Replies
    1. මිතිල මල්ලි මම උඹට ස‘ර් කියන්නද? මයිලෝ කියන්නද?

      Delete
  2. මේ වහර අහල නෑ, අර වචනෙ නිසා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති. සගිස්කුරුත පොලෝසිය කැමති නැති නිසා, පස්සා පැත්ත,වනුව වගේ නමක් කියනත් ඇහැකි😂. හැබැයි, ඉතින් කොහොම කිව්වත්.....ම තමයි. කතාවේ මූලාරම්භය හරි අපූරුයි.

    ReplyDelete
  3. දැන් විස්තරේ දන්නවානේ වරෙල්ලාකෝ දුකට පුං ගහන්න කියාගෙන ....එතකොට කියාදෙන්නම් මුල ඉදලාම

    ReplyDelete
  4. මිතිල මහත්තයෝ, පරෙස්සමෙන්. පෙරේද නිදිගෙ පංච තන්තරේට 'සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර' කියලා පොස්ට් එකක් දැම්ම නිසා වෙච්චි හුට්ටප්පර ගැන ඒකෙම comment එකක් දාලා ආවා විතරයි. අපට කුණුහරුප නොවෙන සමහර දේවල් ඉංගිරිසි කම්පියුටරේට කුණුහරුප වෙනවා වගෙයි. එහෙම වුණාමත් 'දුකට පුං ගහලා' දුක පුමේ දාගෙන ඉන්නයි වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. මහත්තයා ඒ නිසාද දැන් වැල කතා බ්ලොග්ගෙක ලියන්නේ නැත්තේ?

      Delete
    2. තමුන්නාන්සේ මාව පටලවාගෙන වෙන කවුරු හරි එක්ක. මම අන්වර්ථ නම්වලින් හරි නොනමින් හරි ලියන්නේ නෑ. ලියන්නට පටන් ගත්තු හා තවමත් ලියන එකම බ්ලොගය 'නිදිගෙ පංච තන්තරේ' විතරයි.

      Delete
    3. දැන් ෆේස්බුක් එකේ හිට්ලර් ගැනවත් ලියන්න බෑ. දාපු හැටියේ බ්ලොක් වෙනවා.

      Delete
    4. ඇනෝලගේ ප්‍රශ්න වලට උත්තර බදින්න එපා නිදි.. මම නම් ඇනෝ ප්‍රශ්න අහක් කරලා ඉන්නේ.

      Delete
  5. ස්තූතියි. එහෙනම් දුම් පානයත් ඒ තරම් අවුලක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. පෙනහළු වලට ගියොත්නේ අවුල,

      හැබැයි දොස්තරලගෙන් ඔව්වා ගැන අහලා වැඩක් නෑ.
      එයාලා සිගරැට්වල හොඳක් කියන්නෙත් නෑ. ගබ්සාවේ නරකක් කියන්නෙත් නෑ.

      Delete
    2. නිකොටින් පෙනහළු වලට ගියාම තමා ප්‍රශ්නය. දුම් පානයෙන් කොහොමත් පෙනහළු වලට යනවනේ. ඒ නිසා හොද නැහැ.

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...