#කාලි_දෙවඟනට_නේපාලයේ_රජ_සැප
දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.
මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.
තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.
මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.
පාසල් යාම,මිතුරු මිතුරින් ආශ‍්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.
කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.
සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්
“අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...
-
පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාක...
-
වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ...
-
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි...


No comments:
Post a Comment