Wednesday, October 26, 2016

වසර 600ක් ජීවත්වූ ලී චින් යුන්


 චීනයේ 1933 මැයි මස 6 වන දින මියගිය ලී චින් යුන් නැමැති පුද්ගලයා වසර 600ක් ජීවත් වූවා කීවොත් ඔබ විශ්වාස කරනවද? මෙය පුදුමයට කරුණක් වුවද එයට සාක්ෂි ඇත. මොහු උපන්නේ 1736 බවට මතයක් පවතින අතර එවිට ඔහු මියයන විට වයස 197කි. මොහු උපන්නේ 1677 බවටද මතයක් පවතියි. එයට හේතු වන්නේ 1827 දී ලී චින් යුන්ගේ 150 වන උපන්දිනයට එකල චීන ආණ්ඩුව විසින් එවන ලද සුබ පැතුම් පතයි. එසේ වුවහොත් ඔහු මියයන විට වයස 256කි. මොහු උපන්නේ 1326 බවටද පිලිගත හැකියි. එසේ වීමට හේතුව නම් 1526 දී මොහුගේ 200 වන උපන්දිනයට එවකට චීන රජු විසින් එවන ලද ලිඛිත සුබ පැතුම් පතයි.

1927 දී Yang Sen ජෙනරාල්වරයා ලී ජින් යුන්ට සිය Wan Xian හි පිහිටි නිවසට පැමිණීමට ආරාධනා කලේ ය. මෙම පින්තූරය එහිදී ගන්නා ලද්දකි. 

 ලී චින් යුන් ආරක්ෂක සටන් කලාව ප්‍රගුණ කල පුද්ගලයෙකු ලෙසත්, ශාකසාර වලින් ප්‍රථිකාර කරන වෛද්‍යවරයෙකු ලෙසත් ප්‍රකට යි. මොහු වයස අවු. 10 සිටම තමන් ජීවත් වූ පලාතේ සැරිසර විවිධ ශාක වර්ග හදුනාගන්නට පටන් ගත්තේ ය. මොහු ආහාරයට ගත්තේ විවිධ පැලෑටි සහ සහල් වලින් පෙරන ලද වයින් වර්ගයකි. මොහු ආහාරයට ගත් ශාක අතර බිම්මල්, ගෝජි ( ගෙඩි වර්ගයක් ), වල් ජින්සෙන් සහ ගොටුකොළ වේ. මොහු මේවා විකිණීම තම ආදායම් මාර්ගය ලෙස යොදාගත්තේ ය.

 මොහු එක් බිරිඳක් මියගිය පසු තවත් බිරිදක් විවාහ කරගෙන මියයන විට බිරින්දෑවරු 28කගේ ස්වාමිපුර්ෂයා විය. එමෙන්ම දරුවන් 200කගේ පියෙකි.

 1749 දී මොහු ප්‍රාදේශීය අණදෙන නිළදාරී Yeuh Jong Chyi ගේ හමුදාවට බැඳුනේ ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙකු ලෙසය. 1755 දී මොහු හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. එයින් පසු ඔහු සිදුකලේ පෙර පරිදි ශාකසාර වලින් ඖෂධ සොයා යෑමයි.


සතෙකුට තුවාලයක් සිදුවූ විට එම සතා සිදු කරන්නේ එම තුවාලයට ගැලපෙන පැලෑටිය වනයෙන් සොයාගෙන කෑම හෝ එම පැලෑටි තුවාලය මත තබා ගැනීමය.  දැනට විවිධ ශාකසාර වලින් සාදන ලද වට්ටෝරු 12000ක් පමණ ලොව පුරා වෙසෙන විද්වතුන් සොයාගෙන ඇත. ඔවුන් විශ්වාස කරන අන්දමට වට්ටෝරු එක්ලක්ෂ විසිදහසක පමණ ප්‍රමාණයක් මිහිපිට ඇත. ලී ජින් යුන් ද කුඩා කල පටන් සිදු කලේ විවිධ වූ ශාකසාර වලින් හෙබි වට්ටෝරු සොයා ගැනීමය.

 දුගු කල් ජීවත් වීමට අවශ්‍යතාව කුමක්දැයි ලී චින් යුන් සිය ශිෂ්‍යන්ට උගන්වන ලද්දේ පහත කරුණු හතරයි.


  • සිත සමනය කර ගන්න
  • ඉබ්බෙකු සේ ඉඳාන්න
  • පරවියෙකු සේ කඩිසරව ඇවිඳින්න
  • සුනඛයෙකු සේ නිදන්න


සිය අවසාන කාලයේ ඔහු පවසා ඇත්තේ " මම ජීවිත කාලය තුල කල යුතු හැම දෙයක්ම කලෙමි. දැන් මම ගෙදර යමි." කියා ය. මොහුගේ ජීවිතයේ තවමත් සැඟවී ඇති රහස් බොහොමයක් ඇති අතර මොහුගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශද බොහෝ ය. ස්වභාවධර්මයට අනුව ජීවත් වන තැනැත්තා ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරයි.

අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි... 

35 comments:

  1. පුදුමයි

    ReplyDelete
  2. ුරුම පුදුම ඇදහීමට අපහසු පුවතක්. මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීම් හා පර්යේෂණ කෙරෙමින් පවතිනවාද මිථිල ?

    ReplyDelete
    Replies
    1. ඔව් තාම පරීක්ෂණ පවත්වනවා... සාක්ෂිත් තියෙන නිසා හිතලුවක් කියලා පැත්තකට දාන්න බෑ...

      Delete
  3. සුනඛයකුසේ නිදාගන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ලැබෙන හැම මොහොතකම නිදාගන්න එකද?

    හරිම රසවත්. ඔයාගේ කෙනඩි පෝස්ට් එක ගැන කලින් අහලා තිබුනා. මේ වගේ නොදන්නා දේවල් හොයලා කියන එක ගැන ගොඩක් ස්තූතියි.

    ජින්සෙන් හැමෝටම පාවිච්චි කරන්න බැරිබවක් මම අහලා තියෙනවා. ඇත්තද කියලා දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුනඛයෙකු සේ නිදාගන්න කියන්නේ නිදගෙන හිටියට පොඩි සද්දයකට උනත් ඇහැරිලා ඉක්මනින් ප්‍රථිචාර දක්වන්න පුලුවන් වෙන එක...

      ජින්සෙන් ගත්තොතින් මේවා වැවෙන්නේ චීනය ජපානය රුසියාව වගේ ආසියා පැසිෆික් කලාපයේ රටවල් වල තමා මේවා වැවෙන්නේ... මේ ජින්සෙන්වල ප්‍රබේද ගොඩක් තියෙනවා... කාමය උද්දීපනය කරන්න, ඖෂධ විදිහටත් භාවිතා කරනවා... ඉස්සර කාලෙ චීනෙ රජවරුන්ට විතරයි මේ ජින්සෙන් පාවිච්චි කරන්න පුලුවන් උනේ... සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුනේ නෑ... ක්‍රි.පූ. ගනන්වල ජින්සෙන් වලට සමාන කරන්න පුලුවන් දේකට තිබ්බෙ රත්තරන් විතරයි... ඒත් එක්කම ආසියාවේ වටිනාම පැලෑටිය කියලත් කියනවා...

      Delete
  4. මිථිල,
    චීනයේ රාජ පෙළපත් යුග අනුව වර්ෂවල යම් යම් පරස්පර තිබෙනවාද? ඒ අනුව මෙලෙස වසර 600ක් ලෙස ගණනය වනවා විය නොහැකිද?
    //ස්වභාවධර්මයට අනුව ජීවත් වන තැනැත්තා ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරයි.// මුළුමනින්ම එකඟයි.
    ලෝකය අලුත් කරන්නේ 'මරණය' විසින් කියා මා අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගණනය කිරීම් කරලනන් තියෙන්නේ වර්තමාන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට අනුවයි...

      මරණය කියන එක කාටත් පොදු දෙයක්... ඉස්සර මිනිස්සු අදට වඩා කලයක් ජීවත් වෙලා තියෙනවා... ඒ එයාලගේ සරල දිවි පැවැත්ම නිසා ...

      Delete
  5. චින්නුන්ගේ නම් එකවගේම පෙනුමත් එකවගේනේ එහෙමනම් ඔය කියන පුද්ගලයා එකක පුද්ගලයෙක් නොවෙන්න බැරිද? මම එහෙම කිව්වේ අන්දරේ, නස්රුදින්, බ‍්‍රක්මදත්ත රජු වගේ අය කාල සිමා ගනනාවක ජිවත්වුන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් අසංග අයියේ ඔයා කියන එක වෙන්න පුලුවන්... හැබැයි මේ කතා කරන්නේ ඔය කියන තරන් ඈත අතීතයක් නෙමේ... මෙයා උපන්නේ 1677කියන්න තියෙන සාක්ෂි තමා වැඩිම... එතකොට වයස 256... මේ කාලෙ ලිඛිත ඉතිහාසයක් තිබ්බ කාලයක්...

      Delete
  6. රාවනා රජු වසර සිය ගණනක් ජිවත් වුනු බව කියවෙනකොට එක නම් බොරු..
    චීනයේ කෙනෙක් වසර සිය ගණනක් සිටියාම එක ඇත්ත...
    හ්ම්ම්..අපි නොදන්නා ඔක්කොම බොරු..
    අපි දන්නා ඒවා විතරයි ඇත්ත...

    මිතිල පුතාලගේ පරම්පරාවෙන් මන් ඉගෙන ගත්තු දේවල්..ඉගෙන ගන්න ලොකු පොඩි බේධයක් නැහැනේ :)

    ReplyDelete
    Replies
    1. රාවණා බොරුවක් නෙමේ කියලා මමත් පිලිගන්නවා... හැබැයි අද ගොඩක් අය ජනප්‍රිය රැල්ලට අහුවෙලා රාවණා ගැන බොරු ගොතලා රාවණාව මාකට් කරනවා... ඒ නිසා රාවණා ගැන තියෙන සත්‍ය දේවලුත් අසත්‍යක් හිතලුවක් කියලා හිතන්න මිනිස්සු පෙළබෙනවා...



      Delete
    2. පුදුමයි තමයි. 'සොබාදහම' සම්බන්ද කථාවට මාත් එකඟයි. ඒ වගේම තමයි 'රාවණා' චරිතෙටත් මම කැමතියි. පොඩි කාලෙ ඉඳන්ම රාවණා චරිතය කළු චරිතයක් වගේනෙ අපට කියන්නේ. ඒකෙත් හැටි.

      ජයවේවා!!!

      Delete
    3. සරලව ජීවත් වෙන තරමට ලෙඩ රෝග ආදිය ගොඩක් අඩු කරගන්න පුලුවන්...

      බොහොම ස්තූතියි කියෙව්වට ...

      Delete
  7. බ්ලොග් එක මුලින්ම ලෝඩ් වුනේ අමුතු විදිහකට. දැන් නම් පිළිවෙලකට පෙනෙනවා.

    බොහොම හොඳයි. විවිධ විෂයයන් යටතේ ලිපි ලියන්න. තේරුමක් ඇති දේ ලියන්න. සමහර ප්‍රවීනයන් කියන අය ලියනවා වගේ වල්පල් නොලියන්න.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න මේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගත්තා.

      Delete
    2. බොහොම ස්තූතියි විචාරක බ්ලොග් අඩවියට ගොඩ උනාට...

      Delete
  8. රයිඩර් හැගාර්ඩ් ගේ ක්වාටර්මබ් පොතකත් ඉන්නවා අවුරුදු සිය ගානක් ජීවත්වෙන මන්තරකාරියෙක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙත් මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා කියනවා... යෝගි කෙනෙක්... කුම්බමේලා උත්සවෙව්ට එනවලු...

      Delete
  9. Carbon parikshanayak kalanm harine meyage nashtawashesha

    ReplyDelete
  10. ලිපියත් හොදින් හිතට වැදුනා.//ස්වභාවධර්මයට අනුව ජීවත් වන තැනැත්තා ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරයි.// මෙය මමත් අදහන දහමක් තමයි.මේ ලෝකය පවතින් තාක්කල් මොන ආගමටත්, ශාස්තෟවරයාටත් ඉහළින් සිටින්නේ ස්වභාවධර්මයායි...

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...