Tuesday, October 18, 2016

ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය පොත් කිහිපයෙන් එකක කතුවරයා වීම ඔහුට ලැජ්ජාවට කරුණක් විය


  එක්තරා සවස් යාමයක තරමක් ගොත ගසන පුද්ගලයෙන් කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සමඟ බෝට්ටුවකින් තේම්ස් නදිය තරණය කලේ ය. බෝට්ටුවෙන් බැස පැය තුනකට පමණ පසු මෙම පුද්ගලයා අතින් ලියැවුනු එම කතාව අදටත් කා අතරත් කතාබහට ලක්වෙයි.

  මොහු නමින් ඩොජ්සන් ය. ( චාල්ස් ලුට්විජ් ඩොජ්සන් ( 1832 - 1898 ) ) එනමුත් ඔබ මොහුව හදුනන්නේ ඒ නමින් නොවේ. එනමුත් ඔහුගේ සැබෑ නම එයයි. ඉරිදා දිනවල පල්ලියේ දේශනා කල නිසා මොහුව ෆාදර් ඩොජ්සන් යැයි සමහරු ඇමතුවේ ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය උගන්වන දිනවලදී මොහුව මහාචාර්ය ඩොජ්සන් යැයි සිසුන් හා අනෙක් ගුරුවරුන් ඇමතුවේ ය.
ඩොජ්සන් 


 පෙරදි කී බෝට්ටු සවාරියේ දී මොහු විසින් කුඩා ගැහැණු ලමුන් තිදෙනාට පුදුමාකාර කතාවක් තමන් විසින් ගොතා කියන ලදි. එය කෙතරම් සාවධානව ඔවුන් අසා සිටියේද කිවතොත් තමන් යන්නේ බෝට්ටුවක යැයිද එම දැරිවියන්ට අමතක විය.

 ඔහු ඔවුන්ට කීවේ නින්දට පත් වූ පුංචි ගැහැණු ළමයෙකු හාවෙකුගේ ගුලකට වැටී විශ්මලන්තයක අවධි වන සැටි ඇතුලත් වන කතාවකි. මෙම ගැහැණු දරුවන් තිදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම ඇලිස් විය. මෙම දරුවන් තිදෙනා කියා සිටියේ එම කතාව නැවත කියවීමට ලියා දෙන ලෙසයි. එමනිසා මෙම මහාචාර්යවරයා මෙම ඉල්ලීම නිසා එදිනම රෑ නොබලා මෙම කතාව ලිව්වේ ය. මොහු මෙම කතාවට නම දැම්මේ ' විශ්ම දේශයට ගිය ඇලිස්ගේ හපන්කම් ' ලෙස ය.


 පොත මෙසේ ලීවත් ඔහු එය මුද්‍රණය කරන්නට සිතුවේ නැත. මන්ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විකාර ළමා කතා ලියන්නෙක් යැයි මිනිසුන් දැනගන්නවාට ඔහු අකමැති විය. එය තමන්ගේ ගෞරවයට හානියක් යැයි ඔහු සිතුවේ ය.

මුල් කෘතියේ පිටුවක්

 දිනක් ඩොජ්සන්ගේ මිතුරෙක් දූලි අතර තිබූ මෙම පොත සොයාගෙන කියෙව්වේ ය. ඔහුගේ සිත මෙම පොතට තදින්ම ඇදී ගියේ ය. ඔහු මෙම පොත මුද්‍රණය කිරීමට මූලිකත්වය ගත්තේ ය. එනමුත් ඩොජ්සන් එයට කැමැත්තක් නොදැක්වීය. මන්ද පෙරදී දැක්වූ හේතුව යි. එමනිසා ' විශ්ම ලන්තයේ ඇලිස් ' ( Alice In Wonderland ) ප්‍රකාශයට පත් වූයේ ව්‍යාජ නමක් යටතේ ය. ඒ නම ' ලුවිස් කැරොල් ' විය.

මුල් කෘතියේ කවරය

 එය අති සාර්ථක පොතක් බවට පත් විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය අතර එය ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය විය. ඉතා ඉක්මනින්ම එම කතාව විව්ධ භාෂා ගණනාවකටම පරිවර්තනය විය. වසරින් වසර මෙම කතාව තව තවත් ජනප්‍රිය විය.

 1865 දී ලියන ලද මෙම කෘතිය එනම් වසර එකසිය පනහකට ආසන්න කාලයකට පෙර ලියන ලද මෙම කෘතිය අදටත් ලොව ජනප්‍රියම ළමා කතාව ලෙස වැජබේ.

".... හුඟක් දේ ගැන කතා කරන්නට
කාලෙ ඇවිත් බව තල්මහ කීවා
සපත්තු, නැව් ගැන ඇලවෙන ඉටිගැන 
ගෝවා ගෙඩි සහ රජ්ජුරුවන් ගැන...

 මුහුද උණු වෙලා පැහෙන්න මොකද කියා
ඌරන් හට අත්තටු තිබෙනවද කියා...."

18 comments:

  1. ඒ ඒ මිනිස්සු හිතන විදිය. පොත කියවල නමි නැහැ නමුත් film හැම එකම බැලුව මාර කතාව.

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝම එක විදිහට හිතන්නෑනේ... නියම කතාවක් තමා ඒක...

      Delete
  2. ඔයා අපි වැඩිය දන්නේ නැති කතා හොයලා අපිට කියවන්න දෙනවා. ගොඩක් ස්තූතියි මිතිල. ගියපාර ලිපියට කමෙන්ට් කරන්න කලින් ඔයා අලුත් එකක් දාලත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙඩූසා.... වෙලාවක් හම්බුන නිසා තව එකක් ලිව්වා... ඉස්කෝලෙ වැඩත් එක්ක වෙලාවක් හොයාගන්න එක අමාරුයි...

      Delete
  3. දන්නෙම නැහැ ඇලිස් ගේ විශ්මලන්තය ට මෙහෙම පසුබිම් කතාවක් තියන බව.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ කියන්නෙ සැඟවුනු දේවල් වලින් පිරිච්ච තැනක්... තමන්ගෙ අතින් ලියැවුනු හොදම නවකතාව නීරසයි කිව්ව කතුවරියනුත් ඉන්නවා... තව අප්‍රකට කතා ගොඩක් ඉස්සරහට ලියවෙයි...

      Delete
  4. අදමයි ඇහුවේ මේ ගැන

    ReplyDelete
    Replies
    1. තව අප්‍රකට කතා තියෙනවා.. ඉස්සරහට ඒවත් පලකරන්නම්...

      Delete
  5. ස්තූතියි ලිපියට

    ReplyDelete
  6. තමන්ගේ කටයුතු ගැන තෘප්තිමත් නොවූ (ආඩම්බර නොවූ) විද්වතුන් ලේඛකයන් විශාල ගණනක් අපරදිග ඉතිහාසය තුළ හමුවෙනව මෙවැනි චරිත පිළිබඳ හඳුනා ගන්නට සැලැස්වීම මහ මෙහෙවරක් මිථිල ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව්... නිමැවුම්කරුවන් ගත්තොත් නිකොලා ටෙස්ලා ප්‍රධාන තැනක් ගන්නවා... එඩිසන් හැදුවයි කියන ගොඩක් ඒවා ඇත්තටම හැදුවෙ ටෙස්ලා... ටෙස්ලා පේටන්ට් විකුණුවා සල්ලි නැති හන්දා... ටෙස්ලා ලෝකෙට අවැඩක් වෙන විදිහෙ නිර්මාණ තමන් අතින් නිපදවුන වෙලාවට එයා ඒවා විනාශ කරා...

      Delete
  7. දිගටම ලියමු මල්ලි.හොඳ ලියවිල්ලක්. ඕං පලෝ පාරකුත් දැම්මා.

    මේ රචකයාට තිබෙන ලොකුම චෝදනාව තමයි එයා paedophile කෙනෙක් කියන එක. ගොඩක් අයගෙ මතයක් තමයි මේ රචකයා සැබෑ ජීවිතයේ ඇලිස් සමග ප්‍රේමයෙන් වෙලී සිටියා කියන එක. සැබෑ ජීවිතයේ ඇලිස් කියන්නේ ලුවිස් ලඟින්ම ආශ්‍රය කරපු ලිඩ්ල් පවුලේ කුඩා ගැහැණු දැරියයි. මේ ලිඩ්ල් පවුල එක්ක ලුවිස්ගේ ඉතා ලඟ සම්බන්ධයක් තිබුණත් කුඩා ඇලිස් ලිඩ්ල්ට වයස දොළහක් වෙනවිට ලුවිස් හා ඇගේ පවුලේ අය අතර මොකද්දෝ නොහොඳ නෝක්කාඩුවකට ලොකු විරසකයක් වුණා කියලා තමයි කියන්නේ.
    ඒ වගේම ලුවිස්ගේ විනෝදාංශය වෙලා තිබෙන්නේ කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප ගැනීම. මේ ඡායාරූප අතර නිරුවත් ඒවාත් සැලකිය යුතු ප්‍රමානය්ක් තිබේලු. ලුවිස් මේ ඇලිස් ලිඩ්ල්ට යවපු ලිපියක් මෑතකදී මතුවී ඒමත් එක්ක මේ කතාබහ ආයේමත් අලුත් වෙලා තිබෙනවාලු. ලුවිස් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිවක් කතා කලේ හෝ සම්මුඛ සාකච්ඡාවක් හෝ ලබාදී නැතිලු. ලුවිස්ගේ මරණයෙන් පස්සෙ එයාගේ ලිපි සහ දිනපොත වල සමහර කොටස් පවුලේ අය විසින් පුච්චා දමා තිබෙනවාලු.
    ලුවිස් ගත්තා යයි සැක කෙරෙන එක්තරා ඡායාරූපයක ලිඩ්ල් පවුලේ වැඩිමහල් දැරියගේ ඉදිරිපස නිරුවත් ඡායාරූපයක් තිබුනාලු. මෙය සොයාගත් කෙනා නම් කියන්නේ කිසිම දෙමව්පියෙක් තමන්ගේ දියණියට මෙවැනි ඡායාරූපයකට පෙනී සිටීමට ඉඩ දෙන්නේ නැති බවයි. ලුවිස්ගේ මේ ලිංගිකත්වය ගැන පර්යේෂණ කරන අය නම් කියන්නේ තමන් paedophile කෙනෙක් කියලා එයාවත් දන්නේ නැතුව ඇති බවයි. මේ repressed paedophile මානසික තත්වය කියලා හඳුන්වනවාලු. ඒ නිසා මේ දැරියන්ට ලුවිස්ගෙන් කිසිම හානියක් වුණේ නැහැ කියලා තමයි ඒගොල්ලන්ගේ මතය.

    ReplyDelete
  8. ඔත්තුවට ස්තුතියි.ඔබට ජය !

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...