Thursday, October 6, 2016

අපි නොදන්න Fencing - පලමු දිගහැරුම


 මේ කියන්න යන්නේ fencing නොහොත් කඩු හරඹ ක්‍රීඩාව ගැන. ලංකාවට මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත්තේ 2008 වසරේදී ය. ලංකාවේ පාසල් වලට මෙම ක්‍රීඩාව හදුන්වා දුන්නේ 2014 වසරේදී ය. පලමුවෙන්ම මෙම ක්‍රීඩාව හදුන්වා දුන් පාසල වන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. එහි පලමු ෆෙන්සිං කණ්ඩායමට මමත් ඇතුලත් වේ. දෙවෙනියට මෙම ක්‍රීඩාව හදුන්වා දුන් පාසල වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි.


  මුල් කාලයේ කඩු හරඹ භාවිතා කරන ලද්දේ තම ආත්මාරක්ෂාවට හා යුධ කටයුතු සදහාය. මෙම ලිපියෙන් කඩු හරඹ ක්‍රීඩාව ගැන සාකච්චා කෙරේ. කඩු හරඹ යනු ඔලිම්පික් හි පැර්ණිතම ක්‍රීඩා පහෙන් එකකි. අනෙක් ක්‍රීඩා හතර නම් පිහිනීම, මලල ක්‍රීඩා, ජිම්නාස්ටින් හා බයිසිකල් පැදීම වේ.


 මෙම ක්‍රීඩාවේ කඩු වර්ග තුනක් ඇත. ක්‍රීඩාවේ යෙදෙන කඩුව අනුව තරඟයේ නීති රීති වෙනස් වේ. එම කඩු වර්ග තුන නම් Epee, Foil හා Sabre වේ. මුල්ම කාලයේදී මෙය ආත්මාරක්ෂාව සදහා ස්පාඤ්ඤයේ දී ආරම්භ විය. Treatise On Arms නම් කෘතිය Deago De Valera විසින් 1458 - 1471 අතර කාලයේදී ලියන ලදි. මෙය මෙම ක්‍රීඩාව පිලිබද ලියන ලද දැනට ඇති පැරණිතම කෘතිය ලෙස සැලකේ.

1610 කඩු හරඹ ඉගෙනගනිමින්..


 18 වන ශතවර්ෂයේදී ප්‍රංශයේ පාසල් වල මෙම ක්‍රීඩාව ඉගැන්වීම ආරම්භ කරන ලදි. ස්පාඤ්ඤයේ පාසල් , ප්‍රංශයේ මෙම ක්‍රීඩාව පාසල් වල උගන්නන්න ගත්තායින් පසු පටන් ගත්තේය. Dominico Angelo විසින් 1763 දී ලන්ඩන් හිදී මෙම ක්‍රීඩාව උගන්නන අධ්‍යාපන ආයතනයක් පටන් ගත්තේය. නමුත් මෙහිදී මෙය බොහෝවිට ඉගැන්වූයේ ක්‍රීඩාවක් ලෙසම නොව හමුදා අවශ්‍යතාවන් සදහාය. 1896 දී මෙම ක්‍රීඩාව ඔලිම්පික් වලට එකතු විය.

Dominico Angelo විසින් භාවිතා කරන ලද අත්පොතක කොටසක්.


මෙම ක්‍රීඩාවේ භාවිතා වන කඩු අනුව තරඟයේ නීති රීති වෙනස් වන බව මම ඉහත පවසන ලදි.

FOIL




මෙම කඩුව 500g පමණ ස්කන්ධයකින් යුක්තය. පහර දී ලකුණු ලබා ගත හැක්කේ ඉහත පින්තූරයේ රතු පාටින් දැක්වෙන කොටසට පහර දුන්නහොත් පමණි. මෙම කඩුවේ කෙළවරේ කුඩා බොත්තමක් තිබේ. 5g ක පමණ ස්කන්ධයක් ඒ මත යෙදූ විට එය ක්‍රියාත්මක වේ. ක්‍රිඩකයෙක් ලකුණු ලබා ගැනීමට නම් ප්‍රථිවාදියාට පහර දී එම බොත්තම ක්‍රියාත්මක කර ගත යුතු වේ. කඩුවේ පැත්තක් වැදුනු පමණින් ලකුණු හිමි නොවේ. කඩු වර්ග තුනටම බොහෝ අංගචලන එක සමාන වේ. එහි සැලකිය යුතු තරමින් විශේෂයක් නැත. පහර දෙන ප්‍රදේශ වෙනස් වන නිසාවෙන් කුඩා කුඩා වෙනස්කම් පමණක් සිදුවේ. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දිය නොහැක. එක් වරකට පහර දිය හැක්කේ එක් අයෙකුට පමණි. එවෙලේ අනෙකා එම පහරවල් වැලැක්විය යුතුය.

EPEE




 මෙම කඩුව 775g ක පමණ ස්කන්ධයකට හිමිකම් කියයි. උක්ත පින්තූරයේ රතු පැහැති කොටසට එනම් ශරීරයේ ඕනෑම තැනකට පහර දී ලකුණු රැස්කරගත හැක. මෙම කඩුවේද පෙර සදහන් කල ලෙසම කඩුවේ කෙලවරේ බොත්තමක් ඇත. මම භාවිතා කරන්නෙත් මෙම කඩුවයි. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දිය හැක.

SABRE




 මෙම කඩුව 500g ක පමණ ස්කන්ධයකින් යුක්තය. ඉහත පින්තූරයේ රතු පැහැයෙන් දැක්වෙන පෙදෙසට පහර දී ලකුණු ලබාගත හැක. මෙම කඩුවේ කෙලවර බොත්තමක් නැත. කඩුවේ පැත්තක් වැදුනත් ලකුණු හිමිවේ.

 ඔබලාගේ අදහස් ඉතා අගේකොට සලකමි...තව කොටසකින් හමුවෙමු...

10 comments:

  1. කොමෙන්ට් කරද්දි පරිස්සම් වෙන්න වෙයි වගේ. මේ කඩු හරඹකරුවෙක්නේ. හැක්...
    වටිනා ලිපියක්නේ මේක. දිගටම ලියන්න සහෝ. අර හස්ති වලප ඉවරයිද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හස්ති වලප ඉවර නෑ තාම... ඒකට කරුණු වගයක් ලැබෙනකන් මඟ බලන් ඉන්නවා... හෙට අනිද්දා දිහාවට ඒවා ලැබෙයි එතකොට ලියනවා...

      Delete
    2. බොහොම ස්තූතියි කියෙව්වට ... ජයවේවා!!!

      Delete
  2. බොත්තම යි වදින තැනයි තේරෙන්නේ නැ

    ReplyDelete
  3. බොත්තම යි වදින තැනයි තේරෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි Foil සහ Epee වල කඩුවෙ කෙලවරේ පොඩි බොත්තමක් තියෙනවා. අපි පහර දෙද්දි කෙලින් පහර දෙන්න ඕනෙ. එතකොටයි බොත්තම press වෙන්නෙ. අපි පහර දීලා බොත්තම press උනේ නැත්තන් ලකුණු නෑ.

      Delete
  4. කදිමයි දිගටම ලියන්න

    ReplyDelete
  5. ඔලිම්පික් වල බැලුවට තේරුනේ නෑ

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...