Monday, December 25, 2017

පාරු පාලම


පෘතුගීසීන් විසින් 'පාසු ග්‍රාන්ඩ්' නම් ස්ථානයේ කැලණි ගඟ හරහා පාරු පාලමක් සකස් කර තිබුණි. මෙම ස්ථානය වර්තමානයේ හදුන්වන්නේ 'ග්‍රෑන්ඩ් පාස්' නමිනි.

 මෙහි වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට පාරු සේවයක් තිබුණි. මෙය මීගමුව, වයඹ පළාතට හා මධ්‍යම කඳුකරයට ඇතුලු වන එකම මාර්ගය විය.

එකිනෙකට යාබදව පාරු 21ක් නැංගුරම් ලා අඩි 500කට ආසන්න දිගට සාදා තිබූ පාලම් පාරුව පිලිබඳ අද ඇත්තේ මතකයන් පමණි. සෑම දිනකම එක් පැයක් එයින් බෝට්ටු දෙකක් ඉවත් කර ගොඩ බිමින් ගමනාගමනය නවතා, ගඟ දිගේ යන එන ප්‍රවාහනයට ඉඩ සලසා දෙනු ලැබේ.

වර්ෂා කාලයේදී ගඟේ ජල මට්ටම ඉහළ ගිය විට පාලම් පාරුවට දුෂ්කර කාලයක් එළඹේ. එම කාලය තුලදී පාරු පාලමෙන් බෝට්ටු එකක් හෝ කිහිපයක් මුහුදට ගසාගෙන යයි. මෙම ගසාගෙන යන බෝට්ටු ගසාගෙන යන වේගයට කැඩී බිඳී ගියේ නැතිනම් ඒවා සොයාගෙන විත් නැවත පාලම් පාරුවේ නැංගුරම් ලා දමයි. එසේ නොමැතිව බෝට්ටුව කැඩී බිදී ගියහොත් ඒ වෙනුවට තවත් බෝට්ටුවක් යොදා ගනියි.

පාරු පාලම යැයි පවසන විට පාලම් පාරුවත් මතකයට නැගේ. අතීතයේදී රජුන් ඇතෙක් බරට වස්තුව ලබා දුන් බව වංශකතාවල සදහන් වේ. නමුත් මේ ඇතෙක් බරට වස්තුව මැන්නේ කෙසේදැයි ඔබ සිතා බැලුවා ද? පලමුව ඇතාව පාලම් පාරුවක් මතට නග්ගවා එම පාලම් පාරුව ගිලෙන ප්‍රමාණය ලකුණු කර ගනියි. ඉන්පසු එම ප්‍රමාණයට වස්තුව පාලම් පාරුව මත පැටවූ පසු එය ඇතෙක් බරට වස්තුව ලෙස හැදින්වේ.

පෙරදී කැලණි ගඟ හරහා පාරු පාලමක් ඉදි කෙරූ බව සදහන් කෙරිණි. කැලණි ගඟ හරහා බැඳුණු පලමු යකඩ ගරාදි පාලම ඉදිවූයේ 1895 වසරේදී ය. මෙය නම් කලේ එකල එංගලන්තයේ මහ රැජිණගේ නමිනි. එය වික්ටෝරියා පාලම විය.

'පාරු පාළමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා'





1 comment:

  1. වාසිතය සහෝදරයා ඔබ මේ පලකළ ඇති සිතුවම්වල වටිනාකම මෙතෙකැයි කියා නිම කරන්න බෑ. සුනිල් එදිරිසිංහ ගයන
    ඔබ විසින් ඉහත දක්වා ඇති ගීතයට පසුබිම සැකසුනේ එහි ගීත රචක අශෝක කෝවිලගේ මහතා එක්තරා චිත්‍ර ප්‍රදර්ශනයදී ඔබ ඔය ඉදිරිපත් කර ඇති සිතුවම් දැකීමෙන් පසුවයි . මෙහි නැති තවත් වැදගත් සිතුවමක් ලෙස පැරණි ඕලන්ද ඇළ හි සිතුවම දක්වන්න පුළුවන්. අතීතයේ මතක සුවඳ එක්කරන ඔබට අපගේ ස්තූතිය
    විචාරක දියණිය

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...