Monday, November 25, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [5] ගණින්නාන්සේ


ප්‍රසන්න - සර්, මම මෑතකදී රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියෙව්වා. ඒකෙ තියෙනවා ගණින්නාන්සේ කියලා භික්ෂූ කොටසක් ගැන. මට ඒක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ගණින්නාන්සේ කියන්නෙ දරුවො මහනුවර යුගයෙ වගෙ කාලෙ හිටපු දුශ්ශීල භික්ෂූන්ට. ‘ගණෙල්ලො’ ‘ගණවොලින්’ කියලත් මෙයාලව හදුන්වනවා. සිවුරක් ඇඳගෙන ඒකට උඩින් බඳ පටියක් බැඳගෙනයි සාමන්‍යයෙන් ගණින්නන්සේ කෙනෙක් හිටියේ. උන්නාන්ස්ලාට දරුමල්ලොයි බිරින්දෑවරුයි හිටියා. ළමයින්ට කීවෙ ‘ගණ ගැටයන්’ කියල. රොබට් නොක්ස් නම් කියන්නෙ එහෙම අඹුදරුවො ගණින්නන්සෙලාට හිටියෙ නැහැයි කියල. ඒත් ඇත්ත කාරනය තමා එහෙම හිටපු එක. පන්සලේම තමා මේ ගණින්නන්සේගේ පවුල හිටියෙ. ගමේ මිනිස්සු දෙන දාන වලින් තමා මේ පවුල් නඩත්තු වුනේ. ගණින්නන්සේලගේ ගෙවල් වලට ‘ගණේගෙදර’, ‘විහාරේගෙදර’; ‘ගණේවලව්ව’ වාගෙ එක එක නම් කිව්වා. ගණ්න්නාන්සේලාට නම් තිබ්බෙ උපන් ගමේ නම විතරක් මුලට යොදලා ‘ලබුතල ගණින්’, ‘වෙලඟේ ගණින්’, ‘වේහැල්ලේ ගණවොලින්’ වාගෙ නම්.

නිමාලි - එතකොට එයාලා බණ දේශනා කලේ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සලේ ඉඩම් පාවිච්චි කරගෙන ඉන්න ගමන් මිනිස්සුන්ට කීවා පන්සලට අයිති දෙයක් ගන්න් කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදිනවා කියල. ගොඩක් වෙලාවට ගණින්නන්සේලා දේශනා කරන්න පාවිච්චි කලේ ‘ජාතක කථා පොත’. වෙස්සන්තර වගේ ජාතකයක් තාලයට ගායනා කරලා ඒකෙ තේරුම කියල දෙන එකයි කලේ. ධර්ම දේශනා ගීතවත්ව ඉතිරිපත් කරන්නයි මේ ගණින්නාන්සේලා නිතරම වාගෙ උත්සහ කලේ. වෙස්සන්තර ජාතකයේ කවි එක් ගණින්නන්සේ කෙනෙක් ගායනා කරද්දි තවත් ගණින්නන්සේ කෙනෙක් උඩැක්කියක් වාදනය කරා. සමහරක් මිනිස්සුන්ට මේවා නොතේරුනාට එයාලා මේවට ගොඩක් ආසා වුනා.

නිසල් - එතකොට මේ ගණිනාන්සේලාට හරි මාර්ගය කියල දෙන්න කවුරුවක්වත් හිටියෙ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - මේ කාලෙ දරුවො ලංකාවෙ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ. මේ කාලෙ ගණින්නාන්සේලා දන් වැළදුවෙත් පිඟානක. පිණ්ඩපාතය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අස්ගිරි, පෝයමළු භික්ෂූන් මාළිගාවට ගෙන්නගෙන දානයක් දුන්නා. එතැනදි මේ භික්ෂූන් දානය වළදින්නෙ පාත්‍රයෙන් නෙමේ කියල රජතුමා දැක්කා. ඉතින් රජතුමා ඇහුවා මේ භික්ෂූන්ගෙන් අටපිරිකර කියන්නෙ මොනවද කියල. පාත්‍රය, පෙරහන, පටිය, තුන් සිවුර, කර කැත්ත, ඉදි කටුව කියන්නෙ පිරිකර ටට කියල කීව්වා. එහෙනන් පලවෙනි පිරිකර වෙච්ච පාත්‍රය දැන් කෝ කියල අහල රජතුමා මේ භික්ෂූන්ට පාත්‍රයෙන් දන් වළදන්න අණ කරා කියල කියනවා.

ඟැඩුඹස්වැවේ මුදලිඳුගෙ මුණුබුරෙක් වුන කවියෙක් මේ භික්ෂූක්ට නිවැරදි මාර්ගය පෙන්නන්න කියාලා ‘විනය සිවුපඳ කියල පොතකුත් ලියල තියෙනවා.

සහන් - මම අහලා තියෙනවා මේ ගණින්නාන්සේලා පොත් ලිව්වයි කියල.

ඉස්කෝලෙ මහත්තයා - මේ ගණින්නාන්සේලා භික්ෂූන්ගේ අඳුරු පරිච්ඡේදයක්විදිහට සමහර මිනිස්සු හිතුවත් උන්නාන්සේලාගෙනුත් සේවයක් වුනා. ඔය පරණ පොත පත අතුරුදහන් වෙන්න නොදී රැකගත්තෙ මේ ගණින්නාන්සේලා තමා. බණ පොත්, සිංහල සාහිත්‍ය පොත් ඉතිහාසෙන් නැතිවෙන්න නොදී ඒවා ලියල තියාගත්තා. ඔය පූජාවලිය වාගෙ පොත් තමා වැඩිමනක් ලියල තිබ්බෙ.

ඔය විතරක් නෙමේ මේ ගණින්නාන්සේලා අමුතුම බණකුත් කිව්වා. මේ බණ ගැන ‘ධර්මානිසංසය’ කියන පොතේ තියෙනවා. ඒකෙ කිව්වේ බුදුරජාණන් වහන්සේ කීව දහම් පදයක් ලිව්වොතින් එක අකුරකට නවදස් කෝටියක දිව්‍යලෝක සැප විදින්න පුලුවන් කියල. බුදුරජාණන් වහන්සේ එහෙව් දෙයක් කියල තිබ්බෙ නැතත් ඒකෙන් හොදක් උනා. මිනිස්සු දිව්‍යලෝකෙ සැප විදින්න කැමති නිසා බණ පොත් පිටපත් කරන්න ගත්තා. ඔය ජෛන ආගමෙත් මේවගේම ඉගැන්වීමක් තියෙනවා. ඒකෙ කියන්නෙ අනෙක් ආගමකට අදාල පොතක් වුනත් පිටපත් කරන එක පිං පලදෙන ක්‍රියාවක් කියල.

දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ හිටියා පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ කියල හිමිනමක්. දෙවන රාජසිංහ රජතුමා ඇසළ පෙරහැර නවත්වපු එකට අඹන්වෙල රාල ඇති කරපු කැරැල්ලට අනුශාසනා කලේ මේ කොබ්බෑකඩුවෙ ගණින්නන්සේ.

නිමාලි - හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනෙ මේ වගේ දේකට වෙන්න ඇති නේද…

ඉස්කෝලෙ මහත්තයා - සිල්වත් භික්ෂුවකගෙන් ශාසනික ප්‍රතිපත්ත රැකෙනවා තමා. නමුත් රටයි ජාතියයි ආගමයි අන්තිම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක හිටිය මේ ගණින්නාන්සේලා සිවුරු හැරලා යනවට වඩා මේ කරපු සේවය වටිනවා. ඇරත් මේ කාලෙ ලංකාව වැටිලා තිබුනු තැන ගැන හිතනකොට භික්ෂුවක් ගණිනාන්සේ කෙනෙක් වෙච්ච එකට අපිට වරදක් කියන්නත් බෑ. කොහොමෙන් කොහොම හරි මේ තත්වෙ තිබුනු ලංකාවෙ බුද්ධ ශාසනේ හරි මාර්ගෙට ගත්තෙ අසරණ සරණ සරනංකර සංඝරාජ ස්වාමින් වහන්සේ. උන්නාන්සේ ගැන තවත් දවසක කියල දෙන්නම්කො…



18 comments:

  1. මේ ලිපි ලියන්නේ ක්‍රිස්තියානිකාරයෙක් නේද? ඇයි මෙහෙම අති ගෞරවනිය, වන්දනීය මහා සංගරත්නයට අපහාස කරමින් ලිපි ලියන්නේ? කරුණාකර මෙම ලිපි ඉවත් කරන්න. නැතිනම් කරදර විදීමට සිදුවෙයි. මේක සිංහල බෞද්ධ රටක්. ඒක පිළිගන්නේ නැති එක එක පරයන්ට මේකේ ඉඩ නෑ දැන්. මේ ලිපි ඉහල බලධාරීන්ට පෙන්වා ක්‍රියාමාර්ග ගැනීමට පෙර මේවා ඉවත් කලොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට නිසි පිළිතුරු පොස්ටුවේ රචක මහත්තයා දෙයි මගේ හිතේ.

      මට නං ඔබතුමාගේ කමෙන්ට් එක දැක්ක ගමන්ම හිතුනේ තමුන්නාන්සේ මේ පොළොවේ පය ගහලා ඉන්නවද කියලයි.

      ටික කාලෙකට ඉස්සර අපූරු ටෙලි නාට්‍යයක් විකාශය වුණා. දස්කොන්- බැලුවේ නැතිද? තවත් රසවත් නවකතා ගණනාවකත් මේ ගණින්නාන්සේලා ගැන තියෙනවා. ඒ විතරක් නෙවෙයි 'උඩරට විත්ති' සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ගැන ලියැවුණු පොත් ගණනාවකත් ගණින්නාන්සේලා ගැන තියෙනවා. ඒවාත් අහක් කරවමුද, තහනම් කරලා?

      අතුරු ප්‍රශ්නෙකුත් නාහාම බැහැ. අලුත් ආණ්ඩුවෙන් සංස්කෘතික පොලීසියක් එහෙම දාන්න යනවාවත්ද ඔබතුමාව ලොක්කා කරලා?

      Delete
    2. # නිදිගෙ පංච තන්තරේNovember 25, 2019 at 8:12 PM

      නිමල් ඔහෙට මේකේ අදාළත්වයක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ රට මේක. මේ වගේ මහා සංගරත්නයට අපහාස කරනා ලිපි ගැන ගන්නා තීරණ හෙට දිනයේ දැකගන්නට ලැබෙයි. මේ ලිපි ගැන අපි බලධාරීන්ට දැනුම් දීලා ඉවරයි.

      Delete
    3. @ඇනෝ... ඔබතුමා එක්ක වාද කරන්න යන්නෙ නෑ... මොකද ඔය වගේ අදහස් ඔලුවෙ තියන් ඉන්න මිනිස්සුන්ට උපන්තේකට දෙයක් කියල තේරුම් කරන්න බැරි බව අත්දැකීමෙන්ම දන්න නිසා...

      මම මේකට විස්තර ගත්තෙත් භික්ෂූන් වහන්සේලා ලියපු පොත්පත් කියවල... අනික මේ ලංකාවෙ ඉතිහාසෙ... කවුරුත් අකමැති වුන පලියට මේවා මකන්න බැහැ... මම නිතරම කියන දෙයක් තමා ඉතිහාසය කියවද්දි තමන්ගෙ මතයන් හරිය කියල පෙන්නගන්න ඉතිහාසය කියවන්න යන්න එපා...එතකොට අපිට ඕන දේ විතරයි අපි දකින්නෙ...නොදකින පැත්තක් මග හැරෙනවා...

      මේ දේවල් මම නිකමට කීවෙ... මං දන්නව ඔබතුමා මම කිව්ව දේවල් තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නෑ... අදහස් ප්‍රකාශ කිරීමට මග අහුරන්නෙ නෑ මං... ඒ හින්දා කැමති නම් දිගටම බනින්න... මේක අයින් කරගන්නෙ නැහැ...!

      Delete
    4. මං නං හිතන්නේ ඔය ඇනෝනිමස් කමෙන්ටුව පැරඩියක් කියායි

      Delete
    5. ඔය ඇනෝනිමස් කමෙන්ටුව පැරඩියක්

      Delete
  2. මම හිතන්නේ ගණින්නාන්සේලා කියන්නේ කියන තරම් නරක අය නෙමෙයි.
    සරනංකර හාමුදුරුවෝ තායිලන්තෙන් හාමුදුරුවෝ ගෙන්නලා මෙරට උපසම්පදාව පිහිටෙව්වට පස්සේඑතුමාට අවශ්‍ය වෙන්න ඇති මෙරට සමාජයේ ඒ වනවිට මුල්බැස තිබූ ගණින්නාන්සේ සම්ප්‍රදාය තුරන්කරන්න ඒ නිසාම ගණින්නාන්සේ කියන්නේ මහා පව්කාරයෝ පිරිසක්ය කියන මතය පැතිරෙව්වා වෙන්න පුළුවන්.

    එහෙම දේවල් වෙනත් ආගම්වලත් වෙනවා. ගැලීලියෝ හිරදඬුවම් නියම කිරීම ගැන කතෝලික විරෝධීන් අපිට පල් බොරුවක්නේ උගන්වලා තිබුනේ.
    නලීන් ද සිල්වා මහත්තයට පින්සිද්ද වෙන්න ඒ ගැන ඇත්ත දැනගත්තා.

    මගේ මතය මේ කාලෙටත් ගනින්නාන්සෙලා පිරිසක් අවශ්‍යයි. පැවිදිවෙන අය සමන්ත භද්‍ර හාමුදුරුවෝ වගේ කෙලින්ම නිවන ගැන හොයන්න යොමුවෙන අතර
    එතරම්ම අධ්‍යාත්මික පැත්තට බර නැති අය (ඥානසාර හාමුදුරුවෝ වගේ) ගණින්නාන්සෙලා වෙලා ගිහි බෞද්ධයන්ට නායකත්වයක් දෙනවනම් කොච්චර හොඳද? ලංකාව බෞද්ධ රටක්නම් එහෙම අයට පඩි ගෙවන්න රජයට සිදුවෙනවා.

    ReplyDelete
  3. I hope new generation read land learn this mostly hidden history.

    ReplyDelete
  4. and not land (bloody spell check is worse than me)

    ReplyDelete
    Replies
    1. dontt tel lies. ispel ckek is not rong. yu r the bloody fool.

      Delete
  5. ගණින්නාන්සෙලා වගේම කොටසක්ද "සිල්වත්තැන" කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. වැලිවිට සරණංකර හාමුදුරුවෝ පටන්ගත්ත පිණ්ඩපාතික සාමණේර සමාගමට කීවා 'වැලිවිට සමාගම' කියල... එකේ හිටපු සාමණේරවරුන්ට 'සිල්වත් තැන්' කියල තමා කිව්වෙ...

      Delete
  6. මෙච්චර වටිනා ලිටැවිල්ලකට ගරහපු පුද්ගලයා ගණින්නාන්සෙ පරපුරේ වෙන්නත් බැරි නැ..

    වැව්

    ReplyDelete
  7. සොයාගැනීමට අමාරු ඉතිහාසගත කරුණු ටිකක්. කාට වැදුනත් මේවා හෙළි කරන එක හොඳයි.

    ReplyDelete
  8. ගණින්නාන්සේලාගේ කාලේ නම් පන්සලේ සෙල්ලම අතහැරලදාලා තියෙන්නැති. පවුලක් පන්සලක් වීමේ ඒ පැරණි අයිතිවාසිකම් මේ උන්නාන්සේලට නැවත ලබාදුන්නා නම් උතුරායන අසහනය තුරන්වෙලා සාමකාමීව හැසිරෙන්ට පටන්ගනීවි. ආගමික කටයුතු වල යෙදෙනවෙලාවට පමණක් සිවුර ඇන්දහම මදෑ, ඒක සිවුරේ ගෞරවය රැකීමටත් ඉවහල් වේවි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...