Friday, September 10, 2021

රජතුමා හා චාරිත්‍ර

 රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ එක් තැනක සිංහල මිනිස්සු අතර තිබුනු එක් ආප්තෝපදේශයක් ගැන සඳහන් වෙනවා. ‘මහරජුටත්, හිඟන්නාටත් දොස් කියන්නට කිසිවෙක් නැත්තේ ය. කිසිම දෙයකට බිය නොවිමෙන් මහරජු උසස් වෙයි. කිසිම දෙයකට දොස් නොකිය හැකි තරමට අනිකා පහත් වෙයි’ මේ වගේ කියමන් වලින් තේරෙන්නේ ලංකාවේ ඒකාධිපති පාලකයෝ පාලනය කරා කියලා. නමුත් හැම තිස්සෙම ඒක සත්‍ය වෙන්නේ නැහැ. 

ලෝක ඉතිහාසයේ විවිධ කාලවල විවිධ රටවල් තුල ඒකාධිපති රජවරු හමුවෙනවා. ඒ මිම්මෙන් ම ලංකාවේ රජවරු මැනීම සාර්ථක නැහැ. රජතුමා අරගත්තු තීන්දු තීරණ වලට විරුද්ධ වෙන්න හැකියාවක් සමහර කාල තුල ලංකාවේ රාජ සභාවල තිබුනා. මම පොඩි උදාහරණයක් කියන්නම්.

සිංහල ව්‍යවස්ථාවේ රජතුමාට වඩා ඉහළින් තිබුනේ පැවති චාරිත්‍ර. රජතුමා වුනත් ඒ ඒ චාරිත්‍ර වලට යටත් වෙන්න ඕන. ලංකාවේ අවසන් සිංහල රජතුමා විදිහට සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. මේ නරේන්ද්‍රසිංහ රජතුමා දවසක් විසුවේ පනික්කියා නම් බෙරවායෙක්ට කබායක් ලබා දෙනවා. ලංකාවේ කුල ක්‍රමය අනුව බෙරවා කුලය සැලකෙන්නේ පහත් කුලයක් විදිහට. ඒ නිසා බෙරවා කුලයේ අයට උඩුකය වහගන්න ඇඳුම් ඇඳීම තහනම්.

නමුත් තමන්ට මේ කබාය ලබාදුන්නේ රටේ රජතුමා නිසා බෙරවා කුලයේ පනික්කියා බය නැතුව මේ කබාය ඇඳගන්නවා. තමන්ගේ කුලයේ අයට උඩුකය වැසීම තහනම් වුනත් රජතුමා ම මේ කබාය ලබාදුන්නු නිසා මොකට බයවෙනවද කියලා හිතෙන්න ඇති. නමුත් අවාසනාවකට මේ පනික්කියා කබාය පැළඳගෙන ඉන්නවා දකිනවා රම්මොලක මහ නිලමේ. මේ මහ නිලමේ පනික්කියාගේ මේ කබාය ඇඳගෙන ඉද්දිම ඉරා දානවා. ඊට පස්සේ ඔහුව සිරගත කරනවා.

ඊට පස්සේ එතැනින් නතර වෙන්නේ නැහැ. මුලින් ම උඩරට චාරිත්‍ර කඩ කරලා බෙරවා කුලයේ පනික්කියාට කබාය ලබාදුන්නේ රජතුමා. මේ නිසා මහ අදිකාරම් ඇතුලු අනෙක් ප්‍රධානීන් රජතුමාට දඬුවමක් දෙන්න තීරණය කරනවා. ඒක දඩයක්. රජතුමා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන නැවතත් ඒ මුදල් ම රාජ්‍ය භාණ්ඩාගාරයට දැම්මා නම් ඒක දඩයක් වෙන්නෙත් නෑනේ. මේ නිසා ඒ දඩය මහ දේවාලයට ගෙවිය යුතුයි කියලා තීන්දු වෙනවා.

රජතුමාට වඩා රටේ චාරිත්‍ර උසස් වූ බව කියන තවත් උදාහරණයක් තියෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රජකමට පත්වෙනකොට ඔහු කුඩා අවධියේ හිටියේ. ඒ නිසා රාජ්‍ය පාලන කටයුතු වලට ඔහුගේ පියා වන නරේනප්පා ඇඟිලි ගැසීම් කරලා තියෙනවා. රාජ නියෝගයකින් උඩරටින් එළවපු මිෂනාරින්ව නැවත උඩරටට ගෙන ඒම සහ එවකට මහ අදිකාරම්ට බැන වැදීම වගේ කාරණා නිසා උඩරට ප්‍රධානීන් මේ නරේනප්පා ගැන බොහොම කේන්තියෙන් හිටියේ.

දවසක් ඇසල පෙරහැර ඉවරවෙලා මේ ප්‍රධානීන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගාවට ගිහින් කියනවා රටේ චාරිත්‍ර රකින්න බැරිනම් ඒවා රකින්න පුලුවන් වෙන රජකෙනෙක් පත් කරගන්නම් කියලා. මේක එක්තරා ආකාරයක තර්ජනයක්. මේ තර්ජනය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ තාත්තට අවවාද කරා කියලා කියනවා.

මේවා අපි වර්තමානයට ඈඳන්න පුලුවන්. ජනාධිපති කියලා තනතුරක් තිබුනත් ඒ තනතුර ලංකාවේ ව්‍යවස්ථාවට යටයි. ඒ වගේම තමා ඉස්සර රජ තනතුරටත් ඉහළින් රටේ චාරිත්‍ර තිබුනා. 

රජකෙනෙක් තමන්ගේ රාජ සභාව කියන දේට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. මේ රාජ සභාවේ තීරණ නොසලකා හරින්නත් රජතුමාට හැකියාවක් තියෙනවා. නැතුව නෙමේ. නමුත් උඩරට නීති වලට අනුව නම් රාජ සභාවේ ඇමතිවරු ඒකමතිකව ගත්ත තීරණයට විරුද්ධ නොවීම රජතුමාගේත් වගකීමක්. 

[ T.F. Simon නම් චිත්‍ර ශිල්පියා විසින් 1920 අවධියේ දී 'බෞද්ධ සිද්ධස්ථායක් ඇතුලත' ලෙසින් එළිදැක්වූ සිතුවම පහත දැක්වේ . ]



5 comments:

  1. 'දවසක් ඇසල පෙරහැර ඉවරවෙලා මේ ප්‍රධානීන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගාවට ගිහින් කියනවා රටේ චාරිත්‍ර රකින්න බැරිනම් ඒවා රකින්න පුලුවන් වෙන රජකෙනෙක් පත් කරගන්නම් කියලා. මේක එක්තරා ආකාරයක තර්ජනයක්. මේ තර්ජනය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ තාත්තට අවවාද කරා කියලා කියනවා.'

    කවුද කියන්නේ? මේ ගැන පිළිගතහැකි මුලාශ්‍ර සහිත වාර්තාවක් තිබෙනවද?

    -රංග තේනුවර(GTRZ)
    සාමාජිකයන් ලක්ෂ හයකට වඩා සිටිනා එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරී.-

    ReplyDelete
  2. අපේ රටේ චාරිත්තර අගය කරන්න නං- එව්වා දැනගෙන ඉන්න ඕනි. මෙහෙ උපන්න පලියටම එව්වා දැන ගන්න ඇහැකිද? දැනගන්න ඉඩක් ලැබුණත් ඒවා ඉගෙනගන්න තරම් මොලයකුත් තියෙන්න ඕනි නේද?

    ReplyDelete
  3. රජෙක් නම් ඔහු රාජකීය සම්ප්‍රදායයන් රැකිය යුතුයි.
    නැත්නම් ඔහු ග්‍රාමසේවක කෙනෙක්.

    ReplyDelete
  4. වෙනද වගේම.. නියමයි

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...