Tuesday, March 21, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

Zack Snyder විසින් 2007 දී නිපදවන ලද 300 චිත්‍රපටය ඔබ නරඹා ඇතැයි සිතමි. එම චිත්‍රපටයට පාදක වන්නේ පුරාතනයේ සිදුවූ තර්මෝපයිලේ හි සටනයි. චිත්‍රපටයේ ඉතිහාසයේ සඳහන් දෑට වඩා යම් යම් කොටස් එකතු වී ඇති බව මතක් කර සිටිමි. එනමුත් සාමාන්‍යයෙන් බොහෝ ඓතිහාසික සිද්ධි මුල්කරගත් චිත්‍රපට වල සිදුවන්නේ එයයි. මෙම සටනේ ග්‍රීකවරුන්ගේ නායකයා වන්නේ ස්පාර්ටා හි ලියෝනයිඩස් ය. ලියෝනයිඩස් රජු යනු කව්ද? තර්මෝපයිලේ හි සටනේ සිදුවූයේ කුමක්ද? යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරේ.


  ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරඩෝටස්ට අනුව ලියෝනයිඩස් යනු ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ පලමු බිරිඳට දාව දරුවෙකි. බිරිඳගේ නම සදහන් නොවුවද ඇය රජුගේ ඥාතියෙකි. ලියෝනයිඩස් පලමු දරුවා නොවන අතර රජුගේ දෙවන බිරිඳ ක්ලියෝමෙනස් නම් දරුවාව වැදුවා ය. ඉන්පසු රජුගේ පලමු බිරිඳට ඩෝරියස් නම් දරුවා වැදුවාය. ඔහු ලියෝනයිඩස්ගේ වැඩිමහල් සොයුරා ය. ඩෝරියස් ඉපදී වැඩිකල් නොගොස් පලමු බිරිඳ ලියෝනයිඩස් ව ගැබ් ගත්තාය. ඒත් සමඟම ඇයට ක්ලියොම්බ්‍රොටස් ලැබුනාය. හෙරඩෝටස් පවසන අන්දමට ලියෝනයිඩස් සහ ක්ලියොම්බ්‍රොටස් නිමුන්නු යැයිද මත පවතී.


ලියෝනයිඩස්ට ස්පාර්ටා හි කිරුළ හිමි වූයේ ක්‍රි.පූ. 489 දී ය. රජුගේ තුන්වෙනි පුත්‍රයා වූ නිසා ලියෝනයිඩස්ට රජකම පිලිබඳ අදහසක් ඇති කර ගැනීමට නොහැකි විය. ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජු මියගිය පසු වැඩිමහල් පුත්‍රයා වූ ක්ලියෝමෙනස් ස්පාර්ටා හි රජකමට පත් විය. එනමුත් රජතුමා පිරිමි දරුවෙකු නොලබා මිය ගියේ ය. ඉන්පසු වැඩිමහල් පුත්‍රයා වූ ඩෝරියස් සිසිලිහි සටනකදී මියගියේ ය. එමනිසා ජීවත්ව සිටින දරුවන් අතරින් වැඩිමහල් පුත්‍රයා ලෙස ලියෝනයිඩස්ට රජකම හිමි විය. ලියෝනයිඩස් තම වැඩිමහල් සොයුරා වූ ක්ලියෝමෙනස්ගේ දියණිය වූ ගෝර්ගෝ විවාහ කර ගත්තේ ය.


ලියෝනයිඩස්ට ඉදිරියෙන් තිබුනේ පහසු කටයුත්තක් නොවේ. වසර කිහිපයකට පෙර පලමුවන ඩේරියස් රජු යටතේ පර්සියන්වරු ග්‍රීසිය ආක්‍රමණය කලේ ය. ඒ අයෝනියාහි පර්සියන් පාලනය පැවති කාලයේ පර්සියානු පාලනයට විරුද්ධව කැරලි ගැසීමට ඇතැන්ස් හා ඉරේට්‍රියා යන පුර රාජ්‍ය සහය දුන් බැවින් එම රාජ්‍යයන්ට පාඩමක් ඉගැන්වීමටය. ක්‍රි.පූ. 490 දී මැරතන් හි මෙම සටනෙන් ඇතැන්ස් පුර රාජ්‍යයට ජයග්‍රහණය අත් විය. එනමුත් වැඩිකල් නොගොස් ඩේරියස් රජු තම සියලු බලය යොදා නැවත පහර දීමට තැත් කලේ ය. එහෙත් ඩේරියස් රජු ග්‍රීසියට පහර දීමට ඉක්මන් වූයේ නැත. මන්ද ඒ වන විට පර්සියානු අධිරාජ්‍යයේ යම් යම් කොටස් වල කැරලි කෝලහාල ඇතිවූ බැවිනි. ඒත් සමඟම ක්‍රි.පූ. 486 පමණ වන විට ඩේරියස් රජු යුද්ධයක් අතරතුර මියයන ලදි. එමනිසා ඔහුගේ පුත්‍රයා වූ Xerxes රජකමට පත් විය. තම පියාගේ පරාජයට පලිය ගැනීමට ඉටා සිටි මේ පුත්‍රයා තම හමුදාව දිනෙන් දින ශක්තිමත් කිරීමට වග බලාගත්තේ ය. ක්‍රි.පු. 480 පමණ වන විට ඔහු සුවිශාල හමුදාවක් සාදා ගත්තේය. එහි එකසිය පනස් දහසක් ( 150000) මිනිසුන් හා නැව් 600 ක් අඩංගු විය. ක්‍රි.පූ. 480 අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල මොහු ග්‍රීසියට විරුද්ධව යුධ ප්‍රකාශ කලේ ය. තර්මෝපයිලේ හි සටන ලෙස හදුන්වන්නේ මෙයයි.


තර්මෝපයිලේ හි සටන යනු ග්‍රීසිය වෙත පර්සියන්වරුන්ගේ දෙවන ආක්‍රමණයේදී සිදුවූ සුප්‍රකටම සටන වූ අතර පුරාතන යුරෝපා ඉතිහාසයේ සිදුවූ සුප්‍රකටම සටන් වලින් එකකි. අන් සටන් මෙන් නොව මෙහිදී ග්‍රීකයන්ට අත් වූයේ පරාජයකි. මෙහිදී ග්‍රීක පුර රාජ්‍යයන්ගේ ඉතා කුඩා හමුදාව මෙහෙයවූ ස්පාර්ටාහි ලියෝනයිඩස් ගේ ක්‍රියාකලාපය කැපී පෙනුනි.


මෙම සටන සිදුවූයේ මධ්‍යම ග්‍රීසියේ කඳු අතර හා මුහුද අතර පටු පෙදෙසක් වූ තර්මෝපයිලේ හිදීය. ග්‍රීකයන්ගේ පැත්තේ සිටි ස්පාර්ටන් වරු 300 දෙනා ඉතා ප්‍රසිද්ධ වුවද ග්‍රීකයන්ගේ පැත්තේ සිටි එකම ග්‍රීකයන් ඔවුන් පමණක් නොවේ. ග්‍රීකයන්ගේ පැත්තේ අනෙක් ග්‍රීක පුර රාජ්‍ය වල යුධ භටයන්ද සිටියේ ය. හෙරඩෝටස් පවසන අන්දමට ග්‍රීකවරු 5000 ක් පමණ සිටියේ ය. වර්තමාන සොයා ගැනීම් අනුව සම්පූර්ණ ග්‍රීක බලඇණිය මිනිසුන් 20000 කින් පමණ සමන්විත විය.


ලියෝනයිඩස් යුද්ධයට යාමට පෙර ඔරකල් පැවසුවේ ඔහු යුද්ධයේදී මියයන බවයි. එමනිසා ස්පාර්ටන්වරුන් අතරින් දරුවන් සිටින පිරිමින් කිහිපදෙනෙක් ඔහු තෝරාගත්තේ ය. ඒ යුද්ධයෙන් පසු ඔවුන් මියගියහොත් පවුල ඉදිරියට ගෙන යාමට දරුවන්ට හැකි වන නිසා ය. පර්සියානුවන්ට එරෙහිව යුද්ධයේදී මූලිකත්වය ස්පාර්ටා පුර රාජ්‍යයට හිමිවූයේ පෙරදී ඔවුන් යුද්ධ වලදී දැක්වූ දක්ෂතාව හේතුකොටගෙනය.


  ග්‍රීකයන් ග්‍රීසියේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පටු පෙදෙසක් ආරක්ෂා කිරීම සඳහා යොදාගත්තේය. මෙම පෙදෙස තර්මෝපයිලේ ලෙස හැදින්වේ. මෙය ග්‍රීසියට උතුරින් පැමිණෙන මාර්ග වලින් එකකි.



පර්සියන්වරු පැමිණ කඳවුරු ගසා යුද්ධයෙන් තොරව දින කිහිපයක් සිටියේ ය. මේ අතරතුර් පර්සියන්වරුන්ගේ රජු වූ Xerxes පුද්ගලයෙක්ව රහසිගතව පිටත් කරේ ග්‍රීකයන්ගේ යුද්ධයට සූදානම්ව සිටින ස්ථානය දැනගැනීම සඳහාය. ඔහු නැවත රජු වෙත පැමිණ පැවසූ  දෙයින් රජු පුදුමයට පත් විය. එනම් ඉදිරියේ මාර්ගය හරස් කොට බැඳි තාප්පය ඉදිරිපිට ස්පාර්ටන්වරු 300 දෙනෙක් ව්‍යායාම් කරමින් යුද්ධයට සූදානම්ව සිටින බවයි. එම ස්පාර්ටන්වරු ඉතාමත් නිර්භීත බවත් ඔවුන් මියයන තෙක් සටනට සූදානම් බවද පැවසුවේ ය.



ඊළඟ කොටසින් හමුවෙමු.... ඊළඟ කොටසින් යුද්ධයේ ඉතිරි කොටස හා මෙම යුද්ධය පිලිබඳ සුප්‍රකට කරුණු වල ඇත්ත නැත්ත සාකච්ඡා කෙරේ...

අදහස් යෝජනා චෝදනා ඉතාමත් අගේකොට සලකමි.

ලිපිය සඳහා මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

British Museum වෙබ් අඩවිය 

Ancient Greece ( paragon book)

The Histories ( John M. Marincola )

40 comments:

  1. ලියන්න වෙලාව හොයා ගන්නෙ හරි අමාරුවෙන්... ඒකයි කොටස් වශයෙන් පලකරන්නේ...

    ReplyDelete
  2. නියමයි මිතිල , ඉතුරු ටිකත් ඉක්මනින් පළ කරන්න, මමත් ආසම මාතෘකාවක් මම බලාගෙන ඉන්නව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අනික් කොටස් හැකි ඉක්මනින් පල කරන්නන්...

      Delete
  3. වටිනවා මිතිල. කෙටි කොටස් වශයෙන් ලිවීම හොඳයි කියලයි හිතෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා එහෙම හොඳයි කියලා... ජයවේවා...

      Delete
    2. අහන්නමයි හිටියෙ... අයියා fb ඉන්නවද...

      Delete
    3. ඒ පැත්තේ ගිය කාලයක් මතක නෑ මල්ලී. 25 එනවනේ. එදාට මුණගැහෙමු.

      ජයවේවා!!!

      Delete
    4. ඔව්නේ 25 එනවනේ... එදාට මුණගැහෙමු එහෙනන්... ජය වේවා...

      Delete
  4. බොහොම අගෙයි මිථිල

    ReplyDelete
  5. හැමදාමත් අප‍්‍රකට තොරතුරු ගෙනෙන වාසිතයට ස්තූතියි.

    ReplyDelete
  6. Read Steven Pressfield's novel?

    ReplyDelete
  7. වටින ලිපියක් මිතිල

    දිගටම කියවන්න ඕන ලඟදී එකතු උන නිසා පසුගිය ලිපිත් ඉඩ ලැබුණු විටක කියවනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බ්ලොග් එකට ගොඩවුනාට... අනික් ලිපිත් කියවන්න...

      Delete
  8. ලියොනයිඩස් යුද්ධය ගැන අනාවැකි විමසීමට ගිය එවක ප්‍රසිද්ධම ඔරකල් විසු බවට සඳහන් ඩෙල්ෆි වෙත යන්නට අවස්ථාවක් මට ලැබුණ.

    ඉතාම සුන්දර වගේම ⁣ග්‍රීක ඉතිහාසයටත් වැදගත් තැනක් !

    ReplyDelete
    Replies
    1. නියමයිනේ... ඒ ගිය තැන් ගැන ලියන්න...ඉතිහාසය සම්බන්ධ ඕනෙම දෙකට මමනන් පුදුම ආසාවක් තියෙන්නේ...

      Delete
    2. මලයාගේ පොස්ට් එක හයිජැක් කරන එක හොඳ නැහැනේ, ඔයා ලියන්න ඒ ගැන !

      FB රික්වෙස්ට් එකක් එවන්න මම පින්තූර ටික දෙන්නම් :)

      Delete
    3. :D fb එකේ කණ්ඩා නමින්මද ඉන්නේ...මම රික්වෙස්ට් එකක් එවන්නන්...

      Delete
  9. පිල්ම් එක නං හත් අට පාරක් බැලුවා

    ReplyDelete
    Replies
    1. 2007 ආපු එකනේ. මම හය පාරක් බැලුව. යුද්ධ ගැන කතාවලට මම හරි ආසයි.

      Delete
  10. ඇත්තටම ඔතන 300 ද හිටියෙ

    ReplyDelete
    Replies
    1. ස්පාර්ටන්වරු විතරයි 300ක් හිටියෙ... එතන හිටපු ඔක්කොම එකතුව ගත්තොතින් 1400ක් ... ඊළඟ ලිපියෙ ඒ ගැන තියෙනවා...

      Delete
  11. ස්තූතියි ලිපියට

    ReplyDelete
  12. අද යි ආවේ// වෙනස්ම ආරක ලිපි එකතුවක් ... ස්තූතියි වාසිතය ! දිගටම ලියන්න .. කියවමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බ්ලොග් අඩවියට ගොඩ වුනාට...

      Delete
  13. කෙටි වුනාට කමක් නැහැ...වැදගත් ඒ කරුණු ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... කෙටියෙන් කොටස් වශයෙන් පල කරොත් හොදයි කියලා හිතුනා...

      Delete
  14. බ්ලොග් එක ටිකක් වෙනස් කරල වගේ... රසවත්ව ඉදිරිපත් කරන නිසා කියවන්න ආසයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ටිකක් වෙනස් කරා... මොකෝ කියන්නේ මේකද හොද කලින් තිබ්බ එකද...

      Delete
  15. අනුර වීරසූරියMarch 23, 2017 at 4:30 AM

    අගෙයි මල්ලී සුබ පැතුම් ..ෆිල්ම් බැලුවා විස්තරය තවත් ව්ටිනවා කලින් උනන්දු උනානම් ග්‍රීසියට ගිය එලේ ඔය තැන අලන්න යන්න තිබුනා ඊලග පාර යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුර අයියේ... ඊළඟ සැරේ යද්දි අමතක නොකර මෙහාට යන්න... ප්‍රසිද්ධ ඔරකල් එගෙමත් ඉන්නවා...

      Delete

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සි...