Friday, March 24, 2017

ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 2 කොටස

   ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය - 1 කොටස

ඉතා සංයමයෙන් ඉවසා සිටි පර්සියන්වරු අවසානයේ පහර දීම ආරම්භ කලේ ය. ග්‍රීකවරු මාර්ගය අවහිර කරමින් තිබූ තාප්පය පිටුපස සිට පර්සියන්වරුන්ට පහර දෙමින් තම ස්ථානය සුරක්ෂිත කලේ ය. මෙම මාර්ගය තරමක් පටු විය. මේ හේතුවෙන් පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් සිටියද ඔවුන්ට එකවර ග්‍රීකයන්ට පහර දීමට නොහැකි විය. මෙය ග්‍රීකයන්ට ඉතා වාසිදායක විය. ග්‍රීකයන්ගේ හිස් ආවරණ , යුධ ඇඳුම් ආදිය ඉතාමත් ශක්තිමත් ද්‍රව්‍ය වලින් තනා තිබූ අතර පර්සියන්වරුන්ගේ එසේ නොවිනි. ග්‍රීකයන්ගේ යුධ ඇදුම් පමණක් නොව අවි ආයුධ ද පර්සියන්වරුන්ට වඩා දියුණු විය. ග්‍රීකයන්ගේ හෙල්ලවල් ඉතා දිගු වූයෙන් පර්සියන්වරු ලඟට පැමිණීමට පෙරම ඔවුන්ට පහර දී මරා දැමීමට ග්‍රීකයන්ට හැකිවිය.


ස්පාර්ටන්වරු මේ අතරතුර යුධ උපක්‍රම බොහොමයක් භාවිතා කලේ ය. එයින් එකක් නම් පර්සියන්වරුන්ට භියවී පලා යනවා යැයි පෙන්වා පර්සියන්වරු රවටා එකවර හැරී පහර දීමයි. මෙම උපක්‍රමයෙන් ස්පාර්ටන්වරුන්ට පර්සියන්වරු ඉතා විශාල ප්‍රමාණයක් මරණයට පත් කිරීමට හැකිවිය.


මෙසේ දින දෙකක් ගතවිය. පර්සියන්වරුන්ට ඉතා කුඩා ග්‍රීක හමුදාව පරාජය කිරීමට නොහැකි විය. එපමණක් නොව මේ වන විට අති විශාල පර්සියන්වරු ප්‍රමාණයක් ඉතා කුඩා ග්‍රීක හමුදාව විසින් මරණයට පත් කරන ලදි. මේ අතරතුර ග්‍රීකයන්ගේ වාසනාව කනපිට හැරීමේ සිද්ධියක් සිදු වුනි. එනම් ග්‍රීකයෙක් පර්සියානු රජුට ග්‍රීක හමුදාවේ රහස් පවසා තම ජාතිය පාවාදීමයි.


තර්මෝපයිලේ හි මාර්ගයට උඩින් කදු අතරින් අප්‍රකට මාර්ගයක් පැවතිණි. මෙම මාර්ගය දැන සිටියේ සාමාන්‍ය ග්‍රීක ජනතාව පමණි. මෙම මාර්ගයෙන් ගොස් ග්‍රීක හමුදාව පහරදෙන ස්ථානයට වටින් ගොස් ඔවුන්ගේ පිටුපසට පැමිණීමට හැකිවේ. එසේ කල විට ග්‍රීක හමුදාව ඉදිරියෙන් හා පසුපසින් කොටු වනු නියතයි.


අඳුර වැටුනු පසු පර්සියන් රජු තව හොදම සොල්දාදුවන් පිරිසක් රහස් මාර්ගයෙන් ග්‍රීකයන්ව කොටු කිරීමට යැව්වේ ය. තුන්වෙනි දින හිමිදිරිය වන විට තමන් පාවාදීමකට ලක්ව ඇති බව ග්‍රීකයන්ට අවබෝධ විය. තත්වය කෙසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ග්‍රීක හමුදාවේ නායකයා වූ ලියෝනයිඩස් තීරණය කලේ ය. ඒ මෙම සටන තමන් පරාජය වන බව හොදාකාරව දැන දැනය. තත්වය මෙසේ වන විට තම සඟයන්ට ඔහු පැවසුවේ හැකි අයුරින් පලා යන ලෙසයි. එසේ නමුත් ස්පාර්ටන්වරු පවසා සිටියේ ඔවුන් අවසානය තෙක් ලියෝනයිඩස් සමඟ සටන් කරන බවයි.


ඉන්පසු ස්පාර්ටන්වරු පලා යාම ප්‍රතික්ෂේප කල අනෙක් සුලු ග්‍රීක පිරිසත් සමඟ මාර්ග බාධකය වෙත ගියේ ය. මෙම ග්‍රීකයන් තම උපරිමයෙන් යුධ වැදුනු අතර පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. ග්‍රීකයන්ගේ අවි ආයුධ කැඩුණු විට ඔවුන් අතින් හා දත්වලින් පහර දුන් බව හෙරඩෝටස් පවසයි. මුහුණට මුහුණලා සටන් කර ජයග්‍රහණය ලබා ගත නොහැකි බව දැනගත් පර්සියන්වරු හී මගින් ඈත සිට පහර දී ග්‍රීකයන්ව සමූලා ඝාතනය කරන ලදි.



ලියෝනයිඩස් රජු මියගියේ හී වැදීමෙන් බව සදහන් වේ. යුද්ධයකින් පරාජය වන සතුරාට ගෞරවාන්විතව සැලකීම පර්සියන්වරුන්ගේ සිරිත විය. එනමුත් මෙම පරාජයෙන් ඉතා කෝප වූ Xerxes ලියෝනයිඩස් ගේ හිස කඳෙන් වෙන්කර කඳ කුරුසිපත් කරන ලෙස අණ කලේ ය.


ස්පාර්ටන්වරු සහ අනෙක් ග්‍රීක සෙබලු මියයන තෙක් සටන් කලේ ය. තර්මෝපයිලේ හි සටන පර්සියන්වරු ජයග්‍රහණය කලද ඔවුන්ට ග්‍රීසිය අල්ලා ගැනීමට නොහැකි විය. ස්පාර්ටන්වරුන්ගේ මෙම අප්‍රතිහත ධෛර්යය අනෙක් ග්‍රීක හමුදා උත්තේජනය කලේ ය.


පර්සියන්වරුන්ට විරුද්ධව ග්‍රීකයන්ගේ මූලික ආරක්ෂිත වීමට සැලැස්ම සකස් කරන ලද්දේ ඇතීනියානු දේශපාලනඥයෙක් හා හමුදාපති කෙනෙකු වූ Themistocles විසිනි. තර්මෝපයිලේ හි සටන් වැඳිය යුතු ස්ථානය තීරණය කලේද ඔහුය. සමස්ථයක් ගත් කල තර්මෝපයිලේ හි සටනේ සුවිශේෂීම තීරණයක් වන්නේ මෙයයි.
Themistocles 



ග්‍රීකයන්ව Ephialtes නම් පුද්ගලයෙක් පාවාදුන් බව ඉහත සදහන් කරන ලදි. මොහු තම මව්බිම පාවාදුන්නේ මුදල් හා දීමනා බලාපොරොත්තුවෙනි. කඳු අතරින් දිවෙන මාර්ගය පිලිබඳ ලියෝනයිඩස් දැන සිටි අතර ඔහු ෆොසියන්වරු 1000ක් එම මාර්ගය රැකවල් කිරීමට මුල සිට යොදා තිබිණි. එනමුත් ඔවුන් එතනින් ගියේ තම මව්බිම වූ ෆොසිස් පහර දීමට ලක්ව ඇති බව යන සාවද්‍ය තොරතුර නිසාවෙනි.


තමන් යුද්ධයෙන් පරාජය වන බව දැනගත් ලියෝනයිඩස් ග්‍රීකභමුදාවට හැකි අයුරින් පැන යාමට අවසර දෙන ලදි. තත්වය එසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ස්පාර්ටන්වරු 300ක්, තෙස්පියවරු 700ක්, තීබන්වරු 400ක් තීරණය කලේ ය. තර්මෝපයිලේ හි සටනේ අවසානය තෙක් සටන් කිරීමට රැදුනේ 300 දෙනෙක් පමණක් නොව 1400කට ආසන්න පිරිසකි.


ස්පාර්ටන්වරු යුධ ශිල්පයට මෙතරම් දක්ෂ වූයේ කෙසේදැයි සොයා බැලීම වටී. ස්පාර්ටන්වරුන්ගේ එදිනෙදා ජීවිතය හා මිලිටරි අධ්‍යාපනය ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය
British Museum වෙබ් අඩවිය
Ancient Greece ( paragon book)
The Histories ( John M. Marincola )

22 comments:

  1. හොඳ ලිපියක් නියමයි මිතිල

    ReplyDelete
  2. අනුර වීරසූරියMarch 24, 2017 at 2:30 PM

    අගෙයි මල්ලී

    ReplyDelete
  3. හරිම අගෙයි...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්....ඔයාව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලෙ මැත්ස් සර්...අපි එයාට කිව්වෙත් ගස් ලබ්බා කියලා... පස්සෙ නම ටිකක් මොඩ් වෙලා.. ගස් කියලා කිව්වා..

      Delete
  4. අවුරුදු 2500 කට වඩා පැරණි හමුදාමය උපායන්ගෙන් සමහරක් අදටත් අදාලයි මම දන්න විදිහට, මේක බොහොම හොඳ ලිපියක් වේවි !

    ReplyDelete
    Replies
    1. ස්පාර්ටා කියන්නේ යුධ උපක්‍රම අතින් ඉහලින්ම හිටිය ග්‍රීක පුර රාජ්‍යය ( City State)... ඒ කාලෙ භාවිතා වුන යුධ ශිල්ප බොහොමයකගෙම මූආරභය සිදුවුනේ මෙහිදි...

      Delete
  5. සුපිරිම ලිපියක්.....

    ReplyDelete
  6. සිත්ගන්නා සුළු ලෙස විස්තර කර ඇත

    ReplyDelete
  7. ෆිලුම බලා ඇත.ලස්සනයි..ඔබත් ලස්සනට ලියා ඇත

    ReplyDelete

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙ...