Monday, March 13, 2017

ආදිකාලෙ ෆොටෝෂොප්

වර්තමානය වන විට සුප්‍රකට හා කුප්‍රකට පුද්ගලයන්ගේ ඔලු හා කඳවල් මාරු වී තිබෙන ඡායාරූප දැකගැනීමට ලැබීම සාමාන්‍ය දෙයකි. මේවාට තරමක දිගු ඉතිහාසයක් ඇත. මෙසේ සංස්කරණය වූ අතීත ඡායාරූප කිහිපයක් ගැන තොරතුරු දැක්වීම මෙම ලිපියේ අරමුණයි.


මුල්ම ඡායාරූප සංස්කරණය ලෙස සැලකෙන්නේ 1860 අවධියේදී ගන්නා ලද ඉහත ඡායාරූපයයි. මෙහි ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් වූ ඒබ්‍රහම් ලින්කන්ගේ මුහුණ සම්බන්ධ කර ඇත්තේ ඇමරිකාවේ හත්වෙනි උප ජනාධිපති වූ John C. Calhoun ගේ සිරුරටයි.


ඡායාරූප සංස්කරණ ඉතිහාසයේ මුල්ම අවධියේ ඡායාරූප අතරින් හොදම ඡායාරූප සංස්කරණය තෝරන්නට කිවහොත් ඉහත සංස්කරණය මුල් තැන ලබා ගන්නා බව නිසැකයි. උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකාවේ 18 වෙනි ජනාධිපති වූ General Ulysses S. Grant  ඇමරිකානු සිවිල් යුද්ධය අවධියේ දී වර්ජීනියා හි දී ගන්නා ලද ඡායාරූපයකි (1864). පසු කාලීනව මෙය ඡායාරූප තුනක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සොයා ගන්නා ලදි. ජෙනරල් ග්‍රාන්ට් ගේ ඡායාරූපයකින් හිස කොටස ලබා ගත් අතර අශ්වයා සහිත මිනිස් ශරීර කොටස ලබාගන්නා ලද්දේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් එම්. කුක් ගේ ඡායාරූපයක් ඇසුරෙනි. එසේම පසුබිම සපයා ගන්නා ලද්දේ වර්ජීනියාවේ Fisher's Hill හි සටනේදී අල්ලාගත් සිරකරුවන්ගේ ඡායාරූපයක් ඇසුරෙනි.


ඉතිහාසය මකා දැමීමටද ඡායාරූප සංස්කරණය භාවිතා කොට ඇත. උක්ත ඡායාරූපය එයට එක් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ ජෝසප් ස්ටාර්ලින් සමඟ සිටින පුද්ගලයාව 1930 වන විට එම ඡායාරූපයෙන් ඉවත් කර ඇත. එසේ ඉවත් කර ඇත්තේ ස්ටාර්ලින්ට ඔහු සමඟ විරසකයක් ඇති වූ නිසාවෙනි.


කලක් ගතවෙද්දි තමුන්ට අනවශ්‍ය පුද්ගලයන්ව ඡායාරූපවලින් පවා ඉවත් කල පාලකයන් සිට ඇත. මේ තවත් උදාහරණයකි. ඉහත ඡායාරූපයේ මාඕ සේ තුං සමඟ සිටින පෝ -කු ව 1936 දී ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මොහු පෙරදී මාඕට ඉතා හිතවත් පුද්ගලයෙක් විය.



1937 දී ගන්නා ලද හිට්ලර් සිටින ඡායාරූපයක Joseph Goebbels ඉවත් කර ඇත. Goebbels යනු හිට්ලර්ට ඉතාමත් හිතවත් පුද්ගලයෙක් වූ අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ දී මේ දෙදෙනාම සිය දිවි නසා ගන්නා ලදි. කෙසේවෙතත් Goebbels ව උක්ත ඡායාරූපයෙන් ඉවත් කිරීමට හේතුව සිතා ගැනීමට අපහසු ය.


උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ කැනේඩියානු අගමැති කෙනෙක් වූ William Lyon Mackenzie සමඟ  එලිසබෙත් රැජිණ හා හයවන ජෝර්ජ් රජ්ජුරුවන් ය. ඉහත කැනේඩියානු අගමැති තම ඡන්ද ව්‍යාපාර උදෙසා හයවන ජෝර්ජ් රජුව ඡායාරූපයෙන් ඉවත් කර එලිසබෙත් රැජිණ හා තමුන් පමණක් සිටින ඡායාරූපය යොදාගන්නා ලදි.




අභ්‍යවකාශයට ගිය පලමු කණ්ඩායම වූ රුසියානු ගගනගාමී කණ්ඩායමේ ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙය ඡායාරූපයට නංවන ලද්දේ 1961 වසරේදී ය. සත්‍ය වශයෙන්ම මෙම කණ්ඩායමේ සාමාජිකයන් 9 දෙනෙක් සිටියේ ය. එනමුත් Grigoriy Nelyubov ව කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ ඔහුගේ හැසිරීම හොද නැති බැවිනි. ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරනවාත් සමඟ ඡායාරූපයෙනුත් ඔහුව ඉවත් කරන ලදි.


බෙනිටෝ මුසොලිනි යනු ලොවක් හදුනන පාලකයෙකි. ඔහුට අශ්වයෙක්ව හරිහැටි පාලනය කරගත නොහැකි යැයි ජනතාව සිතාවි යැයි සිතා ඔහුගේ අශ්වයාව පාලනය කරන පුද්ගලයාව ඡායාරූපයෙන් ඉවත් කරන ලදි. මෙය 1942 ඡායාරූපයකි.



බටහිර ජර්මනියේ චාන්ස්ලර් වූ Willy Brandt , Leonid Brezhnew , කොමියුනිස්ට් පක්ෂයේ පලමු ලේකම් සමඟ මදුවිත බොමින් සුරුට්ටු උරමින් සිටින ඡායාරූපයක් ඉහත දැක්වේ. එනමුත් මෙය පත්තරේ පලවන විට මදුවිත බෝතල් හා සුරුට්ටු අතුරුදහන් කර ඇත.




1920 මැයි 5 වන දින ලෙනින් විසින් සෝවියට් හමුදාවට ප්‍රසිද්ධ දේශනයක් මොස්කව් හිදී ලබා දුන්නේ ය. මෙම ඡායාරූපයේ සිටින ලියොන් ට්‍රොස්කි සහ ලෙව් කාමෙනෙව් පසුකාලීනව ඡායාරූපයෙන් ඉවත් කර ඇත.


සෝවියට් හමුදා බර්ලීනයට පැමිණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල උඩ තම ධජය සවි කරන සුප්‍රකට ඡායාරූපය ඉහත දැක්වේ. එහි සිටින සෙබලුන් දෙදෙනාගේ අත් දෙකෙහිම ඔරලෝසු තිබී ඇත. එනමුත් ඔවුන් ජර්මනියට පැමිණෙම විට අතෙහි ඔරලෝසු තිබී නැත. Ogoniok සඟරාවේ මෙම ඡායාරූපය පලවන විට මේ කරුණ යම් ගැටලුවකට බලපාවි යැයි සිතා ඔරලෝසු අත් දෙකෙන් ගලවන ලදි.




1976 ඔක්තෝම්බර් මාසයේ ගන්නා ලද ඡායාරූපයක් ඉහත දැක්වේ. මෙහි දැක්වෙන්නේ මාඕ සේතුං මියගිය පසු ඔහුව සිහිකිරීමේ උත්සවයකදී ගන්නා ලද ඡායාරූපයකි. මෙහි මාඕට කෲර සංස්කෘතික විප්ලවයට සහය දුන් හතරදෙනා ( හතරදෙනාගේ කල්ලිය ලෙස හැදින්වේ) ඡායාරූපයෙන් ඉවත් කර ඇත.

මූලාශ්‍ර :

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

Daily News වෙබ් අඩවිය

https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=http://pth.izitru.com/&ved=0ahUKEwiM1rmVyNLSAhVFJpQKHbWJBa8QFgh2MA4&usg=AFQjCNGkQB1y8DPzm_grWGOk4fKq2n6ghQ&sig2=eOxBzbRNX7MZja4r584mZA

37 comments:

  1. නියමයි මිතිල , අන්තිමට බලන⁣ෙකාට එඩිට් කලාවෙ ආරම්භයත් පටු ⁣ෙද්ශපාලන අරමුණු ⁣තමා....

    ReplyDelete
    Replies
    1. මොනා කරත් ඉතිහාසෙන් ඒක හංගන්න බෑ කියනවනේ...

      Delete
  2. මට පේන්නෙ ඉතිහාසයෙන් හැංගුවත් මිතිලගෙන් හංගන්න බෑ වගේ ...

    ReplyDelete
  3. මේ පින්තුරවල සමහර එඩිටින් නම් හිතාගන්න බැරි තරම් දියුණුයි. ඇත්තටම ඒක එහෙමද?

    ඇයි අනේ ඔයිට වඩා එඩිටින් තිබ්බ පින්තුර ලංකාවේ තිබ්බනේ පහුගිය දවස්වල. එක්කෝ ඒවා ඉතිහාසයෙනුත් මැකිලා යනවා නම් කොතරම්ම හොඳයිද?

    මේ හැමදේකටම පොදු දෙයක් මම නිරීක්ෂණය කරපු : ' පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා'

    හොඳ ලිපියක්. තව කරුණු තිබුනා නම් අගෙයි

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නන් දැන් එඩිටිං අනන්තවත් තියෙනවනේ...



       එක් එක් ඡායාරූපයේ ඉන්න අය ගැන වැඩිදුර විස්තර කරන්න හිතුවෙ නෑ... තව ඡායාරූප වගයක් තියෙනවා... ඒවයේදී විස්තර කරලා දාන්නම්...

      Delete
  4. හොඳ පින්තූර ටිකක්. හොඳ ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. දැන්ඡුායාරූප එඩට් කරන්න ඔනෑ තරම් සොෆ්ට්වෙයාර් තියෙනවා නමුත් අතීතයේ දි මේවා කලේ ඔය මුකුත් නැතිව හැබැයි ඒ කාලේ වැඩ්ඩන්ට මේවා ගේමක් නෑ. හොද ලිපියක් මිතිල.

    ReplyDelete
    Replies
    1. ඔව් අද කාලෙ නන් ෆොටෝ එකක් ලේසියෙන්ම එඩිට් කරගන්න පුලුවන්... ඒත් ඉස්සර එහෙම නෑනෙ...

      Delete
  6. බොහොම වටිනා පොස්ට් එකක් මචං 👊🏽

    ReplyDelete
  7. මිථිල ගෙනාවොත් ඉතින් සුපිරි පෝස්ටුවක් තමයි..
    ජයවේවා..!!

    ReplyDelete
  8. //ඉහත ඡායාරූපයේ ජෝසප් ස්ටාර්ලින් සමඟ සිටින පුද්ගලයාව 1930 වන විට එම ඡායාරූපයෙන් ඉවත් කර ඇත. එසේ ඉවත් කර ඇත්තේ ස්ටාර්ලින්ට ඔහු සමඟ විරසකයක් ඇති වූ නිසාවෙනි. //
    Beria?

    ReplyDelete
    Replies
    1. ඔතන අයින් කරලා තියෙන්නේ Nikolai Yezhov ව. මොස්කව් කැනල් එකේ ඇවිදින ගමන් ගත්ත පින්තූරයක් මේ. නිකොලායි ගේ බලය නැති උනාට පස්සේ එයාව හිරබාරයට අරන් වෙඩි තිබ්බා... පින්තූරෙනුත් එයාව අයින් කරා...

      Delete
  9. ඒකාලෙ ෆොටෝෂොප් වලට වඩා හොඳට එඩිට් කරල තියෙනවා නේ.... නියමයි මිතිල
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අද වගේ නෙමේ ඒ කාලෙ මාර මහන්සියක් හැකියාවක් තියෙන්න ඕනෙ ඔහොම එඩිට් කරන්න...

      ජය වේවා...

      Delete
  10. ape janadipathithumaata kalinuth edit wechcha aya idala neda. hahahahaha

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... අපේ අය එඩිටිං ඉගෙන ගන්නෙ අර අහිංසක මනුස්සයව පාවිච්චි කරලා... :D

      Delete
  11. ඉස්සර හොඳටෆොටෝෂොතෙිබිලා තියෙනවානේ.

    තවත් කරුණු තිබුණා නම් නියමයි

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සරත් නියම වැඩකාරයෝ ඉඳලා තියෙනවා... ස්තූතියි බ්ලොග් එකට ගොඩවුනාට... ජයවේවා ...

      Delete
  12. කෝ බන් මේකට මන් දාපු කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. මේකට දැම්මෙ නෑ බං... අන්තිමට දැම්මේ සාර් එකටයි කුරුසිපත් කිරීම එකටයි... තුන්වෙනිදා...

      Delete
  13. මෙගේ ගෙදෙට්ට ආපු පාර දිගේ මම මේ සොයාන ආවා කවුද කියල බලන්න......දැන් ඉතින් දිගටම එතෑකි..........

    ReplyDelete
  14. ෆලෝව් කරා....

    ReplyDelete
  15. අපූරු තොරතුරු ටිකක්. ඉතිහාසයේ සැඟවුණ තැන්. ෆොටෝශොප් නැතිව ෆොටෝ සංස්කරණය කිරීම කොතරම් දුෂ්කර වන්නට ඇද්ද.?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අදට වඩා ගොඩක් අමාරු වෙන්න ඇති... පින්තූරවල කොපි අරගෙන ඒවා කප කප... ආයෙ අලව අලව ... ආයෙත් ඒවයෙ කොපි අරගන්න එක ලේසි නෑ... ඉවසීම හොදට තියෙන්න ඕනේ...

      Delete
  16. ඒ කාලෙත් එහෙනම් එහෙම වෙලා තියනවා. ..

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...