Tuesday, August 1, 2017

හොඳ පොතක් ලියන්න ඕනනම් සිරගත වෙන්න

ලොව එතෙක් මෙතෙක් ජීවත්වූ කෙටිකතා කරුවන් අතුරින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය අයෙකි ඕ. හෙන්රි. ලිවීම සඳහා ඕ. හෙන්රි යන නාමය භාවිතා කලද ඔහුගේ සැබෑ නම විලියම් සිඩ්නි පෝටර් ය. හේ 1862 සිට 1919 තෙක් ජීවත් විය. ඉමහත් කරදර කම්කටොළු මැද ජීවිතය ජය ගත් පුද්ගලයෙක් ලෙස මොහු ඉතිහාසගත වෙයි. 

 මොහු කිසිදු පාසලක අධ්‍යාපනයක් නොලැබූ අතර ඔහු කිසිදා පාසල් බිමක් නොදුටුවේය. එහෙත් වර්තමානය වන විට ලොව බොහෝ විශ්වවිද්‍යාල වල ඔහුගේ කෙටිකතා නිර්දේශිත කෘති අතර වෙයි.

 ඔහු බොහෝ රෝගාබාධ වලට ගොදුරු වූහ. වරක් ඔහු ක්ෂය රෝගයෙන් මියයනු ඇතැයි වෛද්‍යවරු පැවසීය. ඒ අනුව ඔහු එතෙක් පදිංචිව සිටි උතුරු කොලින්ස් හි පිහිටි ඔහුගේ නිවසේ සිට ටෙක්සාස් වෙත යන ලදි. එහිදී ඔහුගේ රැකියාව වූයේ ගොවිපලක බැටළු රංචුවක් බලා ගැනීමය. වර්තමානය වන විට එම ගොවිපල සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

 ඔහු තම රෝගයෙන් සුවපත් වූ පසු ටෙක්සාස් හි බැංකුවක මුදල් අයකැමියෙකු ලෙස සේවයට බැදුනේ ය. දිනක් රජයේ බැංකු පර්යේෂකවරයා ටෙක්සාස් හි එම බැංකුවට පැමිණ මුදල් එකතු කල විට මුදල් හිඟයක් වූ බැවින් එවෙලේ අයකැමි ලෙස කටයුතු කල පෝටර්ව සිරබාරයට ගත්තේය. පෝටර් කිසිදු මුදලක් වංචා නොකලද ඔහුට වසර පහකට සිරගෙයි ලැගීමට සිදු විය.

 නොකල වරදකට සිරගෙට යෑමට සිදුවීම නිසා පෝටර් අධෛර්යමත් වූයේ නැත. ඔහු සිරගෙයි සිටියදී ඔහු අතින් ලියැවුනු විශිෂ්ටතම කතා රචනා විය. ඔහුව සිරගත කරනු ලැබුවේ නැතිනම් එම විශිෂ්ට නිර්මාණ බිහි නොවීමට බොහෝ ඉඩකට තිබුණි.

 ඔහු මෙන්ම තවත් සුප්‍රකට මිනිසුන් බොහොමයක් තම ලේඛන කටයුතු සිදු කර ඇත්තේ සිරගෙදරදී ය. වෝල්ටර් රැලේ [1552 - 1618] යනු බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු හා ගවේශකයෙකු ය. එකල බ්‍රිතාන්‍යයේ රැජිණ පාරෙ ගමන් කරන විට මඩ වලක් මත තම කබාය අතුරා රැජිණට එම මඩ වල මතින් යෑමට සැලැස්වූ සිද්ධියෙන්ද මොහු ප්‍රසිද්ධියට පත් විය. මොහු තම පාවහන් වල දියමන්ති පැලඳ සිටි බව කියවේ. එනමුත් මොහුට දේශපාලනික එදිරිවාදිකම් නිසා වසර හතරක සිර දඬුවමකට යටත් වීමට සිදු විය. ඔහුත් තම ලේඛන දිවියේ සුවිශේෂී කෘති එම සිරගත වූ කාලය තුල රචනා කරන ලදි.

වෝල්ටර් රැලේ

ඔහුගේ සිර කුටිය ඉතා අදුරු වූ අතර ඔහු දරුණු සෙම්ප්‍රතිශ්‍යාවකින් පීඩා වින්දේය. එමෙන්ම රූමටික් රෝගය නිසාවෙන් ඔහුගේ වම් අත අක්‍රිය වී තිබුණි. එය ඔහුට ඉතා වේදනාකාරී දෙයක් විය. එසේ තිබියදී ඔහු අතින් ලියැවුනු කෘති වසර 400ක් ගෙවුනද අදටත් ලෝකයේ බොහෝ විශ්වවිද්‍යාල වල උගන්වයි.

ජෝන් බන්යන් [1628 - 1688] යනු දාරහනිකයෙක්, ලේඛකයෙක් හා ආගමික දේශකයෙකු වේ. මොහු විසින් පොත් හැටකට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර මොහුද වසර දොළහක් සිරගතව සිටියේය. ඒ ඔහුගේ ආගමික ඉගැන්වීම් හේතුකොටගෙන ය. මොහු සිරගතව සිටියදී ලේස් සෑදුවේය. ඒ ඔහුගේ බිරිඳට හා දරුවන්ට මුදල් යැවීමේ අපේක්ෂාවෙනි. මෙසේ සිරගතව සිටියදී බන්යන් විසින් තම සුප්‍රකටම කෘතිය වූ "Pilgrim's Progress" රචනා කලේය.

 ලොව එතෙක් මෙතෙක් රචනා වූ කෘති අතරින් වෙනත් භාෂාවලට වැඩියෙන්ම පරුවර්තනය වූ කෘතිය වන්නේ බයිබලයයි. බන්යන්ගේ "Pilgrim's Progress" කෘතියත් ඒ අතරින් ඉහලින් වැජබෙයි. ඔහු මෙම කෘතිය රචනා කලේ 1678 වසරේදීය. බයිබලය හා භගවත් ගීතාව හැරුණු කොට වැඩියෙන්ම පරිවර්තනය වූ කෘති සියය අතරින් පැරණිතම කෘතිය වන්නේද මෙයයි.

 ලොව මෙතෙක් ලියැවුනු විශිෂ්ටතම කෘති අතරින් එකකි "Don Quixote". මෙය වික්‍රමාන්විත නවකතාවකි. මෙය රචනා කරන ලද්දේ ස්පාඤ්ඤයේ මහා ලේඛකයා ලෙස විරුදාවලිය ලත් මිගුවෙල් ඩි සර්වාන්ට්ස් [1547 - 1616] විසිනි. මගේ ප්‍රියතම වික්‍රමාන්විත නවකතා අතරින් දෙවන ස්ථානය හිමිවන්නේ මෙම කෘතියටයි. පලමු තැන හිමි වන්නේ ඇලෙක්සැන්ඩර් ඩූමාස් විසින් 1844 දී  රචිත "The Three Musketeers" කෘතියයි. සර්වාන්ට්ස් විසින් රචිත උක්ත කෘතියත් රචනා කලේ සිර මැදිරියක් තුලය.

 1934 සිට 1945 අතර කාලයේ නාසි ජර්මනියේ ඒකාධිපති පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් පිලිබඳව ඕනෑම අයෙක් දනියි. 1925 දී ඔහු විසින් පළ කළ "Mein Kampf" [මගේ සටන] කෘතිය මේ වන විට පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ඔහු විසින් මෙම කෘතියේ අර්ධයකට වැඩි ප්‍රමාණයක් ලියුවේ සිරගතව සිටියදී ය.


අයිරිෂ් ජාතික ඔස්කාර් වයිල්ඩ් [1854 - 1900] ප්‍රකට කවියෙකු හා ගත් කතුවරයෙකි. ඔහු "De Profundis" නම් තම සුප්‍රකට කෘතිය රචනා කලේ බර වැඩ සහිතව වසර දෙකක් සිරගතව සිටියදී ය.

 රිචඩ් ලව්ලේස් [1617 - 1675] යනු ඉංග්‍රීසි ජාතික කවියෙකි. මොහුගේ විශිෂ්ටතම කවිය හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුනු විශිෂ්ටතම කවි අතර තිබෙන "To Althea, from prison" කවිය රචනා කලේ සිරගතව සිටියදී ය.

 නෙල්සන් මැන්ඩෙලා විසින් රචිත තම ස්වයං ලිඛිත චරිතාපදානය වූ "Conversations with Myself" කෘතිය රචනා වූයේ ඔහු සිරගතව සිටියදීය. ඔහු සිරගතව සිටි කාලය වසර විසි හතකි.

 මාර්ටින් ලූතර් කිං විසින් Letters from Birmingham Jail කෘතිය රචනා කලේ 1963 දීය. ඔහුගේ සුප්‍රකට කියමනක් වූ "injustice anywhere is a threat to justice everywhere" සදහන් වන්නේ මෙම කෘතියේ ය.

 "Memories of a woman of pleasure " නම් කෘතියේ ලිංගිකත්වය පිලිබඳ ගැඹුරටම කතා කරන අතර එහි එකදු අසභ්‍ය වචනයක්වත් නැත. මෙය රචනා කරන ලද්දේ ජෝන් ක්ලීලන්ඩ් විසින් 1740 අවධියේදී ය. මෙම කෘතිය රචනා කලේද සිරගතව සිටියදී ය.

 මාකෝ පෝලෝ පිලිබඳව සියලු දෙනා අසා ඇතුවාට සැකයක් නැත. ඔහු ජීවත් වූයේ 13 වන ශතවර්ෂයේ ය. ඔහු තම ගවේෂණ වල යෙදී නැවත පැමිණෙන විට Genoa හිදී සිරගත කරනු ලැබුනි. ඒ වසර හතරක කාලයකටය. මෙහිදී ඔහුට Rustichello de Pisa ව හමුවුණි. ඔහුද සිරකරුවෙකි. මාකෝ පෝලෝ විසින් ඔහුට තම ගවේෂණ චාරිකා පිලිබඳව කියූ සෑම දෙයක්ම ඔහු රචනා කලේය. එය "The travels of Marco Polo" ලෙස ප්‍රකාශයට පත් විය.

 "Le Morte d'Arthur" කෘතිය රචනා කලේ තෝමස් මැලරි විසිනි. ආතර් රජු , ඔහුගේ නයිට්වරු හා ඔවුන්ගේ වීරක්‍රියා පිලිබඳව සදහන් වන්නේ මෙම කෘතියේ ය. තෝමස් මැලරි විසින් මෙම කෘතිය රචනා කලේද සිරගතව සිටියදීය. ඔහු සිරගත වූයේ සොරකම් හා දූෂණ චෝදනා නිසාවෙනි.

 එස්රා පවුන්ඩ් යනු දෙවන ලෝක යුද්ධ සමයේ ඉතාලියේ ජීවත්වූ පුද්ගලයෙකි. මොහු රේඩියෝ සංඥා මගින් මුසොලිනි ට හා හිට්ලර්ට සහය ලබා දුනි. 1945 ඇමරිකානු හමුදා ඉතාලිය ආක්‍රමණය කල විට පදුන්ඩ් ව අල්ලා සිරබාරයට ගත්තේය. එහිදී ඔහු තම සුප්‍රකට කෘතිය වූ  Pisan Cantos රචනා කලේය.

  Alexsandr Solzhenitsyn යනු රතු හමුදාවේ සෙබලෙකි. මොහු ස්ටාර්ලින්ට විරුද්ධව ලිපි ලියූ නිසා වසර අටකට සිරගත කරන ලදි. ඔහු සිරගෙදර සිට ලියූ ලේඛන සිරගෙදරින් නිදහස් වූ පසු "One Day in the Life of Ivan Denisovich" ලෙස ප්‍රකාශයට පත් කලේය. මොහුට 1970 දී සාහිත්‍ය සදහා වූ නොබෙල් සම්මානය හිමි විය.

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ එක දෙයකි.

'හොද පොතක් ලියන්න ඕනනම් සිරගත වෙන්න'

මූලාශ්‍ර:

1) Little Known Facts about Well Known People - Dale Carnegie

2) http://m.ranker.com/g00/list/books-written-in-prison/katherine-ripley?i10c.referrer=

3) https://www.theguardian.com/books/2009/sep/19/books-written-in-prison

4) https://theculturetrip.com/europe/united-kingdom/articles/10-of-the-greatest-books-written-in-prison/

5) https://en.m.wikipedia.org/wiki/List_of_literary_works_by_number_of_translations


32 comments:

  1. හොඳ විස්තරයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

      හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

      ඉයන් බලකාය

      Delete
  2. පුංචි මහත්මයාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ඉතාම දුර්වලයි. සාන්ත තෝමස් කොලීජියටත් නින්දාවක්. අගලවත්තේ පී ජයසිංහ සර්ගේ ඉංග්‍රීසි පන්තියට යන්න පුංචි මහත්මයා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඇනෝ මහත්තයෝ ඒ හැසිරවීමෙ වැරැද්ද... මම නම් ටික විතරනෙ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නෙ... මම STC එකේ ඉගෙනගන්නවා කියලා දන්නවනම්... මේ ඇනෝ මගේ fb යාලුවෙක් වෙන්ට ඇති...

      Delete
  3. හිරයක් ගත්තාට පස්සේ පොතක් ලියන්න

    ReplyDelete
    Replies
    1. හිරේ යන්න බැරි හින්දා හිරයක් ගත්තාට පස්සේ තමයි පොතක් ලිව්වේ.
      චීන කියමනක් තියනවාලු සාර්ථක පිරිමියෙක් වෙන්න නම් පොතක් ලියන්න ගහක් හිටවන්න පුතෙක් හදන්න කියලා.

      Delete
    2. ඔයානන් ඔය තුනම කරලා තියෙනවනේ... මම නන් දෙකක් හරි... අනික තමා...

      Delete
  4. ඔබේ තොරතුරු සොයායාම පිළිබඳව දැඩි සතුටට පත්වීමි. රොබට් නොක්ස් මහථාඅ ද මෙහිදී ඉහිපත් කරන්නේ මහත් භක්තියකිනි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව්මයි එදා හෙළදිව පොත ලිව්වෙත් එයා හිරේ ඉද්දිනේ...

      Delete
  5. Hahaa, ehema nn hire yannath hethuwak hadagnna wenawa issella,

    ReplyDelete
    Replies
    1. මොකෝ කියන්නෙ බැංකුවක්වත් කඩමුද අක්කෙ... :D

      Delete
  6. මේ බ්ලොග් එකේ ඇඳුම මාරු කරපු එකනම් හරි වටිනවා

    ReplyDelete
    Replies
    1. ඇදුම ඇන්ද හැටියෙම ඕක කිව්වනන් වේලාහනින්ම මම ඇදුම මාරු කරනවනේ...

      Delete
  7. Replies
    1. එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

      හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

      ඉයන් බලකාය

      Delete
    2. හිතවත් ඉයන්,

      මාතලන් විසින් මා විසින් ඔබගෙන් ඇසූ කමෙන්ට් එක මකා දමා ඇනෝ වසා දමා තිබෙනවා. මන් හිතන්නේ ඔබ සමග වලිදාගත් වෙනත් ඇනෝ කෙනෙක් නිසා විය යුතුයි. දැන් ඔය වලි ඇති ඉයන්. ඉවසීම ප්‍රගුණ කරන ලෙස දෙන්නගෙන්ම ඉල්ලනවා.

      කමී කැමති නම් මෙතන එම කමෙන්ට් එක නැවත දාන්නම්, අවුල් නම් මකා දැමුවත් කම් නැහැ.

      මේකයි මගේ පැනය;

      //හිතවත් ඉයන්,

      මේවනවිට රටේම ගර්හාවට ලක්ව ඇති වත්මන් අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමය යටතේ සිදුවූ ‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප‍්‍රකාශකයා ය. පහුගිය ආණ්ඩුවේ අන්ත දූෂිත රෙජීමයේ රාජපක්ෂවරුන් හොරු කියා කෑ ගසන වත්මන් විසුළු ජනපතිවරයාත් සෞඛ්‍ය ඇමති ඇතුළු ප්‍රබල ඇමතිවරුත් වසර 10ක් පුරාම රාජපක්ෂ වරුන්ගේ සපත්තු ලෙව කමින් එක හැලියේ බත් එකට හොරා කෑවේය. රාජපක්ෂලාගේ සපත්තු ලෙව කෑ කැ.ප්‍ර.ගේ දත් ගෙවී ගොස්ය. මහින්ද රාජපක්ෂගේ දෑසට වැලි ගසා හිටපු ධිවර අමාත්‍යවරයා ලෙස ලබාගත් අල්ලස් වලින් කෝටි දහසකට වඩා වටිනා ධිවර යාත්‍රා 8ක් මොහු සතුව බවට කියන චෝදනා ගැන සිදුවූ විමර්ෂන මොනවාද? මොදර ධිවර වරාය සොච්චම් මුදලකට බදු දෙමින් රජය කල අලාභය කෝටි දහසකට වැඩි බවට තවත් චෝදනාවකි. රෝගීන්ට දීම සදහා ආනයනය කරන බෙහෙත් වලින් ද කෝටිගනන් අල්ලස් ලබාගන්නා යහපාලන ආණ්ඩුවේ කම්බ හොරා ලෙසද හිටපු හොරුන් විලාප නගනු පෙනේ.

      ඇත්තෙන්ම ඉයන් මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැනි "හිඟන්නන්ට නම් සිතා ගන්නවත් නොහැකිය. මිලියන, බිලියන ගණනින් වන මූල්‍ය විශුද්ධිකරණ ද ඒ ආකාරයේම ලූනු බිකවල් බව නම් අප වටහාගත යුතුය.

      තවත් ඇමැතිවරයෙකු කියූ ආකාරයට හැම කාලෙකම රට පාලනය කළෝ හොරුය. හොරකම සහ දේශපාලනය වෙන් කළ නොහැකිය. එය ඇත්තක් විය හැකිය. එහෙත් හැම රටක්ම, හැම කාලයේම පාලනය කළේ හොරුන්ම පමණක් නොවන බව එතුමා නොදැන සිටිනවා නොවිය හැකිය.

      රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සහ මැදිහත්වීමට වෘත්තීය සමිතිවලට කිසිම අයිතියක් නැතැයි කීවේ තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියේ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරී නායකයකු ලෙස කටයුතු කළ පසුව සහචර ධනපති ආණ්ඩු කීපයක ඇමති ධුර දැරූ සහ තවමත් හොබවන ඇමැතිවරයෙකි.

      ඉන් පෙනී යන්නේ සමාජවාදී විප්ලවීය ව්‍යාපාරවල අත්පොතක් වූ ලෙනින්ගේ ‘‘කළ යුත්තේ කුමක්ද?’’ හිටපු කොමියුනිස්ට්වාදියා කියවා නැති සැටියකි. එය කියවූයේ නම් වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති විඥානයෙන් එහාට යා යුතු බවට වූ ලෙනින්ගේ තීසිසය ඔහුට මුණගැසෙන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් ජාතික සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිය එතුමාට වැටහෙනු ඇත. අද මෙන්ම එදාත් අපූරු කොමියුනිස්ට්කාරයන් සිටි බවට නම් එතුමා කදිම නිදසුනකි.//

      Continue....

      Delete
    3. Cont'd...

      //ඉයන් මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු මොනවාද?

      01. අධිකරණයට පෙර, අධිකරණ ක‍්‍රියාමාර්ගවලට පෙර අධිකරණ තීන්දු ප‍්‍රකාශ කරන ඇමතීන් හිඟ නැති රටක ස්වාධීන අධිකරණයක් කෙරෙහිවන ජනතා විශ්වාසයට කුමක්වේ ද?

      02. මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා තැබීමට සැලසුම් සකස්කරන පසුබිමක ස්වාධීන මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය අදාළ වන්නේ රාජගිරියේ ගොඩනැගිල්ලකට පමණක් නම් ඉන් ඇති සමාජ පලය කුමක්ද?

      03. බිලියන, ටි‍්‍රලියන ගණනේ වන වංචා ලූනු බික් වෙද්දී කුසට ලූනු බිකක්වත් තරමේ අහරක් නැතිව නියංසායෙන් වේළුණු වැව් පතුල්වල ඕලූ_ නෙළුම් අල සොයමින් මහපොළොව හාරන කුස පිටට ඇලූණු ගැහැනු පිරිමින්ගේ, ළමා ළපටින්ගේ සෝ සුසුම්, උණ ගින්දරේ පැහෙන දරුවාට බෙහෙත් ටිකක් ගන්නට ගෙයි සන්තකේ සතයක් නැති තැන මන්නය උකසට තැබීමට සිදුවන දරු දුක දරා ගැනීමට බැරි පියවරුන්ගේ හැඬුම් නොඇසෙන ස්වාධීන මානව හිමිකම් කොමිෂන්වලින් ඇති පලය කුමක්ද?

      මේ සියලූ පූර්විකා සමගින් අප අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන ගැටලූවක් වේ. අපේ රටට මෙහෙම වුණේ ඇයි? යන්න ඒ ගැටලූවය. දිව්‍ය ලෝකය දක්වා වේගයෙන් වලාකුළු අතරින් ඉහළට නැග දිව්‍ය මන්දිර සමග තරග කොට ඒවා සියලූ වටවල දී පරාජය කළ හැකි ‘මොනැක් මන්දිර’ සහ ‘ඇකිලියන් මන්දිර’ තියෙන සහ හැදෙන රටක බඩ සායෙන් සහ රෝග පීඩාවන්ගෙන් දුක් විඳින දස ලක්ෂ ගණනින් වූ ජනකායක් හැදුණේ කොහොමද? එය එක අතකින් රටක් ලෙස අප අවමානයට පත්කරන එකකි. රාජ්‍යයක් ලෙස එහි අපරිණත බව ප‍්‍රකාශ වන්නකි.

      ආණ්ඩු ලෙස ඒවායේ අඥාන බව, වංචාකාරී බව මෙන්ම සහචර ජාවාරම්කාරී සහ පුද්ගල කේන්ද්‍රීය භාවිත හෙළිදරව් වන්නකි. මැතිවරණ වේදිකා තුළත්, පාර්ලිමේන්තුව තුළත්, පක්ෂ තුළ සහ අතරත් ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතරත්, සන්නිවේදන මාධ්‍ය තුළත් හොරු සහ හොරකම් පිළිබඳව සිදුවන දෛනික විවාද සහ එකිනෙක පාර්ශ්ව අතර සිදුවෙන චෝදනාවලින් පෙනී යන්නේ පාලකයන් සියල්ලම චෞරයන් බවය.

      මේ රාජ්‍යය චෞර රාජ්‍යයක් බවත් මේ රාජ්‍යයේ ආණ්ඩු චෞරයන්ගේ සහ උන්ගේ සහචර සට්ටැඹින්ගේ රජදහනක් වන ආණ්ඩු බවය. ඉතින් එවැනි ව්‍යුහ සහ පුද්ගලයන්ගෙන් අර ඉහත කී ආකාරයේ ජනයා වෙනුවෙන් පොදුජන සුබසෙත ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් හා සම නොවේද? කෙසේ වෙතත් ඊට පිළිතුරු සහ විසඳුමක් සොයා ගත යුතුමය. ඒ සඳහා, නිදහසින් පසු නවසිය හැත්තෑ ගණන්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ආසියානු මොඩලය ලෙස නම් දැරූ මේ රට, බොහෝ පාලන කාලවල චෞර රාජ්‍යයක් වුණේ මන්ද, එහි ආණ්ඩු චෞර ආණ්ඩු වූයේ මන්ද යන්න පිළිබඳව විමසීමක් කළ යුතුය. ම්ගේ අරමුණ වන්නේ එය ය. හැකිනම් මේ පිළිබඳව අවංකව අදහස් දක්වන්න.//

      (පිළිතුර මෙතන දෙන්න, මා නැවත මාතලන්ගේ බ්ලොගය බලන්නේ නැතිනිසා) - ඔබගේ බ්ලොගයේත් ඇනෝ වසාදමා තිබෙන නිසා එහි කමෙන්ට් කරන්නත් බැහැ.

      Delete
  8. චූලානන්ද සමරනායක පරිවර්තන වැඩේට අත ගහන්නෙත්, 88-89 විමුක්ති දේශපාලන කටයුතු හින්දා අත්අඩංගුවට අරන් රැඳවුම් භාරයෙ ඉද්දි. හෝචි මිංගෙ ‘‘සිරගත සිතුවිලි‘‘ කවි ටික කියවද්දිත් හිතෙනවා සිරගත විම ආශිර්වාදයක් වෙලා නේද කියල. ඇත්තටම ආශිර්වාදයක් වෙලා නෙවෙයි, ආශිර්වාදයක් කරගෙන. ජුලියස් පුචික්ගෙ පෝරකයේ දින සටහන්... තමිලිනී අලුයම් සිහින කෙටි කතා පොතේ සමහර කෙටි කතා වුණත් උදාහරණ විදියට මට මතක් වෙනවා.

    ReplyDelete
  9. ඉන්ධිරා ගාණ්ධිට යවපු ලියුම් ලියලා තියෙන්නෙත් හිර ගෙදර ඉඳන් නේද. ඒවාත් පොතක් විදිහට පළ කලානේ.

    ReplyDelete
  10. වෙලාවකට හිතෙනවා හිරේ ගියානම් හරි කියලා , මේවා බලද්දී

    ReplyDelete
  11. විමල් වීරවංශ අංකල්.........--==-

    ReplyDelete
    Replies
    1. එයාටත් කියමු පොතක් ලියන්න කියලා... වැඩේ තියෙන්නෙ මොනා ලියයිද දන්නෑ...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...