Friday, September 22, 2017

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්‍රමය මුල්වරට හදුන්වා දෙන ලද්දේ ඇලෙක්සැන්‍ඩ්‍රියා පුස්තකාලය මගිනි. මෙම පුස්තකාලය මියුසියම් නම් අධ්‍යාපන ආයතයේ කොටසකි.

 මෙය මුලින්ම හැදින්වූයේ ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය ලෙසයි. සමස්ථ මධ්‍යධරණී කලාපයේ පමණක් නොව ශිෂ්ටාචාර යුගයේ සමස්ථ මානව වර්ගයාගේම දැනුම අන්තර්ගත වූ ලේඛනාගාරය ලෙස ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය හදුන්වා දිය හැකියි.

 මහා ඇලෙක්සන්ඩර් අධිරාජ්‍යයා විසින් ඊජිප්තුව දිනා ගැනීමෙන් පසු තම අගනුවර ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාව තෝරා ගත්තේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ටොලමිස් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ලෝකයේ බුද්ධිමය අගනගරය බවට පත් කරන ලදි. පලමුවන ටොලමිස් විසින් ක්‍රි.පූ. 288 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැරණි පුස්තකාලය ස්ථාපිත කරන ලදි. සෑම ශිෂ්ටාචාරයකම සිටි විද්‍යාර්ථීන් තම අධ්‍යන කටයුතු සදහා මෙම පුස්තකාලය වෙත පැමිණියෝ ය. එකල ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ඕනෑම විෂයයකට අදාල පොතක් ඇතුලු වූ විට එය වහාම මෙම පුස්තකාලය වෙත රැගෙන ආ යුතු විය. එහිදී එම පොත් පිටපත් කල අතර එය අවසන් වූ පසු එම පිටපත එහි අයිතිකාරයාට ලබා දෙන ලදි. එහි මුල් පිටපත පුස්තකාලය භාරයේ තබා ගත්තේ ය. මෙය එකල නීතියක් වූ අතර එම නීතිය කඩ කරන අයවලුන්ට දඬුවම්ද ලබා දුන් බව කියැවේ.

මෙම පුස්තකාලය තුල එකල භාවිතා වූ සෑම විෂයයකටම අදාල පොත් තිබිණි. ජුලියස් සීසර් හා ක්ලියෝපැට්රා සමයේ සිට ක්‍රමක්‍රමයෙන් මෙම පුස්තකාලයේ පරිහානිය ආරම්භ විය. මෙම පුස්තකාලය තම ප්‍රථම ව්‍යසනයට මුහුණ දෙනු ලබන්නේ ක්‍රි.පූ. 48 දීය. ඒ තම ඇලෙක්සැන්ඩ්‍රියනු යුද්ධයේදී වරායට ආසන්නව තිබූ පුස්තකාලයේ කොටසක් ගිනි ගැනීම නිසාවෙනි. රෝම රජයේ එකල තිබූ මූල්‍යමය හිඟකම නිසාවෙන් මෙම පුස්තකාලය නඩත්තු කලේ නැත. එමනිසා කලක් ගත වෙත්ම මෙම ප්‍රධාන පුස්තකාලය නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයටම පත් විය.

 ක්‍රි.ව. 200 සිට 300 අතර කාලවල්වලදී ඇතිවූ කැරලි හේතුවෙන් ප්‍රධාන පුස්තකාලය ඇතුලු පෙරකී මියුසියම් නම් අධ්‍යාපන ආයතනය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් විය. මුලදී පටන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ තවත් ප්‍රදේශයක සෙරාපියම් නම් දේවස්ථානයක ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන පුස්තකාලයට වඩා කුඩා පුස්තකාලයක් පවත්වාගෙන ගියේ ය. සීසර්ගේ ගිනි තැබීමෙන් හා කැරලි හේතුවෙන් මෙයට හානි නොවීය. මෙම පුස්තකාලයේ තිබූ පොත පත පිලිබඳ ඒ හැටි සඳහනක් නැත.

 රෝමන්වරුන් විසින් ක්‍රි.ව. පලමුවන සියවසේ දී ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම හේතුවෙන් ආගමික ගැටලු බොහොමයක් උද්ගත විය. ක්‍රි.ව. 391 දී තියෝඩෝසියස් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ආගම හැරුණු කොට අනෙක් ආගම් සියල්ල තහනම් කරමින් ආඥාවක් පල කරන ලදි. එම වසරේදීම තියෝපිලස් නම් බිෂොප්වරයා යටතේ ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් අන්‍ය ආගමික දේවස්ථානයක් වූ සෙරාපියම් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් කළේ ය. මෙම සිද්ධිය නිසාවෙන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය මුළුමුනින්ම පාහේ විනාශයට පත් විය. එමනිසා ක්‍රි.ව. 400 දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතිහාසයෙන් සදහටම මැකී ගියේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි විද්‍යාර්ථීන් ද නොයෙක් ප්‍රදේශවලට සංක්‍රමණය විය.

 ක්‍රි.ව. 641 දී මුස්ලිම් අරාබි හමුදා විසින් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට අයත්ව තිබූ කුඩා සිහිවටන ස්වල්පයද සදහටම නැති කර දමන ලදි. කුරාණය හැර අනෙක් සියලුම ග්‍රන්ථ වලින් පලක් නැත යැයි කියමින් අවසානයේ ඉතිරිව තිබූ පුස්තකාලයේ මතක සටහන්ද ඔවුන් සහමුලින්ම විනාශ කරන ලදි.

 කුරාණය යනු බයිබලයේ පැරණි ගිවිසුමේ පිටපතක් බව සියලුම දෙනා දන්නා රහසකි. මුල්ම කාලයේ බයිබලයේ පැරණි ගිවිසුම ලියැවුනේ හෙබ්‍රෙව් භාෂාවෙනි. එකල ප්‍රධාන භාෂාවක් වූ ග්‍රීක් භාෂාවට මෙම හෙබ්‍රෙව් පරණ ගිවිසුම පරිවර්තනය කලේ වැඩිමහල්ලන් හැත්තෑ දෙනෙකු විසිනි. [සමහර මූලාශ්‍රවල 72 යැයි ද පවසයි] එමනිසා බොහෝ දෙනාට මෙම පිටපත් අධ්‍යනය කිරීමට අවස්ථාව උදාවිය. කුරාණයට මූල වන්නෙත් මෙයයි. මෙම පිටපත සෙප්තුවාජින්ත පිටපත ලෙස හැදින්වේ. වැදගත්ම කාරණය නම් මෙම සෙප්තුවාජින්ත පිටපත සම්පාදනය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුල වීමයි.

මූලාශ්‍ර
1)ඉපැරණි ලෝක ශිෂ්ටාචාර - රාජ් සෝමදේව, පද්මසිරි කන්නංගර , අනුත්තරාදේවි විද්‍යාලංකාර

2) https://en.m.wikipedia.org/wiki/Serapeum

3) https://en.m.wikipedia.org/wiki/Destruction_of_the_Library_of_Alexandria

4) https://en.m.wikipedia.org/wiki/Library_of_Alexandria


21 comments:

  1. නියමයි... ස්තූතී මිතිල

    ReplyDelete
  2. ඉස්සර මං ආසම විෂයක් තමා ඉතිහාසය.. ඉතින් ඒකාලේ මට වුවමනා වුනේ ඉතිහාසය කතිකාචාර්යවරියක් වෙන්න.. ඒත් අන්තිමට මං කලේ බයෝනේ.. ඒ නිසා ඒ ආසාව නැති වුනා. ඒ නිසා මං මේ පෝස්ට් ආසාවෙන් කියවන්නේ... ඒත් මේ දවස් වල එග්සෑම් එකක් තියනවා.. ඒ නිසා මට මග හැරුන සමහර ලිපි.. ජයවේවා මිතිල..

    ReplyDelete
  3. නියමයි මිතිල....

    ReplyDelete
  4. අගනා විස්තරයක්

    ReplyDelete
  5. යුරෝපා ඉතිහාසයට කෙනෙක් මෙතරම් ලොල් වීම බොහොම සන්තෝෂයි ඔබ ගෙනහැරපාන කරුණු සඳහා විශාල කැපකිරීමක් සිදුකරන බව පේනවා ඔබට ජය
    විචාරක දියණිය

    ReplyDelete

බැංකු ඒමටත් කලින් ණය දුන් බැංකු වෙළෙන්දෝ

"උඹනම් හෙට්ටියෙක්ම තමා" යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ 'හෙට්ටි වීදිය' ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙ...