Sunday, December 2, 2018

වරද කාගෙද?


ලංකාව රාජධානි අවධියේ දී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතියේ සුළු කාලයකි. රාජධානි අවධියේ දී ලංකාව උඩරට , පහත රට, මායා රට, පිහිටි රට ආදී නොයෙක් ආකාරයට කොටස් වලට බෙදී පැවතුනි. එක් එක් පාලකයන් මෙහි පාලන කටයුතු ගෙන ගිය අතර උතුරු ප්‍රදේශය ආර්ය චක්‍රවර්තී නැමැති දෙමළ පාලකයන් විසින් පාලනය ගෙන ගියා. එකල ජාතීන් කියා තිබුනේ ජන වර්ගයට නොව කුලයට යි. ජන වර්ග අතර බේදයක් තිබුනේ නැත.

අතීතයේ දී සිංහල හා දෙමළ මිනිසුන් අතර විවාහයන් බොහෝ සිද්ද වූවා. එයට කිසිදු බාධාවක් සිදු වූයේ නැහැ. උදාහරණයක් ලෙස රත්වත්ත පවුලේ විවාහයක් යාපනයේ වෙල්ලාල කුලයේ අයත් සමග වීම දැක්විය හැකියි. සැළලිහිණි සංදේශයේ එන උලකුඩය දේවිය විවාපත් වන්නේ ශන්මුගයාර් නැමැති දෙමළ කුමාරයෙක් සමග. ඒ අපේ පෙර සිංහල සාහිත්‍යයෙන් උදාහරණයක්. ලංකාවේ රජවරු බොහොමයක් දකුණු ඉන්දියාවේ කුමාරිකාවන් සමග විවාහ වනවා. මේ ආකාරයට සිංහල දෙමල දොගොල්ලො අතර විවාහ සම්බන්ධතා වලට කිසිදු බාධාවක් තිබුනේ නැහැ. අලගියවන්න මුඛවෙටි පඬිතුමා සහ ධර්මසේන හිමි වැනි ප්‍රාඥයින් කියා සිටියේ දෙමළ නොදන්නා අයෙක් සිටිනවා නම් ඒ මුග්ධයෙක් බව. එනම් එකල දෙමළ භාෂාව ඉගෙන ගැනීමත් බොහෝ උසස් දැනීමක් ලෙස පිලිගනු ලැබුවා.

මෙසේ කිසිදු බේද බින්නව නොතිබූ ජාතීන් අතර ගැටුන් හටගත්තේ කොතැනින් ද? ඉංග්‍රීසීන්ගේ පාලන කාලය ගත් විට, ඔවුන්ගේ පාලනයේ එක් විශේෂත්වයක් ලෙස ‘බෙදා වෙන්කර පාලනය’ දැක්විය හැකියි. කෝල්බෲක් ප්‍රථිසංස්කරණයෙන් ව්‍යවස්ථාදායක හා විධායක යන ආයතන දෙකක් හදුන්වා දෙනු ලැබූ අතර ව්‍යවස්ථාදායකයේ නිල නොලත් මන්ත්‍රීවරුන් තෝරා ගත්තේ ජාතීන් අනුවයි. වර්ගවාදී හැඟීම් ඇති කිරීමට මෙය මූලික අවධියේ හේතුවක් වුනා. ඒකීය රටක් ලෙස ලංකාව පත් කරන්නේ ඉංග්‍රීසීන්. රාජ්‍යයක් සෑදීම නිසා ජාතීන් අතර බෙදීම හට ගත් අතරම රට බෙදී තිබුන තාක් කල් ජාතීන් අතර සමගියක් තිබුනා.


නිදහස කිට්ටු වන විට මෙම ජාතිවාදී හැඟීම උත්සන්න කිරීමට හේතු කිහිපයක් තුඩු දුන්නා. ලංකාවට නිදහස ලබා ගැනීම සදහා හඬක් නැගූ ව්‍යාපාර ලෙස එකල තිබුනේ ව්‍යාපාර දෙකක් පමණි. ඒ ලංකා වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය පමණි. ඩොනමෝර් කොමිසම නිර්දේශ ඉදිරිපත් කල විට අපි ජාතියේ පියවරු ලෙස හදුන්වා සිටින, මහත් ඉහළින් කතා කරන පුද්ගලයින් සිදු කලේ මෙම නිර්දේශ බාර ගැනීමයි. නමුත් වාමාංශික ව්‍යාපාරය සහ යාපනය තරුණ සංගමය මෙයට විරුද්ධ වී නිදහස උදෙසා අරගලයක නියැලුනා. යාපනයේ තරුණ සංගමයේ විරෝධතාව කෙතරම් උග්‍රව ගියා ද කිවහොත්, ඔවුන් තමන්ට හිමි වූ චන්දය භාවිතය වර්ජනය කරනු ලබනවා. තමන්ට චන්දය භාවිතා කිරීමට හැකි පලමු අවස්ථාවයි ඔවුන් මෙසේ වර්ජනය කරන්නේ. යාපනය තරුණ සංගමය පවසුවේ ‘අපිට ජාතික නිදහස මිසක් ප්‍රථිසංස්කරණ අවශ්‍ය නැහැ’ යනුවෙනුයි. මෙම විරෝධතාව හේතුවෙනුයි පසු කාලීනව අපට සර්වජන ඡන්ද බලය හිමි වන්නේ.

තව දුරටත් ඉදිරියට ගිය විට, සොල්බරි කොමිසමෙන් ගෙන එනු ලබනවා සුළු ජාතීන් සුළු ආගමිකයන් ආරක්ෂා කරගැනීමට වගන්තියක්. එනම් කිසිදු ජන කොටසකට විශේෂයක් කල නොහැකි බවයි එයින් පැවසුවේ. නමුත් එම ව්‍යවස්ථාව යටතේ දී පත්වූ ආණ්ඩුව (ඩී.එස්. සේනානායක ප්‍රමුඛ) පුරවැසි පනත හඳුන්වා දෙනු ලබනවා. එම පුරවැසි පනතෙන් සිදුකලේ කන්ද උඩරට සිටි ද්‍රවිඩ කම්කරු ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කිරීම. එම ද්‍රවිඩ කම්කරු ජනතාව වාමාංශිකයන්ට නැඹුරු වීමක් තිබූ අතර ආණ්ඩුවට අවශ්‍ය වූයේ මෙය නතර කිරීමටයි. එමනිසා පුරවැසි පනතෙන් උඩරට ද්‍රවිඩ කම්කරු ජනතාවගේ චන්ද බලය අහෝසි කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා.

1956 චන්දය කිට්ටු වේගෙන යන විට බෞද්ධ කොමිෂන් සභාව පිහිටුවනු ලබනවා. මෙමගින් බෞද්ධයන්ට හා සිංහලයන්ට සිදුවී තිබෙන අසාධාරණකම් සාකච්ඡාවට ලක් වනවා. මෙය මුල් කරගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවත් බෞද්ධ රාජ්‍ය ආගම බවත් යන අදහස් මතු වනවා. මෙම අදහස් මුල් කරගෙන 56 චන්ද ව්‍යාපාර කෙරීගෙන යන අතර එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය භාෂා පනත රැගෙන එන බවට මැතිවරණ පොරොන්දුවක් ලබා දෙනවා. ඔවුන් සමග තරඟ කල  එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා පවසා සිටියේ ඔහු සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව බවට පත් කරන බවයි. බණ්ඩාරණායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ 56 චන්දය ජය ගත්තත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීනේ මැතිවරණ පොරොන්දුව ඉටු කිරීමට කල් ගත වනවා. 



රාජ්‍ය භාෂා පනතෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයන් සිංහල භාෂාවේ ප්‍රවීණත්වය ලබාගත යුතු බව කියැවෙනවා. එම ප්‍රවීණත්වය වසර තුනක් ඇතුලත ලබා නොගතහොත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරයි. වරක් කොල්වින් ආර් ද සිල්වා පවසා සිටියේ ‘එක් භාෂාවක් නම් රටවල් දෙකක්. භාෂා දෙකක් නම් එක් රටක්’ බවයි.  මෙම පනත ගෙන ඒමත් සමග දෙමළ ජනතාව පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරන අතර ආණ්ඩුව විසින් මැරයන් දමා එය නතර කරයි. මේ ආකාරයට දෙමළ ජනතාවගෙන් මෙම රාජ්‍ය භාෂා පනතට සහ ඒ හා සමගාමීව ගිය උසාවි භාෂා පනතට එරෙහිව නොයෙක් උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ පැවැත්වීමට පටන් ගන්නවා. මේ සියල්ල දරුණු ලෙස මර්ධනයක් එකල ආණ්ඩු විසින් සිදු කරයි. දෙමළ මිනිස්සුන්ගේ හදවතට කතා කල භාෂාව ප්‍රශ්නයට අමතරව  ඔවුන්ව තැලීමට ජනපදකරණයත් හේතු වනවා. උදාහරණයක් ලෙස ගල් ඔය ජනපදයෙන් ගම්මාන තිස් හයෙන් ගම්මාන හයක් පමණයි දෙමළ මිනිසුන් සදහා වෙන් කලේ. ගල් ඔය ජනපදය මුල් කරගෙනයි අම්පාර දිස්ත්‍රික්කය සාදනු ලබන්නේ. මෙසේ ක්‍රමානුකූලව සිංහල ගම්මාන සෑදීම සිදු කරනු ලබනවා. මේ සියල්ල නිසා දෙමළ මිනිසුන්ට තේරුම් යනවා මොවුන් මේ සිදු කරන්නේ අපගේ භාෂාව සංස්කෘතිය ආදිය දියාරු කිරීමේ වැඩපිලිවෙලක් බව. ඉතිහාසය දෙස බැලූ විට අපට එය පැහැදිලිවම දක්නට ලැබෙනවා.

මේ සියල්ල නිසා උතුරේ තරුණයන් අතර කතා බහකට ලක් වනවා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කල යුතුයි යන වග. ඒ අනුව වඩුක්කෝඩෙයි හිදී එම සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වනවා. දෙමළ මිනිසුන්ට වෙනම රාජ්‍යයක් යන සංකල්පය මතු වන්නේ එතැනින්. එතැන් පටන් රටට වූ හානිය කියා නිම කල නොහැකියි. ජාතිවාදී ප්‍රශ්න ඇති කලේ කව්ද? වරද කාගෙද?

(අජිත් හැඩ්ලි මහතාගේ දේශනයක් ඇසුරෙන් සකස් කල ලිපියකි)

26 comments:

  1. මේක වෙනකෙනෙක්ගේ දේශණයක්. මෙහි සඳහන් කරුණු ඔයාගේ අදහස් හැටියට සලකන්නේ නෑ.
    නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මේක අපහාසයක් නෙමෙයි.
    ඔයා සිංහල ක්‍රිස්තියානි කාරයෙක්.
    සිංහල ක්‍රිස්තියානි කාරයෝ තුල සිංහල ජාතියට විරුද්ධව කැරලි ගැසීමටත් දෙමළ ජාතිවාදයට කඩේයාමටත් සහජ නැඹුරුවක් තියෙනවා.
    ඒක හරියටම ජන්ම පාපය වගේ එකක්. ඔයා තුලත් ඒක තියෙනවා. ඒක ඔයාගේ වරදක් නෙමෙයි.
    වෙන එකක් තියා, අන්වර් මනුතුංග (හර්බට් මනුතුංග) මහත්තයා තුල පවා ඔහු ඉස්ලාම් ආගමට හැරුණා වුනත් ඔය කියන ක්‍රිස්තියානිි ජන්ම ද්‍රෝහිකම පිහිටලා තියෙනවා.
    ඒනිසා එහෙම හැඟීමක් එනවිටම මගේ ජන්ම ද්‍රෝහිකම ක්‍රියාත්මකවුනා කියලා මතක්කරගන්න පුරුදුවෙන්න ඒක හොඳ භාවනාවක්.


    මේ ලිපියේ එක කරුණක් ගැන විතරක් මතක් කරන්නම්.
    මේ ලිපියේදී දේශකයා ලොකු බොරුවක් කියනවා. එනම් පුරවැසි පනත මඟින් දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසිකම අවලංගු කල බව.
    නමුත් වතු කම්කරුවන්ට ඒවනවිටත් ලාංකික රටවැසිකමක් තිබුනේ නෑ.
    ඔවුන්ට තිබුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රටවැසි කමක්. නිදහස ලැබුණවිට ඔවුන් නිකම්ම අනවසර සංක්‍රමණිකයන් බවට පත් වෙනවා.
    රටවැසිපණත මඟින් කලේ දිගු කාලයක් මෙරට පදිංචිව සිටි වතුදෙමළුන්ට රටවැසිකම ලබා දීමයි.
    ඒ විදියට බැළුවාම රටවැසි පණත කියන්නෙ වතුදෙමළු කොටසකට රටවැසිකම දීපු පණතක්.

    අජිත් හැඩ්ලි වගේ අය කරන්නේ ගොබෙල්ගේ න්‍යාය යොදාගෙන එකම බොරුව නැවත නැවත කියා එය සත්‍යයක්ය යන මතය සිංහලයා තුලට පෙවීමයි.

    ReplyDelete
    Replies
    1. //නමුත් වතු කම්කරුවන්ට ඒවනවිටත් ලාංකික රටවැසිකමක් තිබුනේ නෑ.// වැරදියි. ඒ වෙනකොට ලැබිලා තිබුනේ.

      Delete
    2. @Jagath Pathirana මාත්තියා ෂිංගල බුඩ්ඩාගමෙ ⁣නෙමෙයි නං ඔක්කොමල බොරැ තමා කීනවා නේ ? ආඩවනේ .. මේකලාට කීල දෙන්ට අප්පා ... 🙂

      Delete
  2. ආයේ මං මොකට තරු ලකුණු දෙනු... 🌷🌷🌷🌷

    ReplyDelete
  3. කොයි දේශපාලඥයාත් කළේ තමන්ට, තමන්ගේ පිලට වාසිවෙන දේවල් විතරයි. රටට වෙන්න පුළුවන් විනාශය ගැන හිතුවේ නැහැ. දුර බැලුවේ නැහැ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි! ඒකනේ පක්ෂ වුණත් බෙදීගෙන-බෙදීගෙන යන්නේ ඇමීබාවෝ වගේ!

    ReplyDelete
  4. දෙමළ සිංහල බෙදීමක් ලංකාවේ ජනයා අතර තිබුනේ නෑ .
    මහාඅ විජයබාහු රජ දළදාව ආරක්ෂා කරනට දුන්නේ දෙමල සෙනන්න්කයකට
    ඔහුගේ පුද්ගලික් ආරක්ෂාව මෙහෙය වුවෙත් දෙමළ ය.
    ඔහු දෙමලෙන් සෙල්ලිපියක් පවා කළා

    මේ බෙදීම කලේ දේශපාලකයන්
    අනගාරික ධර්මපාල වගේ පිස්සෝ

    ReplyDelete
    Replies
    1. සීතාවක රාජසිංහ රජතුමා පාදස්ථානය දමිල ආඬිපාකීර්වරුන්ට බාර දෙනවා. අවුරුදු 171 දමිල පුජකයින් ශ්‍රී පාදස්ථානය බාරව කටයුතු කරනවා.

      Delete
    2. ආඬි කියන්නේ තෙලිඟු බාශාව කතා කරන අයට

      Delete
  5. දබර අමිල හිමියන්ට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  6. දිවංගත බණ්ඩාරනායක මැතිතුමා තමයි සිංහල බෞද්ධයන්ට වර්තමානයේ තැනක් ලබා දුන් නායකයා. එතුමාට ගරහන්නේ ක්‍රිස්තියානිකරයෝ දෙමලු එක්ක එකතු වෙලා. ඩියෝන් මිතිල ප්‍රනාන්දු කියන්නේ ක්‍රිස්තියානිකාරයෙක්. ඒ විතරක් නං නෙමේ, රට විකුණන එක්සත් ජාතික පක්ෂයේ මුදල් ගන්නා මාධ්‍යවේදියෙක්.

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්... ඒ හම්බෙන සල්ලි වලින් තමා දැන් මේ කාලා බීලා ඉන්නෙ... :D

      Delete
  7. ස්තූතියි ලිපියට මිතිල.

    ReplyDelete
  8. ලිපියේ ඇතැම් කරුණුවලට එකඟයි. නමුත් එක පැත්තකට බර බවක් පේනවා. නැගෙනහිර පළාතෙ දෙමළ රාජ්‍යයක් තිබූ බවට කිසි සාක්ෂියක් නෑ. රොඅබ්ට් නොක්ස් පවා ආවෙ උඩරටට අයත් ත්‍රිකුණාමලයට. අම්පාර ආදී පෙදෙස් ඉස්සර රුහුන.
    ඉංග්‍රීසීන් දෙමළ ජනයා ගෙනවිත් රටේ ජනසයුතිය වෙනස් කලා. ඒක ගැන අවධානය යොමු කර නෑ.
    ඒක නිසා සිංහල ජනප්ද ගැන චෝදනා කරන්න බෑ.
    සිංහල දෙමළ විවාහ ඔය කියන විදියට සිදුවුනේ නෑ. රජ හා රදළ පවුල් අතර ජාත්යාන්තර සබදතා ලෙස විවාහ සබදතා පැවතියා.
    ලියුම්කරු තවත් වරද්දගත් තැනක් දෙමල හා ද්‍රවිඩ ජාතීන් සම්බන්ද කාරනය.
    ඔහු කේරළ පල්ලව පාන්ඩ්‍ය ආදී සියල්ලෝම දෙමළ කියා කියා තිබෙනවා. විජායබාහු රජු වැඩි වශයෙන් සබදතා පැවත්වුනේ චෝලයන් සමග නෙමෙයි.

    ලියුම්කරු හා එකඟයි අතීතයෙ ජාතීන් අතර භේදයක් නොතිබූ බවට වූ අදහස් එක්ක.
    සියල්ල අවුල් වුනේ පෘතුගීසීන් පැමිනීමෙන්. පෘතුගීසීන් යාපනාය අල්ල නොගත්තානම් කාලයක් යනවිට එක් ජාතියක් ල්ලෙස පරිණාමය වෙන්නත් ඉඩ තිබුනා. යාපනය හා කෝට්ටෙ අතර තිබුනෙත් ගැටුම් වලට වඩා සමගියක්.

    ReplyDelete
    Replies
    1. වතු වගාව සදහා දෙමළ අය ගෙනල්ලා එයාලා ලාංකික දෙමළ කියලා පනතකින් සම්මත උනාට පස්සෙ වසර ගනනාවකට පස්සෙ තමා සිංහල ගම් පිහිටවලා ජනපද හදන්න ගත්තෙ... එතකොට දෙමළ මිනිස්සු ලාංකික ජන සමාජයේම කොටසක්...

      Delete
  9. බිරිතානි අධිරාජ්‍ය සමයේ ඉන්දියාවට ආපු ක්‍රිස්තියානි මිශනාරීන්ට අවශ්‍යවුනා හින්දු සමාජය භේද කරන්න.
    ඒ වනවිට මූගල් අධිරාජ්‍යය බිඳවැටී ඇති නිසා හින්දු වරු එක ජාතියක් ලෙස එක්වෙමින් තිබුනා.
    ඔවුන් තමයි ආර්ය, ද්‍රවිඩ ලෙස හින්දුවරු වර්ග දෙකක් සිටිනවාය යන මතය ප්‍රචාරය කලේ.

    මෙම මතය වැඩිපුරම ජනප්‍රිය වුනේ දකුණු ඉන්දීය දෙමළ මිනිසුන් අතරයි.
    මන්ද බිරිතානි අධිරාජ්‍යයෙන් වැඩිම වාසි ලැබුනේ ඔවුන්ට නිසයි.

    ශ්‍රී ලංකාවේ වුනත් කතෝලික පූජකවරුන් අතර සිංහලයා පහත් අයෙක් ලෙසත්, දෙමලා පිදිය යුත්තෙක් ලෙසත් සලකන අය සිටිනවා.

    ReplyDelete
  10. වාර්ගික සටන් වල මුල

    ReplyDelete
  11. කෝට්ටෙ කාලෙ තිබුනෙ රජුන්/පාලකයින්/රාජධානි මත පදනම්වූ ගැටුම් මිසක් ජාති ආගම් ගැටුම් නෙමෙයි. ජාතිය රට වගේ සංකල්ප වලට වඩා තිබුනේ තම පාලකයාට/රාජධානියට/ප්රදේශයට තිබුන පාක්ෂිකභාවය

    ReplyDelete
  12. අගනා ලියමනක් . යථාර්තය මේකයි බඩගෝස්තර වාදයටයි පාලනයටයි තමයි මේ බෙදිලි ඔක්කොම .

    ReplyDelete
  13. අැත්ත අැති සැටිෙයන් දකිනා මිනිස්සු ෙද්‍රා්හීන් ෙවන කාලයක් තමයි ෙම්.... ෙම් හැදෑරීම වැදගත් මිතිල ෙම් ෙමාෙහාත කියවාගන්නත්...

    ReplyDelete
    Replies
    1. මල්ලි, මේ වගේ NGO කාරයෝ ආශ්‍රය කරන්නේ පරිස්සමින්. උඹලා විතරක් නෙමෙයි අපි වගේ හොඳ බෞද්ධයන් පවා මේ වගේ අය නිසා නොමඟ යන්න පුළුවන්.

      Delete

වරද කාගෙද?

ලංකාව රාජධානි අවධියේ දී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතියේ සුළු කාලයකි. රාජධානි අවධියේ දී ලංකාව උඩරට , පහත රට, මායා රට, පිහිටි රට ආදී නොයෙක් ආකාර...