Wednesday, July 27, 2016

යුදෙව් ජාතිකයන්ගේ අති පූජනීය වස්තුව වූ ගිවිසුම් පෙට්ටිය - The Ark of the covenant


 මෙය ට්‍රන්ක් පෙට්ටියක්  වැනි ලී වලින් තනන ලද පෙට්ටියකි. එය පවිත්‍ර රනින් වැසී තිබුණි. එහි දිග මීටරයක් පමණ විය. පළල මීටර් 1/2 ක් පමණ විය. උස මීටර් 1/2 ක් පමණ විය.

ගිවිසුම් පෙට්ටිය

 ඒකාලයේ මැද පෙරදිග රටවල තිබූ ආගමික භාණ්ඩ අත්‍රින් ගිවිසුම් පෙට්ටියද සුලබව දක්නට තිබූ භාණ්ඩයකි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තර්මක් වෙනස් වූවකි. බොහෝ අවස්ථාවලදී මෙම පෙට්ටිය තුල නමස්කාර කිරීමට දේව ප්‍රතිමාවක් අඩංගු වී තිබුනි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තුල අඩංගු වී තිබුනේ වෙන්ස් කාරණා තුනකි.

  • දස පනත ලියූ ගල් ලෑලි
  • ආරොන්ගේ සැරයැටය
  • මන්නා පිරවූ බඳුනක්


මෙම ගිවිසුම් පෙට්ටිය එහා මෙහා
ගෙනයා හැකි දෙයක් විය. මෙය රනින් වසා තිබුනි. ගිවිසුම් පෙට්ටියේ දෙපැත්තේ ඇති රන් වළලු තුලින් පොලු දෙකක් යවා තිබූ අතර එම පොලු කිසිවටකත් ඉවත් නොකල යුතු විය. මෙම් ගිවිසුම් කරඬුව දේව මාලිගාවේ අති ශුද්ධ් ස්ථානයේ තැබිය යුතු විය.

ජොෂුවා විසින් ජොර්දාන් ගඟ තරණය කල අවස්ථාව. බෙන්ජමින් වෙස්ට් විසින් 1800 දී අඳින ලද චිත්‍රයකි.


ගිවිසුම් කරඬුව වර්තමානයේ තිබීමට ඇතැයි සැලකෙන ස්ථාන


  • බයිබලයේ සදහන් ආකාරයට නෙබෝ කන්ද අසල. මෝසෙස් පොරොන්දු දේශය සියැසින් දැක්කේ නෙබෝ කන්ද අසල බව ලියවිලි වල සදහන් ය. නෙබෝ කන්ද ඇත්තේ ජෙරුසලමට් 47 km පමණ ඈතින් ය. 
  • සමහර පැරණි ලියවිලි වල සදහන් ආකාරයට මෙම කරඬුව ඉතියෝපියාවට රැගෙන ගොස් ඇතැයි පවසයි.
  • සිම්බාබ්වේ ආදිවාසී ජනයා oma lungundu ( voice of God) නමින් කරඬුවක් රැගෙන ගිය බව සදහන් වේ.
  • ප්‍රංශයට , ඇමරිකාවට හා රෝමයට මෙම කරඬුව විවිධ අවස්ථාවලදී රැගෙන ගිය බව ඉතිහාස වාර්ථා පවසයි.
  • ටූටන් කාමන්ගේ සොහොනේත් මෙවැනිම ආකාරයක පෙට්ටියක් තිබූ බව එම වාර්ථාවල සදහන් වේ.
ටූටන් කාමන්ගේ සොහොන ( 1922 )

ඔබලාගේ අදහස් පවසන්න.

- මිතිල ප්‍රනාන්දු

4 comments:

  1. මෙය මට ලැබුණ අලුත් දැනුමක් මිථිල තවත් ගණනාවකගේම කුතුහලය සන්සිඳවාවි

    ReplyDelete
  2. ගිවිසුම් කරඬුව ගැන අහලා තිබ්බට මේක ගැන හරියට විස්තර දැනගත්තෙ දැන්.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. දිගටම බ්ලොග් අඩවියත් සමඟ රැඳී සිටින්න. තවත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...