Tuesday, July 19, 2016

මුළු මහත් ජාතියක මෙන්ම ලෝකයේ දැනුම විනාශවීම - බැග්ඩැග් පුස්තකාලයේ කතාව


House of wisdom යනු ඉරාකයේ , බැග්ඩැග් හි පිහිටා තිබූ පුස්තකාලයකි. ඉස්ලාමීය ස්වර්ණමය අවධියේදී තිබූ විශේෂිත පුස්තකාලයකි. මෙහි වැඩි වශයෙන් පරිවර්තනද කලේය.



 මෙහිදී ඉස්ලාමීය විද්‍යාව, ඉස්ලාමීය ගණිතය, ඉස්ලාමීය අභ්‍යවකාශ විද්‍යාව, ඉස්ලාමීය භූගෝල විද්‍යාව, ඉස්ලාමීය සත්ව විද්‍යාව ආදියේ පොත් පත් අති විශාල සංඛ්‍යාවක් ද තිබුනු අතර ඒවා උගන්නන මධ්‍යස්ථානයක් ද විය. මෙහි පර්සියන් චිත්‍ර කලාව, ඉන්දියානු හා ග්‍රීක දර්ශණය ගැන ද උගන්වන ලදි. ඒ අතර පහත සදහන් අයගේ දර්ශණය හා දැනුම අඩංගු අතිශය වටිනා ලියවිලි මෙහි අඩංගු විය. ඒ අය නම්.. සොක්‍රටීස්, ඇරිස්ටෝටල් ,ප්ලේටෝ, පයිතගරස්, ගේලන්, සුශෘත, චාරක, හිප්‍රොකටීස්, ඉයුක්ලිඩ්, ප්ලොටිනස්, ආර්‍යභාත, බ්‍රහ්මගුප්ත ආදීන්.


එහි තිබූ ලියවිල්ලක්.

 1258 දී සිදුවූ මොංගල් ආක්‍රමණයේදී බැග්ඩැග් හි තිබූ සියලුම පුස්තකාල විනාශ විය. මාස හයක් යනතුරු ටයිග්‍රීස් ගඟ තීන්ත නිසා කළු පැහැ ගත් බවත් ගඟ පුරාවට පොත් පත් දස දහස් ගණනක් පාවී ගිය බවත් සඳහන්.


මොංගල් වරුන් විසින් බැග්ඩැග් පුස්තකාලය විනාශ කිරීම
 මෙහිදී ලෝකයට නැති වූ දැනුම අදටත් මැනිය නොහැකිය. බොහෝ දෙනා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලයේ විනාශය ගැන දැන හිටියත් මේ ගැන තොරතුරු අප්‍රකටයි. බැග්ඩැග් හි පුස්තකාලයේ විනාශය නිසා ඇතිවූ අතුරු ප්‍රථිපල අද සමස්ත ලෝකයක් අත් දකියි. එනම් සමහර ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයයි. සමහර ඉස්ලාමීයන් අන්තවාදීන් වීමට බලපෑ ප්‍රධානතම කරුණක් වන්නේ මේ අති විශාල දැනුම විනාශයයි.



 එමනිසා දැන් තිබෙන දැනුම ලෝකයෙන් තුරන් වීමට නොදී ඒවා දියුණු කර ආරක්ෂා කර ගැනීම මුලු මහත් ලෝකයේ ජනයාගේ වගකීමකි. මන්ද එසේ නොවුනහොත් අනාගතය වර්තමානයට වඩා බෙහෙවින් අඳුරු වනු ඇත.

- මිතිල ප්‍රනාන්දු

3 comments:

  1. සත්‍ය වහයෙන්ම මේ විනාශය ගැන විස්තර බොහෝ දෙනකුට දුර්ලභයි මිථිල බ්ලොග් අවකාශයට පැමිණ සිදු කෙරෙන්නේ විශාල මෙහෙවර් සුබ පැතුම්

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.මම විතරක් නෙමේ ඔබත් ඔබගේ කාලය මහන්සිය වැය කර කරන මෙහෙය ඉතාමත් වටිනවා. ඔබටත් මම සුබ පතනවා..

    ReplyDelete
  3. යාපනයේ පුස්තකාලය, නාලන්දා පුස්තකාලය, ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ කරා මිනිස්සු. මේ වගේ දේවල් වලින් ලෝකෙට අහිමි වුන දැනුම අප්‍රමාණයි. ඔබට ස්තූතියි .

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...