Wednesday, August 3, 2016

දෙවියන්ට ලං වෙන්න ගංජා ගහන රස්තා


  මේ කියන්න යන්නේ ගොඩක් අය අහලා තියෙන ආගමක් ගැන. අහලා තිබ්බට මේ ආගම් ගැන ගොඩක් දෙනෙක් හරිහැටි දන්නෙ නෑ. මේ කියන්න යන ආගම තමයි රස්තාෆාරියන් දහම. රස්තාෆාරියන් කියද්දි මුලින්ම මතකෙට එන කෙනෙක් තමයි බොබ් මාලේ කියන්නේ. මොකද එයත් රස්තාෆාරියන් දහම අදහපු කෙනෙක්.
Haile Selessie 


 රස්තාෆාරියන් කියන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකක්. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.
Marcus Garvey 


Marcus Garvey නම් පුද්ගලයා විසින් මෙම දහමේ පදනම සකස් කර ඇති බව පිලිගනියි. බයිබලයේ සදහන් ස්නාවක ජොහාන්ගේ දෙවෙනි පැමිණීම ලෙස මෙම පුදගලයාව , රස්තාෆාරි බැතිමතුන් විශ්වාස කරයි. මොහු මෙම රස්තාෆාරියන් දහමේ අඩංගු දෑ ඉදිරිපත් කලේ මෙම ආගම සදහාම නොවේ. කළු ජාතිකයන් එකල දැඩි පීඩා විදිමින් සිටි නිසා ඔවුන්ගේ ජීවන තත්වය හා ධෛර්යය වැඩි කිරීමට මෙම දර්ශනය මොහු විසින් ගෙනෙන ලදි. Marcus යනු selessie ට පෙර කාලයේ ජීවත් වූ පුද්ගලයෙක් වූ අතර පසු කාලයේදී selessie විසින් ඔහුගේ දර්ශනය රස්තාෆාරියන් දහමට ඇතුලත් කරන ලදි.
Bob Marley 


 දැනට රස්තාෆාරි ආගමිකයන් මිලියනයක්ට වඩා සිටින බව ගනන් බලා ඇත. අප්‍රිකාව මුල් කරගෙන බිහිවූ මෙම ආගම දැන් ලෝකයේ දස අත පැතිරී ඇත. මෙම දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් කලේ බොබ් මාලේ විසිනි ( 1970s ). රස්තාෆාරියන් දහමට අනුව දෙවියන් විසින් තෝරාගත් ජනතාව වන්නේ කළු ජාතිකයන් ය. ( බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජනතාව වන්නේ ඊශ්‍රායෙල් ජනතාව යි. )
ගංජා කොලයක්


 රස්තාෆාරියන් බැතිමතුන් බයිබලයේ පැරණි ගිවිසුමේ අඩංගු නීති බොහොමයක් භාවිතා කරයි. එමෙන්ම මේ දහම ගැන කියද්දි ගංජා ගැන අනිවාර්යයෙන්ම කතා වෙනවා. රස්තා බැතිමතුන් ගංජා භාවිතා කිරීමෙන් දෙවියන්ට වඩා ලං විය හැකි බව විශ්වාස කරයි. බොබ් මාලේ ගංජා භාවිතා කලේ එම හේතුව නිසයි. එමෙන්ම මෙම බැතිමතුන් කිසි විටෙක තම ශරීරය කැපීමට ඉඩ නොදෙයි.



 මෙම දහමේ භාවිතා වන වර්ණ කිහිපයක් ඇත. එම වර්ණ නම් රතු, කොළ , රත්තරන් සහ කලු වේ. මෙම වර්ණයන් යොදාගෙන ඇත්තේ තේරුමක් ඇතිවයි.

  • රතු - ජැමැයිකානු ඉතිහාසයේ කලු ජාතිකයන් තමන්ගේ විමුක්තිය උදෙසා හැලූ ලේ සංඛේතවත් කිරීමට. 
  • කොළ - නිර්මාංශ බව පෙන්නුම් කිරීමට
  • රත්තරන් - ඉතියෝපියාවේ ඇති ධනය පෙන්නුම් කිරීමට
  • කලු - රස්තාෆාරි බැතිමතුන් වූ කලු ජාතිකයන්ගේ වර්ණය සිහි ගැන්වීමට
මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන , විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතියි. රස්තාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්තාෆාරි බැතිමතුන් එය භාවිතා කරන්නේ නැත. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකල යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වේ. එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි. 
රස්තාෆාරියන් කොඩිය


 මෙම බැතිමතුන් මෙය දහමක් ලෙස හදුන්වාදීමට අකමැතියි. මෙය දර්ශනයක් ලෙස හදුන්වාදීමට ඔවුන් උත්සහ කරයි. රස්තාෆාරි ආගමිකයන්ගේ සංඛෙතය වන්නේ සිංහයා ය. මොවුන්ගේ කොඩිය වන්නේ selessie ගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ කොඩියයි. බොහෝ දෙනා අසා ඇති ගීයක් වන By The Rivers Of Babylon ගීතයත් රස්තාෆාරියන් ගීතයක්. මේ ගීතය ගැන ලියැවුනු ලිපිය කියවන්න මෙතනින්.

රස්තාෆාරි දහම ගැන කෙටියෙන් මෙහි ඇත. ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.

- මිතිල ප්‍රනාන්දු

17 comments:

  1. // මාලෙ ගංජා ගැහුවෙ ආගම නිසා // අදයි ඇහුවෙ. ස්තුතියි .

    ReplyDelete
  2. ගැට ගැහුන කොණ්ඩයෙන් සිංහයාගේ කේසර සංඛේතවත් කරනවා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් Ano. සිංහයා තමා එයාලගේ සංඛේතය . සිංහයාගෙ කේසර සංඛේතවත් කරන්න තමා කොණ්ඩය ගැට ගැහෙන විදිහට හදාගන්නෙ.

      Delete
  3. හොද ලිපියක්

    ReplyDelete
  4. ආගම් කියන දේ මම බොහෝම කැමති විශයයක්.
    හැබැයි මේ රස්තෆාරියන් ආගම ගැන මම අහලා තිබුනට වැඩිය දැනගෙන හිටියේ නැහැ. මේ තරමින් හරි ඒ ගැන දැනුමක් දුන්නාට ස්තුතියි.
    මේ ලිපිය කියවූ විට මට හිතෙන්නේ මේ ආගමත් බොහෝ දුරට හුදු ක්‍රිස්තියානියම ටිකක් වෙනස් වූ ඇදහිලි ක්‍රම සහිත කියලායි. ඒත් මේ ආගම ගැනත් තව කියවන්න හිතෙනවා.
    වටින ලිපියක්

    ReplyDelete
  5. බොහොම ස්තුතියි නයනේ.. ක්‍රිස්තියානි ආගමේ ඇදහිලි ක්‍රම ගොඩක් මේ ආගමේ තියෙනවා. විශේෂයෙන් පරණ ගිවිසුමේ දේවල්.

    ReplyDelete
  6. මනුෂ්‍ය විෂයය අචින්ත්‍යයි. ඒ හින්දම වෙනත් ආගමිකයකුට හිතන්නවත් නොහැකි අන්දමේ ආගම් හා ඇදහි්ලි ගැනි විමසා බලන්නට අවස්ථාව ලැබීම සතුටකි.

    ReplyDelete
  7. ලෝකයේ ආගම්නන් ගොඩක් තියෙනවා. අපිත් ඒ ගොඩෙන් මොකකට හරි අයිති වෙනවා. විය යුත්තේ හැම ආගමකින්ම ගත යුතු දේ අරගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම.

    ReplyDelete
  8. //එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි. //
    ඔබ මුලින්ම කියනවා මෙම ආගමේ අය ගංජා බොනවා කියල, ඒත් පස්සේ කියන්නේ වෙන දෙයක්...?
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ගංජා භාවිතා කරන එක මේ ආගමේ තියෙන දෙයක්. නමුත් ඒ ආගමේ හැමෝම ගංජා භාවිතා කරන්නෙ නෑ. රස්තාෆාරි ආගමේ තියෙනවා ගංජා භාවිතා කරොත් දෙවියන්ට ලං වෙන්න පුලුවන් කියලා. ඒත් එක්කම ඒ ආගමේම කියනවා ශරීරය දේවස්ථානයක් වගේ පිරිසිදුව සෞඛ්‍යසම්පන්නව තියාගන්න ඕනෙ කියලා. ඉතින් සමහර රස්තාලා ගංජා ගහන්නෙ නෑ. දෙවෙනි කාරණේ නිසා. ආගමේ පොඩි පොඩි අස්පට් තැන් මේවා.. එක තැනක එකක්.. තව තැනක තව එකක්..

      Delete
  9. ගංජා බොන්න හොද නැ බං මොලේ සෛල මැරෙනවා

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...