Thursday, August 18, 2016

පදමට මල්පැණි බොන අයිඅයි


 මානව පරිමාණයේ අග්‍රේෂයන් ගැන කතා කරද්දි , මැඩගස්කරයටපමණක් ආවේණික වූ ' ලෙමූර් වඳුරන්' ගැන කතා වේ. ලෙමූර් වදුරු විශේෂ කිහිපයක් අප්‍රිකා මහද්වීපයට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කර් කුඩා දූපතේ ජීවත් වේ.

 ලොකු ඇස්, ලොකු කන් ඇති, හිසෙහි අවුල් වී ගිය ලොම් ඇති, ඉදිරිපස ගාත්‍රා ( අත්වල ) අසාමාන්‍ය ලෙසින් දිගුවූ කූරක් වැනි සුවිශේෂී මැද ඇඟිල්ලක් පිහිටි ' අයිඅයි (aye-aye) නැමැති නිශාචර ක්ෂිරපායී සත්වයාද අයත් වන්නේ ලෙමූර් සහ උණහපුළුවන් අයත් පවුලටය. මේ අයිඅයි ලෙමූරයන් අධික ලෙස මත්වන ( මධ්‍යසාරගතිය බෙහෙවින් වැඩි ) මල් පැණි පානය කරන බවත්, උන්ට එයින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් නවතම පරීක්ෂණවලින් හෙළි වී ඇත.

අයිඅයි ලෙමූරයෙක්


මධ්‍යසාර සොබාදහමේ දක්නට ලැබේ. බොහෝවිට ඒවා මල්පැණි හෝ ගස්වල යුෂ වල අඩංගු වේ. වානරයන් හා වඳුරු පවුලේ සාමාජිකයන් මේ යුෂ බීමට කැමැත්තක් දක්වයි. අයිඅයි සතුන් පානය කරන මල්පැණිවල මධ්‍යසාරගතිය ඉතා වැඩි යැයිද පැවසේ.
මෙම සතාගේ අතක්.


 අයිඅයි එමූරයන් සත්ව විද්‍යාත්මකව හැදින්වෙන්නේ Daubentonia madagascariensia නමිනි.

 මේ සත්වයාගේ සුවිශේෂීත්වය වන්නේ ඉදිරිපස ගත්‍රාවල ඇති මැද ඇඟිල්ලය. එම ඇඟිල්ලෙන් ගස් බෙන හාරා ඇතුලේ සිටින පණුවන්, කුරුමිණියන් වැනි සතුන් අල්ලා ගෙන උන් ආහාරයට ගනියි.

7 comments:

  1. වැඩේ වටිනවා. මේ වගේ දේවල් දන්නේ බොහොම ටික දෙනයි නේ. හැබැයි තව චුට්ටක් විතර දිගට ලියමු මිතිල...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ... ලිව්වා මදි කියලා හිතුනා මටත්... ඒළඟ එකේ ඉදන් අනිවාර්යයෙන්ම සවිස්තරාත්මකව ලියන්නම්...

      Delete
  2. නියමයි. ලිපිය තවත් දිග වුනානම් තවත් නියමයි.

    ReplyDelete
  3. අම්මෝ අකුරුවල ලොකු

    ReplyDelete
    Replies
    1. ලැප් එකෙන් ලොග් වෙලාම බලන්න වෙනවා සයිස් එක... අකුරු පොඩියි කිව්ව හන්දා ලොකු කරා...

      Delete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...