Saturday, August 6, 2016

පාර්ලිමේන්තුවේ අමුඩ මාමා


 ජන නායකයෙක් වේදිකාවක ජනතාව අමතමින් සිටියි. ඒ සමඟම පසෙකින් ගැබ්බර වූ මවක් විලිරුදාවෙන් කෑ ගසයි. අසල රික්ෂෝ දෙකක් තිබුනද ඇයව රෝහල වෙත ගෙන යාමට එකදු මිනිසෙකු පියනැංගේ නැත. මෙම ජන නායකයා වේදිකාවෙන් බැස රික්ෂෝවේ එම මව තබා ඇයව රෝහල වෙත ගෙන ගියේය. ඊට පිටුපසින් ජනතාව ජයවේවා! ජයවේවා! යැයි කෑමොර දුන්නේය. අවසානයේදී මවත් ඇයගේ දරුවාත් බේරා ගැනීමට හැකිවිය. මෙම ක්‍රියාව නිසා මෙම ජනනායකයාගේ ජන්ද ව්‍යාපාරය සාර්ථක විය.

 දේශපාලනයේ බලය අයුතු ලෙස යොදා ගත් සමාජයේ මොහු සැමට ආදර්ශවත් චරිතයක් විය. මෙතුමා නමින් ආචාර්ය විජයානන්ද දහනායක මහතා ය. වරෙක පාසල් ලමුන්ට කන්න බනිස් දී බනිස් මාමා යැයි මොහුට කීවේය. තවත් විටෙක රෙදි මිල ඉහළ යෑම නිසා අමුඩයකින් සැරසී පාර්ලිමෙන්තුවට යෑම නිසා අමුඩ මාමා යන නම පටබැදුනේය. මේ ඔහුගේ කතාවයි.
විජයානන්ද දහනායක මහතා


 මොහු මූලික අධ්‍යාපනය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ලත් අතර වැඩිදුර අධ්‍යාපනය සදහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේය. ඉන්පසු ඉංග්‍රීසි අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබ වෘත්තිය ජීවිතය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ආරම්භ කලේය. ගුරුවරයෙකු ලෙස කලක් සේවය කර මෙතුමා දේශපාලනයට පැමිණියේ ය.

 1938 වන විට ගාල්ල නගර සභාවේ පාලනය  ඒකාධිකාරයක්ව පැවතුනි. සමාන්‍ය ජනතාව භය කර බදු අය කර ගැනීම එකල බොහෝ විට සිදුවිය. මේවාට විරුද්ධව කතා කිරීමට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. මෙවන් වාතවරණයකදී දහනායක මහතා හා ඔහුගේ සගයෝ කිහිප දෙනෙක් සමඟ මිනී පෙට්ටි රැගෙන එහි කළු පැහැති කොළ අලවා විලාප කියමින් විරෝධතාවය පෑවේය. මෙම විරෝධතා ව්‍යාපාරය ඉතා සාර්ථක වූ අතර කෙටි කලකින් ගාල්ල නගර සභාව විසුරුවා හැරියේය. ඉන්පසු එහි ජන්දයට ඉදිරිපත් වූ දහනායක මහතාට එහි නාගරික සභිකයෙකු ලෙස තේරීප්ත් වීමට හැකිවිය. 1939 පැවැත්වූ ජන්දයෙන් ගාල්ලේ පලමු නගරාධිපති ලෙස පත් විය. ගාල්ල නගර සභාව ක්‍රමක්‍රමයෙන් නගා සිටවූ ඔහු ජනතාවගේ ආකර්ෂණය නොමදව දිනා ගත්තේය.


 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බිබිල ආසණයට මොහු තර්ඟ කලේය. මොහු ජන්ද ප්‍රචාරණය සදහා මුදල් වියදම් කලේ නැත. තම එකම ජාතික ඇදුමෙන් සැරසී ගමින් ගමට ගියේය. මිනිසුන් ගැවසෙන නාන ලිදවල් හමුවූ විට ඔහු එතැනම නෑවේය. ඉන්පසු තම ඇදුම වේලෙන තුරු එතැන සිටි මිනිසුන් සමඟ දොඩමළු වූයේය. එමගින් ඔහුට ජනතාවගේ ආකර්ෂණය නොඅඩුව ලැබුනේය. 1947 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසණයට , සතයක්වත් වියදම් නොකර තරඟ කල මොහු ජයග්‍රහණය කලේය. මොහු දේශපාලන රැස්වීම් වලදී කීවේ " මට පුලුවන් උනා හොදට සල්ලි තියෙන ගහක් හොලවලා මිනිසුන්ට ඒවා ඇහිදගන්න පුලුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න." දහනායක මහතා මෙසේ සල්ලි ගස කීවේ බිබිල ආසනයට ඔහු හා තරඟ කෙරූ පුද්ගලයා ගැනයි.

 1956 දී බණ්ඩාරණායක රජයේ අධ්‍යාපන ඇමති ධූරය හෙබවූයේය. ආර්ථික අර්බුධ හේතුවෙන් කලක් පාසල් ලමුන්ට ලබාදුන් දිවා ආහාරය නතර කර තිබුනි. දහනායක මහතා පාසල් ලමුන්ට බනිස් දීමට මෙම කාලයේදී ක්‍රියා කල නිසා මොහුට බනිස් මාමා යැයි ව්‍යවහාර විය.
දහනායක මහතා වෙනුවෙන් නිකුත් වූ මුද්දරයක්


1962 වසරේ පමණ රෙදි මිල අධික ලෙස වැඩිවූයේය. ඒ නිසා රෙදිපිලි අලෙවිය රජය යටතට ගැනීමට කටයුතු කලේය. රෙදි අලෙවිය කලේ සතොස ආයතනයයි. රෙදි හිගවූ නිසා පාරිභෝගිකයන් පීඩාවට පත් විය. මීට විරෝධය දැක්වූ දහනායක මහතා පාර්ලිමේන්තුව දක්වා අමුඩයෙන් සැරසී ගියේය. එමනිසා මොහු අමුඩ මාමා ලෙස ප්‍රකට විය.
අමුඩ මාමා


අද සිටින දේශපාලනඥයින්ට දහනායක මහතා ඉතා හොද ආදර්ශයකි. මෙතුමා රජයෙන් වාහනයක් ලැබෙන තුරු ගමන් ගත්තේ බසයෙනි. ලංකාවේ පස්වෙනි අගමැති ලෙස මෙතුමා පත්විය.

 බලය නිසාවෙන් මොහු ජනතාවගෙන් තරමක් දුරස් වූවාදෝ යැයි සිතේ. 1960 මාර්තු මැතිවරණයේදී ගාල්ල ආසනය පරාජය වූයේ මෙතුමා අගමැති පදවියේ සිටියදීමයි. 1989 දී දේශපාලන ජීවිතයෙන් මෙතුමා විශාම ගත්තේය.

19 comments:

  1. නියමයි

    ReplyDelete
  2. ලංකාවෙ දැන් ඉන්න දේශපාලනඥයෝ ගැනනන් කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
  3. ඒ කාලෙ දහනායක මහත්තය දරුවන් අතර බනිස් මාමා කියන නමින් ද බොහොම ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

    ReplyDelete
  4. http://www.sundaytimes.lk/970511/news13b.jpg

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Ano.. මට මේ පින්තුරෙ හොයාගන්න බැරුව හිටියෙ..

      Delete
    2. ඔබ එවූ පින්තූරය ඇතුලත් කරා.. ස්තුතියි නැවතත්..

      Delete
    3. යාර දෙකක එකක් ඇදලා තියෙන්නේ මම හිතන විදිහට

      Delete
  5. හොද විස්තරයක් තිබුනා. විජයානන්ද දහනායක තමයි ලංකාවේ පස්වන අගමැතිවරයා. ඔහු උපන්නේ 1902 ඔක්තෝම්බර් 22 වෙනිදා පවුලේ පස්වන දරුවා විදිහටයි. ඔහුට කල්‍යාණප‍්‍රිය නමින් නිඹුල් සහෝදරයෙක්ද හිටියා. දහනායක මහතා තමයි ලංකාවේ පළමු බෞද්ධ නගරාධිපතිවරයා විදිහට ගල්ලේ නගර සභාවට පත්වුනා. එතුමා ලංකාවේ අගමැතිකම් කලේ මාස හයක් විතරයි. දහනායක මහතා අපෙන් සමුගත්තේ 1997 මැයි 4 වෙනි ඉරිදා මද්දහනේදි.

    ReplyDelete
  6. ඒ කාලේ මේ වගේ වටිනා/ නිර්වයාජ "මිනිස්සු " දේශපාලනයේ හිටියා. දැන් එහෙම අය ඉන්නේ කලාතුරකින්...

    ReplyDelete
    Replies
    1. ඔව් කවිදු.. දැන් ඉන්නෙ බලය පසුපස හඹා යන පිරිසක්.. පක්ෂ පාට වලට බෙදිලා ඒවා රැකගන්න උත්සහ කරනවා.. මිනිස්සු ගැන හිතන්නෑ..

      Delete
  7. සිරියාවන්තකම මූණෙන්ම පේනවා

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...