Saturday, February 11, 2017

හස්ති වලප - 5 කොටස

පලමු කොටස කියවන්න මෙතනින්
දෙවන කොටස කියවන්න මෙතනින්
තෙවන කොටස කියවන්න මෙතනින්
සිව්වන කොටස කියවන්න මෙතනින්



 සිංහල වෙදුන් හස්තීන්ගේ ශරීරාංග දක්වන ආකාරය

1)සොඬවැල
2)සොඬ නළ
3)දල මැද
4)සොඬ මුල
5)කුම්භස්ථල
6)නළල
7)බැමි රේඛා
8)ලලාටස්ථලය
9)තපෝලස්ථලය
10)මදවල
11)මුතුවැල
12)අධරපොල
13)හිරිලබුපොල
14)කනේ රැල්ල
15)මල්ල
16)මාලෙ
17)තල්ලේ වල
18)උර හන්දිය
19)වැලමිට හන්දිය
20)විලන්ගු පොල
21)දෑලවර
22)පෙකනිය
23)හින්දි නූල
24)කෝෂපොල
25)නිදි පොල
26)පස්ස දන
27)කෝෂ තැල්ල
28)ගුද මග
29)පස්ස ආසනේ
30)අලවල
31)ඉස්සරහ ආසනේ
32)උඩ සාවක
33)කන් හොරුව
34)යට සාවක
35)ඔටුනු මාලාව



හස්තීන්ගේ නිල ස්ථාන හා ක්‍රියා




අලි ඇතුන් බිය කිරීමට ගජ මදාරා අතු භාවිතා කරන බව ඔබ අසා ඇති බව සිතමි. ගජ මදාරා යනු මදාරා ශාකයේ විශේෂ තුනෙන් එකකි. අනෙක් විශේෂ දෙක නම් මල් මදාරා හා වල් මදාරාය.

 මදාරා කුඩා ගසකි. සුදු පාට කෙඳි වැටී ගිය
අඟල් 1/4 පමණ කළු පාට පොතුවලින් යුක්ත වේ. ගජ මදාරා ගෙඩි නෙල්ලි ගෙඩි මෙන් වන අතර වේළුනු පසු අරළු ගෙඩි පැහැයට හැරේ. මෙහි ඇට පැලවෙන්නේ කලාතුරකිනි. මෙහි රතුපාට කුඩා මලක් පිපෙන අතර එය ඉතා සුවඳවත්ය. මේ ගස්වල මල් හටගනු ලබන්නේ අප්‍රේල් මැයි මාස වලදීය.


මඩුවන්වෙල නිලමේ ලඟ ගජ මදාරා වලින් සෑදූ බස්තමක් තිබූ බව ප්‍රකට කරුණකි. මේ හේතුවෙන් ඔහුට බොහෝ අලි ඇතුන් හීලෑ වුන බව කියයි.


අලි ඇතුන්ගේ රෝග සුවපත් කිරෝම පිණිස සිංහල හා සංස්කෘත පොත් රැසක් ඇත. පහත සදහන් පොත් ඒවා අතර විශේෂත්වයක් උසුලයි.


  • හස්ති යෝග ශතකය
  • හස්ති ශිල්පය
  • ඇත් වෙද පොත
  • ගජහ ලක්ෂණ
  • ශ්‍රී යෝග ශතකය
  • හස්ති චිකිස්තාව
  • මහා ගජහ ලක්ෂණ සංග්‍රහය

 අලි ඇතුන්ට දියවැඩියාව වැලදුන විට කටුකරෝසන, කොට්ටන්, දේවදාර, සිද්ද ඉඟුරු, කොල්ලු ඇට, තිප්පිලි, යවකාර ලුණු සමාන ප්‍රමාණවලින් ගෙන තල තෙල් වලින් අඹරා ලබා දේ.

හමේ රෝග වලට මනෝසීල, සුරති මැටි, අබ, රසාංජන, සහිඳ ලුණු තල තෙල් සමඟ කලවම් කර ආලේප කරයි.

අලින්ගේ ආමාශ ප්‍රදාහය සදහා අරත්ත අල, 
කලාදුරු අල, දේවදාර, මුරුංගා, තල මුල්, කොට්ටං, සිරියා , තිප්පිලි, රන්නිටෝල්, සිද්ද ඉගුරු, අබ, මුලාල අල, සුදු ළූණු, කරද, කරුදළු, එළබටු, වෙඬරු, වලඟසාල් , සිරිතේක්කු ලබා දේ.

එමෙන්ම විව්ධ රෝග වලට හකුරු සමඟ වලඟසාල්, අසමෝදගම්, පෙරුම්කායම්, අබ, තිප්පිලි, සාදික්කා,
වියලි ඉඟුරු, අරළු, සස්සඳ, කළුදරු, සූදුරු, වදකහ,
සුදු ලූණු , සහිඳ ලුණු ලබාදේ.

හස්ති වලප 5 කොට්ස සඳහා මූලාශ්‍ර

*ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

*සංක්ෂිප්ත ඉතිහාසය - කොඩ්රින්ටන්

*ලංකාදීප, මව්බිම, විජය, ලක්බිම, රිවිර පුවත්පත්.

15 comments:

  1. උඩම තියෙන පින්තූර ක්ලික් කරන්න. එතකොට පැහැදිලිව පේනවා.

    ReplyDelete
  2. හස්ති වලප ලිපියක් එනකම් තමයි හිටියේ. ඇත්තෙන්ම වටිනවා මේ ලිපි, මිතිල.

    ජයවේවා!!!

    ReplyDelete
  3. බොහොම වටින ලියවිලි!!!!!!!!

    ReplyDelete
  4. අලින්ට දියවැඩියාවට දෙන බේත් මිනිස්සුන්ගේ දියවැඩියාවට දෙන්න බැරිද? ඔය ලෙඩේ නිට්ටාවට සුව වෙනවානම් අලින්ට දෙන බේත් උනත් මිනිස්සුන්ට දුන්නාම මොකද

    ReplyDelete
    Replies
    1. ඒ බෙහෙත් වට්ටෝරු හදලා තියෙන්නේ අලින්ගේ ශරීරෙ හැරියටනේ...

      Delete
  5. අලි සම්බන්ධ හොද සංස්කෘතියක් තියෙනවනෙ බලන් ගියාම.....
    දැනටත් දෙන්නෙ ඔය බෙහෙත් ද නැත්තම බටහිර බෙහෙත් ද දන්නෑ නෙ.විශේෂයෙන් මාළිගාවෙ අලින්ට එහෙම

    ReplyDelete
    Replies
    1. අලින් සම්බන්ධව ගොඩක් පරණ සංස්කෘතියක් තියෙනවා... දැන් නන් වැඩිමනක් දෙන්නේ බටහිර බෙහෙත් තමා...

      Delete
  6. අලින් අල්ලලා හිලෑ කරන අය ට අත් පොතක්. :)

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...