Monday, February 20, 2017

ඔපරේෂන් බේබි ලිෆ්ට්


 ඔපරේෂන් බේබි ලිෆ්ට් යනු වියට්නාම් යුද්ධය අවසාන කාලයේ දකුණු වියට්නාමයෙන් ඇමරිකාව හා වෙනත් රවල්වලට ( ඔස්ට්‍රේලියාව, ප්‍රංශය හා කැනඩාව ඇතුලු ) වියට්නාමයේ මව් පියන් අහිමි වූ අනාථ දරුවන් ඉවත් කර ගැනීමට කරන ලද මෙහෙයුමකි. වියට්නාමයේ අනාථ දරුවන් කීවද මෙහි ඇමරිකානු පුරවැසියන්ගේ දරුවනුත් සිටියේ ය.



 මෙය සිදුවූයේ 1975 වසරේ අප්‍රේල් 3 සිට 26 වනදා දක්වා අතර කාලයේදී ය. කෙසේ හෝ අවසන් ගුවන්යානය දකුණු වියට්නාමයෙන් පිටත් වන විට දරුවන් 10,300 ක ප්‍රමාණයක් මුදාගෙන අවසන් වී තිබුණි. (මෙම අගය විවිධ වාර්ථා වල විවිධ වන බැවින් සුළු වශයෙන් මෙම අගය වෙනස් විය හැකි බව සලකන්න)



 Operation Babylift සමඟම ගිය මෙහෙයුමක් වූ Operation New Life මගින් වියට්නාමයේ සරණාගතයින් 110,000 පමණ වියට්නාමයෙන් ඉවත් කරගන්නා ලදි. රටෙන් ඉවත් කරගත් දරුවන් ලොව පුරා වෙසෙන විවිධ පුද්ගලයින්ට හදාවඩා ගැනීමට ලබා දෙන ලදි.


 වියට්නාමයේ සයිගොන් නගරයට 1975 අප්‍රේල් මස 3 වන දින ප්‍රහාර එල්ල වූ විට එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෙරල්ඩ් ෆෝඩ් පැවසුවේ සයිගොන් හි සිටින අනාථ දරුවන්ව ගුවන්යානා 30කින් වියට්නාමයෙන් ඉවත් කරගන්නා බවයි. මේ සදහා යොදාගත්තේ C-5A galaxy සහ C-141 Starlifter වර්ගයේ බඩු ප්‍රවාහනය කරන ගුවන්යානා ය.


 මෙම ක්‍රියාදාමය සදහා ඇමරිකානු රජයට සහය වූ විවිධ සංවිධාන වන්නේ:


  • Holt International Children's Services
  • Friends of Children of Viet Nam (FCVN)
  • Catholic Relief Service
  • International Orphans
  • Pearl S Buck Foundation
 මෙම මෙහෙයුමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් වූයේ මෙහෙයුමට අනුව පිටත් වූ පලමු ගුවන්යානය අනතුරට ලක් වීම යි. මෙම අනතුරෙන් 153 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අය අතුරින් 76 දෙනෙක් ලදරුවන් ය.  

 ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වූ Robert Macauley විසින් Boeing 747 සහ Pan Am  ගුවන් සේවය මෙම මෙහෙයුමට ලබා දුන්නේ සතියකට වඩා මෙම මෙහෙයුමට කාලය ගත වන බව දැනගත් බැවිනි. මන්ද එවිට අවශ්‍ය ප්‍රමාණයට මිලිටරි ගුවන්යානා නොතිබූ බැවිනි.
























 මූලාශ්‍ර : විකිපීඩියා නිදහස් විශ්වකෝෂය . පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි. 

21 comments:

  1. දුර්ලභ තොරතුරු සොයා සිංහලෙන් පළකිරීම වටිනා මෙහෙවරක් !
    හිතාදර මිථිල මේ තොරතුරු සඳහා උපකාර කරගත් මූලාශ්‍රද පාදක සටහන් ලෙස ඇතුළු කරන්න. එය ඔබේ මෙහෙවර තවතවත් ඔප දමාවි.

    ReplyDelete
    Replies
    1. I agree. You need to cite references and that way give credit to photographers as well.

      Furthermore, it will help anyone wanting to know more about this.

      Delete
    2. බොහොම ස්තූතියි ගුණසිංහ මහ්ත්මයාට හා රසික මහත්මයාට... මම විකිපීඩියා එකෙන් තොරතුරු අරගත්තේ... ලිපියේ අග ඒ බව දැක්වලා සංස්කරණය කරා... නැවතත් ඔබ දෙපලට බොහොමත්ම ස්තූතියි ...

      Delete
  2. Ayiyoo malliyo pan am kiyaanne guwan yaanaa wargaayak newei ea kaale america wala thibba lokuma guwan seewayak... mee guwan seewaawa godakma amerikawa haa engalanthaya pranshaya wani diirga gamanaantha walata seewaa sapayuu nisaa mee guwan seewayee boeing 747-200 haa 747-300 guwan yaanaa wishaala pramaanyak Athulath wunaa meya niwaradhi karana men mama karunaawen illanawa mithila malli!!!

    ReplyDelete
    Replies
    1. එඩිට් කරා... වැරැද්ද පෙන්වලා දුන්නට බොහොමත්ම ස්තුතියි අයියේ...

      Delete
  3. දෙමව්පියන් මිය දරුවන්ද මෙලෙස ඇමරිකාවට අරන්ගියේ?

    ReplyDelete
    Replies
    1. ඔව් දෙමව්පියන් මිය ගිය දරුවන්... මේ අතරේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ලමයිනුත් හිටියා...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වැදගත් ලිපියක් ..තව ටිකක් සවිස්තරව තිබුනානම් ලිපිය මීට වඩා හොඳයි කියල හිතුන....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... මටත් හිතුනා මේ ලිව්වා මදි කියලා...

      Delete
  6. මිතිලා ඒ දරුවෝ සේරොගෙම දෙමව්පියන් ඝාතනය වෙලාද

    ReplyDelete
    Replies
    1. ඔව්... කිහිප දෙනෙක්ගේ නෑ... වැඩිමනක් ඝාතනය වෙලා...

      Delete
  7. වෙනද වගේම වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  8. චිත්‍රපටියක් තියෙනවා නේද මේ සිද්ධිය ගැන කියල.

    ReplyDelete
  9. ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලට මේ දරුවන් 99 දෙනෙකු රැගෙන විත් තිබෙනවා. මොවුන්ව මේ රටේ අය හදාවඩා ගෙන තියෙනවා.

    මේ පෝස්ට් එකට පින්තූර වෙනුවට අකුරු එකතුවුනා නම් රසවත් පෝස්ට් එකක් ලියන්න තිබුනා මිථිලට. නැද්ද හා,,,,

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... මීට වඩා ලිව්වනන් හොදයි කියලා දැන් තමා හිතෙන්නේ...

      Delete
    2. මේ ගැන පෝස්ට් එකක් ලියන්න ලමයෝ. මේවා බොහෝ අය දන්නේ නැහැ.

      Delete
  10. මං අලුතින් නිසා පරන ලිපි ඉඩ තියන වෙලාවට කියවනවා. හුඟක් හොඳ ලිපි ලියලා තියනවා මිතිල ඔබ.. නියමයි... ජය වේවා ඔබට....

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...