Tuesday, March 28, 2017

යුද්ධයටම උපන් ස්පාර්ටා


මවිසින් අවසාන වරට දැමූ බ්ලොග් පෝස්ටුවට අදහස් දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතුවන්ත වන අතර මා සමඟ කතා කර මා අස්වැසූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙමි. එම ලිපිය මවිසින් ඉවත් කලේ නැවත මා ලිවීමට ඉටාගත් නිසාවෙනි.

හොදයි. දැන් එමු මාතෘකාවට. ග්‍රීක පුර රාජ්‍යවල (City State) අධ්‍යාපනයේ පරමාර්ථය වූයේ දරුවන්ව රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීමයි. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කුඩා පිරිමි ලමයින් නිවසට වී වගාකටයුතු වලට සහය වී හා මාළු ඇල්ලීමේ කටයුතු වල නිරත වී සිටියහ. වයස අවු. 6 හෝ 7 පමණ වන විට ඔවුන් පාසැල් යාම ආරම්භ කලේය. ඇතැන්ස් හෝ වෙනත් පුරරාජ්‍යවල මෙන් නොව ස්පාර්ටා හි එදිනෙදා ජීවිතය හා අධ්‍යාපනය බොහෝ සෙයින් වෙනස් විය.


හමුදාමය පුර රාජ්‍යයක් වන ස්පාර්ටාහි අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වූයේ ඉතා දක්ෂ, හොද හැදියාවකින් යුත් හමුදා පුරවැසියන් බිහි කිරීමයි. ස්පාර්ටන් පිරිමි රාජ්‍ය වෙත ඉතා ලැදියාවකින් යුක්ත විය. ස්පාර්ටාහි පිරිමි ලමයින් වයස අවු. හත වන විට නිවස අතහැර විවිධ නිලධාරීන් විසින් පවත්වාගෙන යන කණ්ඩායමකට එක්විය යුතුය. එහිදී ඔවුන් අවු. 7 සිට 18 තෙක් තමන්ගේ පුහුණුවීමේ පාඨමාලාව සිදු කරයි.

  එහිදී එම ලමුන් පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් , බැරැක්ක තුල නිදියමින් තමන්ගේ සහෝදර සඟයක් සමඟ ජීවත් වෙයි. පාසලේදී ඔවුන්ට ජීවිත ආරක්ෂාවට අවශ්‍ය කුසලතා හා වීර සොල්දාදුවෙකු වීමර අවශ්‍ය සමහර කුසලතා ලබා දීම සිදු කරයි. පාසලේ ඇති පාඨමාලා ඉතා අමාරු හා වේදනාකාරී ඒවා විය. ශිෂ්‍යයන්ට ලිවීමට හා කියවීමට උගන්වනු ලැබුවත් පුරාණ ස්පාර්ටන්වරු එම කුසලතාවලින් එතරම් ඵලක් නොවන බව විශ්වාස කලේ ය.


පිරිමි ලමුන්ට ඇති තරම් ආහාරපාන ලැබුනේ නැත. එමනිසා අසුනිවන ලෙස ආහරපාන සොරකම් කිරීමට ඔවුන්ට උගන්වන ලදි. එසේ වුවද සොරකම් කර අසුවුවහොත් ඔවුන්ට පහර දෙන ලදි. ඔවුන් ඇවිද්දේ පාදයේ කිසිවක් නොමැතිවය, නිදාගත්තේ ඉතා තද ඇඳන්වලය, එමෙන්ම ජිම්නාස්ටික්, හෙල්ල විසිකිරීම්, කවපෙත්ත විසිකිරීම්, පිහිනීම් හා දඩයම් කිරීමෙහි ඔවුන් නිරත වූහ. ඔවුන්ව පුහුණු කලේ ඉතා තද විනයකට අනුව මෙන්ම ඔවුන්ගේ දඩුවම් ශාරීරිකව ඉතා පීඩාකාරී විය. වැඩිම වේදනාවක් ඉවසා සිටිය හැකි පුද්ගලයාට යම් ගෞරවයක් හිමි විය.

   වයස අවු. 18 දී ස්පාර්ටන් පිරිමි ලමුන් හමුදා කැඩෙට් නිලදාරියෙකු ලෙආ පත්වී යුධ කලාව ඉගෙනීම අරඹයි. වයස අවු. 20 දී ඔවුන් රාජ්‍ය හමුදාවට බැඳෙයි. එහිදී ඔවුන්ව යොදා ගන්නේ හදිසි අවස්ථාවකදී පමණි. එහි ඔවුන් වයස අවු. 60 ක් පමණ වනතුරු සේවය කරයි.
සාමාන්‍යයෙන් ස්පාර්ටන්වරු කියවීමෙන් එතරම් ඵලක් නිවන බව විශ්වාස කලේ ය. කියවීම, ලිවීම , සාහිත්‍ය හා එවැනි කලා විෂයයන් සොල්දාදුවෙකුට එතරම් ගැලපෙන්නේ නැතිබ්බව ඔවුන් විශ්වාස කලේ ය. එම නිසා එම විෂයයන් ඔවුන්ගේ අධ්‍යාපනයේ අන්තර්ගත නොවීය. එනමුත් සංගීතය හා නර්ථනය ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් විය.


වයස අවු. 18 - 20 අතරතුර කාලයකදී සෑම ස්පාර්ටන් පිරිමි කෙනෙකුම ඉතාම අපහසු ශාරීරික යෝග්‍යතා, හමුදාමය කිසලතා හා නායකත්ව කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එම පරීක්ෂණය සමත් වීමට නොහැකි සියලු ස්පාර්ටන් පිරිමින් Perioikos බවට පත්වෙයි. ( Perioikos හෝ මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ දේපලක් තබා ගැනීමේ අවසරයක් හා වෙළදාම් කිරීමට අවසර ඇත.එනමුත් ඔවුන්ට දේශපාලන අයිතිවාසිකමක් නොවූ අතර රටේ පුරවැසියන්ද නොවීය)
ඔවුන් එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන්ට පූර්ණන්පුරවැසිභාවය හීවන අතර ස්පාර්ටන් සෙබළෙක් බවටද පත්වේ. ස්පාර්ටන් පුරවැසියන්ට මුදල් අතපත ගෑමට අවසර නොවීය. මුදල් පිලිබද වැඩකටයුතු අයත් වූයේ මධ්‍යම පාන්තිකයන්ටය. ස්පාර්ටන් සෙබළු තම ජීවිත කාලයේ වැඩිහරියක් ගත කරන්නේ තම සහෝදර සෙබළුන් සමඟය.

ඔවුන් විවාහ ගිවිසගත්තද ඔවුන් බිරිද හා දරුවන් සමඟ සිටියේ නැත. ඔවුන් ජීවත් වූයේ බැරැක්ක තුලමය. ස්පාර්ටන්  පිරිමියෙකු වයස අවු. 60ක් වනතුරු හමුදා සේවයේ නිරත විය යුතුය. වයස අවු. 60 දී ස්පාර්ටන් සෙබලෙකුට විස්‍රාම ගොස් තම පවුල සමඟ ජීවත් විය හැකිය.


අනෙක් ග්‍රීක පුර රාජ්‍යයන් මෙන් නොව ස්පාර්ටාහි කාන්තාවන්ට සුපුරුදු කලා දැනුමට අමතරව යුධ පුහුණුවක්ද ලබා දේ. කාන්තාවන්ට නිවසින් පිට වීමට බලනොකරන ලදි. එනමුත් කාන්තාවන්ටත් පුහුණුවීම් සිදුකලේ පිරිමින්ට මෙනි. කාන්තාවනුත් දිවීම, පැනීම, හෙල්ලය විසි කිරීම, කවපෙත්ත විසිබ්කිරීම හා මල්ලවපොර වැනි ක්‍රීඩා සිදු කලහ. කාන්තාවනුත් වයස අවු. 6 හො 7 පමණ වන විට පාසල් යාම ආරම්භ කරයි. ඔවුන් නිදාගත්තේ, පුහුණුවීම් කලේ හා ජීවත් වූයේ ඔවුන්ගේ සහෝදරියන් සමඟ බැරැක්ක තුලය. කාන්තාවන්ටත් පාසල් වලදී යුධ හරඹ පුහුණුව ලබා දෙන ලදි.

සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ පරිදි එකල ස්පාර්ටාහි කාන්තා හා පිරිමි පාසල්වල එක හා සමානව උගන්වන ලද බවයි. මන්ද කාන්තාවන්ටත් පිරිමි ලමයින්ටව්මෙන් දැඩිව උගන්වන ලදි. ස්පාර්ටන්වරු විශ්වාස කලේ තරුණ ශක්තිමත් කාන්හාවන් ශක්තමත් දරුවන් බිහි කරන බවයි.


වයස අවු. 18 දී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කාන්තාවන් අසමත් වුවහොත් ඔවුන් ද Perioikos බවට පත්වේ. බොහෝ ග්‍රීක පුර රාජ්‍යවල කාන්තාවන් නිවස තුලට වී කාලය ගතකල යුතු විය. එනමුත් ස්පාර්ටාහි කාන්තාවන්ටඑසේ නොවුණි. ඔවුන්ට තමන්කැමති තැනකට යා හැකි වූ අතර තම නිදහස උපරිම ලෙස භුක්ති විදිය හැකි විය.

මූලාශ්‍ර :

Ancient Greece ( paragon book)

British Museum වෙබ් අඩවිය

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය

ප.ලි. 
ස්පාර්ටා පිලිබඳ තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

ඉහත ලිපිය ගැන ඔබගේ කුඩා හෝ අදහසක් ඉතා අගේකොට සලකමි...

අද ඉදන් මේ ලිපිත් එක්ක පොඩි විශේෂාංගයක් කරන්න හිතුනා. මේ ප්‍රශ්න වලට උත්තර දන්නවනම් කියමු බලන්න...

1) මේ ස්ථානය හදුනාගන්න.


2) ගුවන් ගමන් බලපත්‍රයකට ( පාස්පෝට් එකකට) හිමිකම් කියූ පාරාවෝ රජු කව් ද?

3) මේ පින්තූරෙ ඉන්න අයව හඳුනගන්න.








34 comments:

  1. පාරවොන්ට පාස්පෝට් හෑ

    ReplyDelete
  2. මේ බ්ලොග් එක නැතිවුණානම් ලොකු පාඩුවක් වෙනවා. ප්‍රා ජේ ගෙ අවතාරයක් බ්ලොග් ලියනවා වගේ. ඉවත් වීමට ගත් තීරණය වෙනස් කරපු එක සිංහල බ්ලොග් ලෝකයට වාසියක්. අනිතිමට තියෙන්නේ ලංකාවේ 1948 පළමු කැබිනට් එක නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්...

      අන්තිමට තියෙන්නේ ඩී.එස්. සේනානායකගේ 1947 කැබිනට් එක... ඒකෙ ඉන්න අයව හදුනගන්න පුලුවන්ද...

      Delete
    2. // ප්‍රා. ජේ ගෙ අවතාරයක් බ්ලොග් ලියනවා වගේ //

      ප්‍රා.ජේ ගෙන් ගොඩක් උදව් ලැබෙනවා... පොත් එහෙමත් එවන්නන් කිව්වා මට මේ ලිපි ලියන්න

      Delete
  3. වාසිතය දිගටම ලිවීමට ගත් තීරණයට සතුටුයි. මේ වටිනාකම වැඩියි මිතිල. ඉතින් සුභ පැතුම්. දිගටම ලියමු. මම කළින් කිව්වා වගේ අකුරු ගැන, මූලාශ්‍ර ගැන සැලකිලිමත් වෙන්න. තමන් නිවැරදිනම් කිසි විටකත් පස්සට යන්න එපා.
    (1) හිම වැසුණු පළාතක්. ජපානෙද ?
    (3) බණ්ඩාරනායක මහතා. කොතළාවල මහතා, සේනානායක මහතාත් ඉන්නවා නේද ? (පැහැදිලි මදි )

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී...

      (1) චීනෙ නන්නෙමේ... හිම නැති වෙලාවට මේක තියෙන විදිහ ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති...

      (2) ඔව් ඒ තුන්දෙනාම ඉන්නවා...

      ජය වේවා...

      Delete
    2. වැරදුනා... චීනෙ නෙමේ නේ කියලා තියෙන්නේ... ජපානෙනේ... ජපානෙ නෙමෙ...

      Delete
  4. අර පලවෙනි ප්‍රශ්නෙ පින්තූරෙ කොයි කාලෙ ගත්ත එකක්ද?

    ReplyDelete
  5. ලිපිය වෙනදා වගේම හොදයි

    ReplyDelete
  6. 1. Frozen Niagara falls
    2. Ramses II



    https://www.goodreads.com/book/show/67696.The_Last_of_the_Wine


    ReplyDelete
    Replies
    1. https://www.goodreads.com/shelf/show/spartan

      Delete
  7. http://www.nytimes.com/1983/12/14/obituaries/mary-renault-novelist-is-dead-based-works-on-history-of-greece.html

    ReplyDelete
  8. Pra Jay පලමු ප්‍රශ්න දෙකටම නිවැරදි පිලිතුර ලබාදී තිබෙනවා...

    ReplyDelete
  9. හොඳ ලිපියක්. කැමැතිම බ්ලොග් රෝලෙ එල්ලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නොකී කතා... ඔයාලගේ අදහස් මට ලොකු ශක්තියක්...

      Delete
  10. පාස්පෝට් හිමි පාරාවෝ...

    පාස්පෝට් හිමි පාරාවෝ කෙනෙක් කිව්වම කෙනෙක් පුදුම වන්නට පුලුවන. එහෙත් ඊජිප්තුවේ තෙවන පාරාවෝ වූ දෙවන රැම්සෙස් රජතුමාට ගුවන් බලපත්‍රයක් හිමිවිය. 1974 දී දෙවන රැම්සෙස් රජතුමාගේ මමිය ප්‍රංශයට ගෙන යාමට නියමිතව තිබුනි. ප්‍රංශයේ නීතිය අනුව ජීවත්ව හෝ මියගිය කෙනෙක් ප්‍රංශයට ඇතුලු වන විට ගුවන් ගමන් බලපත්‍රයක් සතු විය යුතු විය. එමනිසා දෙවන රැම්සෙස් රජතුමාගේ මමියටත් ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කලේ ය. එහි රක්ෂාව ලෙස සදහන් වූයේ රජතුමා (මැරුණ) යන්නයි.

    ReplyDelete
  11. නෙළුම්යායේ සම්මානයකින් පිදුම් ලැබු වාසිතයට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග අයියේ... ඒ ගැන වෙනම ලියන්නයි හිතන් උන්නෙ...

      Delete
  12. පිටිපස්සේ පේලියේ ඉන්නේ ඩඩ්ලි සේනානායක හා ජේ. ආර් ( ජුනියස් රිචඩ් ) ජයවර්ධන වම් පැත්තේ හිස මුඩු පුද්ගලයා සර් ඔලිවර් ජයතිලක ඉදිරියෙන් සර් ජෝන් කොතලාවල ,එස් ඩබ්ලිව් බන්ඩාරනායක හා දොන් ස්ටිවන් සේනානායක. බන්ඩාරනායකට පිටිපස්සේ ඉන්නේ අර බනිස්මාමා නැත්නම් අමුඩ කාරයා කිව්ව ලංකාවේ අඩුමකාලයක් අගමැතිධුරය දරපු දහනායක එයාට දකුනෙන් ඉන්නේ ටිබි ජයා වෙන්න ඇති. (එක නම් ෂුවර් නෑ.)

    ReplyDelete
    Replies
    1. උත්තර හරි අසංග අයියේ... මම සම්පූර්ණ උත්තරේ දාන්නන් එහෙනන්...

      Delete
    2. අමුඩ මාමා ගැන ලිපියක්... https://wasithaya.blogspot.com/2016/08/blog-post_27.html?m=1

      Delete
  13. ඩී. එස්. සේනානායක මහතාගේ කැබිනට් එක 1947...

    පලමු පේලිය වමේ සිට - ජේ. එල්. කොතලාවල ( ප්‍රවාහනය) , බණ්ඩාරණායක , සර් හෙන්රි මන්ක් මේසන් , ඩී. එස් සේනානායක සහ ජෝර්ජ් ඊ. ද සිල්වා ( සෞඛ්‍ය )

    ReplyDelete
  14. දෙවෙනි පේලිය -

    එල්.ඒ. රාජපක්ෂ (නීතිය ), සී. සුන්තරලිංගම් ( වෙළඳ කටයුතු), සී. සිත්තම්පාලම් (සන්නිවේදනය ) , ටී.බී. ජයා (කම්කරු)

    ReplyDelete
  15. තෙවන පේලිය -

    සර්. ඔලිවර් ගුණතිලක , ඩඩ්ලි සේනානායක (කෘෂිකර්මය ) , ජේ. ආර්. ජයවර්ධන ( මුදල් පරිපාලනය) , ඒ. රත්නායක

    ReplyDelete
  16. ස්පාර්ටා - "රළු මුහුදයි හැදුවේ හොඳම කපිතාන්!"
    ඉතිහාසය ගැන මගේ දැනුම නම් ටිකක් අවුල්. ඒත් මේ පෝස්ට් ආසාවෙන් කියවනවා මචං. දිගටම ලියමු... ජය!

    ReplyDelete
  17. ස්පාර්ටා වරුන්ගෙ හැටියට ඒගොල්ලො අවුරුදු හැටක් ඡීවත් උනොත් ඒකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කොයි වෙලෙත් ගහමරාගන්න එකමනේ... :D

      Delete
  18. danuma denna aluth kramayak hoyala. anthimata prshna ahna eka... jaya wwewa

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...