Wednesday, September 19, 2018

ඒජන්ට් ඔරේන්ජ්


යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගනියි. ඒ අතරින් සතුරාගේ ආහාර මූලාශ්‍ර වලට පහර දී හෝ ඒවා අඩපණ කර සතුරාව අඩාල කිරීම ලෝක ඉතිහාසය පුරාවට සිදුවී තිබේ. මේ සදහා රසායනික ද්‍රව්‍ය භාවිතා කල අවස්ථාවක් වියට්නාම යුද්ධය කාලයේ දී අපට හමුවේ.

ඉතා ප්‍රභල 2,4,5-T අම්ලය හා 2,4-D අම්ලය (2,4,5-ට්‍රයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය හා 2,4- ඩයික්ලෝරොෆීනොක්සිඇසිටික් අම්ලය) මිශ්‍ර කල විට දරුණු රසායනික මිශ්‍රණයක් සෑදෙන අතර මෙය ඇමරිකානු හමුදාව විසින් වියට්නාම යුද්ධයේ දී භාවිතා කලේය. මෙම රසායනික මිශ්‍රණය හැදින්වූයේ ‘ඒජන්ට් ඔරේන්ජ්’ නමිනි. එය නිපදවූයේ ‘මොන්සැන්ටෝ කෙමිකල්’ නැමැතු බහු ජාතික සමාගම විසිනි. මෙම මිශ්‍රණයෙන් ශාක හරනය කිරීමට හැකියාව තිබේ. එනම් ශාකවල පත්‍ර හැලී ඵල නොසෑදෙන තත්වයට පත් කල හැකියි.

ඒජන්ට් ඔරේන්ජ් පමණක් නොව විවිධ වර්ණ කිහිපයකින් ම යුත් නාම වලින් (නිල්, රෝස, කොළ, දම් සහ සුදු) මෙම රසායනික මිශ්‍රණය තිබුණි. නමුත් මෙයින් ශාක වල ඵල නිශේධනය කිරීමේ වැඩිම හැකියාවක් තිබුනේ තැඹිලි වර්ණයෙන් නම් කෙරූ මිශ්‍රණයටයි. එහිද ඒජන්ට් ඔරේන්ජ් 1, ඒජන්ට් ඔරේන්ජ් 2, ඒජන්ට් ඔරේන්ජ් 3 සහ සුපර් ඔරේන්ජ් ලෙස වර්ග කිජිපයක් තිබුණි. ඇමරිකානු හමුදා විසින් වියට්නාම යුද්ධ කාලයේදී විෂ රසායනික ගැලුම් මිලියන 20 ක් පමණ වියට්නාමයේ තෝරා ගත් කැලෑ ආදී ස්ථාන වලට අහස්යානා මගින් වැස්සවීමට සැලැස්වූයේ ය. එයින් ඒජන්ට් ඔරේන්ජ් රසායනික මිශ්‍රණය ගැලුම් මිලියන 13 කට අධික විය. මෙය ‘ඔපරේෂන් රෑන්ච් හෑන්ඩ්’ නමින් හැදින්වුනු අතර පුරා වසර නමයක් එනම් 1962 වසරේ සිට 1971 වසර දක්වා ක්‍රියාත්මක විය. මෙහි අරමුණ වූයේ වියට්කොං ගරිල්ලන්ගේ ආහාර මූලාශ්‍ර විනාශ කිරීම හා ඔවුන් සැඟවී සිටිකැලෑ එළි කර එම ස්ථාන සොයා ගැනීමයි. 1962 වසරේ ජනවාරි මස 09 වෙනි දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර එදින පටන් වසර නමයක් පුරාවට වියට්නාමය පුරා මෙම විෂ රසායනික මිශ්‍රණය වාර 6542 ක් මුදාහැර තිබේ. මෙමගින් වියට්නාමයේ වගාබිම් හා වනාන්තර ප්‍රදේශ වලින් 20% ක් [අක්කර මිලියන 4.5 කට අධික පෙදෙසක්] විනාශයට පත් කිරීමට ඇමරිකානු හමුදාවට හැකියාව ලැබුණි. වියට්නාමයට පමණක් නොව කාම්බෝජය සහ ලාඕසය යන රටවල්වල දේශසීමා අවට පෙඩ්ජෙස් වලට ද මෙම විෂ රසායනිකය ඉසින ලදි. මන්ද වියට්කොං ගරිල්ලන් දේශසීමා අවටද සැඟවී සිටි බැවිනි.

සතුරාගේ ආහාර මූලාශ්‍ර විනාශ කර සතුරාව මර්ධනය කිරීම ඉතා පැරණි යුධ ක්‍රමයකි. නමුත් ඒ සදහා රසායනික ද්‍රව්‍ය භාවිතා කලේ මෑත කාලීනවයි. දෙවන ලෝක යුද්ධ අවධියේ දී එංගලන්තය සහ ඇමරිකාව මේ ආකාර රසායනික මිශ්‍රණ සෑදුවත් ඔවුන් ඒවා භාවිතයට ගත්තේ නැත.
මෙසේ රසායනික ද්‍රව්‍ය මෙවන් කාරණා වලට යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන්නේ එක්දාස් නමසිය පනහා අවධියේ දී බ්‍රිතාන්‍යයන් විසින් මැලේසියාවට එරෙහිව යොදා ගැනීමයි. ඉන්පසුව හැටේ දශකයේදී ඇමරිකාව විසින් වියට්නාමයේ දී ඒජන්ට් ඔරේන්ජ් භාවිතා කලේය. අවාසනාවකට මෙම රසායනික ද්‍රව්‍යය භාවිතය නිසා දරුණු අතුරුඵල ඇතිවිය. එය වියට්නාම වැසියන්ට පමණක් නොව මෙයට නිරාවරණය වුණු ඇමරිකානු හමුදාවට ද අත්විඳීමට සිදුවිය.

ඒජන්ට් ඔරේන්ජ් හි ඉහත සදහන් රසායනික ද්‍රව්‍ය හැරුණු කොට දරුණු විෂ ‍රසායනික ද්‍රව්‍යයක් වන 2,3,7,8 -TCDD අඩංගු වේ. මෙය ඉතා දරුණු වන අතර කුඩා ප්‍රමාණයකට විශාල හානියක් සිදු කිරීමේ හැකියාව තිබේ. වියට්නාම යුද්ධයෙන් පසු නිවෙස් බලා පැමිණි ඇමරිකානු හමුදා භටයින් හට විවිධ රෝග සෑදීමට පටන් ගත්තේය. පිළිකා, චර්ම රෝග සහ දරු උපත් වලදී රෝග ආදිය සීග්‍රයෙන් වැඩි වීමට ගත්තේය. වියට්නාම යුද්ධය අවධියේ දී මිලියන දෙකයි දශම පහක ඇමරිකානු හමුදා භටයින් ඒජන්ට් ඔරේන්ජ් වලට නිරාවරණය වීම මීට හේතුව බව අනාවරණය විය.

වියට්නාම රජය පවසන පරිදි වියට්නාම ජනගහනයෙන් මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් මෙම රසායනික මිශ්‍රණයට නිරාවරණය වී තිබේ. එයින් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයකට රෝගාබාධ වැළඳී ඇති අතර වියට්නාමයේ රතු කුරුස සංවිධානය පවසන පරිදි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ශරීර විකෘති වීම ඇතුලු දරුණු සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී තිබේ. ලක්ෂ හතරකට අධික ජනතාවක් මේ නිසා මරණයට පත්විය. ඒජන්ට් ඔරේන්ජ් හි ඇති රසායනික සංඝටක වලින් ජාන වලට හානි පැමිණවීමට හැකියාව තිබෙන නිසා මෙයට නිරාවරණය වූවන්ගෙන් සෑදෙන දරුවන්ට ද මෙහි ප්‍රථිපල විඳීමට සිදුවීම ඛේදනීය තත්වයකි.

මෙම මෙහෙයුම නිසාවෙන් වියට්නාමයෙන් මෙන්ම ඇමරිකාවෙන්ද විවිධ නඩු එයට විරුද්ධව ගොනු වී තිබේ. රටවල් දෙකෙන්ම මෙය නිපදවූ බහු ජාතික සමාගමට විරුද්ධව නඩු ගොනු කර තිබේ. 1979 වසරේ දී මෙම විෂ රසායනිකයට නිරාවරණය වී රෝගී බවට පත්වූ වියට්නාම යුද්ධයට සහභාගි වූ මිලියන 2.4 ක සොදාදුවන් පොදු නඩුවක් ගොනු කල අතර එහි ප්‍රථිපලය වූයේ එයට වන්දි ලෙස ඔවුන්ගේ පවුල් වලට ඩොලර් මිලියන එකසිය අසූවක මුදලක් බෙදා දීමට තීරණය වීමයි.

මිනිසුන්ට පමණක් නොව මිශ්‍රණය ඉසින ලද ප්‍රදේශ වල සිටි සතුන්ටද මෙහි ප්‍රථිපල විඳීමට සිදුවේ. යුද්ධයෙන් පසු මෙම පෙදෙස් වල නැවත ශාක සිටුවීමට උත්සහ කරත් එය ඉතා අපහසු වී ඇත. සරලව කිවහොත් මෙම ක්ෂණික කෘතිම පරිසර වෙනස්වීම නිසා එරටේ පාරිසරික සමතුලිතතාව වෙනස් වීමට ප්‍රබලව බලපා තිබේ. වියනාම යුද්ධය අවසන් වී දැනට දශක පහකට ආසන්න කාලයකි. එහෙත් එහි අඳුරු ප්‍රථිපල දැනටත් එහි මිනිසුන් භුක්ති විඳිති.

මූලාශ්‍ර:
1)History.com
2)military.com
3)publichealth.va.gov
4)https://youtu.be/uJaJbq9aRFI

සියලුම පින්තූර pinterest මගින් ලබා ගතිමි.

තවත් ලිපි කියවන්න මෙතනින්

9 comments:

  1. ඇති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධුරයට කතෝලික බැතිමත මැතිව්ස් පත්කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතෝලික ඔබගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. 1)මැල්කම් රංජිත් පියතුමා ක්‍රිකට් තේරීම් කමිටුවේ නැහැ.

      2)මැල්කම් රංජිත් පියතුමා එහෙම බලපෑමක් කල බවක් දන්න තරමින් කොහෙවත් සදහන් වෙලා නෑ.

      3)මම කතෝලික නෙමේ.

      Delete
    2. ෴ මා කතෝලිකයෙකු නොවන්නේ මන්‍ද? ෴
      පෙරකල මම කතෝලිකයෙකුව සිටියෙමි.
      බෞද්ධ භික්‍ෂූන් සිංහල දේශපාලකයක්ට කඩේ යද්දී කතෝලික පූජකතුමන්ලා ජනතාවගේ පැත්ත ගෙන අභීතව (සිංහල)දේශපාලනඥයන් හා ගැටෙනු දැක ප්‍රීතියෙන් පිනා ගියෙමි.
      ඉන්ධන මිල ඉහල නැංවීමට එරෙහිව උද්ඝේෂණයකල ධීවරයෙකු අත්වැරැද්දකින් මිය ගිය විට. කතොලික පූජකවරු ඉතා සක්‍රීයව මහින්‍ද රාජපක්‍ෂ වැනි (සිංහල)දේශපාලනඥයන්ට එරෙහිව ජනමතයක් ගොඩනඟන අයුරු දුටුවෙමි.

      නමුත් යහපාලන/සංහිඳියා රජය යටතේ දෙමළ නාසිවාදීන් දිළිඳු සිංහල කතෝලික ධීවරයන්ගේ ධීවර වාඩි ගිනිතැබූහ.

      නමුත් තවමත් කතෝලික සභාව නිහඬය. කතෝලික සභාව සිංහල කතෝලිකයාගේ ජීවිතයට වඩා දෙමළ කතෝලිකයා උසස් කොට සලකයිද?
      නැතිනම් ජේසු යනු දෙමළ දෙවි කෙනෙක්ද?, ජේසු අයිති දෙමළාට විතරද?

      මෙම තත්වය තුල තවදුරටත් කතෝලික ආගම ඇදහීමෙන් සිංහලයෙකුට පලක් නැත.
      එමනිසා මම
      කතෝලික ආගම අතහැරීමටත්, අලියාට කතිරය ගැසීමන් වැලකීමටත්,
      බුදුදහම වැළඳගැනීමටත්, පොහොට්ටුවට කතිරය ගැසීමටත් තීරණය කලෙමි.

      දියොනිස් ප්‍රනනාන්‍දු පුල්ලේ

      Delete
  2. මේ මෑතක බ්‍රිතාන්‍යයෙ ඉන්න රුසියානු ජාතික Sripals ලට රුසියාව novichok agent ගහල උන සිද්දිය මතකයිනෙ. හැම රටකම පාහෙ ඉතිරි පහද වෙච්චි රසායනික අවි තියෙනව⁣ෙ

    ReplyDelete
  3. යැන්කියෝ වියට්නාම්, කොරියන්, ඉරාක, ඇෆ්ඝන් යුද්ද වලදී කරපු යුධ අපරාධ වලට දඬුවම් දෙන්න විදිහක් නැහැ ඔවුන් ICC එකේ සාමාජිකයන් නොවන නිසා. අනික සල්ලි, ආයුධ සහ උන්ට කඩේ යන, උන්මත යැපෙන අනෙක් රටවල් නිසා හැම දෙයක්ම යට යන එක වළක්වන්න බැහැ !

    ReplyDelete
  4. මෙච්චර තිරිසන් වැඩ කරලත් ඇමෙරිකාවට වියට්නාමය යටපත් කරගන්නට බැරි වුණු හැටි!

    ReplyDelete
  5. ඇමරිකාව ඔක්කොම කරල ඉවරවෙල දැන් ඡාත්‍යන්තර බබා චරිතෙ රඟපාන හැටි දැක්කම තනි ඇහැට ඇඬෙනව

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...